මේ ඒ වසන්තයයි – 40

0
2136

  නුරාන් කෙලෙසින් පැවසුවා වුවද, ධනුක සහ පැහැසරාට මුහුණ දීමට ඉසිනිට හිතේ හයියක් වූයේ නැත. එහෙත්, ඔවුන් දෙදෙනා මග හැරීමටද නොහැකිය. නුරාන් උදෑසන නිවසින් පිටවන්නට පෙර පැහැසරාගෙන් ඉල්ලිමක් කලේය

“ අක්කේ..ඉසිනිට වෙනසක් කරන්න එපා..”

“ ඒ මගෙ බොස් නේ .. බොස් විදියට සලකනවා ඇරෙන්න කොහොමටත් වෙන මොකක් කරන්නද මම ..”

පැහැසරා නුරාන් දෙස හෝ නොබලාම පිළිතුරු දුන්නේ ඇගේ සහ ධනුකගේ ආහාර පාර්සල් සකසමිනි.

“ එයා බය වෙලා ඉන්නේ අක්කේ ඔෆිස් එකේදි ඔයාලාට ෆේස් කරගන්න බැරි වෙයි කියලා.. අයියාව අතාරිනවකො… ඔයාට මේක තේරෙන්න එපැයි අක්කේ ..”

නුරාන් තවත් වේලා ගනිමිනි කතා කලේය. පැහැසරා කරමින් උන් වැඩය නවතා යලි හැරුනාය

“ තමන් වැරැද්දක් කරන බව දන්න නිසා තමයි, ලෝකෙට මූණ දෙන්න බැරි විචිකිච්චාවක් හැදෙන්නේ… ඔයා මට දේවල් කියන්න කලින් ඒ අංගනාවට ඒක කියන්නකෝ..”

“ අක්කේ, ඔව්, ඔයා කියනෙක හරි… ඉසිනි තාම ඉන්නේ දෙගිඩියාවෙන්… එයාට ඒ වෙච්ච දේවල් ඔක්කොම දාලා එකපාරටම  මෙගොඩට එන්න බැරි කමක් තවම තියෙනවා. එයාට එයා ගැනම කලකිරීමක් තියෙනවා….. ඒකයි මම කියන්නේ, ඒ අස්සට ඔය දෙන්නත් ඉසිනිව ප්‍රෙශර් කරොත් එහෙම එයාට එක පැත්තක් වත් නැති වෙනවනේ හලො.. අනෙක ජොබ් එක කරන තැන තියෙන්නේ වෙනම දෙයක් නේ …”

“ මල්ලි මේ… මං දන්නවා මගේ සීමාව.. අයියත් බොහොම  හොඳට එයාගේ සීමාව දන්නවා.. අපි උඩ බලාගෙන කෙල ගහගන්න ජාතියේ පිස්සුවෙන් නෙවෙයි ඉන්නේ… ඒ හින්දා, ආයේ ආයේ මට කරන්න ඕනි දේ කියවන්න එන්නෙපා.. ඒ වෙනුවට, ඔයා හිතලා බලන්න ඔයා කරන්න ඕනි දේ..”

අක්කාගේ නොසලකා හැරීමේ වදන් තුල ඉන්නේ අයියාම අබ්ව නුරාන්ට නොවැටහුනා නොවේය. එහෙත්, සියල්ල දරාගන්නටම සිදුවේ.

“ ඔහොම කරන්නෙපා ඕයි මට . අයියා හරහට ඉන්නෙක මට කමක් නෑ .. ඒත් අක්කේ තමුසේ එහෙම වෙන එක මාර අමාරුයි ..”

නුරාන් එලෙසින් පවසා උදෑසන ආහාරයද මඟැර නිවසින් පිට වූයේය. ඉසිනි හා ඇමතුම අවසන් කලේ ඕ කාර්‍යාලයට ඇතුලු වන බව පවසද්දීය

“ කිසි දෙයක් වෙන්නේ නෑ තාරා .. ඔයා වෙනදා වගේ වැඩ ටික කරගන්න .. “

“ හ්ම්ම්..”

එතෙක් වේලා දොඬමලුව උන් කිරිල්ලිය ගොලුව යෑම නුරාන්ට ඇති කලේද යම් රිදුමකි. එහෙත්, මේ දෙගිඩියාවේ කාලය මෙලෙසින්ම පසු කිරීම හැරෙන්නට අන් විකල්පයක් නැත.

