දියණියව රෝහල තුළට රැගෙන යෑමට මනුජට කැමැත්තක් වූයේ නැත
” සාරතී නැන්දා බබා එක්ක කාර් එකෙන් ඉන්න.. මම බලලා ආවාම සාරතී නැන්දා යන්න….”
සාරතී කිසිවක් නොවිමසාම හිස සැලුවාය. මඟදී ලැබුණ සෙල්ලම් බෝනික්කා නිසා මනුජ නොමැතිව තනිව සාරතී සමඟ සිටීම දියණියටද ප්‍රශ්නයක් නොවූවා සේය. මනුජ විශ්වට ඇමතුමක් ගන්නා අතරේම රෝහල් ගේට්ටුව අසල නැවතුනේය. විශ්ව පැමිණ මනුජව ඇතුලට කැඳවා ගත්තේය.
” උඹ යුනිෆෝර්ම් ආවා නම් ගේට් එක ලඟ තපින්න ඔනි නෑනේ…”
“දරුව අරන් එන නිසා චේන්ජ කලා … “
විශ්වට වඩා ඉක්මන් අඩි තබමින් මනුජ කීවේය. විශ්ව මනුජ දෙස බලා උන්නේ යන් වේදනාවක්ද එක්කය. මනුජ කොහොම මිනිහෙක්දැයි විශ්ව දනී. පාසැල් කාලයටම දිවෙන අතීතයක් ඔහු හා ඇත. නිර්ධා හා වූ සම්බන්ධතාවය පුරාම ඔහු ඇයට කෙලෙසින් පෙම් කලාදැයි විශ්ව දනී. නිර්ධා ගේ ජීවිතයට වූ අඳුරු පැල්ලම් සියල්ල තමා මත දරා ගනිමින් මනුජ ඉවසූ ප්‍රේමයේ තරම දන්නේ විශ්ව පමණි. දැන් ඒ පිළිබඳව කිසිවක් නොදන්නා හෝ සේ උන්නද, විශ්වට සියල්ල මතකය. මනුජ සින්දූපා දෙසට හැරෙද්දි එයට විරුද්ධව සිටින්නට තමාට වූ එකම හේතුව සින්දූපා සහ මනුජ සිටින දෙඅන්තය වඩා හොඳින් දන්නා කෙනා තමා වීම බවද විශ්ව සිතුවේය. එහෙත්…, ඔවුන් දෙදෙනාම තමා ඉක්මවා යමින් යම් තීරණ ගෙන ඇත.
” උඹ ඔහොමම පලයං වෝර්ඩ් එකට.. කවලා කරලා ඉවර කරගනින්.. මම එන්නම්.. .කෝකටත් පුරුස ධෛර්යය ඉස්සරහට දාගෙන පලයං…. සින්දූපා ඉන්නේ යකා වැහිලා..”
මනුජ විශ්වගේ පිටට තට්ටුවක් දමමිම් වාට්ටුව තුළට හැරුනේය. ඉදිරිම අසුන් වල උන් හෙදියන්ට මද සිනහවක් පා සින්දූපා වෙත යන බව සන් කලේය. මේ පිටස්තර පිරිමින්ට වාට්ටුව තුළට ඇතුලු වන්නට ඉඩනොදෙන වේලාවක් වුවද, මනුජ සතු විශේෂ සම්බන්ධතා දැන උන් නිසාත්, සින්දූපා ගැන දැන උන් නිසාත් හෙදියන් දෙදෙනාම මනුජට සිනාසී සන් කලෝය
මනුජ සින්දූපා ගේ රෝහල් සයනය අසල නැවතුණේය. රැගෙන ආ බෑගය කබඩය බත තැබුවේය. ඕ උන්නේ දෑස් වසාගෙනමය. නින්දක සේය. මනුජට කල යුත්තේ කුමක්දයි වැටහුනෙ නැත. ඔහු ජංගම දුරකතනය සාක්කුවෙන් අතට ගත්තේය.
සින්දූ …. ලෙසින් වන නම දුරකතන තිරය මතට ගත්තේය. සින්දූපා එක්වරම තිගැස්සී මෙන් හඬ නොනැගෙන්නට නාද වු ජංගම දුරකතනය ගෙන එහි තිරය දෙස බැලුවාය. මුව මත මැවුණු හසරැල්ල මනුජ යන්තමින් දුටුවේය. ඕ උන්නේ උඩුබැලි අතට වැතිරීගෙන, හිස මනුජ උන් පැත්තට විරුද්ධ පැත්තටවන සේ හරවාගෙනය.
ඕ එක්වරම ඇමතුම විසන්ධිව කලාය. ඉන් පසුව සිනහව හුවමාරූ වූයේ මනුජගේ මුවටය.
මනුජ යළි ඇමතුමක් ගත්තේය.ඔ එය බලාපොරොත්තුවෙන්ම උන්නාක් මෙන් විසන්ධි කර දැම්මාය. මනුජ යළි ඇමතුවේය.
