ළතෙත් ආදර හැඟුම් ගංගා – 69

*තාරානාත් දහම් වංශනායක*

“බබා ඇහැරෙයිද?” කියලා මගෙ ඇස් අස්සට එබිලා නාද්‍යා අහද්දිත් එයා උන්නෙ මගේ කාමරේ තිබ්බ ඒසී එකේ හීතලට ඇඟේ හිරිගඩු පුප්පවගෙන මගෙ පපුවට ඕනවටත් වඩා තදට තුරුල් වෙලා. 

“නෑ එයා කාමරේනේ කොට් එක තියෙන්නෙ. කොල්ලා නිදි හොඳටම. මම බලලා ආවෙ” කියලා කියද්දිත් මගෙ මූණෙ තිබ්බෙ ඕනවටත් වඩා හොර, දඟකාර හිනාවක් කියලා හිතිච්ච හන්දද මන්දා නාද්‍යාගෙ ඇස් අස්සෙ තිබ්බෙ හරිම ලැජ්ජාවක්.

කතරගමට පෑව්ව හඳම ඒ විදියටම කොළඹ හතටත් පායලා තිබිච්ච හන්දා ඒ හඳ එළිය වැටිච්ච නාද්‍යාව මං දැක්කෙ පුදුමාකාර ලස්සනට. 

“ගෑණු ලස්සන ඇඟේ නූල් පොටක්වත් නැති උනාම” කියලා මම කියද්දි නාද්‍යාගෙ ඇස් අස්සෙ ඒ වෙද්දිත් තිබ්බ ලැජ්ජාව තව වැඩිවුනාට ඒ ලැජ්ජාව අස්සෙන් චුට්ට චුට්ට එළියට මතුවෙන ගමන් තිබිච්ච සරාගය තිබ්බ මාව පිරිමියෙක් විදියට හොඳටම පිස්සු වට්ටලා.

“ඒකද එහෙනම් කලබලෙන් වගේ මගේ ඔක්කොම ඇඳුම් ගලවලා විසික් කරේ”

“ඔව් නැතුව මම මගේ ගෑනිගෙ ලස්සන නොදැක ඉඳලා හරියන්නෙ නෑනෙ”

“දැන් මං ඔයාගෙ ගෑනි උනේ කවද්ද?”

“හිතෙන් අපි දෙන්නා අපේ වෙලා මහ කාලයක්. නීතියෙන් අපි දෙන්නා අපේ වෙලා ගෙවුණෙ තාම පැය ගානක් බව ඇත්ත තමයි ඒ උනාට ඉතින් මගේ තමයි. මං වෙනුවෙන් ඉපදිච්ච කෙනෙක් තමයි ඔයා” කියන ගමන් මම ඒ වචන අතරෙ කඩ ඉරවල් තියලා එයාව චුට්ට චුට්ට කිස් කරා.

ඒ වෙද්දිත් ඒ ලා රෝස පාට තොල් තිබ්බෙ හොඳටම රතු පාට වෙලා.


“හවස නෙක්ටො බිව්වද?” කියලා මම ඇහුවෙ නාද්‍යාව තව ටිකක් ලැජ්ජාවට පත් කරන්න හිතාගෙන.

“ඇයි එහෙම ඇහුවෙ?”

“තොල් හොඳටම රතුපාට වෙලා”

“ඔයා කිස් කරන හන්දා තමයි අනේ මේ ඔක්කොම. කෝ නැගිටින්න මට බලන්න කොච්චර රතු පාට වෙලාද කියලා. හෙට උදේට කට්ටියට තේරේවිද?”

“මොකද්ද තේරෙන්නෙ?”

“ඔයා මාව කිස් කරා කියලා”

“කිස් කරා කියලා නෙවෙයි ඉතින් හෙට ඕන කෙනෙක් දැනගනීවි අපි දෙන්න කරන්නෝන ඔක්කොම කරලා කියලා. තොල් නෙවෙයි මං ඉතින් රතු පාට කරන්න හිතන් ඉන්නෙ” කියද්දිත් මම උන්නෙ මහ කුපාඩි හිනාවක් දාගෙන. 