“ තාරා .. මං ආදරෙයි කියලා මතක තියාගන්නකෝ ..ම්ම්ම්.. එතකොට ඔය ප්‍රශ්න ඔක්කොම විසඳෙයි ..”


 ඉසිනි මෝටර් රිය අසලම සිටගෙන යලි ඒ වදන් සිහි කලාය. මේ ඩින කිහිපයටම නුරාන් මෙවැන්නක් පැවසුවෙ පලමු වතාවටය. ඕ උන්නේ ඒ ඉහිරෙන මිහිර වෙත  ක්‍රමයෙන් ඇදෙමිනි.

“ හරිද ?..”


“ හරි ..”

ඕ එලෙසින් කිවාට පසු දෙදෙනාගේ දිනයේ වැඩ කටයුතු වෙනුවෙන් යලි යලි සුබ පතාගෙන ඇමතුම විසන්ධි විය.ඉසිනි අසුනේ හිඳගන්නට පෙර කාර්‍යාලයේ බුදු මැදුර වෙත ඇවිද ගියාය. මද වේලාවක් ඒ අසලට වී උන්නාට සියල්ල යහපත් ලෙසින් සිදු වන්නට ප්‍රාර්තනා කරගත්තාය.

සති සමාලෝචනය කැඳවූයේ උදෑසන එකොළහටය. ඉසිනි වැරදීමකින්වත් ධනුක දෙස හෝ පැහැසරා වෙත නොබලා සිටින්නට පරෙස්සම් විය. එහෙත් ධනුක යම් යම් කාරණා පිළිබඳව විමසන්නට ගත් නිසා ඇයට දිගින් දිගටම ඔහු මඟැර සිටින්නට හැකි වූයේ නැත. මුල් ප්‍රශ්නය දෙක තුන ඕ යම් තිගැස්මකින් පසු කරද, ධනුක සාමකාමී ලෙසින් උන් නිසා ඉසිනි  ඉතා පහසුවෙන් අපහසුවෙන් මිදුනාය.

වෙනදාට ඉතා හිතවත්ව කතා බහ කරන පැහැසරා වෙතින් කිසිඳු ප්‍රතිචාරයක් නොලැබීමෙන් ඉසිනි යම් නොසන්සුන්බාවයකට පත් නොවූවා නොවේය. එහෙත්, නුරාන් පැවසූ පරිද්දෙන් ඔහුට ඇය නෑනා නොව අක්කාය. එනිසාම තමා හා සමඟින් වැඩි අමනාපයක් ඇයට තියෙනවාට සැක නැති බව ඉසිනි සිතුවාය.

ජීවිතය තමාට මේ මොහොතේ විවර කර දෙන්නේ මේ මාර්ගය නම්, මේ මාර්ගය දිගේ ගමන් කිරීම අත් නොහැර යුතුයැයි ඉසිනි සිතුවාය. මඟ දිගට එන සියලු බාධක වෙනුවෙන් මුහුණ දෙන්නට සිත ශක්තිමත් කර ගත යුතුය. අරුණෝද සමඟ ජීවත් වූ  කාලයේද මෙලෙසම සිතමින් ජීවිතය වෙනුවෙන් පන්නරයක් සකසා ගන්නට තමා උත්සාහ කල බව ඉසිනිට මතකය. එකල උන්නේ තනිවූ ඉසිනිය. එහෙත් දැන් නුරාන් මන්දිනු සිටින්නේය. ඔහු කිසියම් හෝ කරුණක් නිසාවත් තමා තනි නොකරන බව කියන්නේය. ඒ බව තමාටද දැනෙන බව ඉසිනිට විශ්වාසය.

ඔහු බලාපොරොත්තු වන හීන වල තවමත් තමාට ඉඩ ඇත. ඔහු ඒ හීන වල තම ඉඩ අන් කිසිවෙකුට හෝ නොදී සිටීම එක්තරා ආකාරයකින් විශ්වාස කර ගත නොහැකි යමකි. තමා අතැර ගියාට පසුවත්, යලි කිසියම් හෝ දිනෙක පැමිණිය හැකියැයි යන විශ්වාසය හිතේ අස්සක සඟවාගෙන ජීවත් වීම නුරාන්ට කෙතරම් අපහසු වන්නට ඇතිදැයි ඉසිනි සිතුවේ පියවි සිහියෙන් ඔබ්බට සිතුවිලි ඇදෙද්දීය.

