මේකප් මිලදී ගන්න කලින් ඔබ සැලකිලිමත් විය යුතු කරුණු 9ක්.

මේකප් වලට ඕනෑම තරුණියක් කැමතියි.හැබැයි අපි මේකප් වර්ග මිළදී ගන්නකොට ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන.එහෙම සැලකිලිමත් වෙන්න ඕන මොනවා ගැනද කියලා තමයි මේ ලිපියෙන් ඔබට කියන්නේ.

වෙළඳපොලේ විවිධ වෙළඳ නාම යටතේ මේකප් වර්ග තියනවා.ඒ හැම එකක්ම ඔබට ,ඔබේ සමට ගැලපෙන්නෙ නෑ.ඔබේ පෙනුම සහ ලස්සන වැඩි දියුණු කරන මේකප් වර්ග මිසක් ඔබේ පෙනුම විකෘති වෙන ආකාරයේ මේකප් වර්ග නෙමෙයි ඔබ මිලදී ගන්න ඕනේ.ඉතින් කොහොමද මේ මේකප් මිළදී ගන්න ඕනේ ? ඒ ගැන අපි ඔබට කියලා දෙන්නම්.

නිෂ්පාදන ගැන සොයා බලන්න

ඔබ මිළදී ගැනීමට බලාපොරොත්තු වෙන මේකප් වර්ග ගැන ඔබ කලින් සොයා බලන්න.අදාල ආයතන වල වෙබ් අඩවි හෝ ,ෆේස් බුක් පිටුවට පිවිස එම නිශ්පාදන කලින් භාවිතා කල පාරිභෝගිකයන් ඒවා සම්බන්ධව පල කර ඇති අදහස් සොයා බලන්න.ඒ වගේම එම නිශ්පාදන පිළිබඳව අන්තර්ජාලයෙන් සොයා බලන්නටත් ඔබට පුලුවන්

ඔබේ සමේ වර්ගය හඳුනාගන්න

තරුණියන් කරන ලොකුම වැරද්ද තමයි අනිත් අයට ගැලපෙන මේකප් වර්ග තමන්ටත් ගැලපෙනවා කියලා හිතන එක.ඒක සම්පූර්ණ වැරදි මතයක්. මුලින්ම ඔබ ඔබට තෙල් සහිත සමක්ද , සාමාන්‍ය සමක් ද,වියළි සමක්ද එහෙම නැත්නම් මිශ්‍ර සමක්ද තියෙන්නෙ කියලා හඳුනාගන්න ඕන.කුරුලෑ තියන සමක් සහ සංවේදි සමක් තියන අයත් මේකප් මිළදී ගන්නකොට සැලකිලිමත් වෙන්න ඕන.

ඔබේ සමේ වර්ණය

මේකප් මිලදී ගන්නකොට ඔබට ඔබේ සමේ වර්ණය ගැනත් හොඳ අවබෝධයක් තියෙන්න ඕන.මොකද ඒක ඉතාම වැදගත්. Foundation වැනි දේවල් තෝරාගැනීමේදි ඔබේ සමේ වර්ණයට වඩා එක් අගයක් හෝ අගයන් දෙකක් ඉහල එකක් තෝර ගන්න එක වඩාත් සුදුසුයි. ඒ වගේම ලිප්ස්ටික් ඇතුලු අනෙක් සියලු මේකප් තෝරා ගැනීමේදිත් ඔබ ඔබේ සමේ වර්ණය දැන සිටීම වැදගත්

නිශ්පාදනයේ අඩංගු අමුද්‍රව්‍ය

ඔබ මිලදී ගන්නා මේකප් වර්ග වල අඩංගු අමුද්‍රව්‍ය ගැනත් සැලකිලිමත් වීම අත්‍යවශ්‍යයම දෙයක්.ඔබේ සමේ වර්ගය අනුව ,ඔබට ඇති කුරුලෑ ආසාදන සහ ආසාත්මිකතා අනුව මෙම අමුද්‍රව්‍ය ඔබට හිතකරද නැත්නම් අහිතකර ද යනුවෙන් ඔබට තීරණය කරන්නට වෙනවා. ඒ වගේම අඩංගු අමුද්‍රව්‍ය වලට නිශ්පාදක සමාගම මගින් අදාල තත්ව සහතික ලබා ගෙන තිබෙනවද කියලත් ඔබ විමසිලිමත් වෙන්න ඕන