“අනේ යන්න අප්පා යන්න” කියාගෙන නාද්‍යා මාව තල්ලු කරලා දාලා ඇඳෙන් නැගිටලා යන්න හැදුවට කෙසඟ, අඩි ගාණක් මට වඩා උසෙන් අඩු පොඩි බටු කෙල්ලෙක්ගෙ හීනි ඉඟෙන් ඇදලා අරගෙන ආයෙ එයාව මගේ පපුව උඩට වට්ටගන්න එක මහ අමාරුවක් උනේ නෑ. නාද්‍යා ඇවිල්ල මගෙ පපුවෙ වැදුණෙත්, මම මගේ අත් අස්සෙ එයාව හයියෙන් තද කරගෙන, පොඩි කරගෙන වගේ එයාව ඉඹින්න ගත්තෙත් ඒ තප්පරේදිමයි.

මම එයාගේ මුහුණ මගේ අත් දෙකෙන් අල්ලාගෙන, ආදරේ ඕනවටත් වඩා පිරිච්ච දිගම දිග හාදුවක් එයාට දුන්නා. ඒ හාදුව අස්සෙ තිබ්බෙ මාස ගාණක විරහවේ, වේදනාවේ වගේම  අලුතින් ලැබුණ බලාපොරොත්තුවේ හැම හැඟීමක්ම එක්කාසු කරලා. මගේ මුළු හිතේම තිබ්බේ එයා ආයෙත් මගේ කියලා දැනුණු සැනසීම විතරයි. තොල් වලින් පටන් ගත්ත ඒ හාදුව බෙල්ල දිගේ, පපුව දිගේ හිමීට හිමීට පල්ලෙහට යද්දි නාද්‍යා උන්නේ හයියෙන් මගේ කෙස් අස්සෙ එයාගෙ ඇඟිලි යවන ගමන් “අනේ දහම්” කියන ගමන්. ඒ වචන අස්සෙ තමයි මගෙ මුරණ්ඩු පිරිමිකම ආයෙ ආයෙ ඉපදුණේ. ආයෙ ආයෙ සැනසුණේ. නිවුණේ. සැරසුණේ

“මේ රැයෙන් පස්සෙ ආයෙ කවදාවත් අපි කිසිම හේතුවකට වෙන් වෙන්නෙ නෑ නාද්‍යා. මට ඔයා නැතුව ඉන්න බෑ කෙල්ලෙ” කියලා මම හීන් සැරේ එයාගෙ කන් අස්සට කොඳුරද්දිත් නාද්‍යා උන්නෙ මගේ බෙල්ල වටේ අත් දෙක යවලා මාව හයියෙන් තුරුලු කරගෙන.

“මං දන්නවා දහම්.” කියලා එයා ඒක කිව්වේ ළමයෙක් වගේ. ඒ අහිංසකකම මගේ හිත තවත් දැඩි කළා. මම හෙමීට එයාව ඇඳට තව තද කරලා ඒ ලස්සන, සිනිදු ගෑනු ශරීරෙ උඩ ඇලවෙලා ඒ පපුවට ඔලුව තියාගත්තා. නූල් පොටක්වත් නැති අපේ ඇඟවල් තිබ්බෙ කාමරේ අස්සෙ තිබිච්ච හීතලට එකට ඇලවිලා වගේ. අපි දෙන්නා එකිනෙකාට තුරුල් වෙලා උණුසුම හොයාගත්තට ඒ හීතලෙන් මිදෙන්න කිසි උවමනාවක් අපි දෙන්නටම තිබ්බෙ නෑ.

“ආයෙ කිසි දේකට බයවෙන්න එපා. ඔයාට මම ඉන්නවා. මම ආයෙත් ඔයාව තනි කරන්නේ නෑ,”. ඒ වචන කියලා ඉවර වෙනවත් එක්කම මම තවත් කිස් එකක් නාද්‍යාගෙ කණ් මුලෙන් තිබ්බා. ඒ හාදුව එයාගේ කන ළඟින් පල්ලෙහට ඇදිලා යද්දී, නාද්‍යා ගැස්සිලා වෆේ මගේ පපුවට තවත් තදට තුරුල් වුණා.

“මට කිති අනේ.”

