වෛද්‍ය බිරිඳගේ රාත්‍රී සේවා මුරය නිමවී යාපනය රජයේ රෝහල් ගේට්ටුවෙන් ඇය මතු වන තෙක් පාරේ කොනක වාහනය නවතා උන්නේ ගුවන් හමුදාවේ ඉහළ නිළයකින් ඉල්ලා විශ්‍රාම ගිය සැමියෙකි. පනස් පස් වියැති වූවද, එතරමේ පෙනුමක් ඔහු වෙතින් වූයේ නැත.
“ මූ නම් ටෝක් කරොත් ලේසියෙන්ම විසි පහෙන් එහා කෙල්ලක් වුනත් දාගන්න පුලුවන් … කෙල්ලෝ පිස්සු වැටෙනවා මුගේ මේ ලුක් එකට…”
ඒ සැමියාගේ මිතුරන් සවස් සාද වලදී අනිවාර්යෙන්ම එලෙස පවසන්නෝය.
මනුජ නිම්නෙත් ප්රේමනාත, බලා සිටින්නේ ජීවිතය දරාගන්නට තමා හා අත් අල්ලා ගත් ඇය පැමිනෙක තුරුය. විශ්‍රාම යෑමෙන් පසු, සින්දූපා රෝහලට ඇරලවීමත්, යලි නිවෙසට කැටුව යෑමත් මනුජ කැමැත්තෙන්ම පවරා ගත්තේය.
“ අපරාදේ අම්මට කාර් එකක් තියෙන්නේ.. ඒක මෙහෙ මලකඩ කනවා… මොකක්ද අනේ අප්පච්චී …. ඔයා අම්මට එයාගේ කාර් එක යූස් කරන්න දෙන්නකෝ…”
දියණිය විටෙක මනුජට එලෙසින් අවලාද ද කියන්නීය.
“ මට බැරි කාලේ, අම්මා ඔය කාර් එක අරගෙන , ඔක්කොම වැඩ කරගෙන , ඔය දෙන්නාවත් බලා කියාගත්තානේ … දැන් අප්පච්චිට ෆ්‍රී කාලේ.. අප්පච්චි ඉන්නවනේ.. එතකොට, අම්මාව බලාගන්න අප්පච්චි ඉන්නවා… ආයේ වෙන කාර් ඕනි නෑ…”
මනුජද දියණිය හා ගැටෙන්නේය.
“ නාකි කෝලම් අනේ මේ දෙන්නාගේ…. උදේ පාන්දර නැගිටගෙන, පිස්සුනේ මෙයාට අම්මාව පික් කරන්න යන්නේ…”
එහෙම වාක්‍යද අඩුවක් නැතිවම ඇසෙන්නේය. මනුජ අසුන මදක් පිටුපසට වන සේ සකසාගෙන , දෑස් පියාගත්තේය. සින්දූපා පැය භාගයක්ම ප්‍රමාදය. වෙනදාට නම් ඇය ප්‍රමාද වන විට ඒ ගැන දැනුම් දෙන බව මනුජ සිතුවා වුවද, ඇයට ඇමතුමක් ගෙන බාධා කරන්නට මනුජ සිතුවේ නැත.
මනුජ තිගැස්සී ඇහැරුණේ කිසිවෙකු ජීප් රියට ගොඩ වූ හඬිනි.
ඔහුගේ මුවට සිනහවක් නැගුණී
ඕ උන්නේ මුහුන අකුලාගෙනය.
“ ඇයි සින්දූ?. මහන්සිද ?…”
“ ම්හ්හ්හ් … අපි යමු … ඔයා ගොඩක් වෙලාද ඇවිල්ලා …?..”
“ ඒක අවුලක් නෑ .. මං නැප් එකක් දාන් උන්නේ… “
සින්දූපා අසුන් පටි පැළැඳගත්තාය. මනුජ වතුර උගුරු කිහිපයක් පානය කර ජිප් රිය පණ ගන්වා ගත්තේය. සින්දුපා දෙස යලි බැලුවාය.
