ප්‍රීතිමත් බිරිඳක් පිටුපස සිටින්නේ වගකීමත් ආදරයත් සපිරුණු සැමියෙකු බව පසක් කළ “විරාට් කෝලි”.

අනුෂ්කා ෂර්මා බොලිවුඩයේ සුරූපිනිය ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ වර්තමාන බල කණුවක් වන විරාට් කෝලි සමඟ ප්‍රේම සම්බන්ධයක් අරඹන්නේ 2014 දී පමණ.ෂැම්පු වර්ගයක වෙළඳ දැන්වීමක් අතර 2013 දී තමයි මේ යුවල මුල් වරට මුණ ගැසෙන්නේ.ඉන්පසු ප්‍රේමයක් අරඹන මේ දෙදෙනා ඒ ගැන ප්‍රසිද්ධියට පත් කරනවා.විරාට් ලකුණු 6000 සීමාව පසු කරන තරගයේ දී ඔහු බැට් එකට හාදුවක් දී එය අනුෂ්කාට flying kiss එකක් සේ යැවීමත් අනුෂ්කා එය ආදරයෙන් පිළි ගැනීමත් දැඩි කතාබහකට ලක්වූ සුන්දර සිදු වීමක්.

ඉන්දීය සිනමා ලෝලීන් සහ ක්‍රිකට් රසිකයන් මේ යුවලට ආදරය කරමින් විරුෂ්කා යැයි අන්වර්ථ නාමයක් පවා පට බඳිනවා.එහෙත් සියල්ල සෑම විටම යහපත් වන්නේ ද නෑ.අනුෂ්කා බලන්න එන හැම මැච් එකක්ම ඉන්දියාව පරාද වීම එයට හේතුව.මිනිස්සු කරන්නේ අනුෂ්කාව සෝෂල් මීඩියා වල අපහසුතාවයට පත් කිරීම. “ඔහේ හරි කාලකන්නි ගෑනියක්.අපිට ක්‍රිකට් ලෙජන්ඩ් කෙනෙක් නැති කරන්න එපා..මේ කසාදේ කර ගන්න එපා. අපි ඔහේට සාප කරනවා ” වගේ කමෙන්ට් දිගටම වැටෙනවා.

ඒත් සුරංගනා කතාවක් වගේ ලස්සන විවාහ උත්සවයක් අරන් මේ දෙන්නා 2017 දෙසැම්බරයේ විවාහ වෙනවා.බොහොමයක් ක්‍රිකට් සහ බොලිවුඩ් තරු සහභාගී වූ ඒ විවාහයේ අනුෂ්කා ඇන්ද රෝසපාට ලෙහෙන්ගා එක පවා බොහෝ කතාබහට ලක් වූ ඇඳුමක්.

විරාට් සාර්ථක ක්‍රීඩකයෙක් වෙමින් අනුෂ්කා තමන්ගේ රංගන කටයුතු කරමින් කාලය ගෙවී යනවා. කොවිඩ් වසංගතය එක්ක ලෝකෙම තමතමන්ගෙ ගෙවල් වල හිර වෙලා ඉද්දී විරුෂ්කා යුවල ඉන්ස්ටග්‍රෑම් දාන ෆොටෝස්, වීඩියෝස් වල තිබුණේ තරුණ විවාහකයන් දෙදෙනෙකුගේ අපූරු ආදරේ.

And then, we were three! Arriving Jan 2021 ❤️🙏

විදියට 2020 අගෝස්තු විසිහත විරුෂ්කා යුවල තමන්ගේ ආදර කතාවේ සුන්දරම පණිවිඩය රසිකයන් සමඟ බෙදා ගන්නවා.අනුෂ්කා තමන්ගේ ගර්භනී කාලය විඳින හැටිත් බොහොම සුන්දර ඡායාරූප හරහා සමාජ මාධ්‍ය ජාලාවල පළ වුණා.ඇය බොහොම නිදහසේ සතුටින් ඒ කාලය ගත කළා. රූපය හොඳින් පවත්වා ගත්තා.

2021 ජනවාරි 11 තමන් බිලිඳියකගේ දෙමාපියන් වූ බව කෝලි තමන්ගේ සමාජ ජාලා ගිණුම් හරහා රසිකයන්ට දන්වලා තිබෙනවා.අනුෂ්කා සහ දියණිය ඉතා සුවෙන් බවත් සුබ පැතූ හැමටම ස්තූතියි කියන අතරේ ඔහු දන්වලා තියනවා. ඒ වගේම ජීවිතේ අලුත් පරිච්ඡේදය ගැන බොහොම ආසාවෙන් බලා ඉන්න බව දන්වන විරාට් කෝලි මේ අවස්ථාවේ තමන්ගේ පවුලේ පෞද්ගලිකත්වයට රසිකයන් ගරු කරාවියැයි අපේක්ෂා ද කරනවා.

අනුෂ්කාගේ ගර්භනී කාලය පුරා ඇයව සතුටින් තබන්න මහන්සි වුණු කෝලි ඉන්දීය ඕස්ට්‍රේලියානු ක්‍රිකට් තරගාවලියෙන් පීතෘ නිවාඩු ලබාගෙන අනුක්ෂා සමඟ හිඳින්නට නැවත පැමිණ තිබෙනවා.බිරිඳට අසීරුම කාලයේ ඔහු ඇය සමඟ හිඳිය යුතුයැයි තීරණය කර තිබෙනවා.

ඉතින් මේ ඉපදුණේ තව අවුරුදු විස්සකින් බොලිවුඩය ආක්‍රමණය කරන සුරූපිනියක් ද නැත්නම් ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ තාරකාවක් ද කියන්න අපිට බෑ. ඇය ඇගේ ගමනක් යාවි. දෙමාපියන්ට වඩා වෙනස් දේවල් කරාවි.

හැබැයි ඒ ලෝකයේ ජනප්‍රිය ආදර කතාවක බොහොම සුන්දර අග්‍රඵලයක්.

Related Articles

Don't Miss


Latest Articles