“මං ආදරෙයි එයාට. ඒත් එයා මට ආදරේ නෑනෙ” දැන් ඉතින් වෙන කුමක් කරන්නද?

ආදරේ කියන්නෙ හරි ලස්සන දෙයක්නෙ. අපි තව කෙනෙක්ට ආදරේ කරනවා. එයාලා අපිට ආදරේ කරනවා. ආදරේ වෙනවනම් වෙන්න ඕන ලස්සනම විදිය ඒක තමයි කියලනෙ අපි හිතන්නෙ. හැබැයි ඉතින් හැම ආදර කතාවක්ම ඔය වගේ ලස්සන දෙයක් වෙන්නෙ නෑ. ඒකපාර්ශ්වීය ආදර කතාත් ඕන තරම් ලෝකෙ තියෙනව. කෙනෙක්ට හිතෙන්න පුලුවන් ආදර කතාවක් වේදනාවක් වෙන්නෙ ආදරේ කරලා පස්සෙ ඒ සම්බන්දෙ නතර උනාට පස්සෙනෙ කියලා. ඒ උනාට ඒකපාර්ශ්වීය ආදර කතා කියන්නෙත් හිතට මාරම ලොකු වේදනාවක් අරගෙන එන දෙයක්.

ඉතින් “මං එයාට කොච්චර ආදරෙ කලත් එයා මාව ගණන් ගන්නෙ නෑ?” කියලා ඔයාටත් හිතිලා තියෙනවද?

අන්න ඒ ගැන තමයි අපි අද කතාකරන්න යන්නෙ. මේකත් එක්තරා විදියක Rejection එකක්නෙ. එහෙම වෙලාවක අපි මොකද කරන්න ඕන කියන ප්‍රශ්නෙ ඔයාට තියෙනවා වෙන්න පුලුවන්. ඉතින් අපි අද කතා කරමු “ඔයා එයාට ආදරේ උනාට එයා ඔයාව ගණන් ගන්නෙ නැද්ද? එහෙනම් මොකද කරන්නෙ?” කියන එක ගැන.

අපි ආදරේ කියලා හිතන්නෙ “මම එයාට ආදරේ කිව්වම එයත් මට ආදරේ වෙන්න ඕන. අපි ඉන්පස්සෙ කසාද බැඳලා දරුවො හදන්න ඕන” වගේ Concept එකක් නෙ. ඒ උනාට ජීවිතේ හැම තිස්සෙම ගෙවෙන්නෙ ඒ වගේ Concept උඩම රඳා පැවතිලා නෙවෙයි. ආදරේ කියන්නෙ හැමතිස්සෙම අයිතිකරගැනීමක් ගැන කතාකරන එකක් නෙවෙයි. අපි කොච්චර හිතුවත් “මම එයාට ආදරේ නම් එයා මගේ වෙන්න ඕන” කියල එහෙම වෙන්නෙ නෑ.

ඉතින් එහෙම වෙලාවකදි හිතට දැනෙන දුක අපි අඩු කරගන්නෙ, ඒ දුක එක්ක ජීවිතේ සුපුරුදු විදියට අරගෙන යන්නෙ කොහොමද?

1. ඔයාගෙ හැඟීම් පිළිගන්න

ඉස්සෙල්ලම කරන්න ඕනේ, ඔයාට මේ මොහොතේ දැනෙන හැඟීම් පිළිගන්න එක. “මට දැන් දුකයි”, “මට පාලුයි” වගේ වචන පිළිගන්න ලැජ්ජ වෙන්න එපා. ඒක කරොත්, ඔයාට ඔය හිතේ තියන් ඉන්න බර අඩු කරන්න පුළුවන්. හැඟීම් පිළිගන්නේ නැති උනාම තමයි ඒවයි බර වැඩිවෙන්නෙ සහ ඒව හිතෙන් අයින් කරගන්න අමාරු වෙනවා.

2. ඔයාගේ වටිනාකම් මතක් කරගන්න

කෙනෙක් ඔයාට ආදරේ නැත්තෙ, ඔයාගේ වටිනාකම අඩු වෙලා කියන එක නෙවෙයි. අමතක කරන්න එපා ඔයා කියන්නෙ හරිම ලස්සන, හරිම වටින කෙනෙක් කියන එක. ඔයා කෙනෙක්ට ආදරේ උනා කියලවත්, එයා ඔයාව තෝරගත්තෙ නෑ කියන එකෙන්වත් ඒ වටිනකම් කිසිම වෙලාවක අඩු වෙන්නෙ හෝ නැතිවෙන්නෙ නෑ.

