මිළ අධික රූපලාවන්‍ය නිෂ්පාදන පස්සේ දුවන එක නතර කරලා, ඇඟ ඇතුළතින්ම ලස්සන වෙන්න පුළුවන් ලේසිම ක්‍රම ටිකක් ගැන අද අපි කතා කරමු.
ඔයා දන්නවාද රුපියල් කිහිපයකට ෆාමසියකින් ගන්න පුළුවන් විටමින් කරලකින් ඔයාගේ හිසේ සිට දෙපතුළ දක්වා ලස්සන කරගන්න පුළුවන් රහස් තියෙනවා කියලා?

- ඇස් යට කළු වීම
ඇස් යට කළු වෙන එකට ඔයාට පුළුවන් විටමින් ඊ තෙල් බිංදුවක් ආමන්ඩ් තෙල් එක්ක මිශ්‍ර කරලා නින්දකට කළින් ඇස් යට ගාල හොඳට මසාජ් කරන්න.
සති කීපෙකින් ඇස් යට තියෙන කළු ගතිය මැකිලා යනවා.
- රෝස පාට තොල්
රෝස පාට තොල් ලබාගන්න කැමති නම් විටමින් ඊ මී පැණි එක්ක එකතු කරලා තොල් වල ගාන්න. ඒකෙන් තොල්වල තියෙන ඉරි තැලුණ ගතිය නැති කරලා රෝස පාට තොල් ලබාදෙනවා.
- සිනිදු දෑත්
ඔයා පාවිච්චි කරන ලෝෂන් එකට විටමින් ඊ තෙල් බිංදු කීපයක් එකතු කරන්න අමතක කරන්න එපා. රළු වෙලා තියෙන අත් සුමුදු කරන්න ඒක ගොඩක් උදව් වෙනවා.
- වියළි සමකට
හම ඉක්මනට ඩ්‍රයි වෙන අයට පුළුවන් තමන්ගෙ නයිට් බොඩි ලෝශන් එකට විටමින් ඊ බිංදු කීපයක් එකතු කරන්න. මේක ලොකුවටම උදව් වෙනවා හමේ වියළි බව මග ඇරගෙන Moisture එක රඳවා තබාගන්න.
- ඇස් වටා රැළි වැටීම
ඇස් වටා රැළි වැටෙන එක නතර කරගන්නත් විටමින් ඊ ලොකුවටම උදව් වෙනවා. විටමින් ඊ වල තියෙන ප්‍රතිඔක්සිකාරක වලින් ඇස් වටේ තියෙන රැළි මැකිලා ගිහින් තරුණ පෙනුමක් ලබා ගන්න උදව් වෙනවා.
- කුරුලෑ කැළැල්
කුරුලෑ නිසා ඇතිවෙච්ච කැළැල් උඩ විටමින් ඊ ආලේප කරන එකෙන් මේ කැළැල් නැති කරගන්න ඔයාලට ලොකුවටම උදව් වෙනවා. සම අලුත්වැඩියා කිරීමකුත් සිදු වෙනවා.
- සමේ තරුණ බව රැකගන්න
සම තරුණ විදියට තියාගන්න යෝගට් වලට විටමින් ඊ මිශ්‍ර කරලා සම උඩ ආලේප කරන එක රෙකමන්ඩ් කරන්න පුළුවන්.
මේක ෆේස් මාස්ක් එකක් විදියට තමයි පාවිච්චි කරන්නෙ. සම එල්ලා වැටෙන එක පාලනය කරලා සමට තරුණ බවක් ලබා දෙනවා.
- කෙස් පෝෂණය
පොල් තෙල් හරි එඬරු තෙල් හරි එක්ක විටමින් ඊ මික්ස් කරලා හිස් කබලේ ගාන එකෙන් කොණ්ඩෙ යන එක නතර වෙලා හිස කෙස් වේගයෙන් වර්ධනය වෙන්න පටන් ගන්නවා.
- සම පැහැපත් වීම
හම පැහැපත් වෙන්න වගේම ඉර අව්වට පිච්චුණ තැන් ආපසු අලුත්වැඩියා කරගන්න කස්තුරි කහ මිශ්‍රණයට එකතු කරපු විටමින් වලටත් පුළුවන්.
ලස්සන වෙන්න කියලා රුපියල් දහස් ගණන් වියදම් කරලා ආලේපන වර්ග පස්සේ දුවන එකේ තේරුමක් නැහැ,
මේ විටමින් සත්කාර හරියටම කළොත් ඔයාට පුළුවන් හරිම අඩු වියදමකින් ස්වාභාවිකවම ලස්සන වෙන්න.
හැබැයි මතක තියාගන්න ඕනේ වැදගත්ම දේ තමයි, මොන සත්කාරය කළත් ඒකෙන් නියම ප්‍රතිඵල ලැබෙන්නේ ඔයා ඒක දිගටම කළොත් විතරයි. දවසක් දෙකක් කරලා අතහරින්නේ නැතුව මේ පුරුදු ඔයාගේ ජීවිතයට එකතු කරගන්න.











