ජීවිතය කවියක් නොවේ – 35

0
3150

හසාරාව දුටු ඉන්දුමා ඇය වෙත පැමිණියේ දුවගෙන සේය. .වසර ගණනාවකට පසු හමු වූ යෙහෙළිය බදා වැළඳගත් ඕ පසෙකට වූයේ ඇගේ දෙවුරහිස් වලින් අල්ලාගෙනය. 

“ උඹනම් තවත් ලස්සන වෙලා.මං නං ඉතින් මේ අව්කාශ්ඨකෙත්  එක්කම වයසට ගිහිල්ලා වගේ..

ඉන්දුමා  පැවසූයේේ සිනහසෙමින්ය.

“ අපි දැන් වයසයි…”

හසාරා එසේ පැවසූයේ කළකිරීමකින්ය.

“ මං නම් එහෙම හිතන්නේ නෑ.අපිට තව ගොඩක් දේවල් කරන්න පුළුවන්..”

“ එන්නකෝ මහන්සි ඇති. ඉඳගන්න..මම මෙයාලට වැඩක් දීලා එන්නම්.”

“ එපා එපා තව විනාඩි හතළිහක් වගේනෙ තියෙන්නෙ.ඔයා ඔය පාඩම ඉවරයක් කරන්න.මට පුළුවන් අයිනකට වෙලා ඉන්න..මේ ළමයි පව්..”

“ උඹට  දැන් තේරෙනවද කෙල්ලේ මිනිස්සු කොච්චර දුක් විඳිනවද කියල.අර ළමයි කීයට එළියට බැහැපු ගමන්ද කියන්න මට මතක නෑ.මේ ගම්වල ඉස්කෝල වලට පී ටී පීරියඩ් එකක් අවශ්‍ය නෑ.මේ ළමයි ඕන තරම් මේ කැලෑවල පැනලා සෙල්ලම් කරනවා.ඕන තරම් ඇඟ මහන්සි කරවලා වැඩක් කරනවා.හැමදාම මේ ගොල්ලන්ට පීටී පීරියඩ්  දෙකකුත් තියෙනවා.ඒ වෙලාවට   එළියට පැත්තට පස්සේ ඉස්කෝලෙ ඇරෙනකම්ම ඔය ළමයි ටික ඔහොමම  තමයි.

“ අර එහා පැත්තෙ සර් කෙනෙක් උගන්නනවා නේද..”

“ ඒ තමයි අපේ ප්‍රින්සිපල්..ඒ මනුස්සයටත් ලොකු උවමනාවක්  තියෙනවා  අඩුම මේ ළමයි සාමාන්‍ය පෙළ එස් නවයකින්වත් පාස් කරවන්න.ඒ මනුස්සයත් හරි කලකිරීමෙන් වැඩ කරන්නේ.ගොඩක් වෙලාවට මෙහෙට එන අයත් ඉන්නේ නැහැ ඉක්මනට මාරුවීම් හදාගෙන යනවා.”

“ ඔයා පන්තියට යන්න අර ළමයි හැරි  හැරි  බලනවා.කාලය කියන්නේ මේ ළමයින්ට දැන් හරි වැදගත් දෙයක්..”

ඉන්දුමා  ආපසු හැරී පාසලට යද්දී හසාරා අසුන් ගත්තේ කෙළවරක අඹ ගසක් යට තිබූ ලී බංකුවකින්ය.විනාඩි ගණනාවක් යනතුරු ඔහු පාසල් වත්තේ දුව පනින දරුවන් දෙස බලා උන්නාය.ඒ අතරේම ඇය සමීපයට පැමිණ කිහිප දෙනෙකු විස්තර ද ඇසුවාය.

“මෙයාලගේ ඉන්ග්‍රිලිෂ්  පේපර් එකක කොහොමද…”

පාසල නිමා වී හසාරා සම්පයට පැමිණි ඉන්දුමාගෙන්  ඇය ඇසුවේ හදිසියේ ඇති වූ සිතුවිල්ලකට අනුවය.