“කිති තමයි. තව ටික දවසක් යද්දි මම කිති ඇරලා ගන්නම්කො”

“අනේ මට ලැජ්ජයි අනේ ඔහොම ඒව කියද්දි”

“ආහ් හරි ලැජ්ජාවක්නෙ මේක. තමන්ගෙ මිනිහා එක්ක ඉන්න ලැජ්ජ වෙන්නෝනද? වෙන ගෑනු බලන් ඉන්නෙ තමන්ගෙ මිනිහා මේ වගේ දේවල් කියන කම්. අපි දෙන්නා මේ කරන්නේ අවුරුදු ගාණකට කලින් කරන්න තිබ්බ දේවල් නේද? ඒ හන්දා ඔන්න ඔය කිතියයි ලැජ්ජාවයි පැත්තකට දාන්න හොඳේ. මට ඔයාව හොඳටම දැනෙන්න ඕනේ. මට ඔයාව සම්පුර්ණයෙන්ම මගෙ කරගන්නෝන අද රෑට”

“අද රෑට විතරද?”

“අද රෑ කරගත්තම ඇති”

“ඇයි ඒ?”

“ඉන්පස්සෙ මටත් බේරුමක් නැතිවෙනවා”

“කාගෙන්ද?”

“වෙන කාගෙන්ද ඔයාගෙන් තමා”

“ඒ කිව්වෙ”

“අද රෑ ඔක්කොම එක්ස්පීරියන්ස් කරාට පස්සෙ ඉතින් ආයෙ මට බේරුමක් වෙන්නෙ නෑ. බලන්නකො හෙට ඉඳලා රෑට ඔයා තමයි මාව අල්ලගන්න හදන්නෙ” කියලා මම කියද්දි නාද්‍යා අත මිට මොලවලා මගෙ උරහිසට පාරක් ගැහුවෙ ආදරේට.

“ඔයා දන්නවද මට කොච්චර දුක හිතුණාද කියලා ඔයාව දකින්න නොලැබිච්ච දවස් ටිකේ? ඔයා නැති වෙලාවේ මට හිතුණා මට පිස්සු හැදෙයි කියලා. මම හිතුවේ නෑ ආයෙ කවදාවත් මට ඔයාව දකින්නවත් ලැබෙයි කියලා.”

“මට සමාවෙන්න දහම් මම මෝඩ තීරණ‍යක් ගත්තේ. මං ඒක දන්නවා ඒත් මම ඔයාට කොච්චර ආදරේද කියලා ඔයාට දැනෙන්නේ නැද්ද? මම ආයෙත් එහෙම දෙයක් කරන්නෙ නෑ. මම හැමදේටම මුහුණ දෙන්නම් ඔයා මගේ ළඟ ඉන්නවා නම්.”

මම එයාගේ මුහුණට එබිලා, එයාගේ ඇස් දිහාම බැලුවෙ අන්න ඒ වචන එක්ක

 “මම ඉන්නවා. මම අන්තිම හුස්ම යනකම් ඔයා ලඟම ඉන්නවා. ඔයාගේ හැම ප්‍රශ්නයක්ම මට දෙන්න. මම බලාගන්නම්. ඔයාවවත් අහස්වත් කවදාවත් තනි වෙන්නේ නෑ. ඒත් ඔයා මට පොරොන්දු වෙන්න ඕනේ, ආයෙත් කිසිම දෙයක් කිසිම දවසක මගෙන් හංගන්නේ නෑ කියලා.”

ඒ පොරොන්දුව එක්ක නාද්‍යා ආයෙ වතාවත් මගේ බෙල්ල වටේ එයාගේ අත් දාලා තුරුල් වුණා.

ඒ තුරුල අස්සෙ තිබ්බේ වේදනාවක්, දුකක්, පශ්චත්තාපයක් නෙවෙයි, අලුත් පටන් ගැනීමක්. අපි දෙන්නා එකිනෙකාගේ උණුහුම අස්සට වෙලා, මාස ගාණක විරහව නැති කරගත්තා. ඒ රාත්‍රිය සමාව ඉල්ලන රාත්‍රියක් වුණා වගේම, හැමදේම අලුතින් පටන් ගන්න පොරොන්දු වෙච්ච රාත්‍රියක් වුණා. 

මගේ ගෑනි ආයෙත් මගේ ළඟ ඉන්නවා කියන එක මගෙ දරුවා මගෙ ලඟ ඉන්නවා කියන එක මම උන්නෙ මුලු හිත අස්සෙන්ම ෆීල් කරන ගමන්. මං ජිවීතේ කරපු, ලබපු එකම ආදරේ ආයෙ මට ලැබුණා කියලා ෆීල් කරන ගමන්.

පිරිමියෙක් විදියට මම සම්පූර්ණ වුනේ අන්න ඒ ෆීලින් එකත් එක්ක.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles