*තාරානාත් දහම් වංශනායක*
“මම ඔයාලයි අම්මව මැරි කරපු අලුත අපේ ෆැමිලි ට්‍රැඩිශන් එකකට අපි කතරගම ගියා පුතෙක් හම්බෙන්න කියලා භාරවෙන්න” කියලා තාත්තා කියද්දි එයාගෙ දෙතොල් අස්සෙ ඇලවිලා තිබිච්ච හිනාවෙ දුකයි සන්තෝසෙයි දෙකම එක්කහු වෙලා තිබ්බා කියන එක මම නොදැක්කා නෙවෙයි.
“අපේ පවුල්වල කට්ටිය ඉතින් බිස්නස් කරන මිනිස්සුද දන්නෙ නෑ බිස්නස් ඉස්සරහට අරගෙන යන්න කියලා හිතලා මැරි කරාම ප්‍රාර්ථනා කරන්නෙම පුතාලා හම්බෙන්න කියලා. බොරු කියන්නෝන නෑනෙ ඉතින් අපිත් සෑහෙන පූජා බඩු, බාර හාර වෙන ජාති එහෙම උස්සගෙන කතරගම ගියා පුතා” කියලා තාත්තා කතාව කන්ටිනිව් කරද්දි උනත් මං උන්නෙ මොකද්ද මේ එයා කියන්න හදන්නෙ කියන එක හිතාගන්න බැරුව.
“එහෙම භාරවෙච්ච එකෙන් තමයි අන්තිමේ මට සනාව ලැබුණෙ” කියලා තාත්තා කියද්දි එයාගෙ ඇස්වල කඳුළු පිරිලා තිබ්බෙ එයා කොච්චර මාව එයාගෙ පුතා විදියට සැලකුවත් මම ඇත්තටම එයාගෙ පුතා නෙවෙයි කියන එක මතක් වෙලාද කියලා හිතලා ඇත්තටම මගෙ පපුව හෝස් ගාලා ගියා. අනිත් අතට තාත්තා මං ගැන කතාකරනවා වගේම නේද මම අහස් ගැන හිතන්නෙත් කියලා මගෙ පපුව හෝස්ගාලා ගියා.
“තාත්තා ඒක එහෙමම හිතනවද?”
“කොහොමද?”
“තාත්තා දෙයියන්ට බාර වෙච්ච නිසා තමයි කියලා මාව හම්බුනේ?” කියලා මං අහද්දි තාත්තා කරේ ආයෙම වතාවක් එයාගෙ අර ලස්සන හිනාව මං දිහාවට පා කරලා එවන එක.
“ඔව් ඉතින් සනාව මට කොච්චර වටිනවද? සනා මගේ ඔන්ලි චයිල්ඩ් නෙ” කියලා තාත්තා කිව්වට පස්සෙ ඇත්තටම මට කිසිම හිතේ හයියක් තිබ්බෙ නෑ තාත්තගෙන් අහන්න ඒත් මම තාත්තගෙ ඇත්තම දරුවා නෙවෙයිනෙ කියලා. අන්න ඒ හන්දා තමයි මම තාත්තගෙන් ඇහුවෙ “තාත්තා එකපාර එහෙම කතාවක් කිව්වෙ ඇයි?” කියලා.
“සනා දැන් හොයන්නෙත් සනාගෙ පුතාවනෙ. මං වගේ කොළඹ ඉපදිච්ච, හැදිච්ච, වැඩිච්ච මනුස්සයෙක් සාමාන්‍යයෙන් ඔය වගේ පූජා වැඩ බාර හාර වෙන වැඩ විශ්වාස කරන එකක් නෑ කියලා මිනිස්සු හිතුවට අපි නොදන්නවා උනාට ඒවයිත් ඇත්තක් ඇතිනෙ සනා.
ඒකනෙ ඔය වගේ දේවල් තාමත් මිනිස්සු කරන්නෙ. ඒ හන්දා සනාට හිතෙන්නෙ නැද්ද මං කරා වගේම අපේ ෆැමිලි ට්‍රැඩිශන් එකට අනුව කතරගම ගිහිල්ලා බාර උනා නම් හොඳයි කියලා සනාගෙ පුතාවත් හම්බෙන්න කියලා.
