සතුටින් සිටීම කියන්නේ අපට උපතින්ම ලැබෙන දෙයක් නෙමෙයි. එය අප විසින් අපේ දෛනික පුරුදු තුළින් පෝෂණය කර ගන්නා දෙයක්. අප නිදා ගන්නා ආකාරයෙ පටන් අප කාලය ගත කරන පුද්ගලයින් දක්වා අප ගන්නා සෑම තේරීමක් සහ තීරණයක්ම අපේ හැඟීම් පාලනය කිරීමට, ආතතිය කළමනාකරණය කිරීමට සහ ප්‍රීතිය අත්විඳීමට අපගේ මොළයට ඇති හැකියාවට බලපානවා.
ඔබ සෑම විටම, සෑම දිනකම සතුටින් නොසිටියත් , ධනාත්මක පුරුදු නිරන්තරයෙන් ප්‍රගුණ කිරීමෙන් සන්සුන්, සෞඛ්‍ය සම්පන්න සහ වඩාත් ඔරොත්තු දෙන මනසක් නිර්මාණය කර ගැනීමට ඔබට හැකියාව ලැබෙනවා. ඉතින් අද අපි ඔබට කියන්නේ Happy brain එකක් පවත්වගෙන යන්න පුළුවන් සරල පුරුදු හතක් ගැනයි.
ගුණාත්මක නින්දකට ප්‍රමුඛතාවය දෙන්න ප
ශාරීරික හා මානසික සෞඛ්‍ය යන කාරණා දෙකටම නින්ද අත්‍යවශ්‍ය වෙනවා. නින්දේදී මොළය විසින් අපද්‍රව්‍ය ඉවත් කරන අතරම, මතකයන් ගබඩා කිරීම සහ ශක්තිය යථා තත්වයට පත් කිරීමත් සිදු කරනවා. කෝපය, කාංසාව, අවධානය යොමු කිරීමේ අපහසුතාව සහ අපේ සාමාන්‍ය දින චර්යාවේ නියැළීමට අවශ්‍ය ශක්තිය මදිකම ඔබට දැනෙන්නේ දුර්වල නින්ද නිසයි.
ඒ නිසා සෑම රාත්‍රියකම පැය 7–9 ක ගුණාත්මක නින්දක් සඳහා ඔබ ඉලක්කයක් තබාගත යුතු වෙනවා. නින්දට යාමට පෙර ඩිජිටල් තිර කාලය අඩු කර, නිහඬ, සුවපහසු නිදාගැනීමේ පරිසරයක් නිර්මාණය කිරීමටත් ඔබ උනන්දු විය යුතුයි.මෙයින් ඔබට සුවදායක සහ ගුණාත්මක නින්දක් නිරායාසයෙන්ම ලැබෙනවා.
සෑම දිනකම ඔබේ ශරීරය චලනය කරන්න
මෙයින් අදහස් වෙන්නේ ඔබ දිනපතාම ව්‍යායාමයක නිරත විය යුතු බවයි.දිනපතා ඔබේ ශරීරය හොඳින් චලනය කෙරෙන ක්‍රියාකාරකම් වල නියැළීමෙන් ශරීරයේ එන්ඩොර්ෆින් සහ සෙරොටොනින් නිෂ්පාදනය වැඩි කරනවා. ඒවා ස්වභාවිකවම ඔබේ මනෝභාවය වැඩි දියුණු කරන ශරීරයට අත්‍යවශ්‍ය රසායනික ද්‍රව්‍යයි.ඒ වගේම ව්‍යායාම මගින් ආතති හෝමෝන අඩු කරමින් මොළයට සිදු කෙරෙන රුධිර ප්‍රවාහය ද වැඩි දියුණු කරනවා.
මේ සඳහා ඔබට දැඩි ව්‍යායාමයක් අවශ්‍ය වන්නේ නැහැ.දිනකට මිනිත්තු 30 ක් ඇවිදීම, නැටුම්,යෝගා අභ්‍යාස වල නිරතත වීම හෝ බයිසිකල් පැදීම වැනි ක්‍රියාකාරකම් වල නියැළීමෙන් ඔබ තුළ සැලකිය යුතු වෙනසක් ඇති කළ හැකියි.
පෝෂ්‍යදායී ආහාර ලබා ගන්න
මොළයට උපරිමයෙන් ක්‍රියා කිරීම සඳහා නිසි පෝෂණය අවශ්‍ය වනවා. එළවළු, පලතුරු, ධාන්‍ය වර්ග, සෞඛ්‍ය සම්පන්න මේද සහ ප්‍රෝටීන් වලින් පොහොසත් සමබර ආහාර වේලක් මතකය, සාන්ද්‍රණය සහ චිත්තවේගීය සමතුලිතතාවයට සහාය වන බැවින් හැකිතාක් සෞඛ්‍ය සම්පන්න සහ පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා ගැනීම කෙරෙහි ඔබ අවධානය යොමු කළ යුතුයි.
ඔමේගා-3 මේද අම්ල, ඇට වර්ග, බීජ, බිත්තර සහ කොළ පැහැති එළවළු වලින් පොහොසත් ආහාර මොළයේ සෞඛ්‍යයට විශේෂයෙන් ප්‍රයෝජනවත් වනවා. ශරීරය විජලනය වීම මනෝභාවයට සහ අවධානයට බලපෑම් කළ හැකි බැවින්, දවස පුරා ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීම සමානව වැදගත්.
