මේ ඒ වසන්තයයි – 48

0
3162

නුරාන්ගේ කැබ් රිය නිවසේ මිදුලේ නැවතෙන හඬින් සිව් දෙනාම මිදුලට බැස්සෝය. දිගින් දිගටම පිළිතුරු නොදුන් ජංගම දුරකතනය නිසා ධනුක සූදානමින් සිටියේ නුරාන්ගේ මිතුරන් හමුවන්නට යෑමටය. පැහැසරා ඕ දැන උන් මිතුරන් ඇමතුවාය. රණවීර සිදුවීම  සකෙවින් පැවසු පසු සියලු දෙනා කලේ බලා හිඳීමය.

පලමු වරන නුරාන්ගේ පියා අනෙක් තිදෙනාටම ඇසෙන්නට කතා කලේ එලෙස මඟ බලා සිටින අතරය.

” පොඩීට ඕක ඔච්චරටම කරගන්න ඕනි කියන්නේ, ඒක කෙරෙන්න තියෙන එකක් .. ඒ අම්මා තාත්තාට කීකරු වෙලා පොඩීව අතෑරලා ගියපු ඒ ළමයා ආයෙම පොඩි ළඟට ගෙනල්ලා දීලා තියෙන්නේ ඒ කෙරෙන්න තියෙන පිළිවෙලට .. එහෙම නොවෙන්න ඒ අම්මා තාත්තලා ඒ ළමයාවත් පංගාර්තු කරගෙනම රට යනවානේ .. කොහොමින් හරි, අපිත් නොදන්න මොකක් හරි අරියාදුවක් ඒ දෙන්නාට කැරකිලා තියෙන වෙලේ අපි ඒ දෙන්නඅට තව අරියාදු කරන්න ඕනි නෑ … ඔය කියන පිළිවෙලට පොඩී ඒ ළමයාව ගෙදර එක්කගෙන ආවොත් අද රෑට, තුන් දෙනාම ඒ පිළිවෙලට කටයුතු කරනවා හොඳයි ….

දුවේ … ඒ ළමයාට ඉන්න උඩහින් කාමරයක් හදන්න … රස්නෙන් මොනා හරි බොන්න හදා තියමු නෝනේ … කාගේ කොහොම වුනත්, ඔය දැන් මේ ගේට්ටුවෙන් ඇතුලට උස්සගෙන එන්නේ අපේ දරුවාගේ ජීවිතේ හුස්මෙන් කොටසක් බව අපි හතර දෙනාම දන්නවානේ .. ආයේ අපෙන් අරියාදු තියන්න ඕනි නෑ …”

ධනුක කිසිත් නොපවසා උන්නේය. තවමත් ඉසිනිව පසන් සිතින් පිළිගන්නට නොසිතෙන්නේට. එහෙත් මල්ලී ඇය කෙරෙහි දක්වන ප්‍රේමය ගැන  යම් හැඟීමක්  ධනුකව නිහඬ කර තබන්නේය.

නුරාන් කැබ් රියෙන් බැස සිව් දෙනා දෙසම බැලුවේය. අයියාට පහර දී කෑ ගැසුවාට දැන් නුරාන්ගේ හිත  කොනිති ගසන්නේය. එවෙලෙහි ආවේගයට හිතට ආ එකම  සැකය අයියා නිසාවෙන් ඔහු සොයා ආවාට, අයියා එවැන්නෙක් නොවන බව නුරාන් දනි. ධනුක කැබ් රිය වෙත ඇවිද ගියේ ඉසිනි උන් පසිනි. පැහැසරාද ඔහු පසුපසම ගියාය. නුරාන් තම සොයුරාගේ සහ  සොයුරියගේ ශරීර ඉරියව්වෙන් වන්නට යන්නේ කුමක්දැයි වටහා ගත්තේය. හඬා හෙම්බත්ව උන් ඉසිනි සාරි පොට දෑත් අතරේ ගුලි කරගෙන අසුනේ තව තවත් ගුලි වූවාය.  ධනුක කැබ් රියේ ඉසිනි උන් පස දොර විවෘත කලේය. යුවතිය මළ මිණියක් සේ සුදුමැලිව ගොසිනි. තමා දැකීමෙන් ඕ යළි බියෙන් ගුලි ගැසෙන අයුරු ධනුක දුටුවේය.

” කෝ .. එන්න නංගී …”

පැහැසරා කඳුලු පිසලා ගත්තාය. තම සැමියා කෙතරම් ආදරණීය මිනිසෙකුදැයි  ඕ දනී. නුරාන්ට වූ සෙනෙහෙ මිසෙක ඉසිනිට අහිතක් වන රිදවීමක් කරන්නට ඔහු උත්සාහ නොකරන බව පැහැසරා දනී. ඉසිනි නුරාන්ගේ ජීවිතයේ සිටින ඉසව්ව ඔහුට වටහා ගන්නට කල් ගත වූවා මිසෙක ඔහු ඉසිනිව පාගා දමන්නට  උත්සාහ කෙරූ අයෙකු නොවන බවද ඕ දනි.

පැහැසරාගේ කඳුලු ඉක්මවා යන්නට ඉසිනි ඉකි ගසන්නට පටන් ගත්තේ සාරි පොටින් මුහුනම වසා ගනිමිනි. ඇයට තමා ගැන දැනෙන්නේ ලැජ්ජාවකි. වේදනාවකි. ස්වයං අභිමානය ක්ශයවම ගිය හැඟීමකි.

” නුරාන් මෙයාව ඇතුලට ගනින් …”

ධනුක කැබ් රිය ඉදිරියේ ගල් ගැසී බලා ඉන්න සොයුරාට කීවේය.


