දෑත දරා – 23

0
239

” උඹලෑ බබා බලන ආන්ටි කිව්වා විදියට නම්, දියතලාව හොස්පිට්ල් එකේ ඩොකෙක් ඇවිල්ලත් උඹව බලලා කරලා ගිහින් තියෙනවා… අපි එනකොට උඹ හිටියෙත් ඔය විදියට හැබැයි … එතකොට උඹේ රෙදි මාරු කරලා තියෙන්නෙත් ඩොක්ටර් වෙන්නෝනා හැබැයි .. මං ඒක ඒ ආන්ටිගෙන් අහන්න ගියේ නෑ බං … අවුල් නේ…”

මිතුරා ඇහි බැම නළලටම ගෙන අතිශෝක්ති අයුරින් කීවේය. මනුජ එය විශ්වාස කිරීමට අපහසු සහ විශ්වාස කිරීමට අකමැති සෙයින් බලා උන්නේය.

” උඹ නිකන් මාව ගිලින්න වගේ බලන්නෙපා යකෝ… අපි මේ උඹට උදව්වට ආවා මිසක්, ඔය නාටක වලට සම්බන්ධ නෑ.. උඹ අදාල අදාල අය එක්ක අදාල අදාල එව්වා බේර ගනින්…”

” උඩහ කාමරෙන් නිදාගනින් ගිහින් දෙන්නම … කාලද උඹලා ?..”

” කෑම බීම හරි… උඹට කොහොමද කියහං ඉස්සෙල්ලාම …”

” ඇඟ රිදෙනවා… ඇට කුඩු වෙලා ගානයි… ඇඟට සීතල තියෙන්නේ…”

“උඹට රෑ බෙහෙත් වේලත් වදෙන් පොරෙන් පොවාගත්තේ..ඒකෙන් ඔය ඔලුව උස්සගන්න පුලුවන් වෙන්න ඇත්තේ……තෝ යකෝ පුදුම වදයක් දුන්නේ… උඹට රස්නෙට කෝපි එකක් හදල දෙන්නද ? …. “

මනුජ මිතුරන් දෙදෙනා කාමරයට ඇරලවා, පහල ඔහු නිදා උන් කාමරයේ සයනට වැටුණේය.  එලෙසනම් , ඇය පැමිණ සිටි බවට වන මතකය සිහිනයක් නොවේය.

ඇය තමා නැති වේලාවක නිවෙසට පැමිණියෙර් කුමකටද ? අනෙක් අතට ඇයගේ සේවා කාලය තුළ ඇයට එලෙසින් පැමිණීමට හැකිද ?

” සාරතී නැන්දා ව සෙට් කරගෙන එන්නැති… නිවාඩු දාලා නේ එන්න ඇත්තෙත් ඔය කියන විදියට … පැය දෙක තුනක් මට සාත්තු සප්පායම් කරලත් නේ… ඇඳුම් ඔක්කොම ගලවලා, මෙහෙම අන්දවලා කරලා යන්නත් තරම් ෆෝර්වර්ඩ් වුනේ කොහොමද ? …. නන්නාඳුනන පිරිමියෙක් අස්සේ එච්චරට ෆෝර්වර්ඩ් වෙන එක ටූ මච් නැද්ද ?..”

ඇය වෛද්‍යවරියක බව අමතක කරමින් මනුජ එලෙසින්ද සිතුවේය.

කෙලෙස වූවද හෙට උදෑසන සාරතී නැන්දාගෙන්  සිදුවූයේ කුමක්දැයි  විමසා දැනගන්නා තුරු  අවසාන නිගමන වලට එළඹිය යුතු නොවේය. දිය්ණිය නින්දේදැයි බලාඑන්නට උවමන වුවද,  වැඩි වෙලාවක් යන්නට පෙර මනුජ යලි නින්දටම වැටුණේය. 

උදෑසන මනුජ ඇහැරුනේ මිතුරාගේ හඬිනි. හිස ඔසවා ගන්නට බැරි තරමේ අපහසුවක් යලි දැනෙන බව මනුජ මිතුරාට කීවේය.  ඔහු හුස්ම ගත්තේද අපහසුවෙනි

” මෙහෙම බලන් ඉඳලා හරියන්නෙ නෑ මහත්තයෝ… අපි මහත්තයාව ඉස්පිරිතාලෙට ගෙනියමුද ?..”

සාරතී මනුජගේ මිතුරන්ගෙන් විමසුවේය. මිතුරන් දෙදෙනාද ඒ පිළිබඳව කතා බහ කරමින්, කඳවුරේ වෛද්‍යවරයාට ඇමතුමක් ගත්තේය. මනුජ රෝහල් ගත වීම අවශ්‍ය නොවන බව පවසමින්, සාරතී නැන්දා ගෙන් දියණිය පිළිබ්ඳව විමසුවේය.

” මේ..උඹව ආර්මි හොස්පිට්ල් ඇඩ්මිට් කරන්න කියලා කියනවා එහෙන් .. ඇඩිට් වෙමුද?..”

” මට එච්චරට අමාරුවක් නෑ…බෙහෙත් දීපං බොන්න… එතකොට අඩුවෙයි…”

”  අමාරුවක් නැති බව පේනවා තෝ කතා කරනකොට මැරෙන්න පණ අදිනවා වගේ..”

මිතුරන් දෙදෙනා මනුජව යන්තමින් පිරිසිදු කරවා, ඇඳුම් මාරු කරවන අතරේ සාරතී යළි පැමිණ ඔවුන් ඇමතුවේය.

” ඇයි ඇන්ටි…?’

