ග්‍රීක යෝගට් යනු ඔබේ ආහාර වේලට එකතු කරගත හැකි හොඳම අමුද්‍රව්‍යයක්. එය ප්‍රෝටීන් වලින් පොහොසත් වන අතර පැණි රස ඇති ක්‍රීම් වර්ග , salad dressing වර්ග හෝ මෙයොනීස් භාවිතා නොකර සෞඛ්‍ය සම්පන්න සලාද සකස් කර ගැනීමට අතිශයින්ම ප්‍රයෝජනවත් වෙනවා. එහි විශේෂ රසක් නොමැති බැවින් බොහෝ දෙනා කෑමට ප්‍රිය නොකරන නමුත් සාමාන්‍ය යෝගට් වර්ග වලට වඩා ග්‍රීක් යෝගට් වල පෝෂ්‍ය පදාර්ථ බොහෝමයක් අන්තර්ගත බැවින් වැඩිහිටියන්ට මෙන්ම කුඩා දරුවන් හටත් ග්‍රීක් යෝගට් පරිභෝජනය කල හැකියි . ඔබ සලාද වර්ග සඳහා සැහැල්ලු, ප්‍රබෝධමත් සහ පෝෂ්‍යදායී විකල්ප සොයනවා නම් ග්‍රීක් යෝගට් භාවිතා කර පහසුවෙන් සකස් කළ හැකි සලාද වර්ග කිහිපයක් ගැන කියැවෙන මේ ලිපිය ඔබට ඉතා ප්‍රයෝජන වත් වේවි.
පිපිඤ්ඤා ග්‍රීක් යෝගට් සලාද

මෙය සරල හා ශරීරය සන්සුන් කරවන සලාදයක් වන අතර උණුසුම් දින වලදී ආහාරයට ගැනීම ඉතාම සුදුසුයි.
අවශ්‍ය වෙන්නේ මේ දේවල්
පිපිඤ්ඤා
ග්‍රීක් යෝගට්
සුදුළූණු
ළූණු
තක්කාලි
අමු මිරිස්
ලෙමන් යුෂ ස්වල්පයක්
ලුණු සහ ගම්මිරිස්
නැවුම් මින්ට් කොළ
හදන්නේ මෙහෙමයි
පිපිඤ්ඤා කොටු හැඩයට කපා ගෙන පිරිසුදු භාජනයකට එකතු කර ගන්න
සුදු ළූණු , ළූණු ,තක්කාලි සහ අමු මිරිස් කුඩාවට කපා පිපිඤ්ඤා වලට එකතු කර නැවුම් මින්ට් කොළ කිහිපයක්ද එකතු කරන්න
ඉන් පසුව අනුව ලුණු, ගම්මිරිස් සහ ලෙමන් යුෂ එකතු කර සලාදය හොඳින් මිශ්‍ර කරන්න
අවසානයට ග්‍රීක් යෝගට් මේස හැඳි තුනක් පමණ එකතු කර අමුද්‍රව්‍ය පොඩි නොවන සේ සලාදය මෘදුව මිශ්‍ර කර ගන්න
පිළිගැන්වීමට පෙර විනාඩි පහළොවක් පමණ සලාදය ශීතකරණයේ තබන්න
ප්‍රතිලාභ
ඔබේ ශරීරය සිසිල් කිරීමට උපකාරී වේ
ආහාර ජීර්ණයට සහාය වේ
ඔබේ ශරීරය සජලනය කරයි
සම නීරෝගීව තබා ගැනීමට උපකාරි වේ
පළතුරු සහ ග්‍රීක් යෝගට් සලාද

උදේ ආහාරය සඳහා හෝ ප්‍රධාන ආහාර වේල් අතර දැනෙන කුසගින්න සඳහා පරිපූර්ණ තේරීමක් ලෙස මෙය හැඳින්විය හැකියි.
අවශ්‍ය වෙන්නේ මේ දේවල්
ඇපල්
කෙසෙල්
අන්නාසි
අඹ
කිවි
ස්ට්‍රෝබෙරි
ග්‍රීක් යෝගට්
මී පැණි
ලෙමන් යුෂ ස්වල්පයක්
කුරුඳු කුඩු ස්වල්පයක්
හදන්නේ මෙහෙමයි
සියලුම පලතුරු වර්ග සෝදා පිරිසිදු කර තරමක් ලොකු , කොටු හැඩයන් වලට කපා භාජනයකට එකතු කර ගන්න
අනතුරුව කුරුඳු කුඩු ස්වල්පයක් , ලෙමන් යුෂ ස්වල්පයක් සහ රස අනුව මී පැණි එකතු කර ග්‍රීක් යෝගට් ද අවශ්‍ය පමණට එකතු කර සලාදය මෘදුව මිශ්‍ර කර ගන්න
අවශ්‍ය නම් ආහාරයට ගැනීමට පෙර සුළු වේලාවක් සලාදය ශීතකරණයේ තබන්න
ප්‍රතිලාභ
මෙම සියලුම පලතුරු වර්ග විටමින් සහ තන්තු වලින් පොහොසත් වේ
මේවායේ අඩංගු පෝෂ්‍ය පදාර්ථ ශරීරයේ ශක්ති මට්ටම් වැඩි කරයි
තන්තු බඩවැල් සෞඛ්‍යයට සහාය වේ
සීනි සහිත අතුරුපස සඳහා සෞඛ්‍ය සම්පන්න විකල්පයක් වේ
කුකුළු මස් ග්‍රීක යෝගට් සලාද