“ මනුජ …”
“ කියන්න නෝනා…”
“ අද වෝර්ඩ් එකට ගෑණු දරුවෙක් ගෙනාවා ටිකක් අන්ස්ටේබල්.. පාන්දර හතරට විතර .. එයා ස්ටේබල් වෙනකල් ඉඳලා මම ආවේ.. මට ඔයාට පරක්කු වෙනවා කියන්න තරමටවත් ක්ලියර් මයින්ඩ් එකක් තිබ්බේ නෑ …”
“ ඒකට මං මුකුත් කිව්වාද ඉතින් .. අනෙක ඔහොම කේස් වලට ෆේස් නොකරපු කෙනෙක්ද ?..”
“ ඒක නෙවෙයි මනුජ සිද්දිය ?..”
“ එහෙනම් ?..”
“ ඒ ළමයා පොයිසන් වෙලා … අෆෙයාර් එකක් ..ඇරේන්ජ් අෆෙයාර් එකක් . අවුරුදු තුනක් යාලු වෙලා උන්න කෙනා මැරීඩ් කියලා දැණගෙන … විස්තරේ දැනගත්ත ගමන් ඒ පිරිමි ළමයාත් ආවා හොස්පිටල් එකට .. ඒ ළමයාට අර අම්මා තාත්ත සාප කර කර බයිනවා.. ඒත් ඔහේ වාඩි වෙලා බලාගෙන උන්නා මිසක්කා වචනයක් කිව්වේ නෑ … මම පස්සේ කතා කලා.. ඒ කතා කලාම කියනවා, අම්මලාගේ උවමනාවටලු බැන්දේ…. අඩුම හනිමූන්වත් ගිහින් නෑලු .. දෙන්නා දෙපැත්තේ ඉඳලා තියෙන්නේ.. අවුරුද්දක් විතර ඔහොම ඉඳලා කොල්ලා ඩිවෝස් එක ඉල්ලලා.. ඒත් ඒ කෙල්ල ඩිවෝස් එක දෙන්නේම නෑලු . පස්සේ ඒ කොලා ජැෆ්නා ඇවිල්ලා යාලුවෙක් ගෙ හොටෙල් එකකට … මැනේජර් කෙනෙක් විදියට .. ඒ හොටෙල් එකේ අකවුන්ටන්ට් මේ කෙල්ල ….. කොහොම හරි සෙට් වෙලා … පස්සේ මේ කොල්ලාගේ වයිෆ් ඇවිල්ලා …. “
මනුජ සින්දූපා දෙස නොබලාම වාහනය ඉදිරියට ගෙන ගියේය. දියණියන් දෙදෙනෙකුගේ අම්මා කෙනෙකුට එහෙම බර නොදැනෙනවා කිය නොහැක.
“ ලොකූ දෝණි එක්ක පුලුවන් තරම් ඉක්මනට කතා කරන්න ඕනි මනුජ .. මට දැනෙනව මගේ දරුවා මොකක්ම හරි ප්‍රශ්නේක ඉන්නේ .. සුදු දූ ඒක දන්නවා .. ඒකේ සැකයක් නෑ …”
සින්දූපා මනුජගේ බාහුවෙන් සොලවමින් එක හුස්මටම එලෙසින් කීවාය. මනුජ අසිරුවෙන් වාහනය පසෙකට කර නවත්වා ගත්තේය.
“ සින්දූ … මොකද මේ?.. අපේ දරුවෝ මෝඩ වැඩ කරගන්නේ නෑ .. ඒ දෙන්නාට ඉන්නේ, මොන ප්‍රශ්නයක් වෙලා ආවත්, ඒ හැමදේම විසඳගන්නකල්, එයාලාව අල්ලගන්න අම්මා කෙනෙකුයි, අප්පච්චි කෙනෙකුයි ඒ දෙන්නාට ඉන්න බව ඒ දෙන්නම දන්නවා.. ඒ නිසා, ඔයා අසනීප වෙන කතා ඔලුවට දාගන්න එපා.. සමාජේ ඉන්න ගෑණු දරුවන්ට මුහුණ දෙන්න වෙන හැමදෙයක්ම, අපේ දරුවෝ දෙන්නාට ගලපගන්න එපා නෝනා… ඒකෙන් ඔයා වද විදින්න ඕනි නෑ …”
සින්දූපා කඳුලු පිසලා ගත්තාය. මනුජ ජීවිතයේ සිටීමේ සැනසීම හැම තත්පරයක් ගානේම දැණෙන්නේය. ඔහු විශ්වසනීය පිරිමියෙකි. එනිසාම විශ්වසනීය සැමියෙකි. විශ්වසනීය පියෙකි.
