වකුගඩු රෝගය සමඟ ජීවත් වෙද්දි, නිසි පෝෂණය පවත්වා ගැනීම ඉතාම වැදගත් වෙනවා.
වකුගඩු රෝගය සෞඛ්‍යයට විශාල බලපෑමක් කරනවා වගේම, විශේෂයෙන් පෝෂණ ඌණතා සහ මාංශ පේශි දුර්වල වීම (Sarcopenia) වැනි තත්ත්වයන් ඇති කරන්න හේතු වෙනවා. ඔයාගෙ ශරීරය හොඳින් පවත්වා ගැනීමටත්, රෝගයේ වර්ධනය පාලනය කර ගැනීමටත් නිවැරදි ආහාර රටාවක් අනුගමනය කිරීම අත්‍යවශ්‍ය වෙන්නෙ ඒ නිසා.
වකුගඩු රෝගින්ගේ පෝෂණය අඩුවෙන්නෙ ඇයි?
ලෝකය පුරා කරලා තියෙන වෛද්‍ය විද්‍යාත්මක පර්යේශන වලින් සොයාගෙන තියෙන දෙයක් තමයි වකුගඩු රෝගින් බොහෝ විට සාකොපිනියා, එහෙම නැත්ත මාංශ පේශී දියවීම සහ පෝෂණ ඌණතා වලින් පෙලෙන බව.
ඇත්තටම ඇයි වකුගඩු රෝගීන් ට මේ වගේ පෝෂණ ඌණතා ඇතිවෙන්නෙ?
අපි දන්නවා වකුගඩු රෝගය කියන්නෙ කාලාන්තරයක් තිස්සෙ පවතින රෝගයක්. මේ රෝග තත්ත්වය කාලාන්තරයක් තියෙද්දි රෝගය තියෙන අයට කෑම අරුචිය වගේ තත්ත්වයන් එන්න පුලුවන්. එහෙම උනාම කන්න කොහොමත් බෑ.
ඒ වගේම අපේ ඇඟේ මෙටබොලිසම් එක වෙනස් වෙනවා. අපේ ශරීරය ක්‍රියාකරන විදිය වෙනස් වෙනවා.කොච්චර කෑවත් බර්න් වෙනවා.
ඒ වගේම වකුගඩු රෝගය වෙනුවෙන් කරන සමහර ප්‍රතිකාර වලදි අපේ ශරීරයට අත්‍යවශ්‍ය වෙන ඇතැම් පෝෂණ කොටස් ශරීරයෙන් අයින්වෙලා යනවා.
ඒ වගේම අපේ තියෙන ඇතැම් මත නිසා ගොඩක් වෙලාවට මේ වකුගඩු රෝගීන් සමහර ආහාර වර්ග ආහාරයට නොගෙන ඉන්න අවස්තාවනුත් තියෙනවා.
සාකෝපිනියා එහෙම නැත්තම් මාංශ පේදී දුර්වල වීමෙන් මොකද වෙන්නෙ?
මෙතනදි මේ රෝගය තවත් උත්සන්න වෙන්න ලොකු ඉඩක් තියෙනවා.
වකුගඩු රෝගියෙක් රෝගය වැඩි කරගන්නේ නැතුව කන්නෙ බොන්නෙ කොහොමද?
ගොඩක් වෙලාවට මේ රෝගින් හරියට ආහාර ගන්නෙ නෑ. එක එක මිත්‍යා මත, ප්‍රෝටීන්වලට බය, එලවලු පලතුරු වල පොටෑසියම් තියෙන බව නිසා මෙයාලා ගොඩක් කෑම අතාරිනවා. කැලරි අවශ්‍යතාවය විශේෂයෙන්ම ප්‍රෝටීන් අවශ්‍යතාවය නිර්ණය වෙන්නෙ ඔයාගෙ වකුගඩු මේ වෙලාවේ තියෙන්නෙ කුමන ක්‍රියාකාරිත්වය මතද කියන එක මත.
වකුගඩුවල ක්‍රියාකාරිත්වය අපි බලන්නෙ GFR අගය මත. මේක කොටස් පහකට අපි බෙදනවා. මේක අගය අඩුම උනත්, ඒ කිව්වෙ GFR අගය 15ට අඩු කෙනෙක් උනත් ගන්න ඕන ප්‍රෝටීන් ප්‍රමානයක් තියෙනවා. එයාලා තමන්ගෙ බර මෙන් 0.6ගුණයක ප්‍රෝටීන් ගන්න ඕන.
