අවපැහැ වුන දෙතොල් පැහැපත් කර සුමුදු බවක් ලබා දෙන ස්වභාවික ස්ක්‍රබ් වර්ග.

ගොඩක් තරුණියන්ට තියන ගැටලුවක් තමයි දෙතොල් අවපැහැ ගැන්වීම.අද අපි කියන්න යන්නේ ඒ අවපැහැ ගැන්වුනු දෙතොල් වලට කරන්න පුලුවන් සත්කාර හතරක් ගැනයි

ලස්සන දෙතොලක් කියන්නේ ඔබේ හිනාව තවත් ලස්සන කරන්න පුලුවන් දෙයක්. ඉතින් දෙතොල් අඳුරු වෙලා තියනවා කියන්නේ ඔබේ මුලු මුහුණේම ලස්සනට බාධාවක්.ඒ බාධාව මග හැරගන්න කරන්න පුලුවන් පිළියම් මොනවද කියලා දැන් අපි බලමු

දෙතොල් අඳුරු වෙන්න හේතු මොනවද?

  • සූර්‍යයාට අධික ලෙස නිරාවරණය වීම
  • කැෆේන් සහිත පාන අධික ලෙස භාවිත කිරීම
  • දන්තාලේප ආසාත්මිකතා
  • ප්‍රමිතියකින් තොර තොල් ආලේපන භාවිතය
  • හෝමෝන අසමතුලිතතාවයන්
  • තොල් වියළීම

මොනවද කරන්න පුලුවන් සත්කාර?

මී පැණි සහ සීනි Scrub

මී පැණි මඟින් දෙතොල් වලට අවශ්‍ය තෙතමනය ලබා දෙන අතර මී පැණි වල අඩංගු එන්සයිම දෙතොල් වල පැහැය වර්ධනය කිරීමට උපකාරී වෙනවා

සීනි මඟින් දෙතොල් වල ඇති මැරුණු සෛල ඉවත් කරන අතර හිරු එළියට නිරාවරණය වීම නිසා පාරජම්බුල කිරණ (UV) මඟින් වන හානිවලින් ඔබේ සම ආරක්ෂා කරන ප්‍රතිඔක්සිකාරක වලින් ද එය පොහොසත් වෙනවා

සත්කාරය කරන්නේ මෙහෙමයි

සීනි සහ මී පැණි කුඩා ප්‍රමාණවලින් ගෙන විනාඩියක් පමණ මෘදු ලෙස දෙතොල් ස්ක්‍රබ් කරන්න.ඉන්පසු තවත් විනාඩියක් පමණ එය දෙතොල් වල තිබෙන්නට හැර සාමාන්‍ය වතුරෙන් සෝදා හරින්න

මෙම සත්කාරය සතියට දින දෙකක් හෝ තුනක් සිදු කිරීම ප්‍රමාණවත්

ලෙමන් සහ ආමන්ඩ් තෙල් ස්ක්‍රබ්

ලෙමන් කියන්නේ සම පැහැපත් කරන අපූරු අමුද්‍රව්‍යයක්.ස්වාභාවික බ්ලීචින් කාරකයක් වන ලෙමන් වලින් ඔබේ තොල්වලට හිරු කිරණින් වී ඇති හානිය ඉවත් කරනවා

ඔබේ තොල් වියළී යාම වැළැක්වීම සඳහා ආමන්ඩ් තෙල් යනු හොඳම මොයිස්චරයිසර් වර්ගයක්.එමගින් ඔබේ තොල් වල අඳුරු පැහැයද ඉවත් කරනවා

සත්කාරය කරන්නේ මෙහෙමයි

ආමන්ඩ් තෙල් ස්වල්පයක් ගෙන එයට ලෙමන් යුෂ බින්දු කීපයක් එකතු කරන්න.එය ඔබේ තොල් මත ආලේප කර මෘදුව සම්බාහනය කරන්න.
රාත්‍රිය පුරා එය ඔබේ දෙතොල් මත තිබෙන්නට හැර පසුවදා උදෑසන සෝදා හරින්න