එකම වෙනම අපි මැරි කරාට පස්සෙ පුතෙක් ඉල්ලුව එකයි සනා මැරි කරන්න කලින්ම ඒ පුතාව හොයලා දෙන්න කියලා ඉල්ලුව එකයි විතරනෙ” කියලා තාත්තා කියද්දි මං ඇත්තටම උන්නෙත් කල්පනා කර කර තාත්තා වගේ කෙනෙක්ගෙන් මේ වගේ හරිම ට්‍රැඩිශනල් උත්තරයක් මේ ප්‍රශ්නෙදි මතු උනේ කොහොමද කියන එක. ඒ උනාට අන්තිමේ හිතල බලද්දි සමහර වෙලාවට සමහර ඉමෝශනල් ප්‍රශ්නවලදි මිනිස්සුන්ට ඒ වගේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න පුලුවන් තමන්ගෙ ආගම සහ ඇදහිලි වලින් විතරයි නේද කියන තැනට ඇද වැටෙන තරමට මං උන්නෙ මේ ප්‍රශ්නෙන් හෙම්බත් වෙලා.
ඇත්තම කිව්වොත්, ජීවිතේ මේ වගේ දරුණු විදියට වෙනස් වෙලා, පුරුදු හැම පාරක්ම මට නොපෙනී යද්දී, මාව තල්ලු වෙන්නේ උත්තර හොයාගන්න බැරි, තර්ක කරන්න බැරි තැනකට. ඒ වෙලාවට මිනිස්සු විදියට අපි පිහිටක් පතන්නෙ, තර්කෙන් නෙවෙයි, ඇදහිලිවලින්.
ඒක හරියට හිත අමතක කරපු ආරක්ෂිත තැනක් එක පාර ප්‍රශ්න දාහක් මැද්දෙ මතක් වුණා වගේ ෆීලින් එකක්.
මම මේක කරන්නේ මොකක් හරි, කවුරු හරි කිව්ව මිත්‍යා විශ්වාසයකටම නෙවෙයි. මගේ වේදනාව තනියම දරාගන්න බැරි තරමට මගෙ හිතට බරයි කියන සරල ඇත්ත හන්දා. දුක දරාගන්න බැරි තරමට බර වෙද්දී, බය ඕනෑවට වඩා ලොකු වෙද්දී, අනාගතය අඳුරෙන් වැහිලා යද්දී, මං හොයන්නෙ ඒවයින් මිදෙන්න පුළුවන් තාවකාලික සැනසුමක්. එල්ලිලා ඉන්න පිදුරු ගහක්. දෙවියෙක්, ලකුණක්, පිහිටක්, මට පාර පෙන්වන අතක්.
අන්න ඒ හන්දා තමයි තාත්තා කිව්ව කතාව අහලා මම කතරගම යන්න හිතුවෙ. අනික ඔය කතාව මම අමරසූරිය එක්ක කිව්වමත් මිනිහා ඉඳන් කිව්වෙ “සමහර වෙලාවට නොදන්න පාරවල් වල යද්දි තමයි මහත්තයා අපි යන්නෝන,හොඳට දන්න කරන පුරුදු පාර මතක් වෙන්නෙ” කියලා.
“පාර වැරදිලා තියෙන්නෙ මටද නාද්‍යා නෝනටද කියලා තමයි අමරසූරිය මට හිතාගන්න බැරි”
“මහත්තයා දැන් මාස ගාණක් ඒ කාණ්ඩෙ හොය හොය මහන්සි වෙච්ච එකේ වෙනසකටත් එක්ක පොඩ්ඩක් ඇඟට රෙස්‍ට් එකකටත් එක්ක ඔහොම ගමනක් ගිහින් එන එක හොඳයි”
“ඇඟ කොහොම රෙස්ට් කරත් හිතට නම් කිසිම රෙස්ට් එකක් ලැබෙන එකක් නෑ” කියාගෙන මම ගේ ඇතුළට යද්දිත් අමරසූරිය කරේ මං දිහාවම බලාගෙන ඉන්න එක.
“අපි මෙහෙම ගමනක් යන විත්තිය කා එක්කවත් කියන්නෙපා අමරසූරිය. දන්නවනෙ ඊටපස්සෙ නැති කරදර. දැනටම අපිට වෙච්ච ප්‍රශ්න ඇතිනෙ”
“ලොකු මහත්තයවත් එක්කරගෙනද යන්නෙ?”
“ඔව්, තාත්තා ලංකාවට ආවත් හරි එලියට එක්කරගෙන යන්න පුලුවන්කමක් ආවෙම නෑනෙ. ඒ හන්දා තාත්තාවත් කතා කරගෙන යනවා. අමරසූරියත් යන්. ගෙදෙට්ට කියන්නකො. මම සෙකියුරිටි ටීම් එකකට කියන්නම් ගේ බලාගන්න කාවහරි එවන්න කියලා. මම නතර වෙන්න තැනක් බලන්නම්කො”
“මහත්තයා දවස් කීයක් වගේ ඉන්නද බලන්නේ එහෙ ගිහින්?”
