තාරුකාගේ ජීවිතේ හොඳම කාලෙන් අවුරුදු පහක්ම වැය කරන්න උනේ රෝගාතුර වෙලා උන්න අම්මවයි තාත්තවයි බලාගන්නටය. තාරුකා නොසිතූ ලෙසින් තාරුකාට අවුරුදු තිහක් වෙන්නත් කලින් තාරුකාගේ අම්මයි තාත්තයි දෙන්නම එක ළඟ දවස් කිහිපයකදී ජීවිතයෙන් සමුගත්තෝය. ඉන් පස්සේ තාරුකාගේ ජීවිතේ ජීවිතයට බලාපොරොත්තුවක් නැති තරමට තාරුකා ජීවිතෙන් ඇදගෙන වැටුණි
” අම්මයි අප්පච්චියි ගෙදර ඉන්නකොට මං ඔෆිස් ඇරලා ගෙදර දුවගෙන ආවේ බලාපොරොත්තුවක් එක්ක ……ඒත් දැන් මුළු ගෙදරම හිස් වෙලා…… මට කිසිම බලාපොරොත්තුවක් නැහැ ….. . මට ජීවත් වෙන්න හේතුවක් දැනෙන්නේ නැහැ……. මට කොච්චර අමාරු උනත් අම්මයි, අප්පච්චියි දෙන්නගෙ කටහඬ ගේ තුළ ඇහෙනකොට මට මම තනි නැහැ කියන එක දැනුනා…… හැඟුනා…….. මට ඒක මහා ශක්තියක් විදියට තිබුණා. ඒත් ඒ දෙන්නම් එකම වතාවේ මාව දාලා යන්න ගියා….දැන් මට හිතාගන්න බැහැ හෙට දවස ගැන ……..”
තාරුකා ඇගේ මිතුරියක සමඟින් එලෙස දුක බෙදා ගත්තාය. මිතුරියටද ඇය වෙනුවෙන් වෙන් කරන්නට වඩා වැඩි කාලයක් තිබුණේ නැත. ඇය උන්නේද ඇගේ රැකියාවේ ඉතා කාර්යබහුලවය. එහෙත් හැකි සෑම වෙලාවකම තාරුකාට ඇමතුමක්වත් ලබා දෙන්නට ඇය අමතක නොකලාය.
දිනක් රාත්‍රී එකොළහත් පසුවී තාරුකා තම මිතුරියට ඇමතුමක් ලබා ගත්තේ දරාගත නොහැකි තරමේ හිස් බවක් ඇගේ ජීවිතයට දැනෙන්නට ගත් නිසාය. රාජකාරි ස්ථානයේ ඇතිවූ ගැටලු වලට දින කිහිපයක් එක දිගට මුහුණ දෙන්නට සිදු වීමත් , අම්මා සහ තාත්තාගේ අහිමිවීමෙන් පසුව ඔවුන්ගේ දේපළ වෙනුවෙන් තාත්තාගේ සහෝදර සහෝදරියන් තාරුකාව දැඩි ලෙසින් පීඩාවට පත් කරන්නට ගැනීමත් නිසා තාරුකා උන්නේ ජීවිතය පිළිබඳව කලකිරීමෙනි.
පළමු දෙවැනි තෙවැනි වර මිතුරිය දුරකථන ඇමතුමට පිළිතුරු නොදුන් නිසා තාරුකා සිව්වෙනි වතාවටද ඇමතුවාය.
ඇමතුමට පිළිතුරු ලැබිණි. මිතුරිය යමක් විමසන්නටත් පෙරම තාරුකා ඇයට සිත් ඇයට සිතුනු සියලු දේ පවසාගෙන ගියාය.
” මට මේක කරන්න බෑ වාසනා….. මං හිතන්නේ මට ඇති…… අම්මයි අප්පච්චියි මට එයාලා ලඟට කතා කරනවා කියලා මට දැනෙනවා….. එයාලා දෙන්නම හරිම බයෙන් හිටියේ මං මගේ ජීවිතේ තනියෙන් කොහොම දේවල් කර ගනීවිද කියලා ….. ඒ හින්දාම ළඟට එන්න කියලා එයාල මට කියනවා ඇති…. ලොකු අම්මල බාප්පලා හැමෝම පිස්සු වගේ… දවල් ලොකු නැන්දා ඔෆිස් එකටත් ඇවිල්ල කෑ ගහලා ගියා මහ ගෙදර එයාට ඕනේ කියලා… තාත්තා අසනීපෙන් උන්නු නිසා මහ ගෙදර තාත්ත නමට ලිව්වාට මේකට එහෙමට තාත්තට අයිතිවාසිකමක් නෑ කියලා ලොකු නැන්දා ඔෆිස් එකේ හැමෝම ඉස්සරහ මට කෑ ගැහුවා.
