කරුමය

දේශානි පොඩි කාලේ ඉඳන්ම වැඩිපුරම අහන්න වුන එක වචනයක් තමයි “කරුමේ”

” මේක නම් අපේ පූරුවේ කරුමේ..”

“මේක උඹ හින්දා කඩාගෙන පහත් වුන කරුමයක්…”

“උඹ මේ ගෙදෙට්ට ගෙනාවත් හරි, ඒ පස්සෙන් කරුමේ අපේ ගෙදෙට්ට රිංගුවා…”

“කරුමේ වලක්වන්න බෑනේ.. අපිට ඉවසන්නම වෙනවා…”

“මේක පුදුම කරුමයක් වුනානේ…”

නැන්දාගේ කටේ කරුමේ කියන වචනේ තියෙනකොට , ඒකට ගෑවෙන්න අනිවාර්‍යෙන්ම දේශානිගෙ නමත් තිබුණා. දේශානිගේ මාමා නැන්දාගේ හැසිරීම් වලට කිසිම දෙයක් කිව්වේ නැති නිසා නැන්දා අවුරුදු දොළහේ ඉඳන් අවුරුදු දහ නවයක් වෙනකල්ම දේශානිගේ හිත එක දිගටම රිදෙව්වා.

දේශානි ඉස්කෝලේ ගියා වුනත්, අධ්‍යාපනය ගැන ඇයට වගකීමක්වත්, වගවීමක්වත් තිබුණේ නැහැ. ඒකට ලොකුම හේතුව වුනේ, ඇය පාසැල් ගියේ නැන්දාගේ ඇණුම් පද වලින් ගැලවිලා ඉන්න මිසක්, ඉගෙනගන්න නොවීම. ඇගේ අවාසනාවට ඇයව වටහාගත්ත මිතුරියක් හෝ ගුරුවරියක්වත් ඇයට මුණ ගැහිලා තිබුනේ නැහැ.

උසස්පෙළ යන්තම් සමත් වුනාට පස්සේ නැන්දාගේ ස්වරූපය එහෙන් මෙහෙන් වෙනස් වෙන බව දේශානිට වැටහුණා. ඒත් ඇයට ඒකට හේතුවක් වැටහුනේ නැහැ. ඒ හින්දාම ඇය උන්නේ නැන්දාගේ හැසිර ගැන අවධානෙන්.

දවසක් නැන්දාගෙයි මාමගෙයි කතාව අහගෙන උන්න දේශානි, තමන්ගේ ජීවිතේ වෙනුවෙන් මේ මොහොතේ සටන් කලේ නැත්නම්, තමන්ට කියලා ජීවිතයක්වත් ඉතුරු වෙන්නේ නෑ කියලා තේරුම් ගත්තා.

“මම නං හීනකින්වත් හිතුවේ නෑ කෙල්ලට ඔය වගේ යෝජනාවක් එයි කියලා…”

“කෙල්ල ඉතින් හැඩට ඉන්නවනේ. කවුද අකමැති වෙන්නේ?”

මාමා එහෙම කියනවාත් ඇහෙනකොට දේශානිට දැනුනේ තමන් ගැනම අනුකම්පාවක්

” ආයෙත් අහලා …..මේක ලේසියෙන් ලැබෙන අවස්ථාවක් නෙවෙයි. මුදලාලි කිව්වා පල්ලෙහා පොල් ඉඩම අපට බලාගන්න දෙනවාකියලා. එතනම අක්කර විස්සක්..එච්චරක් විතරක් නෙවෙයි. කොහොමත් ඔය කසාදෙ සියලුම වියදම් ඒ ගොල්ලෝ දරනවායි කියලත් කිව්වා… අපට කිසිම වියදමක් බලාගන්න උවමනා නැති විත්තිය තමයි මුදලාලිකිව්වේ….”

“ඔව් ඉතින් ඕවනං හොඳ දේවල් තමයි. ඒත් ඉතින් ඔය කොල්ලා එක වසන්න මේ කෙල්ලට පුළුවන් වෙයිද?”