” මහත්තයෝ… අර නෝනා ඇවිල්ලා…”

“මොන නෝනාද ?”

” ඊයේ අර ආව දොස්තර නෝනා ඇවිල්ලා…”

මිතුටන් දෙදෙනා එකිනෙකා දෙස බැලුවේ මනුජ දෙසද සරදම පිරි බැල්ම්ක් හෙලන අතරේය.

” තෝ මහ පුදුම සතෙක් නේ… ඊයේ රෑ රඟපාපු රඟපෑමට උඹට සම්මාන වලින් දමලා ගහන්න එපැයි යකෝ… උඹ ඊයේ පුදුම වුනෙ ඒ ඩොක්ටර් ආවා කියන එක අදහා ගන්න බැරුව වගේ නේ … යකෝ.. මෙන්න කුකුලත් අතින් අරගෙනම ඇවිල්ලා… ඊයේ නින්ද යන්නත් නැතුවැති…”

එක් මිතුරෙකු මනුජ හා උස් හඬින් කියවාගෙන ගැටීමට සූදානම් වූයේය.

” අඩෝ.. ආයේ අහලා… උපාසක බළලා මූ…යස උපාසකයා…”

“උඹ…..ලට පිස්….සුද…. යකෝ…?”

සාරතී නැන්දා  සින්දූපා ව කාමරය වෙත කැටුව එන විට , මනුජටද කමිසයක් ගත ලා මිතුරන් දෙදෙනාද කමිස දෙකක් ගත ලා ගෙන උන්නෝය.

සින්දූපා ඔවුන් දෙදෙනා වෙත සුහද සිනහවක් පෑවාය. හදවත අසීමාන්තික වේගයකින් ගැහෙන බව දැනේ. එහෙත් ඕ ඒ බවක් බිදකුදු නොපෙන්වා මනුජ වෙත ඇවිද ආවාය.

” කමිසේ ගලවලා ඉන්න මිස්ටර් මනුජ …. “

ඇය මනුජගේ එක් අතක නාඩි පරික්ෂා කරන අතරේ කීවාය. මනුජ මිතුරන් දෙදෙනා දෙස බැලුවේය.

” නෑ.. ඩොක්ටර් එන නිසා ශර්ට් එක දාගත්තේ..”

එක් මිතුරෙකු සරදමට මුසුවූ මනමාල සිනහවක් සමඟින් , සින්දූපා ට පැවසූවේ මනුජගේ මුහුණ කෝපයෙන් පිරෙද්දීය. සින්දූපා තිදෙනා දෙසම බලා සිනහවක් පෑවේය. ඒ සිනහවේ බොහෝ දේ ගැබ්ව තිබුනේය. සිනහවම මිස අන් කිසිවක් නොපවසා සිටින්නට සින්දූපා පරෙස්සම් වූවාය.

” දැන් මොනවද අපහසුතා මිස්ටර් මනුජ ?”

මනුජ කලකින් නොවූ තරමේ අපහසුවකට වැටී උන්නේය. මිතුරන් දෙදෙනා සිටීම නිසා ඒ අපහසුව තවත් වැඩිපුර දැනේ.

මනුජගේ නිහඬව සිටීම නිසා සින්දූපා ඔහු දෙස සහ මිතුරන් දෙදෙනා දෙස විමසිලිමත් බැල්මක් හෙලුවාය.

” ඇඟ රිදෙන එක් තමා කිව්වේ ඩොක්ටර්… ඔලුවත්  රිදෙනවා කිව්වා.. රෑ නම් උණ තිබුනේ නෑ… ආයේ උණ ඇවිල්ල දැන් නම් …. උදේ වමනෙත් දැම්මා… කන්නේ බොන්නේ නෑ.. රෑ බෙහෙත් දුන්නෙ සුප් හැඳි දෙකක් වදෙන් පොරෙන් කටට දාලා……..”

මිතුරෙකු මනුජ වෙනුවෙන් ඉදිරිපත් වූයේය. මනුජ දෑස් පියා ගත්තේය.

ඇය නළළට පිටි අල්ල තබනු දැනෙද්දී මනුජ තිගැස්සුණේය.

” මෙයාව් ඇඩ්මිට් කරගන්න වෙනවා… ඩිහයිඩ්‍රේට් අවධානමක් තියෙනවා … ඔයාලා ආර්මි හොස්පිට්ල් ඇඩ්මිට් කරනවා නම් එහෙම කරන්න .. එහෙම නැත්නම් අපේ ඇඩ්මිට් කරන්න … පල්ස් චුට්ටක් අපැහැදිලි තත්වෙකුත් තියෙන නිසා අන්ඩර් කන්සල්ටන්සි දවසක් දෙකක් ඉන්න එක හොඳයි….”

” අපි හිතුවෙත් ඇඩ්මිට් කරන්න ඩොක්ටර්…අර ඇක්සිඩන්ට් එකේ සෝල්ජර්ස්ලා ඔක්කොම මෙහෙ හොස්පිට්ල් එකේ නිසා පොඩි ඉඩ ප්‍රශ්නයක් තියෙන කතාවකුත් කිව්වා…”

“ඒක ප්‍රශ්නයක් නෑ.. බලලා සුදුසු විදියක් කරන්න …”

“මේ ඩොක්ටර්ත් ඉන්න නිසා දියතලාවේම ඇඩ්මිට් කරානම් හරි නේද බං ..?”

අනෙක් මිතුරා එක්වරම පවසද්දී සින්දූපා තිගැස්සුණාය. මනුජද දෑස් විවර කර බැලුවේය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here