මෙය ප්‍රෝටීන් වලින් ඉහල තෘප්තිමත් සහ සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලෙස සැලකිය හැකිය
අවශ්‍ය වෙන්නේ මේ දේවල්
තම්බා ගත් හෝ ග්‍රිල් කළ කුකුල් මස්
ග්‍රීක් යෝගට්
ගම්මිරිස්
ලුණු
සලාද කොළ
ළූණු
තක්කාලි
වර්ණ දෙකකින් බෙල් පෙපර්
හදන්නේ මෙහෙමයි
තම්බා ගත් හෝ ග්‍රීල් කර ගත් කුකුල් මස් කුඩා කැබලි වලට කඩා ගන්න
ළූණු, තක්කාලි ,බෙල් පෙපර් කොටු හැඩයට කපා ගන්න
සූදානම් කර ගත් අමුද්‍රව්‍ය භාජනයකට එකතු කර ලුණු සහ ගම්මිරිස් අවශ්‍ය පමණට එකතු කර අනතුරුව ග්‍රීක් යෝගට් මේස හැඳි දෙකක් හෝ තුනක් එකතු කර සලාදය මෘදුව මිශ්‍ර කරන්න
අවසානයට පිරිසිදු කර කපාගත් සලාද කොළ ද එකතු කර මිශ්‍ර කර ගන්න
ප්‍රතිලාභ,
මාංශ පේශි ශක්තිය සඳහා අවශ්‍ය වන ප්‍රෝටීන් වලින් බහුලයි
ඔබව දිගු කාලයක් තෘප්තිමත්ව තබා ගනී
බර කළමනාකරණයට සහාය වේ
සමබර ආහාර වේලක් සඳහා විශිෂ්ටයි
එළවළු ග්‍රීක යෝගට් සලාද

පෝෂ්‍ය පදාර්ථ වලින් සපිරුණු සලාදයක් වන මෙය මස් මාංශ අනුභව නොකරන අය සඳහා ආහාරයට ගත හැකිය.
අවශ්‍ය වෙන්නේ මේ දේවල්
කැරට්
බෙල් පෙපර්
ගෝවා
ග්‍රීක් යෝගට්
ලුණු සහ ගම්මිරිස්
ලෙමන් යුෂ
හදන්නේ මෙහෙමයි
සියලුම එළවළු පිරිසිදු කර කපා අවශ්‍ය පමණට ලුණු ,ගම්මිරිස් සහ ලෙමන්න් යුෂ එකතු කර මිශ්‍ර කර ගන්න
අවසානයට යෝගට් එකතුකර එළවළු වර්ග පොඩි නොවන සේ මෘදුව මිශ්‍ර කර ගන්න
ප්‍රතිලාභ
තන්තු වලින් පොහොසත් වේ
ආහාර දිරවීමට සහාය වේ
ප්‍රතිශක්තිය වර්ධනය කරයි
සෞඛ්‍ය සම්පන්න බරක් පවත්වා ගැනීමට උපකාරී වේ
ඔබ සකස් කරගන්නා සලාද වලට ග්‍රීක යෝගට් එකතු කිරීම ඔබේ ආහාර වේල සෞඛ්‍ය සම්පන්න සහ රසවත් කිරීමට හැකි සරල ක්‍රමයකි. එය සලාදයේ රසය වැඩි දියුණු කරනවා පමණක් නොව, ඔබේ ශරීරයට ප්‍රෝටීන්, කැල්සියම් සහ ප්‍රෝබියොටික් වැනි වැදගත් පෝෂ්‍ය පදාර්ථ ද ලබා දෙනවා.