ඉසිනි තිගැස්සුණේ කිසිවෙකු තමා ඇමතූ හඬිනි. එක්වරම ඕ හිස හරවා ඉදිරි දොර දෙස බැලුවාය. පැහැසරා දුටු වහාම ඉසිනි අසීරුවෙන් ඊළඟ මොහොතට සූදානම් වූවාය.

“ එ.. එන්න ..පැහැසරා.. මිස් …”

ඕ පැහැසරා හිඳගන්නා තුරුම උන්නේ කිසිවක් නොපවසාය.

“ පොඩ්ඩක් කතා කරන්න ඕනි ඒඩී මිස් …”

“ කියන්න පැහැසරා මිස් …”

“ මේක රාජකාරියෙන් පිට දෙයක් ..”

පැහැසරා එලෙසින් පවසන විට ඉසිනි හිස සැළුවාය. කෙල පිඬක් ගිල්ලාය. හිස ඔසවා අවට සිටින්නේ කවුරුන්දැයි බැළුවාය.

“ අද මෙහෙම බැරිනම්, පස්සේ මුන ගැහෙන්නත් පුලුවන් …”
“ නෑ .. මෙහෙම ..කමක් නෑ.. කියන්නකෝ ..සරලව… පස්සේ වැඩි වෙලා ඕනි නම් කතා කරමු …”

ඉසිනි එලෙසින් පැවසූ පසු පැහැසරා හිස සැලුවාය. ඉන් පසුව ඇය පවසන්නට ගලපාගෙන ආ කරුණු ඉසිනි ඉදිරියේ දිග හැරියාය. විනාඩි දහයක් පහලොවක් ගෙවෙද්දී ඉසිනි උන්නේ කඳුලු සලමිනි.

පැහැසරා ඇයට සමුදුන්නාය.

ඉසිනි ඉතා ඉක්මනින් ඒ කඳුලු පිසදාගත්තාය. ඉන් පසුව වතුර බෝතලයම හිස් කලාය. ඇතැම් ප්‍රශ්න හා ගැටීම තුළ ඒවායේ ගැඹුර සහ බරසාරකම වැටහෙන්නේය. එවිට ඒවා ලිහා ගැනීම පහසුය.

නුරාන් ඇණවුම් පරික්ශා කිරීම හා සම්බන්ධව වන ලිපිගොනු සියල්ල එකින් එක පරික්ශා කලේය. බිම්මල් පවුඩර් කිලෝ දෙදාහක් ඉතාලියට යැවීම සඳහා අසුරා ඇත. මේ ඉතාලියට යැවෙන දෙවෙනි ඇණැවුමය.

වත්සලා උන්නේ ඇවිලෙමිනි. එහෙතැයට රාජකාරියෙන් බැහැර වන්නට ඉඩක් වුයේ නැත. එනිසාම ඕ නුරාන් සමීපයට වී අදාල ලිපිගොනු වල කටයුතු සිදු කලාය. ඒ ඇවිලීම යම් නිවිමකට ඇද වැටෙන බව වින්දේ නුරාන් සමීපයේදීය.

ඉතා වෙහෙසකාරී බව පෙන්වන නුරාන් වෙත සීතල දොඩම් වීදුරුවක් ගෙන්වා දෙන්නට වත්සලා කටයුතු කලාය. දැන් දැන් ඕ මේවා කරන්නේ වඩා බරසාර හැඟීම් එක්කය.

“ උදේටත් කාලා නෙවෙයි ආවේ අද.. මේක නම් නියමයි වත්සලා..”

නුරාන්ගේ ඒ වචන වලින් ඕ තම සිහින වල පාදම බඳින්නට ගත්තාය.

“ කන්න මොනවා හරි ගෙන්නන්නද සර් ?..”

ඕ ඒ පිම්මේම එලෙසද ඇසුවාය.

“එපා .. අපි දවල්ටම  කමු ..”

එලෙසින් අපි යැයි පැවසූ ස්වරය වත්සලාගේ සිත තුළ ඇවිලෙන ගින්න යම් තරමකින් නිවා දමන කාරකයක්ම විය.

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here