“මොකද අනේ බැරි වෙන්නේ ?මොකෝ සතෙක් සර්පයෙක් නෙවෙයි නේ… මනුස්සයෙක්නේ..”

“මං කිව්වේ ඒක නෙවෙයි..ඒගොල්ල කොල්ලා කොයි  වෙලෙත් කට ගොන්න බීගෙන කාත් එක්ක හරි රණ්ඩුවක පැටලෙන්න  යන්න ඉන්න එකෙක් වෙච්ච එකේ මේ කෙල්ලත්ට ඒ මිනිහත් එක වසන්න පුළුවන් වෙයිද කියලා….”

“ගෑණු දැනගන්න ඕන මිනිස්සු හදන්න ….අනිත් එක මුදලාලි මහත්තයා උනත් පුතාට අපේ කෙල්ලම ජෝඩු කරන්න හදන්නේ, පුතාගේ අඩුපාඩු හදාගන්න වෙන්න ඇතිනේ.. අනික දේපලක් කියලා කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෑ කිව්වා…එහෙව් එකේ අක්කලාගේ අර ඉඩම් කඩම් ඔක්කොම විකුනලා දාලා ඒ සල්ලිත් අපේ ළමයින්ට ..නෙ…”

“හරි හරි ඔහේ කැමති විදිහක් බලලා කරන්නකෝ .. කෝක  උනත් දේශානි එක්ක ඔය  ගැන කතා කරලා ඉන්න එක  හොඳයි…”

“ආයේ  කතා කරන්න දෙයක් නෑ. මනමාලයා බලන්න වෙන දවසට දවසකට කලින් මේ ගැන කිව්වහම ඇති…. මට ඔය කෙල්ල විශ්වාස නෑ……”

උපදෙසක් ගන්න වැඩිහිටියෙක් තියා හරි හමන් යාලුවෙක්වත් ඇගේ ජීවිතේ උන්නේ නැහැ.

අවසානේදී දේශාන තීරණය කළා තමන්ගේ ජීවිතය වෙනුවෙන් තමන්ම උපදෙස් අරගෙන තමන්ම ජීවිතය ගොඩනගාගන්න උවමනාය කියලා. මුදලාලි මහත්තයාගේ පුතා කියන්නේ තමන්ට වඩා අවුරුදු දහයක් විතර වැඩිම ගමේ ඉන්න රස්තියාදුකාර කණ්ඩායමේ නායකයා බව දේශානි  දන්නවා.

ඉස්කෝලෙ ඇරිලා එන වෙලාවට ඒ කණ්ඩායමේ ඇනුම් පදවලට තමනුත්ත් ඇතැම් මිතුරියනුත් මුහුණ දීලා තියෙන බවත් දේශානිට මතකයි. තමන්ගේ ජීවිතය , අනාගතය ඒ වගේ අත් දෙකක් උඩ තියන්න දේශානිට කොහෙත් තම අවශ්‍ය වුණේ නැහැ.

” ඊට වඩා හොඳයි මම තනියම ඉන්නවා”

දේශානි  අවධාරණය කරගත්තා.

අම්මගේ රත්තරන් බඩු ඔක්කොම තිබුණ දේශානි ලග. ඊට අමතරව ඒ දේශානිගේ තාත්තගෙ පොල් වතු වල  ආදායම සම්පූර්ණයෙන්ම දේශානිගේ ගිණුමකට තමයි බැර වුණේ. ඇය බැංකු ගිණුමත් එක්ක රත්තරන් බඩුත්  බෑහ් එකේ යටින්ම තියා ගත්තා. ඊට පස්සේ අවශ්‍යයි කියලා හිතුණු රෙදි ටිකයි අනෙක් ලියැකියවිලි බෑග් එකටදාගත්තා. නැන්දටයි මාමටයි නොපෙනෙන්න බෑග් එක අඹ ගහ පිටිපස්සෙන් කිව්වේ එදා හවස.

