අක්මාවේ මේදය තැන්පත් වීම හෙවත් Fatty liver ගැන ඔබ නොදත් කරුණු.

අක්මාවේ මේදය තැන්පත් වීම ගැන ඔබ මොනවද දන්නේ? මම හිතනවා ඔබට ඒ ගැන ලොකු අදහසක් නැතුව ඇති. හැබැයි Fatty liver කිව්වොත්? ඔබට ඒ ගැන අදහසක් තියේවි. අක්මාවේ මේදය තැන්පත් වීම කියන්නේ වර්තමානයේ වේගයෙන් හිස ඔසවන ව්‍යවසනයක්.Fatty liver එන්නේ ඩ්‍රින්ක්ස් ගන්න අයට විතරයි කියලා හිතලා මඟ අරින්න හදනවා නම්!

පොඩ්ඩක් නවතින්න..
මේ කතා කරන්නේ වැරදි ආහාර පුරුදු ඇති ඔබට!

අක්මාව අපේ ශරීරයේ තිබෙන විශාලම ඉන්ද්‍රියයක්. එය මගින් ජීර්ණයට අවශ්‍ය කරන එන්සයිම වර්ග නිෂ්පාදනය කරනවා. පිත නිෂ්පාදනය කරන්නේත් අක්මාව මගින්. ඒ වගේම ශරීරයට ඇතුළු වන විෂ රසායනික පදාර්ථයන්හි විෂ හරණය කිරීමත් සිදු වෙනවා ජීවිත කාලය අවසන් කරන රුධිරානු බිඳවැටීම මෙන්ම සමහර අවස්ථාවලදී රුධිරය නිෂ්පාදනයද අක්මාව මගින් සිදුකරනවා.
මේ ආකාරයට අක්මාව මගින් සිදුකරන සියලු කාර්යයන් අක්මාවේ ඇතිවන රෝගී තත්ත්වයනුත් සමඟ අඩාල වෙනවා. අක්මාවේ මේදය තැන්පත් වීම කියන්නේ අක්මාව රෝගී වන එක අවස්ථාවක්.

මොකක්ද ෆැටී ලිවර් කියන්නේ?

සාමාන්‍යයෙන් සිරුරේ ඕනෑම තැනක වගේ අක්මාවෙත් මේදය තැන්පත් වීම සාමාන්‍ය දෙයක්.නමුත් සාමාන්‍ය අවස්ථාවේදී මේදය තැන්පත් වීම සියයට 5ක් පමණ වන අතර එය සියයට 40 දක්වා ඉහළ යාම Fatty liver ලෙස හඳුන්වනවා.මෙය අවුරුදු හතලිහට පසු සෑදෙන රෝගයක් ලෙස හැඳින්වුවත් දැන් දරුවන්ට පවා මෙය හට ගන්නවා.

කියවන්න :  ඔසප් සමයේ දී කාන්තාවන් වෙනදාට වඩා කෝපයට පත් වන්නේ ඇයි?

හේතුව වැරදි ආහාර රටාවයි.

මෙයට හේතු මොනවද?

  • වැරදි ආහාර රටා
  • අධික මත්පැන් පානය
  • ව්‍යායාම නොකිරීම
  • සිරුරේ ස්ථූලතාවය
  • රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාම
  • දියවැඩියාව
  • අධික රුධිර පීඩනය
  • ජාන තත්ව
  • සමහර ඖෂධ දීර්ඝ කාලීනව භාවිතා කිරීම
  • පෝෂණ ඌණතා.
  • සිරුරේ බර අඩුවන ඖෂධ ලබා ගැනීම සහ සැත්කම් කිරීම

මේ හේතු නිසා අක්මා සෛල විනාශ වී අක්මාවේ ඇති මේදය හරි හැටි දහනය නොවීමෙනුයි රෝගය හටගන්නේ.

මොනවද රෝග ලක්ෂණ?

  • සිරුර අප්‍රාණික වීම.
  • සිරැරේ බර අඩුවීම
  • ආහාර අරැචිය
  • උදර වේදනාව,
  • මළබද්ධය
  • රෝගී වූ අක්මාව ඉදිමීම නිසා උදරය ඉදිමීම

රෝගයෙන් ආරක්ෂා වෙන්න අපිට කළ හැකි දේ.