කෘතඥතාව පුහුණු කරන්න
කෘතඥතාව ඔබේ මොළයට ගැටළු කෙරෙහි පමණක් අවධානය යොමු කිරීම වෙනුවට ධනාත්මක අත්දැකීම් සහ ධනාත්මක දේවල් දැකීම කෙරෙහි පුහුණු කරවනවා.මෙය දිනපතා පුරුදු පුහුණු වීමෙන්, එනම් සෑම දෙයක් කෙරෙහිම කෘතඥතාව පළ කිරීමෙන් සතුට වැඩි දියුණු කිරීමට, ආතතිය අඩු කිරීමට සහ චිත්තවේගීය ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීමට හැකියාව ලැබෙනවා.
සරල පුරුද්දක් ලෙස, ඔබ දිනපතා කෘතඥ වන දේවල් තුනක් ලියා තබන්න. ඒවා විශාල ජයග්‍රහණ විය යුතු නැත. දවස තුළ ඔබ ලැබූ කුඩා අවස්ථා,සාමකාමී අවස්ථාවන් හෝ මිතුරෙකුගෙන් ලැබුණු සහයෝගයක් ආදී කුඩා දෙයක් හෝ ඒ සඳහා ප්‍රමාණවත්.
අර්ථවත් සබඳතා ගොඩනඟා ගන්න
ධනාත්මක සබඳතා ඔබට චිත්ත වේගීය වශයෙන් විශාල සහයෝගයක් ලබා දෙනවා. ඒ වගේම එවැනි සම්බන්ධතා මගින් ඔබ තුළ ඇති ආතතිය අඩු කිරීම, මානසික සහනය ලබා දීම සහ සාමකාමී හැඟීම් වර්ධනය වීමක් සිදුවෙනවා. විශේෂයෙන්ම පවුලේ අය, මිතුරන් හෝ සහයෝගී ප්‍රජාවන් සමඟ කාලය ගත කිරීම මානසික යහපැවැත්මට ප්‍රබල බලපෑමක් ඇති කළ හැකියි.
එම නිසා ඔබට හැකි සෑම විටම අර්ථවත් සංවාද සඳහා කාලය වෙන් කරන්න. අවධානය වෙනතකට යොමු නොකර සවන් දෙන්න. ඔබ සැලකිලිමත් වන පුද්ගලයින්ව අගය කරන්න. ඔබේ කුඩා කරුණාවන්ත වීමක් හෝ අගය කිරීමක් පවා ඔබේ සම්බන්ධතා ශක්තිමත් කරනවා.
ඔබේ මනසට විවේකයක් දෙන්න
කාර්යබහුල ජීවන රටාවන් ගෙවෙන වර්තමාන ලෝකයේ සෑම පුද්ගලයකුටම නිරන්තර විවේකය අත්‍යවශ්‍ය වෙනවා.නිසි විවේකයක් නොමැතිව, මොළය අධික ලෙස වෙහෙසට පත් වන අතර,එමගින් මානසික තෙහෙට්ටුව සහ ආතතිය පහසුවෙන් ඇතිවීමට මග සලසනවා.
භාවනාව, ගැඹුරු හුස්ම ගැනීම කෙරෙහි අවධානය යොමු කිරීම, දිනපොත් ලිවීම හෝ සොබාදහම ආශ්‍රිතව නිහඬව මිනිත්තු කිහිපයක් ගත කිරීම පුහුණු වන්න. මෙම ක්‍රියාකාරකම් මගින් ඔබේ ස්නායු පද්ධතිය සන්සුන් කිරීමට සහ චිත්තවේගීය නියාමනය වැඩි දියුණු කිරීමට උපකාරී වන අතර, මොළයට අහිමි වී ගිය ශක්තිය නැවත ආරෝපණය කිරීමට ඉඩ සලසනවා.
අලුත් දෙයක් ඉගෙන ගන්න
ඉගෙනීම මොළය උත්තේජනය කරන අතර පොත් කියවීම, භාෂාවක් ඉගෙනීම, සංගීත භාණ්ඩයක් වාදනය කිරීම, ප්‍රහේලිකා විසඳීම හෝ නව විනෝදාංශයක් වර්ධනය කිරීම වැනි ක්‍රියාකාරකම් මගින් මනස ක්‍රියාශීලීව තබා ගන්නා අතර ඔබ තුළ ඔබ පිළිබඳව ඇති විශ්වාසයද වැඩි කරනවා.
ඉගෙනීමේ ක්‍රියාවලිය අපට ජයග්‍රහණය පිළිබඳ හැඟීමක් ද ලබා දෙන අතර එය දිගුකාලීන සතුටට සහ පුද්ගලික වර්ධනයට දායක වනවා.
ප්‍රීතිමත් මොළයක්, එහෙමත් නැත්නම් Happy brain එකක් ගොඩනැගෙන්නේ කුඩා වෙනස්කම් වලට වඩා ස්ථාවර තේරීම් හරහා ය. සතුට යනු දුෂ්කර දින වළක්වා ගැනීම නොවන අතර එය ජීවිතයේ අභියෝග වලට මුහුණදෙන අතරතුර පවා ඔබේ මොළය යථා තත්ත්වයට පත් කිරීමට, අනුවර්තනය වීමට සහ සමබරතාවය සොයා ගැනීමට උපකාරී වන පුරුදු වර්ධනය කිරීම පිළිබඳවයි. ඉතින් මෙම සරල පුරුදු හත නිරන්තරයෙන් පුහුණු කිරීමෙන්, ඔබට සෞඛ්‍ය සම්පන්න මනසකට සහාය විය හැකි අතර වඩාත් ධනාත්මක, තෘප්තිමත් ජීවිතයකටද මග සැලසෙනවා