ඕ යළි ඇමතුම විසන්ධි කරන්නට ජංගම දුරකතනය පපුද මතටවන සේ තමා ගන්නට ගත්තාය. අයෙකු තමා අසල සිටගෙන සිටින බව ඕ යන්තමට දුටුවේ එවෙලෙහිය.
ඇමතුම විසන්ධි කිරීම අමතක විය.මනුජ සිනාසෙමින් ඇමතුම විසන්ධි කලේය. සින්දූපා උන්නේ කිසිත් වටහා ගන්නට නොහැකිවා සේය. දිවයන්නටවත් නොහැක.
” හායි….”
මනුජ පලමු හමුවීමක් ලෙසින් ඇයට දැනෙන්නට හැරෙන්නට උත්සාහ කලේය. සින්දූපා සිනාසුණාය.
” ඇම් අයි මේකින් ට්‍රබල් ඔන් යූ ?….”
මනුජ අසල තිබු ප්ලාස්ටික් අසුනේ හිඳ ගනිමින් සින්දූපා දෙසට වඩා ලං වෙමින් විමසිවේය.
සින්දූපා නැතැයි කියන්නට හිස සැලුවාය.
ඇයට වේලාව පිළිබඳ්ව වන මතකට ආවේ එවෙලෙහිය. ඕ ජංගම දුරකතනය ට එබුණාය.
” දැන් ඔයා වෝර්ඩ් එකේ ඉන්න එක හොඳ නෑ…. ප්‍රශ්නයක් වෙයි… කවුරු හරි කම්ප්ලේන් කලොත්…”
මනුජ අසුනින් නැගිට්ටේය.
අවට උන් සියලු දෙනාගේ අවධානය ලැබෙන හඬකින් අවසර ගත්තේය.
” එක්ස් කියුස් මී… කරුණාකරලා .. “
හෙදිය දෙදෙනා වහා අසුම් වලින් නැගිට මනුජ දෙසට ආවෝය.සින්දූපා උන්නේ කුමක් වන්නේදැයි සිතාගන්නට නොහැකිවය.
” මම එයාර් ෆෝර්ස් වැඩ කරන්නේ.. ඕෆ් වෙලා එනකොට රෑ වුනා.. මගේ වෙන්න වයිෆ් මේ ඉන්නේ කකුල කඩාගෙන.. මම එයාලඟ පොඩි වෙලාවක් ඉඳලා ගියොත් ඒක ඔයාලට කරදරයක්ද ? …. මං අහන්නේ ඩිස්ටර්බ් ද ??…”
හෙදියන් දෙදෙනා මඟින් නැවතී අතින් මුව වසාගෙන සිනාසුනහ. අනෙක් රෝගීන්ගේ තත්වය වූයේද එයමය. සින්දූපා මනුජහේ අතින් අල්ලා නවතින මෙන් කීවාය.
එහෙත් මනුජ උන්නේ ප්‍රහර්ෂණීය හැඟීම් උඩ එන්නට දෙමිනි.
” මට අදට විතරක් ඉඩ දෙන්න… හෙට ඉඳන් මම වෙලාවට වැඩ කරනවා… බොහෝම ස්තූතියි …”
මනුජ හිඳගත්තේ, සින්දූපා ඔහුගේ අත අල්ලාගෙන සිටිද්දීමය. සින්දූපා අත ගත්තාය.
“පිස්සුද ?”
“දැන් ප්‍රශ්නයක් නෑ… කාටවත් ඒක ප්‍රශ්නයක් නෑ.. මෙහෙම වෙලාවක අසරණ වෙච්ච මනුස්සයෙක්ට උදව් කරන්න කවුරු වුනත් පස්ස ගහන්නේ නෑ..”
“කවුද අසරණ ?”
“මම …”
සින්දූපා විමතිය පිරි බැල්මක් හෙලුවාය.
” දැනට ඔක්කොම මයිනස් පොයින්ට්ස් තියෙන්නේ මගේ පැත්තට.. දාලා ආවා.. දාලා ගියා… ෆෝන් ආන්සර් කරන් නෑ.. උද්දච්චයි… අහංකාරයි…. හිතුවක්කාරයි….මෙනි මෝ… ඕක මැදට ආයේ මම මොකටද අසනීප වෙලා හොස්පිට්ල් ඉන්නවා දැන දැනම බලන්නවත් ආවේ නෑ කෑල්ල දා ගන්නේ.. එහෙම නැත්නම් ආව ගමන්ම අනෙක් පැත්තය දිව්වා කියලා එකතු කරගන්නේ…. සෝ… දැට්ස් ඉට්….”
සින්දූපා මනුජගේ ඉවරයක් නොවන දෙතොල් සෙලවිල්ලේ ඇලුනාය.
” කොහොමද ?”
මනුජ එක්වරම විමසූ පසු ඇයට එයට පිළිට්ජුරි දෙන්නට ගැලවෙන්නට හැකි වූයේ නැත.
මනුජ ඇගේ අතින් අල්ලා ඇය පියවි සිහියේ වග තහවුරු කරගන්නට උත්සාහ කලේය.
” ආහ්…”
“කොහොමද