“ ඒක ගැන අපේ කිසිම බලාපොරොත්තුවක් නෑ. .ඒකෙ ආයෙ අහන්න දෙයක් නෑ.ඇත්තටම දැන් මාස හයක වගේ ඉඳලා මෙහෙට ඉන්ග්‍රිලිෂ් ගුරුවරියක් නැහැ.ඔය ප්‍රාථමික පන්ති වලට නම්  සර් කෙනෙක් ඉන්නවා.ඒ උනාට මේ ළමයි හය හත වසරට යනකල්  ඒ බී සී ඩීවත්  අඳුරන්නේ නෑ.මගේ සබ්ජෙක්ට් එක සිංහල උනාට මං මෙහේ හැම විෂයක්ම උගන්වනවා හසාරා ඩාන්සින් හැර.ඒ ඒකේ මෙලෝ මඟුලක් අපිත් නොදන්න නිසා “

“ මේ ළමයින්ගේ දෙමව්පියන්ට මෙයාලට උගන්වන්න උවමනාවක් නැද්ද.”

“ උවමනාවක් නැතිකම කියන්නත් බැහැ.ඇත්තටම කිව්වොත් වෙලාවක් නැතිකම.ඔයාට පේන්න ඇතිනේ මේ එන දෙපැත්තෙ තියෙන කුඹුරු යායවල්.මේ වගේම තමයි ටිකක් එහාට වෙන්න ඔය වෙන වෙන වගාවල් තියෙනවා.ඉතින් මේ මිනිස්සු දවස තිස්සේම කරන්නේ ඔය වගා බිම් එක්ක  හැප්පෙන එක.ඒ ගොල්ලෝ බලාපොරොත්තු වෙනවා දරුවන්ට උගන්වන එක කරන්න ඕන ඉස්කෝලෙන්  කියලා. .”

“ ඒක හරි ඉතින්.දරුවන්ව පෝෂණය කරන්නයි උගන්නන්නයි දෙකක් කරන්න මිනිස්සුන්ට බෑ.කරන්න තරම් දැනුමක් තිබුණනම් අද ඒ  මිනිස්සු මෙතන ඉන්නෙත් නැහැනේ..”

“ මං මේ ඉස්කෝලෙට එනකොට මේ අවුරුද්දේ ඕලෙවල් ලියන පන්තියේ ළමයි දා හතක් හිටියා.ඔයා දකින්න ඇතිනේ අද හිටියේ හතර දෙනයි.හතර දෙනෙක් නෙමෙයි ඇත්තටම පස් දෙනෙක් ඉන්නවා.එක ළමයෙක් ගොනෙක් ඇනලා ඉස්පිරිතාලේ..අනිත් ළමයින්ට මොකද උනේ කියන්නවත් දන්නේ නෑ.”

“ ඔයාටනම් ලොකු පිනක් ඉන්දු.ඔයා මේ කර ගන්නේ ලොකු පිනක්.

එන යන එක තමයි නේද අපහසු..”

“ අව්ව තමයි අපහසු.එහෙම නැතුව ලොකු ප්‍රශ්නයකුත් නැහැ.මේ පාරවල් වල ට්‍රැෆික් නෑනේ.බයිසිකලයට නැග්ගට පස්සේ අපේ ගෙදර ඉඳලා විනාඩි හතළිහයි..”

එවර ඉන්දුමා  පැවසූයේ පසෙකට වෙන්නට නවතා තිබු ඇගේ ස්කූටි වර්ගයේ යතුරුපැදිය පෙන්වමින්ය.

 හසාරා එද්දී විවේක කාමරයෙහි උන් ගුරුවරියන් දෙදෙනෙකු එතැනට පැමිණියේ එවේලෙහිය.

“ මේ හසාරා  කියලා අපිට අඳුර ගන්න බැරි වුණා. අපි කතා වුණා හොඳට දැකල පුරුදු මූණක් කියලා.පස්සේ ෆේස්බුක් එක සර්ච් කරලා බලනකොට තමයි අඳුර ගත්තේ.ඉන්දුමා අපිට නිකමටවත් කියලා තිබුනේ නෑ හසාරා එයාගේ යාලුවෙක් කියලා.අර ඔයා සහභාගී උන පොසිටිව් තින්කින් ප්‍රෝග්‍රෑම් එක හරි ෆේමස් උනා නේද….”

 “ එහෙම කතාවක් කියන්න තරම් හසාරා ගැන  කතා කරන්න අවස්ථාවක් අපිට ලැබුණේ නැහැනේ …”

එවර ඉන්දුම  පැවසූයේ හසාරා දෙස බලා සිනහ සෙමින්ය..ගුරුවරියන් දෙදෙනා හසාරා සමග සෙල්ෆි ඡායාරූපයකට පෙනී සිටිද්දී ඇය සිය කැමැත්තෙන්ම පසුපසට වූවාය.

