“මා මගේ කකුල් අතරින් එබී බැලූ විට ජිප්සි කාන්තාවක් දැක්කා. මහලු කාන්තාව මා දෙස බැලුවේ දැඩි බැල්මකින්. ඒක මරණීය වේදනාවක් ගෑවුණ බැල්මක්. පරණ බෑගයක් ඇතුලට අත දැමූ එයා එයාගේ දිගු ඇඟිලිවලින් කැඩුණු රේසර් තලයක් එළියට ගත්තා. ඒ කැඩුණු දාරයේ පරණ වී වියළුණු ලේ තිබෙනු මම දැක්කා. ඇය එයට කෙළ ගසා ඇගේ ඇඳුම මත පිස දැමුවා. මට ඊළඟට දැනුනේ මගේ ඇඟ කපා දමන බවයි. තලය මගේ සම හරහා එහාට මෙහාට කරනවා මට දැනුණා. ඒ හැඟීම විස්තර කරන්න මම දැනගෙන හිටියෙ නෑ. මම හෙලවුණේ නෑ.හෙලවෙන තරම, දඟලන තරම වැඩිවෙන තරමට වේදනාව වැඩි බව මම තේරුම්ගත්තා. අවාසනාවකට වගේ, මගේ කකුල් වෙව්ලන්නට සහ පාලනයකින් තොරව වෙව්ලන්නට පටන් ගත්තම මම දෙයියන්ගෙන් ඉල්ලුවා.
දෙයියනේ ඒක ඉක්මනට ඉවර කරලා දෙන්න කියලා. ඒක ඉක්මනින් උනා. මොකද මට ඊටපස්සෙ සිහිය නැති උනා”
(වාරිස් ඩයිරිගේ කාන්තරයේ කුසුම පොතේ ඉංග්‍රිසි පරිවර්තනය කළ කොටසකි”
වාරිස් ඩයිරිගෙ ජීවිත කතාව කියවෙන The Dessert Flower පොතේ එක තැනක වාරිස් කියනවා “මා හැදී වැඩුණු වැනි සංචාරක සංස්කෘතියක, අවිවාහක කාන්තාවකට තැනක් නැත, එබැවින් මව්වරුන් සිතන්නේ තම දියණියන්ට ස්වාමිපුරුෂයෙකු ලබා ගැනීමට හොඳම අවස්ථාව ලබා දීම ඔවුන්ගේ යුතුකමක් බවයි” කියලා.
පොත කියවපු අයට මතක ඇති ඒ කොටස කියවද්දිත් වචන අස්සෙනුත් අපි ඊට අවුරුදු ගානකට කලින් වාරිස් අත්වින්ද ඒ වේදනාවම පොත කියවල වින්ද බව.මරණීය වේදනාවක් ජීවත්වෙන හුස්ම ගන්න පොඩි කෙල්ලෙක් කොයිමාකාරයකින් නම් විඳගන්න ඇද්ද කියන කුකුස එදත් අදත් අපේ හිත් අස්සෙ ඉඳන් මොර හඬ දෙනවා.
අපි හිතුවා ඒ පොත කියවද්දි “ඒ කාලෙ දැන් ඉවර වෙලා ඇති. එහෙම කතන්දර දැන් නැතුව ඇති” කියලා. ඒත් පොත කියවලා ගෙවිච්ච අවුරුදු ගාණකට පස්සෙ අපිට ආයෙම වතාවක් ඒ කතාව ඒ විදියටම අහන්න ලැබෙනවා වාරිස් තරම්ම ලස්සන තව කෙල්ලෙක්ගෙ කටහඬෙන්.
ඒ මේ අවුරුද්දෙ Miss World තරගාවලියට තරග වදින සෝමාලියානු රූප සුන්දරිය වන Zainab Jama ගෙ කටහඬෙන්. අනුදි ගැන අපි ලිපියක් මීට කලින් ලිව්වා. අපේ ලස්සන කෙල්ල ලංකාව ඇතුලෙ Period Poverty ගැන කතා කරද්දි ඒ වගේම තව ලස්සන කෙල්ලෙක් තමන්ගෙ රටේ තියෙන නැති කරලා දාන්න ඕන විදියෙ tradition එකක් ගැන ඉතාම සංවේගයෙන් Head 2 Head Challenge එකේදි වදන් කරනවා.
ඒ මෙන්න මෙහෙම.