3. අනිවාර්යයෙන්ම කතා කරන්න

ඔයා ආදරේ කරන කෙනා එක්ක කතාකරන්න ඔයාට පුලුවන්කමක් තියෙනම් ඔයාට හිතේ බර අඩුකරගන්න එයාගෙන් අහන්න පුලුවන් “ඇයි ඔයා මට ආදරේ නොකරන්නෙ?” කියලා. එයාට සමහරවිට සාධාරණ හේතුවක් තියෙන්න පුලුවන්. එයා වෙන කෙනෙක්ට ආදරේ කරනවා වෙන්න පුලුවන්. ඒක දැනගෙන ඉන්න එක ඔයාගෙ හිතේ තියෙන බර අඩු කරන්න හේතුවක් වෙන්න පුලුවන්.

4. බලාපොරොත්තු අඩු කරන්න

ඕනවට වඩා වෙන කෙනෙක් මත බලාපොරොත්තු තියාගෙන ඉන්න එක ඔයාගෙ හිතේ තියෙන වේදනාව වැඩි කරන්න හේතුවක් වෙන්න පුලුවන්. ඒ නිසා, අපේක්ෂා අඩු කරලා ජීවිතේ ඉස්සරහට යන්න හිතන්න. හැමෝටම ආදරය කිරීමට එකම හැකියාවක් නෑ කියලා පිළිගන්න එක ඔයාගෙ හිතේ තියන බර අඩු කරන්න හේතුවෙනවා.

5. ඔයාගේ ජීවිතේ නතර වෙන්න හේතුවක් නෙවෙයි

ඔයා ආදරේ කරන කෙනා ඔයාට ආදරය කරන්නෙ නෑ කියන එක හෝ එයා ඔයාගෙ ආදරය පිළිගන්නෙ නෑ කියන එක ඔයාට ඔයාගෙ ජීවිතේ මග නතරකරගන්න හේතුවක් වෙන්නෙ නෑ. ඒ නිසා කිසිම වෙලාවක “අනේ එයා මට ආදරේ නැත්තම් මේ ජීවිතෙන් වැඩක් නෑ” කියල හිතන්න එපා. ඔයාගෙ ජීවිතේ ඔයාට තමයි වටින්න ඕන අනිත් හැම කෙනාටම වඩා.

6. හීන් සැරේ හිත හදාගන්න

කාලය කියන්නෙ අපිට ලැබෙන හොඳම යාළුවා. ආදරය නැති එකක් හෝ, ආදරය පිළිගත්තෙ නෑ කියලා හිතන්න අපිට කාලයක් යනවා. හැබැයි ඒ කාලය ඔයාට උදව් වෙන්න හිමින් සැරේ හිත හදාගන්න. කාලය තමයි ඕනම ප්‍රශ්නෙකින් අපිට ගොඩයන්න පුලුවන් හොඳම Healing Process එක වෙන්නෙ. ඒ හන්දා හිතට හැදෙන්න පොඩි කාලයක් දෙන්න.

7. ඔයාට ආදරේ කරන කෙනෙක්ව හොයන්න ඉඩ දෙන්න

ඔයාට ආදරේ නැති කෙනාට වඩා, ඔයාගෙම හැඟීම් තේරුම්ගන්න පුළුවන් කෙනෙක්ව හොයාගන්න එක වටිනවා. ඒක වෙන්න වෙලාව යනවා, හැබැයි ඔයා ඒකට වෙන්න ඉඩ දෙන්න ඕන. අපි ගොඩක් වෙලාවට හිත රිදුණම හිතනවනෙ “මම හැමදාම තනියෙන් ඉන්නවා, මම ආයෙ කා එක්කවත් යාලුවෙන්නෙ නෑ” කියල. ඒවා අර හිත රිදිච්ච වෙලාවෙ ආව ක්ශණික අදහස් කියන එක අමතක කරන්න එපා. ආදරෙ නිසා හිතට ආව වේදනාව නැති කරන්න පුලුවන් එකම බේත ආදරේම තමයි.

8. මිතුරන්ට කතා කරන්න

ඔයාගේ යාළුවන්ගෙන්, ආදරය ගැන ඔවුන්ගේම අත්දැකීම් අහලා බලන්න. සමහර වෙලාවට, ඔවුන්ගේ උදාහරණ එක්ක ඔයාට හිත හදාගන්න ක්‍රමයක් උත්තරයක් හම්බෙන්න පුලුවන්.

ගෙවෙන හැම තප්පාරේකම ආදරේ නොලැබිච්ච එක ගැන හිතන්න යන්න එපා. ආදරය කියන්නෙ හරි ලස්සනම දෙයක්. හැබැයි දෙන්නම කැමතිවෙලා කරගෙන ගිය ලස්සන ආදර කතාවලට වඩා අපිට ජීවිතේ ගැන හරියටම කියලා දෙන්නෙ අර වැරදිච්ච ආදර කතාවලින් රිදිච්ච හිත් කියන එක අමතක කරන්න එපා. ඒ Experience එක හැම ආදර කතාවකටම වඩා වටිනවා.

Related Articles

Don't Miss


Latest Articles