“ ඔහොමම තෝසේ පාරක් දාලා යමුද ?…”
කතා බහ තවත් වේලා දිග් ගැස්සේනට නොදී මනුජ විමසුවේය.
“ දෝණිලා නිදාගෙනද හිටියේ…”
“ ඔව්… ඒ දෙන්නාට අරගෙන යමු ….”
සින්දූපා හිස සැළුවාය. මනුජ ඇගේ නළලත ඉම්බේය.
.
.
.
මනුජ සහ සින්දූපා උන්නේ යම් තිගැස්මකය. බාල දියණිය යමක් පැවසීමට ඇති බව පැවසූ ස්වරයම දෙදෙනාටම පීඩනයක් ගෙන විත් තිබුණී.
“ අක්කා වොශ් දාන්න ගිය ගමන් මම එනවා අප්පච්චිගේ රූම් එකට .. දෙන්නම ඉන්න .. ඉතා වැදගත් කාරණාවක් තියෙනවා කියන්න .. ඉට්ස් අර්ජන්ට් … සෝ … ඩෝන්ට් මිස් හොඳේ …”
දීයණියගේ හඬ දෙදෙනාටම දෝංකාර දෙන්නට ගෙන තිබුණි. දෙදෙනාම එකිනෙකා කෙරෙන් කිසිව්ක් නොවිමසාම බලා උන්නෝය.
“ මොකක් වෙලාද මනුජ මේ ?..”
“ ජකලබල නොවී ඉන්නකෝ.. සුදූ දෝණි සමහර වෙලාවට සෙල්ලමට මේම දේවල් කරනවානේ….. අපි මේ ගිණි ගත්තට එහෙමට දෙයක් නැතුව ඇති…”
මනුජ ඔහු සතු වූ පීඩනය බිඳක්වත් බිරිඳට දැනෙන්නට නොදී එලෙසින් කීවේය. එහෙත් සින්දූපාගේ සිත ඉන් නිවුනේ නැත.
එක්වරම දෙදෙනාගේ දෙවැනි දියණිය කාමරය තුලට ඇතුලු වූවාය.
සින්දූපා වහා ඇය වෙත ඇවිද ගියාය.
“ ඇයි සුදු ?… මොකක්ද වෙලා තියෙන්නේ ?…”
“ ඉන්නකෝ අම්මේ.. හැබැයි ප්‍රොමිස් වෙන්න ඕනි … කලබල වෙලා දැන් අක්කා ට බනින්න කෑ ගහන්න බෑ…”
“ නෑ නෑ… ඔයා කියන්නඕ මොකක්ද වෙලා තියෙන්නේ කියලා…”
සින්දූපා එලෙසින් කීවාය. එහෙත් දියණිය ඉන් සෑහීමකට පත් නොවී මනුජ දෙසද බැළුවේය.
“ හරි සුදූ .. අප්පච්චී කියනවානේ.. කියන්නකෝ … මුකුත්ම අක්කාගෙන් අහන්නේ නෑ …. “
දියණිය මනුජ අසලින් හිඳගත්තාය.
“ අප්පච්චී … අක්කා අයියා කෙනෙක්ට කැමති වෙලා හිටියා ෆැකල්ටි එකේ …. දැන් ටිකක් කල් …..ඒ අයියා අක්කව ඇරලවන්න ආවම මටත් හම්බෙලා තියෙනවා…. හරිම හොඳයි …. අක්කට හරි ආදරෙයි…. අක්කත් හරි ආදරෙන් හිටියේ…..අක්කා ඒ දෙන්නා ගැන කොන්වර්කේශන් එකේදී අම්මලාට කියන්න තමා උන්නේ…. ඒත් අක්කා දවසක් මට කතා කරලා කිව්වා, අයියා අෆෙයාර් එක නවත්තන්න ඕනි කියනවා..දැන් මාස දෙක තුනක් …. . ගෙදරට කියමු කීව වෙලේ ඉඳන්ම අයියා හරි වෙනස් වෙලා කිය කියා උන්නේ කෝමත් අක්කා ….මත් අයියාට කතා කරා… එයා මාව ආන්සර් කලේවත් නෑ … පස්සේ දැන් සතියක් වගේ දවසක, අක්කා යාලුවොත් එක්ක ඒ අයියාගේ ගමේ ගිහින් .. අම්බලන්තොට .. ඒ අයියා එග්සෑ වලින් පස්සේ පේරාදෙණියෙන් යන්නම ගිහින් ….. ඔක්කොම එපා වෙලා එහෙම කිය කියා යාලුවෝ එක්කත් කිව්වලු …”
මනුජ ගත් හුස්ම නොහෙලාම බලා උන්නේය. ජීවිතය එහෙම අවස්තාවලදී වැටෙන්නේ කොහොම පීඩනයකටදැයි නොදන්නා මිනිසෙක් නොවේය ඔහු….