” එක්ක වරෙං අයියේ …”

නුරාන්  හඬ වෙවුලන්නට නොදී කීවේය. ධනුකව වැළඳගෙන සමාව අයදින්නට අවැසිය. එහෙත් ඒ වෙනුවෙන්  තවත් තත්පර කිහිපයක් වැයවේ.

ධනුක සුසුමක් හෙලුවේය. ඉසිනිගේ බඳ සහ දෙපා අතරින් අත දමා ඕ ඔසවා ගත්තේය. පැහැසරා පසෙකින් ඕ අල්ලා ගත්තාය. නුරාන් ඒ පසුපසින් ඇවිද ගියේය. සාලයේ වූ සෙටියේ ඉසිනිව ඉන්දවූ ධනුක පසෙක වූ අසුනකට වැටුනේය. ඉසිනි උන්නේ තුන්පත් රෑනේ සේයාරුව පෙනෙන සේ කෙලිනි. ඕ යන්තම් එය දැක කෙළ පිඬක් ගිල යළි සාරි පොට ගුලි කරමින්ම බිම බලා ගත්තාය.

” වතුර එක බීලා ඉන්න දුවේ…”

නුරාන්ගේ අම්මාගේ හඬ සමඟ ඉසිනි අසීරුවෙන් නවතාගෙන උන් හැඬුම යළි නැගුණේය.

” එපා … මට මෙහෙම සලකන්න එපා .. නුරාන්ට කියන්න මාව කොලඹ ගිහින් දාන්න කියලා..ප්..ලී..ස් ….ප්..ලීස් …අනේ … මං මෙහෙ .. ඉන් ..නේ නෑ … මට මෙහෙ ඉන්න බෑ….. මට …මට .. මේම ඉන්න..  බැ… අරුණෝද .. මට සැනසීමෙන් ..ඉන්න දෙන්නේ … නෑ … මේ ඔක්කොම … එයා කරන්නේ …. යන්න දෙන්න.. මට .. අනේ ධනුක මහත්තයා .. ඔයා හරි .. මං හින්දා නුරාන්ගේ … ජීවිතේ නැති වෙලා යාවි …. ඔයා හරි … මං …..යන්න ..ඕනි .. මෙහෙන් .. ඔක්කොම දාලා …. මං .. මං .. හින්දා..ඔයාලා.. ලැජ්ජ වේවි ..එපා..ඔයාලා මට අනුකම්පා කරන්න එපා .. නුරාන් .. මම .මැරෙන්නේ නෑ .. එයා කිව්වාද මම මැරෙය් .. ඒ නිසා මට සලකන්න කියලා… නෑ ධනුක මහත්තයා … මං ….”

ඉසිනි හඬුම අතරින් අසීරුවෙන් හුස්ම අල්ලමින් එලෙස පවස්මින් උන් අතරේ මහා හඬින් අකුනක් පුපුරා ගියේය, ඊ ඉන් තිගැස්සී පිපිරුණාය. ගිණි පුපුරු විදින ඇස් එක්ක උන්නේ නුරාන් ය.

” එන මඟ දිගට  තේරෙන සිංහලෙන් පැහැදිලි කරා නේද මම ? ඈ… ඒ තේරෙන්නෙත් නැද්ද ?..තමුසේට මොකක්ද කරන්න ඕනි මම මේක පැහැදිලි කරන්න …  කියනවා තාරා… කතා කරනවා… මෙච්චර කියලා තියෙද්දී, මෙච්චර ළඟින් ඉද්දී ආයේ ආයෙම උඹ යන්නම දඟලන්නේ ?… ඇයි ?.. ඇයි ?…. මං කිව්වා, ඒක කරේ මොක වුනත්, ඒක මම හොයාගන්නවා කියලා.. ඒකට පාඩම උගන්නම් කියලා.. ඔෆිස් එකේ ප්‍රශ්නේ මම විසඳන්නම් කියලා.. ඒ කියලා තියෙද්දී උඹ යන්නම හදන්නේ ?…  මාව මරාගන්නද ඕනි තාරා … ඒකද උබට ඕනි ?..”

ඉසිනි දෑස් විසල් කරගෙන තමා ඉදිරියේ කෑ ගසන මිනිසා දෙස බලා උන්නේය.  නුරාන්ට එවැනි ස්වරූපයක් ඇතැයි දුටුවේ නුරාධ්‍යා තමා අසල හිඳ නැතිවූ දිනයේය. අද ඔහු ඒ කෝපයද ඉක්මවා ගොසිනි.

” පොඩී …”

තාත්තාගේ හඬද නැඟුනද නුරාන් නිහඬ වුයේ නැත.

”  මාව මරලා දාලා යන දීපංකරේක පලයං ..”

නුරාන් ඉසිනි වෙත නැවී ඇගේ බාහුවෙන් අල්ලා සොලවා උස් හඬින්   කෑ ගැසුවේය. ධනුක වහා නැගිට  ඔහු පසෙකට කලේය.

” සරා .. උඩට එක්ක ගිහින් වොශ් එකක් දාවගන්නකෝ .. උදේ සාරිය  පිටින් නේ .. අම්මේ .. කොහිල මොනවා හරි තියෙනවා නම් කැඳ හරි හදලා ගන්න .. උදේ ඉඳන් මූට මූලග්ගින්න …”

ධනුක නුරාන් වෙත හැරී ව්‍යාජ කෝපයක් මවාගෙන කීවේය.

පැහැසරා ඉසිනිව නැගිටුවා ගන්නට උත්සාහ කලාය. එහෙත් ඉසිනිට නැගිටගන්නට තරම් ප්‍රාණවත් බවක් වූයේ නැත. පැහැසරාට වාරු වෙන්නට උත්සාහ කලද ඕ පසෙකට ඇලව ගියාය. 

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here