“මං ඒ වෙලාවෙ සෙල්ලම් කරමින් හිටියෙ. එයාලා ඇවිත් මාව වඩාගෙන එක්කරගෙන ගියා. මගේ ඇඳුම් ඉරලා අයින් කරලා දැම්මා. ඊටපස්සෙ මාව කාමරේකට එක්කරගෙන ගියා. ඒ කාමරේ හිටියා ගෑණු අය තුන් දෙනෙක්. වෛද්‍යවරුන් නොවන කිසිම විදියක වෛද්‍ය සුදුසුකමක් නැති කාන්තාවන් තුන්දෙනෙක්.එයාලා ළඟ තිබුණා, කතුරු, පුංචි පිහි සැත් වගේ දේවල්. අවුරුදු ගණනාවක් තිස්සේ කරගෙන ආව tradition එකක් තව වතාවක, තවත් ගෑණු ළමයෙක්ව වේදනාවක ගිල්වන්න බලාගෙන.
එයාලා මගේ යෝනිය කපලා දැම්මා. මගේ ශරීරයේ මාව කාන්තාවක් කියල වෙන් කොට හඳුනාගන්න පුලුවන් අවයවයක් එයාලා tradition එකක් පවත්වාගෙන යාම වෙනුවෙන් කපලා දැම්මා. ඊටපස්සෙ මගේ අභ්‍යන්තර යෝනි මාර්ගයට කැපුමක් දැම්මා.
මට මතකයි මම වේදනාවෙන් කෑගැහුවා. මොකද මේ කිසිම දෙයක් කලේ කිසිමාකාරයක හිටි වැට්ටීමක්, සිහි නැතිකිරීමක් නොමැතිව. කිසිම පහසුවක් නැතුව. රුධිරය සහ දිගම දිග වේදනාබර නිහඬතාවයක් අතරෙ තමයි මේ හැමදේම උනේ. මට මතකයි මම හොඳටම ඇඬුවා. මට මෙහෙම කරන්න එපා, මේක නවත්තන්න කියලා ඉල්ලුවා, විලාප දුන්නා. ඒත් ඒ කාන්තාවො කරේ මට කට වහගන්න කියලා කියන එක විතරයි. එයාලා කිව්වා “ඔයා හරිනම් ආඩම්බර වෙන්න ඕන, පාරම්පරික සිරිත් විරිත් ඉස්සරහට කරගෙන යන්න ඔයාට පුලුවන් වෙච්ච එක ගැන” කියලා.
මේ කැපීම් වලින් පස්සෙ මට මතකයි එයාලා ගන නූලකින් මගේ තුවාල කර යෝනි තොල් මහලා දැම්ම. පුංචිම පුංචි සිදුරක් ඉතුරු කරා මුත්‍රා සහ ඔසප් කාලයේ රුධිරය පිට වීම පිණිස.
මේක හඳුන්වන්නෙ චර්මච්ඡේදනය කියලා. මේ ක්‍රියාවලින් පස්සෙ මාව අඳුරු කාමරේක හිර කරලා තිබුණා. මගේ කකුල් තදට ගැටගහලා. මම දවස් ගාණක් එහෙම හිටියා. ඒ හැම දවසකම මගේ කකුල් අතරින් ලේ ගලා ගියා. මට සෙල්ලම් කරන්න සෙල්ලම් බඩු තිබුණෙ නෑ. මුකුත්ම තිබුණෙ නෑ අඟුරු කෑලි කිහිපයක් ඇරෙන්න. ඒ අඟුරු වලින් මම බිත්තියෙ එක එක දේවල් ඇන්දා. මාව මේ සා වේදනාවක් මැද්දෙත් ජීවත් කරවලා තියන්න මම මගේ හීන ඒ බිත්තියෙ අඟුරු වලින් ඇන්දා.
මොකද මම දැනගෙන හිටියා මේ ක්‍රියාවලියෙන් පස්සෙ ගොඩක් ගැහැණු ළමයි මිය ගිය විත්තිය. එයාලට ජීවත්වෙන්න තිබුන අයිතිය අහිමිවෙච්ච විත්තිය. ඒ නිසාම මට ඕන උනා මාව ජීවත්කරවන්න.
ඒ මොහොත මාව සම්පූර්ණ වෙනස් කෙනෙක් කරා. මගේ ළමාකාලය සහමුලින්ම මට නැති කරලා දැම්මා. ඇත්ත මම බේරුණා. ඒත් තව ගෑණූ ළමයි කී දෙනෙක් නම් හිටියද එහෙම බේරෙන්න බැරුව?