තමන් ටවුමට ගිහිල්ල එන බව කියල බෑග් එකත් අරගෙන දේශානි යන්න පිටත්වුණා.

ඇය කෙලින්ම ගියේ ඇගේ පාසල් ගුරුවරියකගේ නිවසට.  ඒ ගිහින් ඇය  පත්වෙලා ඉන්න තත්වය දේශානි ගුරුතුමියට කිව්වා

” ඒත් දරුවෝ වැඩිහිටියන්ට කියන්නේ නැතුව මේ විදියට ගෙදරින් හැටියට බැහැපු එක හරිද ??”

” කියලා ආවනං ඉන්න දෙන්නෙ නැහැ ටීචර් …. මම හවස්වෙලා කෝල් එකක්  දෙනවා. මට ඕනේ පඩියක් එන ජොබ්  එකක් කරන කම්  පරිස්සමට එන්න පුළුවන් තැනක් හොයාගන්න…. කොහේ හරි කොන්වන්ට් එකක් වුණත් කමක් නැහැ……”

ඊට පස්සේ දේශානිගේ ගුරුතුමිය මැදිහත් වෙලා කාන්තා යේවාසිකාගාරයක මාසයක් ඉන්න පුළුවන් විදියට දේශානිට කටයුතු හදලා දුන්නා

ඒ මාසේ ඇතුළත දේශානි නේවාසිකාගාරයේ  කාමරේ ඇතුලට වෙලා පුළුවන් උපරිමයෙන් මහන්සි වුණා රැකියාවක් හොයාගන්න. ඒත් අයට තිබුණු සුදුසුකම්වල හැටියටට ඇයට රැකියාවකට අයදුම් කිරීම පහසු වුණේ නැහැ.

එය අතර තමයි දේශනි ෆේස්බුක් එකෙන් දැක්කේ , ෆේස්බුක් එකේ කුඩා පරිමාණ කර්මාන්තශාලාව ක්  කරපු තරුණියක්  ඇගේ සහයට නිවසේම නැවතිලා වැඩ කරන්නට පුළුවන් තරුණියක් සොයන බව. ඉතා ඉක්මනින් ඒ වට්සැප් අංකයට ඇමතුමක්් ගත්තා. ඇඟලුම් ක්ෂේත්‍රයේ උන්න තරුණියක් වුණු ඇය දේශානිට ඉතාමත් හිතවත් විදිහට කතා කරා.

” එහෙනම් මෙහෙම කරන්න ඔයාගේ ග්‍රාම නිලධාරිය තුමාගෙන් සහතිකයක්. ,, ඔයාගේ පාසල් හැරයා මේ සහතිකය , ඒ වගේම ඔයාගේ අනන්‍යතාවය තහවුරු කරන්න පුළුවන් මොනවා හරි සහතික ,  පුළුවන් නම් ඔයාගේ පොලීසියෙන් පොලිස් සහතිකයකුත් අරගෙන අපේ ගෙදර එන්න..

අපේ ගෙදර එළියෙන් ඇටෑච් බාතෲම් එකක් එක්ක  වෙනම කාමරයක් තියෙනවා ඔයාට ඒ කාමරයේ ඉන්න පුළුවන්.

වැඩ කරන්න තියෙන්නේ උදේ අටේ ඉඳම්  හවස පහ වෙනකන්…. ඊට පස්සේ කාලය ඔයාට  ඔයා කැමති දෙයක් වෙනුවෙන් වැය කරන්න පුළුවන්. හැබැයි ඉතින් ඔයාගේ නැන්දයි මමයි ඇවිල්ල ප්‍රශ්නයක් ඇති කරෝතින් ඒ ප්‍රශ්නවලට මැදිහත් වෙන්න නම් මට පුළුවන් වෙන එකක් නැහැ නැහැ. ඔයා ඒ ගැන වග වගකීම ගන්නඕන…”

දේශානි  ඒකට එකඟ වුණා. තනියම ගිහිල්ල ග්‍රාම  නිලධාරිතුමාව සම්බන්ධ කරගෙන අදාළ සහතික අරගත්ත. පොලිස් සහතිකය වෙනුවෙන් ඉල්ලුම් පත්‍රයකුත් පුරවල බාර දුන්නා. විදුහල්පතිතුමා ඇය ගැන අවශ්‍ය කරන සියලුම ලිපි ලේඛන සකස් කරලත්දුන්නා.

