සමේ වියලි බව නැති කරන්න කෝමාරිකා වලින් ජෙල් එකක් නිවසේදීම හදමු.

2
2376

කෝමාරිකා ජෙල් කියන්නේ වෙළඳපොලේ දැන් සුලබ සොයාගන්න තියෙන දෙයක්.එහෙත් ඒවා මිල අධිකයි .ඒ වගේම කෝමාරිකා තියෙන්නෙ ඉතාමත් සුළු ප්‍රමාණයක් ඒ නිසාම අපි හිතුවා කෝමාරිකා ජෙල් නිවසේදීම හදාගන්නේ කොහොමද කියලා ඔබට කියලා දෙන්න .

හදා ගන්නේ මෙහෙමයි.

  • පළමු ව හොඳින් වැඩුණු කෝමාරිකා පිත්තක් කපා ගන්න.එය හොඳින් පිරිසුදු කරගන්න.
  • දෙපස කටු සහිත කොටස සහ සම්පූර්ණයෙන්ම පිටත ආවරණය ඉවත්කර ඇතුලත ජෙල් කොටස ලබාගන්න.
  • වතුර ටිකක් සමග සමග බ්ලෙන්ඩරයට දමන්න . කැබලි  සියල්ල දිය නොවන නො වන තුරු හොඳින් බ්ලෙන්ඩ් කරගන්න.
  • දැන් කපු රෙදි කඩකින් සකසා ගත් පෙනේරයක් ගන්න .වීදුරු  භාජනයකට  දියරය හොඳින් පෙරා ගන්න.
  • එයට විටමින් ඊ කරල් දෙකක් එකතු කර හොඳින් කලවම් කර ගන්න .
කියවන්න :  මැණික් ගැන මේ දේවල් ඔබ දන්නවාද?

දැන් ඔබට සති දෙකක් පමණ භාවිතා කළ හැකි පිරිසිදු කෝමාරිකා ජෙල් තිබෙනවා.කිසිම කල්තබා ගැනීමේ ද්‍රව්‍ය කල්තබා ගැනීමගැනීමේ ද්‍රව්‍ය කින් තොරව ඒ වගේම ඉතාමත් අවම මිලකින් සාදා ගත් පිරිසුදු ජෙල් එකක් තමයි ඔබ සතුව තිබෙන්නේ .ඉතින් බය වෙන්නැතුව ඔබේ සියලුම රූපලාවන්‍ය කටයුතු සඳහා මේ ජෙල් එක පාවිච්චි කරන්න ඔබට දැන් පුළුවන්.

ඉතින් ජෙල් හදාගත්ත වගේම අපි බලමු කොහොමද මේ කෝමාරිකා ජෙල් පාවිච්චි කරන්න පුළුවන් කියලා.

අව්වට පිලිස්සුණු සමට කෝමාරිකා කියන්නේ ඉතාමත් හොඳ ප්‍රතිකාරයක් .අව්ව ගිහින් නිවසට පැමිණියාට පසු මුහුණ තිබෙන කුණු ඉවත් වන ලෙසට  හොඳින් පිරිසිදු කර  කෝමාරිකා ජෙල් ආලේප කර විනාඩි දහයක් පමණ තබා සෝදා හරින්න .සත්කාර කිහිපයකින් පසු ඔබට ම වෙනස වැටහේවි.
හාල් පිටි වලට කෝමාරිකා ජෙල් එකතු කරන ඔබට  එය ස්ක්‍රබ් එකක් ලෙස පාවිච්චි කරන්නට පුළුවන්.
කෝමාරිකා කියන්නේ ඉතාමත් හොඳ moisturizer එකක් .ඒ නිසා සමේ වියලි වියළි බවක් දැනෙන ඕනෑම මොහොතක ඔබට එය ආලේප කරන්න පුළුවන්.

කියවන්න :  ඇඳුම් අඳින එකත් කලාවක්!

ඊට අමතරව

ඔබට හිස් හොරි තිබෙනවා නම් හිත හොඳම විසඳුමක් තමයි කෝමාරිකා කියන්නේ .නාන්න කලින් කෝමාරිකා ජෙල් හොඳින් හිස් කබලේ ආලේප කර විනාඩි විස්සක් පමණ තබන්න.ඊට පසු නාන්න .දින කිහිපයක් මෙම සත්කාරය කරන විට ඉතාමත් ඉක්මනින් ම හිස්හොරි දුරුවේවි.

3.5 6 votes
Article Rating
Subscribe
Notify of
guest
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Hansi
Hansi
22 days ago

Thanks

champa manohari
champa manohari
20 days ago

thank you so much