අවුරුදු ගාණක් පුරාවට අපේ අම්මලා, අත්තම්මලා සහ තවත් කාන්තාවො දහස් ගානක් මේ වේදනාව නිහඬව වින්දා. මොකද අපිට පාරම්පරික සිරිත් විරිත් වලට එරෙහි වෙන්න පුලුවන් උනේ නැති හන්දා. අපිට කියලා දුන්නෙ “ගැහැණු කියන්නෙ වේදනා විඳින්න ඉපදුන අය. ඒ නිසාම මේක සාමාන්‍ය දෙයක්” කියලා.
ඒත් ඒක සාමාන්‍ය නෑ. ඒක සාමාන්‍ය දෙයක්වත් අපෙ ඉරණමවත් වෙන්නෙ නෑ. කොහෙත්ම නෑ. මම දන්නව මට අතීතෙ වෙනස් කරන්න බෑ. ඒත් එදා දුක් වින්ද මං කියන පොඩි ගැහැණු ළමයා වගේම තවත් පොඩි ගැහැණු ළමයි රැසකගෙ හෙට දවස වෙනස් කරන්න මට පුලුවන් වෙයි”
මේ කතාව කරන්නෙ Head 2 Head Challenge වටයෙදි සෝමාලියානු රූ රැජිණ වන Zainab Jama. මේ කතාව අහද්දි මට මතක් උනේ එක දෙයක් විතරයි.
පීරියඩ්ස් දවසට අපි විඳින අපහසුතාවය කොච්චරද? අපේ අනුදි ලෝකෙ ඉස්සරහට ගිහින් ඒ වෙනුවෙන් සටන් වදිද්දි අවුරුදු ගාණක් පුරාවට රැකගෙන ආව කෘර චාරිත්‍රයක් වෙනස් කරන්න තවත් ඒ වගේම සුන්දර කෙල්ලෙක් සටන් වදිනවා.
මේ හැමෝටම Miss World වෙන්න බෑ. ඒත් ඒ හැමෝම වෙනස් කරන්න හදන මේ ලෝකෙ තියෙන සමහර සාධක එයාලව සදාකාලිකවම අපේ හිත්වල කිරුළු පළන් රැජිණියො කරන්න හේතුවෙයි නේද කියන එක මට මේ කතාව අහද්දි කල්පනා උනා.

වාරිස් තමන්ගෙ පොතේ තැනක මෙහෙම කියනවා.
“මගේ චර්මච්ඡේදනයේ ප්‍රතිඵලයක් ලෙස මම දුක් වින්දා, නමුත් මම වාසනාවන්තයි. බොහෝ ගැහැණු ළමයින් ලේ ගැලීම, කම්පනය, ආසාදනය හෝ ටෙටනස් හේතුවෙන් මිය යනවා. ක්‍රියා පටිපාටිය සිදු කරන තත්වයන් සලකා බලන විට, අපෙන් කිසිවෙකු දිවි ගලවා ගැනීම පුදුම සහගතයි”
ඒත් ඇත්තටම ඒ සා වේදනාවකට පස්සෙත් ජීවත්වෙන්න ලැබීම, ශාරීරික වේදනාව අවසන් උනත් මානසික කම්පනය එක්ක ජීවත්වෙන්න ලැබිම ඇත්තටම වාසනාවක් විදියට අපිට දකින්න පුලුවන්ද?
වාරිස් තමන්ගෙ පොතෙන් මේ කතාව ලෝකෙ ඉස්සරහට අරගෙන එන්නෙ මීට අවුරුදු ගාණකට කලින්. ඒත් Zainab Jama කියන කතාව ඇහුවම අපිට එක ප්‍රශ්නයක් ඔලුවට එනවා.
“මෙච්චර අවුරුදු ගාණක් ගිහිනුත් තාම ඒ කෘට චාරිත්‍රය ඒ රටවල මිනිස්සු continue කරනවද?” කියන එක.
වාරිස් ඩයිරිට තමන්ගෙ පොත ඔස්සේ වෙනස් කරන්න බැරිවුන ඒ දහස් ගාණක් තරුණ කෙල්ලන්ගෙ වේදනාබර ඉරණම වෙනස් කරන්න සෝමාලියානු රූප රැජිණ වන Zainab Jamaට පුලුවන් වෙන්න කියලා අපි පතමු.
ඒ වගේම ඉස්සරහට එන Miss World තරග වටයන්වලදි ලෝකෙ කිසිම කෙල්ලෙක්ට තමන්ට අත් විඳින්න උන මේ වගේ වේදනාබර නිමේශයන් ගැන කතාවක් කඳුලු හලමින් කරන්න නොලැබේවා කියලත් අපි පතමු!
ReplyForwardAdd reaction |