උදාහරණයක් විදියට බර කිලෝ 50 කෙනෙක් ග්‍රෑම් 30ක ප්‍රෝටීන් ප්‍රමාණයක් ගන්න පුලුවන්.වකුගඩු රෝගියෙක් විදියට ඔයා ප්‍රෝටීන් ගන්න එක අඩුම කරලා තියෙනවනම් මෙන්න මේ අගය අනුව ඔයා ප්‍රෝටීන් ගන්න ප්‍රමානය වෙනස් කරන්න ඕන කියන එක අමතක කරන්න එපා.
අඩුම තරමෙ එක වේලකට මස් හරි මාලු හරි කෑල්ලක් ගන්න පුලුවන්. එහෙම නැත්තම් බිත්තරයක් විදියට වේල් තුනට ගන්න පුලුවන්. ඉතුරු ප්‍රෝටීන් අපි ගන්න අනිත් ආහාර ඔස්සේ ලබාගන්න පුලුවන්.
ඊලඟට වකුගඩුවේ ක්‍රියාකාරිත්වය අඩුම උනාම ඔයාලා දන්නවා ඔයාල ඩයලයිසිස් කරනවා. එහෙම රෝගියෙක්ගෙ ප්‍රෝටීන් අවශ්‍යතාව සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙක්ගෙ ප්‍රෝටීන් අවශ්‍යතාවයට වඩා වැඩියි. සාමාන්‍ය කෙනෙක්ගෙ ප්‍රෝටීන් අවශ්‍යතාව 0.8-1 දක්වා යෙදෙනවා. ඔයා ඩයලයිසිස් කරනවනම් ඔයා බර වගේ 1.2, 1.3, කියන එක වගේම ඔයා සතියකට කී වතාවක් ඩයලයිසිස් කරනවද කියන එක මත මේක 1.4 වගේ අගයක් වෙන්නත් පුලුවන්.
වකුගඩු රෝගීන් රුධිරයේ පොටෑසියම් ප්‍රමාණය වැඩි කරගන්නේ නැතුව කෑම ගන්නෙ කොහොමද?
පොටෑසියම් කියන්නෙ අපේ ශරීරයට අවශ්‍ය ලවණයක්. ඔයාගෙ වකුගඩු වල ක්‍රියාකාරිත්වය කොච්චර දුර්වල උනත් අපේ ශරීරයට පොටෑසියම් ඕන.
නවීන වෛද්‍ය විද්‍යාවට අනුව අපි පොටෑසියම් ගන්න ප්‍රමානය අවම කරන එක ගැටලුවක්. ඔයා පොටෑසියම් ගන්න ප්‍රමානෙ තීරණය වෙන්නෙ ඔයාගෙ සීරම් රිපෝට් එකේ තියෙන පොටෑසියම් අන්තර්ගත ප්‍රමානය මත තමයි.
පොටෑසියම් ඇඟේ වැඩිපුර තියෙනවනම් විතරයි අපි පොටෑසියම් ගන්න එක අඩු කරගන්න ඕන. එතකොට මොනවද මේ පොටෑසියම් වැඩි කෑම? එලවලු සහ පලතුරුවල පොටෑසියම් අයත් වෙනවා. මෙන්න මෙහෙම වෙලාවකදි පොටෑසියම් අගය අඩු එලවලු පලතුරු කන්න පුලුවන් ඔයාගෙ ඇඟෙ පොටෑසියම් ප්‍රමාණය වැඩි උනත්.
අල, කොස්, දෙස්, බීට්, රාබු වගේ පලතුරු සහ කෙසෙල්, අලිගැටපේර වගේ පලතුරුවල පොටෑසියම් වැඩි ප්‍රමාණයක් අයත් වෙනවා.
කෑම උයන විදියෙන් පොටෑසියම් අඩු කරගන්න පුළුවන්ද?
එලවලු උයද්දි එලවලු කුඩා කොටස් වලට කපලා ඒ වගේ පස් ගුණයක් උණු වතුරෙ දාලා පස්සෙ ඒ උණුවතුර අයින් කරලා එලවලු සෝදලා ගත්තම වැඩි පොටෑසියම් ටික අයින් වෙලා යනවා.
ඒ වගේම Processed food ගන්න එක අඩු කරන තරමට ඇඟට ලැබෙන පොටෑසියම් ප්‍රමාණය අඩුවෙනවා.
වකුගඩු රෝගියෙක්ට පොස්පේට් වැදගත් වෙන්නෙ කොහොමද?