අපි රෝගයට හේතුවන සියලුම හේතුවලින් වැලකීමට වග බලා ගන්න ඕනෑ.රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම වැඩිවීමද රෝගයට හේතුවක් වන නිසා කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරගැනීම, අධික තරබාරු නම් ආහාර පාලනය සහ ව්‍යායාම කිරීම, දියවැඩියාව ඇත්නම් සිරුරේ සීනි මට්ටම පාලනය, සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් දිනපතා ලබාගැනීම ෆැටී ලිවර් වළක්වා ගන්න හේතුවක්.

මීට අමතරව

එළවළු පළතුරු හොඳින් ආහාරයට ගැනීම
ඕනෑම එළවලු පළතුරු වර්ගයක් මේ රෝගයට ගුණදායකයි

පෝෂණය ඉහළ ආහාර ලබා ගැනීම.
කොළ වර්ග, ධාන්‍ය, කුඩා මාළු වර්ග, තෙල් රහිත මස් ආහාරයට එකතු කර ගැනීම

කියවන්න :  අළු හම් සුව කරන්න පුලුවන්ද?

සිරුරට අගුණ ආහාරවලින් වැළකීම
අධික ලුණු සහිත ආහාර, තෙල් හා අධිකව මිරිස් හා කුළුබඩු ආහාරවලට එක්කර නොගැනීම.

මත්පැන් වලින් වැළකීම.

හොඳින් ජලය පානය කිරීම.

සිරුරේ බර අඩු කර ගැනීමට නිර්දේශයකින් තොරව ඖෂධ ලබා නොගැනීම
ෆේස්බුක් සමූහ හෝ යූ ටියුබ් ලින්ක් වල ඇති බර අඩු කරන ඖෂධ සහ පාන වර්ග අත්හදා බලන්නට යාමත් ඔබට ෆැටී ලිවර් ඇති වීමට හේතුවක්.බර අඩු කරගන්නට අවශ්‍ය නම් අනිවාර්යයෙන් පෝෂණවේදියෙකු හමු වෙන්න.

ඔමේගා 3 වැනි හිතකර මේද අම්ල වැඩිපුර ආහාරයට ගන්න.

ඔබ දිගින් දිගටම ඖෂධ වර්ග පාවිච්චියට ගන්නවා නම් අක්මා පරීක්ෂාවක් කර ගන්න.

ඔබ අක්මාව ගැන නොසලකා හැරීම නිසා ෆැටී ලිවර් තත්ත්වය දිගටම පැවතීමෙන් සිරෝසිස් රෝගයට ලක් වුණොත් ඔබේ අක්මාව යළි ප්‍රකෘති තත්වයට ගන්න බෑ. ඒ නිසා සෑමවිටම ඔබේ සිරුර ගැන විපරම් සහගත වෙන්න.

මේ හැමදෙයකින්ම ඔබට මතක් කරන්නට උවමනා දෙයක් තිබෙනවා. ස්මාර්ට්ලේඩි අපි ඔබව නිරන්තරයෙන් දිරි ගන්වන්නේ සෞඛ්‍යමත් ආහාර රටාවක් පවත්වාගෙන යන්නටත් නිතර ජලය පානය කරන්නටත් ව්‍යායාම කරන්නටත් බව අපේ ලිපි නිරන්තරයෙන් කියවන ඔබ දැනටමත් දන්නවා. ඕනෑම කරදරකාරී අසනීප තත්ත්වයක් වළක්වාගත හැකි මැජික් බලයක් මේ කාරණාවලට තිබෙනවා නේද?

ඒ නිසා ඒ ස්වර්ණමය රීතින් තුන ජීවිතයට අලවා තබා ගන්න.නිරෝගී බව සුරැකේවා!

පිටපත් රචිකාවක ලෙස මාධ්‍ය ආයතන කිහිපයක සේවය කර ඇත. කාන්තා පුවත්පත් වලට තීරු ලිපි රචනයෙන් දායක වී ඇත.පළමු ළමා නවකතාව "අඬනහිරියා" 2019 රාජ්‍ය සාහිත්‍ය සම්මාන සඳහා නිර්දේශ විය.
3.3 4 votes
Article Rating
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments