අළුත් විදිහකට බෝංචි හදමු

අපි ගොඩක්දෙනා පුරුදුවෙලා ඉන්නෙ බෝංචි උයල කන්නයි.ගොඩක් පොඩ්ඩො උයපු බෝංචි කන්න හරිම අකමැතියි. හැමදාම එකම විදියට කාල එපාවෙලානම් හදල බලන්න බේක් කරපු බෝංචි.විවිධ රසට කන්න කැමති ඔයාලා හැමෝටම මේ විදියට බෝංචි හදලා වෙනස අත් විඳින්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • බෝංචි 350g
  • ඔල්ව් තෙල් තේ හැඳි 2
  • ලුණු කුඩු
  • ගම්මිරිස් කුඩු
  • ගාර්ලික් පවුඩර් තේ හැඳි 1/4
  • ගාගත් චීස් (පාමර්සන් චීස් නම් වඩාත් සුදුසුයි)
  • කැමති නම් මිරිස්කුඩු ස්වල්පයක්

සාදන අයුරු:

baked beans
  • පළමුවෙන්ම බෝංචි සෝදා, නූල් ඇර තෙත මාත්තුකරගන්න. අවන් එක රත්වෙන්න තබන්න්න.
  • ෆොයිල් එකක් හෝ තෙල් කඩදාසියක් දමා බේකිං ට්‍රේඑක ලයිනින් කරගන්න.
  • එවිට ට්‍රේඑකට ඇලෙන්නෙ නැතිව බෝංචි ඉවත්කරගන්න පුළුවන්.
  • බෝංචි ටික ලයිනින් මත වෙන් වෙන්ව තබාගන්න.
  • ඔල්ව් තෙල් බෝංචි මතට දමාගන්න.
  • ලුණු කුඩු, ගම්මිරිස් කුඩු සහ ගාර්ලික් පවුඩර් බෝංචි මත සමව වැටෙන සේ විසුරුවන්න.
  • කැමති නම් මිරිස්කුඩු ටිකකුත් එකතුකරගන්න.
  • විනාඩි 10ක් පමණ බේක් කර ඉවතටගෙන බෝංචිටික අනිත් පැත්තට පෙරලා විනාඩි 5ක් පමණ බේක් කරගන්න.
  • අවන් එකෙන් ඉවතට ගෙන ගාගත් චීස් බේක්කරගත් බෝංචිටික උඩින් ඉසින්න.

ගෙදරදී සාමාන්‍ය ආහාර වේලකට වගේම උත්සව අවස්ථාවක අමුත්තන්ට පිළිගන්වන්නත් මෙය සුදුසුයි. උයල පුරුදු නැතිකෙනෙක්ට වුනත් විනාඩි 20කට අඩුකාලයකින් පහසුවෙන්ම හදාගන්න පුළුවන්. කන්න කම්මැලිවෙලාවක කන්න හදල බලන්න.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles