නූඩ්ල්ස් පීසා හදල බලමුද?

පොඩ්ඩට එලවළු කවාගන්න ලොකු සටනක් කරන්න ඕනෙද? ඔන්න එහෙනම් පුංචි විසඳුමක්. පොඩ්ඩන්ට විතරක් නෙමෙයි ලොකු පොඩ්ඩන්ටත් ගැලපෙන නූඩ්ල්ස් පීසා රසට ගුණට හදල බලමු.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • තම්බාගත් නූඩ්ල්ස්
  • පීසා සෝස්/ තක්කාලි පියුරි
  • කපාගත් මාළු මිරිස් / බෙල් පෙපර්, කැරට්, ඔලිව්
  • ගා ගත් චීස්
  • වතුර ස්වල්පයක දියකරගත් කෝන්ෆ්ලා තේ හැඳි 2
  • තෙල්/බටර්

සාදන ආකාරය:

පළමුව පෑන් එකක් රත්වන්නට තබා එයට තෙල්/බටර් ස්වල්පයක් එක්කරන්න. ඒමත තම්බාගත් නූඩ්ල්ස් පැතලි රවුමක ආකාරයට අතුරාගන්න. එයට වතුරේ දියකරගත් කෝන්ෆ්ලා එකතුකරන්න. මදගින්නේ ටික වේලාවක් තබන්න. පීසා සෝස්/ තක්කාලි පියුරි නූඩ්ල්ස් මතට එක්කරන්න. ඒ මතට කපාගත් මාළු මිරිස් / බෙල් පෙපර්, කැරට්, ඔලිව් එකතුකරන්න. ඉන් අනතුරුව ගා ගත් චීස් එයට උඩින් අතුරන්න. චීස් මෙලෙක්වනතුරු පියනකින් වසා තම්බාගන්න.

ඔබ කැමති එලවළු වර්ගයක් මෙයට එකතු කරගන්න පුළුවන්. විශේෂයෙන්ම හතු වර්ග, බෝංචි, තක්කාලි වගේ එලවළු එකතුකරගන්න පුළුවන්. මෙය එලවළු පමණක් ආහාරයටගන්නා අයට විශේෂිත ආහාර වට්ටෝරුවක් වුවත් බිත්තර, සොසේජස්, මස්, මාළු ආදී ඕනෑම දෙයක් එකතුකරගත හැකියි. මොසරැල්ලා චීස් එකතුකරගතහැකි නම් වඩාත් හොඳයි.

 

Related Articles

Don't Miss


Latest Articles