මට හරියට ලැජ්ජ හිතුණා වාසනා….. මට ඔය ගෙවල් දොරවල් කිසිම දෙයක් වුවමනා නැහැ මට ඒ හැමදේම අතැරල දාන්න පුළුවන්……ඒත් මට ඒකට තව ටික කාලයක් ඕනේ. මට තවම දැනෙන්නේ අම්මයි තාත්තයි මේ ගෙදර ඉන්නවා වගේ… හැබැයි ලොකු නැන්දලා මට ඒකට ඉඩ දෙන එකක් නැහැ. බලෙන් හරි මාව ගෙදරින් එළියට දාලා මේ ගෙදර අරගෙන විකුණන්නයි ඒගොල්ලන්ගේ සැලැස්ම …..මට හරි මහන්සිය වාසනා……. වාසනා මං මේක අතාරිනවා. මං මේකෙන් නවතිනවා…… මට ඔයාට කියන්න ඕනේ උනේ මගේ බැංකු පොත් ටික, ලැප් එක, මගේ රත්තරන් බඩු ටික ඒ ඔක්කොම ඔයා ගන්න.. මං ලියුමක් තිබ්බා…….”
සැණින් ඇමතුම විසන්දි විය. ඇමතුමට පිළිතුරු දුන් වාසනාගේ සොහොයුරා ඉතා කලබලයෙන් නාන කාමරයේ සිටින තම සොයුරිය වෙත ගියේය. උස් හඬින් කෑගසමින් ඇමතුමක් ආ බවත්, තමා එයට පිළිතුරු දුන් වගත් එහා පසින් කතා කළ තැනැත්තිය පැවසුවේ කුමක්දැයි කියාත් පැවසුවේය.
” අනේ අයියා කෙල්ල පව් අපි ඉක්මනටම යමු …….”
රාත්‍රිය ගැන නොසිතා දෙදෙනා ඉතා කලබලයෙන් තාරුකාගේ නිවසට ගියෝය. තාරුකා ඒ වන විටත් උන්නේ දැඩි පීඩනයෙන්ය. ඊළඟට ඇගේ ජීවිතයෙන් සමුගැනීම සඳහා වන තීරණය සඳහා සූදානම් වෙමිනි.
වාසනාවේ සොයුරා වහා හාරුකාව නවතා ගත්තේය. ඇයට වේගවත් අතුල් පහරක් ගැසුවේය.
” පිස්සු ද දෙයියනේ ගහන්නේ…?”
වාසනා තාරුකාව අයියාගෙන් ගලවා ගත්තාය
” ගහන්න නෙමෙයි වටින්නේ …මෙහෙම මෙච්චර ලස්සන ජීවිතයක් තියෙද්දි කොහෙවත් යන මිනිස්සුන්ට බය වෙලා මේ වගේ හදිස්ස තීරණ ගන්න යන්නේ…”
වාසනා තාරුකාද කැටුව තම නිවසට ගියාය. ඇගේ දෙමාපියන් තාරුකාට සෙවණ සැපයූහ.
වාසනාගේ සොයුරා ඔහුගේ පැළ තවානේ සේවය කිරීමට එන්න යැයි තාරුකාට ඇරයුම් කළේ ඉන් දින කිහිපයකට පසුවය. වාසනාද එයට එකඟතාවය පළ කළාය. ඉන්පසුු තාරුකා වාසනාගේ සොයුරාගේ පැළ තමානෙහි සේවය කිරීම සඳහා ගියේ ඇය කරමින් උන් රැකියා රැකියාව අතහැර දමමිනි. ඕ මානසික සුවය සලසා ගන්නට තීරනය කලාය.
” මොනම හේතුවක් නිසාවත් අම්මයි තාත්තයි ඔයාට දීලා ගියපු ගෙදර අතාරින්න සූදානම් වෙන්න එපා….. එහෙම අතාරින්න ඕනම කියලා හිතනවනම් ඔය වගේ අවස්ථාවාදී නෑදෑයන්ට බයවෙලා ඒක කරන්න එපා…. ඔයාගේ දේවල් අතාරිනවා කියන්නෙම ඔයාගේ අම්මටයි තාත්තටයි ඒක ඔයා කරන ලොකු අසාධාරණයක් ..”
වාසනාගේ සොයුරා ඉඩක් ලැබෙන හැම විටකම තාරුකාව ශක්තිමත් කරන්නට උත්සාහ කළාය කළේය.