ඊය දවස් තුනකට පස්සේ දේශානි තමන්ගේ අලුත්  ජීවිතය වෙනුවෙන් කුරුණෑගල ට පිටත් වුණා.
ඒ අතරේ දේශානි නැන්දයි මාමයි උමතුවෙන් වගේ දේශනාව හොයමින් හිටියි. ඔවුන්ගේ දෑතටම වැටෙන නිධානය අහිමිවෙලා යන එක ඔවුන්ට දරාගන්න බැරි වුණේ නැහැ. ඔවුන් පොලිසියටත් පැමිණිලි කලා. 

නමුත් පොලිසියෙ උන්න දේශානිගේ මාමාගේ හිතවතෙක් ඔවුන්ට කිව්වෙ දේශානි රැකියාවක් සඳහා පිටත් වෙලා යන්න පොලිස් පොලිස් වාර්තාවකුත් ඉල්ලල තියෙන බව.

කොහොම හරි දේශානි ජීවිතය පටන් ගත්තා ගත්තා. මහන්න පොඩ්ඩක්වත් දැනගෙන හිටියේ නැති වුණත්,  ඇය ඉතාම ඉක්මනින් ක්‍රමවේද සියල්ලක්ම වගේ ඉගෙන ගත්තා. මුල් දවස්වල ඇය වැඩිපුරම කරේ මහපු ඇඳුම් පිළිවෙලට නවල පාර්සල් කරපු එක. ඊට පස්සේ ලිපින ලියලා ඒවා කුරියර්  කරන්න සුදුසු සත්ත්වයට සකස් කරපු එක. ඒ අතර ඉගෙනගත්ත මැහුම් ක්‍රම වැදගත් වලින් මහන්නත් ඇය හැකි හැම වෙලාවෙම පුරුදු  වුණා.

“ඔයා ඇත්තටම දක්ෂ ළමයෙක්. තනිවෙලා කියලා හිතන්න එපා. වැඩ ඉගෙන ගන්න කවුද හරි දවසක ඔයාට තනියම ඔලුව උස්ස ගන්න පුළුවන් වෙයි…..”

ඇයව විශ්වාස කරලා ඇයට ජීවිතයට අලුත් බලාපොරොත්තුවක් දීපු ඒ තරුණිය එහෙම කියනකොට දේශානි ඉතාම හිතවත් විදියෙන් ඇයට හිනා වුණා

.
.
.

වසරේ නැගි එන ව්‍යවසායිකාව ලෙස සම්මාන ලබන්නේ දේශානි අමර බන්ධු

අවුරුදු පහකට පස්සේ ්ව්‍යයවසායකත්ව සම්මාන උළෙලදී දේශානිගේ නම එහෙම කියවුනා.

නිමි ඇඳුම් සහ පාපිසි අපනයනය කිරීමේ ඇගේ කුඩා කර්මාන්ත ශාලාව වෙනුවෙනුයි ඇය ඒ විදිහට ඇගයීමට ලක් වුණේ

කරුමෙ කියන එක ජීවිතේ හැමදාම තියෙන්නේ නැහැ. කරුමෙ වාසනාව බවට පත් කරගන්න එක අපේ අතේ තියෙන්නේ

දේශානි වේදිකාව උඩ ඉදන් ලෝකෙටම ඇහෙන්න එහෙම කෑගහලා කිව්වා

More Stories

Don't Miss


Latest Articles