මෙම සත්කාරය දිනපතා රාත්‍රියේම සති තුනක් හෝ හතරක් කිරීම මගින් ඔබට හොඳ ප්‍රතිඵල ලබා ගන්නට පුලුවන්

ස්ට්‍රෝබෙරි ,කෝමාරිකා සහ මී පැණි ස්ක්‍රබ්

ඔබේ දෙතොල් නීරෝගීව සහ ශක්තිමත්ව තබා ගැනීමට අත්‍යවශ්‍ය වන ඛනිජ ලවණ සහ විටමින් ස්ට්‍රෝබෙරි වල අඩංගු වෙනවා.ඒ වගේම එමගින් අඳුරු දෙතොල් වලට රෝස පැහැයක් එක් කිරීමටද හැකියාව තියෙනවා.

මී පැණි මගින් දෙතොල් වලට අවශ්‍ය තෙතමනය අබා දෙමින් දෙතොල් වල පැහැය වර්ධනය කිරීමට උපකාරි වෙනවා

කෝමාරිකා මගිනුත් දෙතොල් වලට අවශ්‍ය තෙතමනය ලබා දෙන අතර සමේ ​​සෛලවල වර්ධනයට උත්තේජනයක් ලබා දෙනවා.ඒ වගේම හිරු එළියෙන් සිදුවන හානිය අවම කිරීමටත් උපකාරී වෙනවා

සත්කාරය කරන්නේ මෙහෙමයි

ස්ට්‍රෝබෙරි ගෙඩියක් ,කෝමාරිකා මද ස්වල්පයක් සහ මී පැණි ස්වල්පයක් පිරිසිදු භාජනයකට දමා පේස්ට් එකක් වනතුරු හොඳින් මිශ්‍ර කරගන්න.එය දෙතොල් වල ආලේප කර මෘදු ලෙස සම්බාහනය කරන්න.විනාඩි විස්සක් පමණ එය දෙතොල් වල තිබෙන්නට හැර සීතල වතුරෙන් සෝදා හරින්න

මෙම සත්කාරය දිනපතා කිරීමෙන් වඩා හොඳ ප්‍රතිඵල ලබා ගන්නට පුලුවන්

ලෙමන් සහ සීනි ස්ක්‍රබ්

ස්වාභාවික බ්ලීචින් වර්ගයක් වන ලෙමන් මගින් ඔබේ දෙතොල් වල ඇති අඳුරු බව ඉවත් කරනවා වගේම හිරු කිරණින් ඇතිවෙලා තියන හානිකර තත්ව ඉවත් කරනවා

සීනි මගින් දෙතොල් වල ඇති මැරුණු සෛල ඉවත් කරනවා

සත්කාරය කරන්නේ මෙහෙමයි

ලෙමන් බෑයක් ගෙන එහි සීනි තවරන්න.ඉන්පසුව එම ලෙමන් බෑයෙන් ඉතා මෘදුව දෙතොල් සම්බාහනය කරන්න. පසුව සාමාන්‍ය වතුරෙන් සෝදා හරින්න

දින තුනකට වරක් මෙම සත්කාරය කිරීම ප්‍රමාණවත්

ලස්සන දෙතොලක් ගැන බලාපොරොත්තු ඔබට තව දුරටත් සිහිනයක්. මිල අධික ආලේපන වලට වඩා ඔබට මෙම ස්වාභාවික ප්‍රතිකාර වලින් දිගුකාලීන ප්‍රතිඵල ලබා ගන්නට පුලුවන් .ඔබට සුදුසු සත්කාරය තෝරාගෙන කිරීම පමණයි ඔබ කරන්න ඕන.නමුත් ඊට පෙර මෙම කිසියම් හෝ අමුද්‍රව්‍යයකින් ඔබට යම් ආසාත්මිකතාවක් තිබෙනවාදැයි සැලකිලිමත් වන්නත් අමතක කරන්න එපා

Related Articles

Don't Miss


Latest Articles