“මට මේ කිසිම දෙයක් වැඩක් නැහැ අයියේ මට දැන් ඕනේ පාඩුවේ කොහේ හරි සැනසීමෙන් ජීවත් වෙන්න…”
” එහෙමයි කියලා ගස් යට ගල් උඩ ජීවත් වෙන්න බෑනේ …මිනිහෙක් උනාම වහලක් තියෙන්න ඕන ඕනේ….. මේ ගෙවෙන්නේ ලේසියෙන් ගෙයක් දොරක් හදාගන්න පුළුවන් කාලයක් නෙවෙයි. ….එහෙව් එකේ තමන්ට අයිති වෙලා තියෙන දේවල් දාලා දුවන එකයි නෙවෙයි යුතු…”
“ඒක මන් නොදන්නවා නෙවෙයි. ඒත් මගේ නෑදෑයෝ එක රණ්ඩු කරන එක මට කරන්න පුළුවන් දේකුත් නෙවෙයි…මම තනියෙන්… මට මහන්සියි…”
” එහෙමයි කියලා ඔයා වෙනුවෙන් ඒක අපි කාටවත් කරන්නත් බැහැ. තමන් වෙනුවෙන් පෙනී සිටින්න ඕනේ තමන්..”
තාරුකා දිගින් දිගටම කල්පනා කළාය. රැැකියාවේ ප්‍රශ්න අඩුවීම නිසා ඕ උන්නේ යම් සැහැල්ලුවකිනි. එලෙසින්ම වාසනාගේ සොයුරාගේ පැළ තවානේ වැඩකටයුතු නිසා ඇගේ ජීවිතය යම් නැවුම් බවකින් පිරී යමින් තිබුනි.
ඕ තම පියාගේ පසින් වූ නෑදෑයන්ට තම තීරණය පැවසුවාය
” තාත්තා ගේ ලියල තියෙන්නෙ මට …මම මොනයම් හේතුවක් නිසාවත් ඒක විකුනන්න ලෑස්ති නැහැ….. ඒ වගේම නැන්දලට ගේ දෙන්න ලෑස්තිත් නැහැ…….
මම ගේ මම දැනට මේ ගෙදර නැති එක ඇත්ත හැබැයි ඔයාලා ආයෙම වතාවක් බලෙන් ගේ ඇතුලට ඇතුල්වෙන්න උත්සාහ කරොත් එහෙම මම අනිවාර්යයෙන්ම පොලිසියේ පැමිණිල්ලක් දානවා….. ඒ ගෙදර මම රෙන්ට් එකට දෙනවා.. ඒ මිනිස්සුන්ට කරදර කරන්න එපා…”
” බුදු අම්බෝ මෙන්න මේක ගියපු උඩ ….එකත් එකටම ඔය නැවතිලා එන්න ගෙදර මිනිහගේ හයිකාරකම වෙන්න ඇති…ලැජ්ජාවක් තියෙන කෙල්ලෙක් නෙවෙයිනේ……. “
” ඒ ගැන ලොකු නැන්ද බය වෙන්න එපා එපා. මගේ ලැජ්ජාව ඇතිකම හරි, නැතිකම හරි මං බලා ගන්නවා… හැබැයි ලොකු නැන්දා ආයෙ මේ ගෙදරට බලෙන් ඇතුල් වෙන්න උත්සහ කරෝතින් එහෙම ලොකු නැන්දා කවුද කියලා මම අමතක කරනවා…”
තාරුකා නොබියව නැගී උන්නාය. තමාව වෙනුවෙන් පෙනී සිටියාය. වඩා වටින්නේ මානසික නිදහස බැවින් නිවස අත් හැරීමට ඕ සතු සැලසුමක් විය.
අවසානයේ ඕ නිවස ලමා නිවාසයක් උදෙසා වෙන් කර රජයට පවරා දුන්නේ වත්තේ කොටසක් විකුණා එම මුදල් ලොකු නැන්දා ඇතූලු තාත්තාගේ සොයුරන් ට ලබා දෙමිනි. එදින රැය දිගු විය.
” මට සැනසීමයි අය්යේ…”
ඇගේ තරු ඇස් වාසනාගේ සොයුරා වටහා ගෙන උන් බව ඕ දැන ගත්තේ ඒ රැයේය.
” ඔයා ඉස්කෝලේ කාලේ ඉඳන්ම මම බලාගෙන උන්න තරුව නංගී … දැන් ඔක්කොම නිදහස් නේ.. දැන්වත් මගේ අහසේ පායනවාද?”
තරු ඇස් එළි දෙමින් ගැස්සුණි.
ReplyForwardAdd reaction |