“ කොහොම හරි .. ඒ ගියාට පස්සේ තමා දැනගෙන තියෙන්නේ … ඒ අයියා .. ඒ අයියා ….”
දියණිය මදක් සැලුණාය. කිසිවක්ම නොපවසා මනුජ සහ සින්දූපා දෙස බැලුවාය.
“ මොකක්ද මැණිකේ වෙලා තියෙන්නේ ඒ ළමයාට ?…”
සින්දූපා දියණියව තමා වෙතට හරවාගෙන ඇසුවාය.
“ අප්පච්චී .. ඒ අයියා කලින් මැරි කරලා ඉඳලා… මෙඩිකල් ෆැකල්ටි එන්න කලින් …. ඒලෙවල්ස් ඉවර කරලා .. කොහොම හරි ඒ දෙන්නාට එකට ඉන්නවත් වෙලා නෑ… කෙල්ලගේ අම්මලා කෙල්ලව රෙජිස්ටාර් ඔෆිස් එකේදිම අරගෙන ගිහින් … ඊට පස්සේ හොයාගන්නවත් හම්බෙලා නෑ … පස්සේ මේ අයියා හොඳටම පිස්සු වැටිලා… ඒත් ඒ අයියාගේ අක්කලා එහෙම එකතු වෙලා කෝම හරි ඒ අයියාව ගොඩ දාගෙන … ඒ අතරේ අර කෙල්ලගේ අම්මලාව හොයාගෙන ඩිවෝස් එක ෆයිල් කරලා… අයියා එතකොට ෆැකල්ටිලු .. ඒ කෙල්ල රට ඉගෙනගන්න ගමන්…. ..දෙපැත්තෙන්ම කැමති වෙලා ඉක්මනට ඩිවෝස් එක ගන්න … ඒත් ඒ කෙල්ල කල් ඇර ඇර උසාවි පරක්කු කර කර ඉඳලා… මේ අවුරුදු හතරක් තිස්සේම ඩිවෝස් එකට ට්‍රයි කරනවලු …. දැන් .. දැණ් ඒ ගර්ල් ඩිවෝස් එක බෑ කියනවලු … අර අයියා ආයේ පිස්සු වැටිලාලු .. ඉස්කෝලේ යන කාලේ නොතේරුම් කමටයි, යාලුවෝන්ගේ අදහස් එක්කයි කල දෙයක් ඒක කියලා අක්කාගේ අත් දෙක අල්ලගෙන ඇඬුවලු …. කොහොමම හරි ඩිවෝස් එක ගන්න විදියක් හොයාගන්නවා කියලා ලෝයර් කියලලු ……”
“ අප්පච්චිට ඒ ළමයාගේ ෆෝන් නම්බර් එක ගෙනල්ලා දෙන්න සුදූ .. අක්කට මුකුත්ම කියන්න එපා…. අප්පච්චි ඔක්කොම බලාගන්නම් …”
“ අනේ අප්පච්චී … ඔයා ඒ අයියාට කරදරයක් නම් කරන්න එපා… අක්කාට පිස්සු හැදේවි .. අක්කා ඒ අයියාට හරි ආදරෙයි … ඒත් ඔයාලා දෙන්නාටත් ආදරෙයිනේ එයා… ඒකයි එයා මේ කලබල වෙලා ඉන්නේ…”
“ අප්පච්චි ප්‍රශ්න විසඳන්නේ කොහොමද කියලා ඔයා දන්නවනේ පුතේ… දැන් ඔය කතාවක් ණෑ ගානට ඔයා කාමරේට යන්න ….”
මනුජ දියණිය පිටව ගියාට පසු සින්දූපා දෙස බැළුවේය. සොබාදහම සමාන අවස්තා හැමෝටම දෙන්නේය.