“ හසාරා අපේ ප්‍රින්සිපල් සර් එක්කත්  ටිකක් කතා කරලා එමු…”

එවර ඉන්දුමා  පැවසූයේ ඇගේ දකුණතින්  අල්ලා ගෙනය.පාසල ඇරී තිබුණාට ඔවුන් දෙදෙනා විදුහල්පතිතුමාව සොයා යද්දී ඔහු උන්නේ දරුවන් පිරිසකට පරීක්ෂණයක් සිදුවන ආකාරය පිළිබඳව පැහැදිලි කිරීමක් කරමින්ය.

“ සර් මේ යාළුවෙක්  හසාරා…” 

“ හසාරා මිස්ව  මං ටීවී  එකේ දැකලා තියෙනවා.බොහොම සතුටක් අපේ මේ ඉස්කෝලෙට ආපු එක ගැන.එහෙම එනව කියල කලින් දන්නවනම් මට අපේ දරුවෝ ටික රැස් කරවලා මේ අධ්‍යාපනයේ වටිනාකම ගැන හසාර ලව්ව පැහැදිලි කිරීමක් කරන්න තිබුණා. මං හිතන්නේ අපි ඒක කොච්චර පැහැදිලි කරන්න උත්සාහ කළත් අපේ පැහැදිලි කිරීමේ දුර්වලතාවයක් නිසාද මන්දා මේ ළමයින්ට ඒ ටික තේරෙන්නේ නෑ..” 

“ ඇත්තටම හසාරා,  සර් අපේ ඉස්කෝලෙට පත්වීම අරගෙන එද්දි මං මුලින්ම හිතුවා සර් වැඩි කාලයක් අපිත් එක්ක ඉන්න එකක් නෑ කියලා.සමහර සැලසුම් අපිට යෝජනා කරද්දි මං පුදුමත් උනා ඇවිල්ල යන්න ආපු මනුස්සයෙක් ඇයි මේ තරම් මහන්සි වෙන්නේ කියලා.” 

“ ඉන්දුමාට  මං කලින් දවසකුත් කියල ඇති.මගේ තාත්තා නැති උනාට පස්සේේ මල්ලිටයි මටයි උගන්නන්න අපේ අම්මා ගෙවල්වල වලන් හේදුවා.හසාරා මේක ඔයාගේ වැඩසටහන් වලදි කියන්න.ඔයාට හොඳ කතාවක් වෙයි.මගේ මල්ලි මේ වෙද්දි මෙඩිකල් පැකල්ටි එකේ.මගේ අම්මා මාවයි මල්ලිවයි අතෑරලා දැම්මනම් අපි අද මේ තැන්වල නෑ.අනිත් එක තමයි අපි දෙන්නටම ඒ කාලේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගුරුවරු හම්බවුණා.කවදාවත් අපේ පොත් ටික අම්මට අරන් දෙන්න එයාලා ඉඩ තිබ්බෙ නෑ.මට මතකයි හසාර සමහර වෙලාවල් වලදී එයාලගේ දරුවන්ට ඇඳුම් ගන්න කොට මටයි මල්ලිටයිත්  ගත්තා.හදවතින් අපි එයාලගේ කරගෙන හිටියා.ගෙදරට එක්කන් ගිහින් අමාරු තැන් කියලා දුන්නා මට මතකයි දවසක් අපේ ගණන් සර් කිව්වා මටයි මල්ලිටයි පුතේ උඹලට ගොඩයන්න දෙයියෝ හදලා දීපු පාර තමයි මේ කියලා..එහෙම ගුරුවරු ඉඳපු අපි මේ දරුවන්ට පිටුපානවනම් ඒක මහ ගුණ මකුකමක්.පාපයක්..”

“ ඒක ඇත්ත සර්….”