“අද ගිහින් හෙට එමු කියලා මං හිතුවෙ” කියාගෙනමයි මම ආයෙ ගේ ඇතුළට ආවෙ. ඒ විදියට තමයි අපි තිස්සමහාරාමෙ යන්න දාගත්තෙ.
ජීවිතේ නිතරම අපේ ගමන අපිට හිතාගන්න බැරි විදියට වෙනස් කරනවා.
අපි යන්න හිතපු නැති පාරවල් දිගේ ඇදගෙන යනවා. ඒ බෙන්ඩ්ස් වලදි, අපි නිතරම හොයන්නේ අපිට ටිකක් එහායින් තියෙන, අල්ලගන්න බැරි සැනසිල්ලක්. ජීවිතේ මේ වගේ එකපාරටම වෙනස් වෙන හැටි ගැන කවුරුවත් අපිට කියලා දෙන්නේ නෑ.
විශේෂයෙන්ම පිරිමියෙක් උනාම ජීවිතේ ලේසියි කියලා මිනිස්සු හිතාගෙන ඉන්නවා නම් ඒක එහෙම නෑ කියන එක මම තේරුම්ගත්තෙත් මේ ප්‍රශ්නෙට ෆේස් කරන්න උනයින් පස්සෙ. අපිට දුක එච්චර තදින් දැනෙන්නේ නෑ කියලා, බරක් දැනෙන්නේ නෑ කියලා මිනිස්සු හිතනවනෙ. ඒ වගේම ප්‍රශ්නයක් උනාම ශක්තිමත්ව ඉන්න එක, කඩා වැටෙන්නේ නැතුව ඉන්න එක පිරිමින්ට නතින් කියල තමා මිනිස්සු හිතාගෙන ඉන්නෙ.
පිරිමින්ටත් ෆේස් කරන්න එමෝශනල් කුණාටු තියෙනවා. ගෑනුන්ටත් වඩා පිරිමි ඒ හැමදේම හරිම සයිලන්ට් එකේ, කාටවත් නොපෙනෙන තැන්වල හංගගෙන තනියෙන් හිත අස්සෙන් කල්පනා කර කර දුක් විඳිනවා, තැවෙනවා.
ලෝකේ අපි කවදාවත් නොසැලී ඉඳියි කියලා බලාපොරොත්තු වෙන බව ඇත්තක් උනත්. ඇතුළතින්, අපිත් අනිත් හැමෝම වගේම ෆීලින්ස් අස්සෙ අතරමං වෙනවා, බය වෙනවා, දුක් විඳිනවා.
තිස්සමහාරාමේ ගමන යන්න තාත්තයි අමරසූරියයි මමයි තුන්දෙනා විතරක් උන්නෙ උනාට මගේ හිතේ තියෙන දුක තේරුම්ගත්තා වගේ ගමන යන අතරතුරාවටම තාත්තා සෑහෙන්න දේවල් කතා කරා.
ඒවා කිසිමාකාරයකින් නාද්‍යාටවත් අහස්ටවත් සම්බන්ධ දේවල් නොවුනට ඒ කතාබහ හන්දම මං උන්නෙ ආයෙ වතාවක් පොඩි වෙලාවකට හරි තාවකාලික සන්තෝසයක් අස්සෙ.
තාත්තා කෙනෙක් ළඟ පුතෙක්ට ඕන දුකක් දරාගන්න බැරිකමක් නෑ කියන එක මං තේරුම්ගත්තෙ ඒ වෙලාවෙ.
මං අහස්ව හොයාගන්නෝනත් අන්න ඒ නිසාමයි කියන එක මම හිතට කිව්වෙ අන්න ඒ වෙලාවෙ.
පුතෙකුයි තාත්තෙකුයි අතර බොන්ඩ් එක පටන් ගන්නෙ ලේ බැඳීමකින් නෙවෙයි.
හිත්වලින්
තේරුම් ගැනීමකින්
මාව මුලින් හම්බෙච්ච වෙලා අඬ අඬ උන්න ඒ පොඩි කොල්ලා මං එයාව වඩා ගත්ත ගමන් ඇඬුම නතර කරේ අන්න ඒ තේරුම් ගැනිම හන්දා.
ඒ බැඳීම අම්මා වෙච්ච නාද්‍යාටවත් කවදාවත් කඩන්න පුළුවන් එකක් නෙවෙයි