පොස්පේට් ගොඩක්ම තියෙන්නේ ප්‍රෝටීන් බහුල ආහාර වල. අපි ප්‍රෝටීන් කොහොමත් අඩු කරනවට පොස්පේට් ප්‍රමාණෙ ශරීරෙට ලැබෙන ප්‍රමානය අඩු වෙනවා. ඒ වගේම කජු, ආමන්ඩ් වගේ ඇට වර්ග වලත් පොස්පේට් අඩංගු වෙනවා. ඒ වගේම කෝලා පාන වර්ග වලත් පොස්පේට් අඩංගු වෙනවා.
ඒ වගේම කිරි ආහාරවලත් පොස්පේට් අඩංගු වෙනවා. ඒ නිසා මේ කෑම සීමා සහිතව තමයි ගන්න ඕන. ඒ වගේම දවසකට අපිට පොස්පේට් මිලි ග්‍රෑම් 800 පමන අවශ්‍ය වෙනවා. ඒ බව අමතක කරන්නත් එපා.
වකුගඩු රෝගීන් ලුණු ගන්න ඕන කොහොමද?
ගොඩක් වෙලාවට මම දන්නවා වකුගඩු රෝගීන් ලුණූ බාවිතයට ගන්නෙ නෑ.
ලුණු ගන්නෙ නැතුව කෑමක රස දැනෙන්නෙ නෑ. හැබැයි තේ හැන්දකට වඩා අඩු ප්‍රමාණයෙන් ලුණු භාවිතා කරනවනම් අපිට පුලුවන් වකුගඩු රෝගියෙක්ගෙ කෑම වේලක් උනත් දවසකට ලබා දෙන්න. මේ හැමදේම කන්ට්‍රෝල් කරගෙන ලුණු දෙන්න පුලුවන් විදියක් තමයි ඒක.
අපි විශේෂයෙන්ම අඩු කරන්න ඕන කෑම තමයි අච්චාරු, ලුණු දාපු සෝස් වගේ කෑම අඩු කරන්න ඕන.
වකුගඩු රෝගීන්ට පෝෂණ අතිරේක අවශ්‍යද?
අපි දන්නවා ඩයලයිසිස් කරන වකුගඩු රෝගීන්ට දවසකට වතුර ලබාදෙන්නෙ ඉතාම අඩු ප්‍රමාණයක් තමයි.
එහෙම වෙලා තියෙද්දි අපි ගන්නෙ දියර ආහාර පමනක් නම්, අපිට කෑම වලින් ශක්තිය ලබාගන්න බැරිනම් ඒ ඕන කරන පෝෂණ කොටස් මේ සඳහ විශේෂයෙන් සකසා තියෙන කිරි වර්ග වගේ දේවල්වලින් ඒ අවශ්‍ය කරන කැලරි සහ ප්‍රෝටීන් ප්‍රමානය ලබාගන්න පුලුවන්.
එම කිරි වර්ග වල පොස්පේට්, පොටෑසියම්, ලුණු අඩුවෙන් වකුගඩු රෝගීන්ට ගැලපෙන විදියට තමයි දාලා තියෙන්නෙ. ඒ වගේම මල්ටිවිටමින් වගේ දේවල් අතිරේකද කියන එක අපි බලනවා?
ඩයලයිසිස් කරද්දි බී විටමින් ශරිරයෙන් ගොඩක් අයින් වෙනවා. සී විටමින් එහෙමත් අයින් වෙනවා. එතකොට අපිට ඒ අවශ්‍ය විටමින් බී, සී, ඩී, අයඩින් වගේ දේවල් පිටතින් අපිට ලබාගන්න පුලුවන්.
අපේ ශරීරයේ වකුගඩු කියන්නේ ඉතාම වැදගත් අවයවයක්. ඒවාට යම් හානියක් වුණොත් මුළු ශරීරයේම ක්‍රියාකාරීත්වය වෙනස් වෙනවා. විශේෂයෙන්ම කෑම බීම ගැන සැලකිලිමත් වීම ඉතාම වැදගත්.
හැබැයි ඒකෙන් කියන්නෙ ගොඩක් වකුගඩු රෝගින් කරනව වගේ හැම කෑමක්ම වගේ අයින් කරලා නොකා නොබී ඉන්න කියන එක නෙවෙයි.
හරියට හොයලා බලලා, හරි දේවල්, හරි ප්‍රමානවලින් කන්න කියන එක!