කල් පැවැත්ම සහ පහසුව

මෙය දැනගැනීම නම් ඔබට ලොකු පහසුවක්.විශේශයෙන්ම කාර්‍යාලයට යන යුවතියක් නම් ඔබට නිතර නිතර ඔබේ මේකප් එකේ තත්වය ගැන උනන්දු වෙන්න බැරි නිසා උදේ සිට සවස් වෙනතුරු මේකප් එක පලුදු නොවී තිබීම ඉතා වැදගත්.ඉතින් ඔබ මේකප් වර්ග මිලදී ගන්නකොට කොපමණ වෙලාවක් එය සම මත රදා පවතිනවාද , දහඩිය දැමීමේදි සහ දූවිලි වැදීමෙදි එය ක්‍රියා කරන්නේ කෙසේද යන්නත් සලකා බැලිය යුතු වෙනවා

පරික්ශා කර බලන්න

ඔබ මේකප් මිළදී ගන්නකොට අනිවාර්යයෙන්ම වෙළඳ සහකයෙකුගේ සහය ලබා ගන්න.ඒ විතරක් නෙමෙයි ඔබ මිළදී ගන්න බලාපොරොත්තු වෙන නිශ්පාදන වල සාම්පල ඉල්ලාගෙන ඒවා ඔබේ සමේ වර්ණයට ,ඔබට ගැලපෙනවාදැයි පරික්ශා කර බලන්න.විශේශයෙන්ම ඔබ කලින් භාවිතා නොකල නිශ්පාදනයක් නම් අනිවාර්යයෙන්ම මෙම පියවර අනුගමනය කර බලන්න

මිළ ගණන්

ඔබේ පසුම්බියට සරිලන මේකප් වර්ග මිළදී ගන්නත් අමතක කරන්න එපා.නමුත් මිළෙන් අඩු නිශ්පාදන බොහෝවිට ව්‍යාජ ඒවා විය හැකි නිසා ඒ ගැනත් සැලකිලිමත් වෙන අතර ඔබට ගැලපෙන,ඔබේ අවශ්‍යතාව අනුව ඔබ අතේ ඇති මුදලට මේකප් මිළදී ගන්න

කල් ඉකුත් වන දිනයන්

මෙයත් ඉතාම වැදගත්. ඔබ මිළදී ගන්නා නිශ්පාදන කල් ඉකුත් වන දිනයන් ගැනත් ඒවා මිළදී ගැනීමට පෙරම සොයා බලන්න.ඔබට කොපමණ කාලයක් නිශ්පාදනය භාවිතා කිරීමට පුලුවන් දැයි එයින් යම් නිගමනයකට එළඹෙන්න ඔබට පුලුවන්

වෙළඳ නාම

ඔබ මිළදී ගන්න නිශ්පාදනයේ වෙළඳ නාමය නිවැරදිව තිබෙනවාදැයි කියා අනිවාර්යයෙන්ම පරික්ශා කර බලන්න.ඉතා ගුණාත්මක සහ ප්‍රසිද්ධ වෙළඳ නාම වලට සමාන නාම වලින් සහ සමාන ලාංඡන වලින් සමන්විත නිශ්පාදන වෙළඳපලේ ඕනෑ තරම් තිබෙනවා.ඒ නිසා එවැනි නිශ්පාදන වලට රැවටී ඔබේ මුදල් නිකරුනේ අපතේ යවාගන්නට එපා

මේ කරුණු ගැන සැලකිලිමත් උනොත් නම් ඔබ මේකප් මිළදී ගත්තට පස්සේ අමාරුවේ වැටෙන්නෙ නැති වෙයි.ඒ වගේම විශ්වාසවන්ත වෙළඳසැලකින් වගේම හොඳ ආයතනයකින් නිශ්පාදනය කෙරෙන මේකප් වර්ග මිළදී ගන්නත් ඔබ අමතක කරන්න එපා.මොකද වෙළඳපළේ අද වෙනකොට නිශ්පාදන බොහොමයක් තිබෙනවා.ඉතින් මේ කරුණු සැලකිල්ලට අරගෙන ඔබ මේකප් මිළදී ගත්තොත් ඔබේ පසුම්බියටත් එය ලොකු වාසියක්

Related Articles

Don't Miss


Latest Articles