“ ඉන්දුමායි මමයි මේ අවුරුද්දේ මහන්සි වෙනවා කොහොම හරි අපේ ඉස්කෝලෙන් ඕලෙවල් වලට එක ඒ  එකක් තියෙන දරුවෙක් හරි බිහි කරන්න.මේ ළමයින්ට ඉගෙන ගන්න බැරිකම නෙමෙයි හසාරා ම්ස් ඒකට සුදුසු පරිසරයක් , මානව සම්පත් නැති එකයි ප්‍රශ්නේ…”

“ මම සතියක් විතර වගේ මෙහේ ඉන්න හිතාගෙන ආවේ.අකමැත්තක් නැත්නම් මම මේ දරුවන්ට ඉංග්‍රිලිෂ්  පාස් පේපර්ස් ටිකක් කරවන්නද.”

හසරා එසේ පැවසූයේ කලින් සිතාමතා සැලසුම් කරගෙන නොවේ.ඉන්දුමාත් දෑස් විසල් කර ඈ දෙස බැලුවේ ඒ නිසාය.ඕ ත්‍රිකුණාමලයට පැමිණියේ තම සිත් වේදනාවට කාලයෙන් ඔසුවක් අපේක්‍ෂාවෙන්ය.”

“ ඇයි අපි අකමැති වෙන්නේ? නේද ඉන්දුමා.එහෙම දෙයක් මේ වෙලාවේ වෙනවනම් ඒක මිල කරන්න බැරි උදව්වක්. .ඇත්තටම අපේ දරුවන්ට දෙවියෝ දීපු අවස්ථාවක්..”

“ මං ඒක කරන්නම් සර්.මට එක දවසකට පැයක වගේ කාලයක් තිබුණොත් ඇති.”

“ අපි ඒ කාලය කොහොම හරි හදලාදෙන්නම්.”

“ එතකොට මේ පේපර්ස්.මං හිතන් නෑ මේ ළමයි ගාව ඒවා ඇති කියලා…”

$ ඒ ගැන හිතන්න එපා මං එක රෙඩි කරන්නම්.ඉන්දු අපිට ටවුන් එක හරියෙන් ප්‍රින්ට්අවුට්  ගන්න තැනක් ඇතිනෙ.ඉන්ටර්නෙට්  එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්..මම මේ විදිහට කැෂුවල් ආවට කමක් නැහැ නේද.”

“ අනේ කමක් නැහැ.ඉස්කෝලෙට ගැලපෙන ඕනම ඇඳුමකින්.”

හසාරා තරුණ විදුහල්පතිතුමාට සමු දුන්නේ සිනහමුසුවය.

“ මේ වැඩේ හිතන තරම් ලේසි නෑ කෙල්ලේ.මේ ගමන හරි දුෂ්කරයි.උඹ  ආවේ රෙස්ට් එකක් ගන්න.”

“ ඔව් බලාපොරොත්තුව නම් තිබුනේ එහෙම තමයි.ඒ හැමදේටම වඩා මට උඹත්  එක්ක කතා කරන්න වුවමනා වුණා.බයික් එකට මොකද කරන්නේ?.මේ දවස් ටිකේනම් අපි දෙන්නට වාහනේ  එන්න පුළුවන්නේ.ඉන්ග්‍රිලිෂ් විතරක් නෙමෙයි . මේ ගොල්ලන්ට අපහසුතා තියෙන අනිත් සබ්ජෙක්ට් ගැනත් අපි බලමු.ඔයාලා දෙන්න ගැන මට හරි ආඩම්බරයි.මේව තමයි ජීවිතයේ සතුට කියන්න..මට හිතෙනවා අහම්බෙන් හරි මෙහෙම ගමනක් ඇවිල්ලා මට මේ ලැබිච්ච අවස්ථාව ලොකු සතුටක් වෙයි කියලා.”

ඉස්කූටර් වර්ගයේ යතුරුපැදිය පාසලේ ආරක්ෂිත ස්ථානයක නැවතූ  ඉන්දුමා හසාරාගේ කාරයට නැගුනේ විවේක කාමරයේදීම පිළියෙල කල  තේ කෝප්පයක් පානය කලාට පසුවය.දෙදෙනා දිවා ආහාරය ලබා ගත්තේ නගරය කිට්ටුව වූ අවන්හලකින්ය.යෙහෙළියගේ  විරෝධය මැදත් ඇගේ දරුවන් දෙදෙනා වෙනුවෙන් තෑගි බෝග කිහිපයක් මිලදී ගත් හසාරා ඇයත් සමඟම ඒ නිවසට ගියේ කාලයකට පසුව සැහැල්ලු වූ සිතුවිලි වලින්ය.

( යළිත් හමුවෙමු ආදරයෙන්……)

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here