ගෘහණියකට ඇයගේ දැනුම වැඩි වෙන තරමට පවුලේ දියුණුව සලසා ගන්නට පුළුවන්.ඒ ඇය ඉතාමත් සකසුරුවම්ව කටයුතු කරන නිසාවෙන්.සකසුරුවම් ගෘහණියකගේ කුස්සියෙන් ඉවත දැමීමට දෙයක් සොයා ගැනීම තරමක් අපහසු දෙයක් .ඉතින් අපි හොයලා බලමු මොනවද මේ රස රහස් කියල. ඔබ මේ දේවල් පුරුදු වෙනව නම් ඔබේ නිවසටත් සිරි දෙව්දුව පැමිණේවි…

- අලු කෙසෙල් උයන විට පොතු ටිකට මොකද කරන්නේ.ඒවා වීසි කරන්න නම් හිතන්නවත් එපා.පොතු ටික සිහින්ව ලියා එයට හාල්මැස්සන් එකතු කර කිරිදමා හින්දන්න.පසුව තෙම්පරාදු කරන්න.වෑංජන දෙකක්ම ඕන් හරි.
- පාන්දරින් රැකියාවට යන බොහෝ අය බත් උයන්නේ.හිමිදිරි පාන්දර.බත් පිසූ පසු දෙහි බිංදු කිහිපයක් එයට ඉසින්න.ඉක්මනින් නරක් නොවේවි.
- පිසීමට හාල් ගන්නා විට ඉන් ටිකක් වෙනත් භාජනයකට දමන්න.හදිසියකදී බෙහෙවින්ම ප්‍රයෝජනවත් වේවි.

- කොස් ,දෙල් ,අඹ,බිලිං ආදිය බහුල කාලයේදී ඒවා වේලාගෙන අවාරයේදී භාවිතා කිරීමට හැකියාව තිබෙනවා.ඒ වගේම දෙහි ලාභ කාලයේදී දෙහි මිලදී ගෙන ඒවා ලුණු දෙහි දමා තබන්නට පුලුවන්.
- මාළු වර්ග සඳහාත් මේ සිදු කළ හැකියි.උම්බලකඩ ලෙස වේලා පිරිසුදු ලෙස තබා ගන්නට පුළුවන්.

- පොල් මිරිකා ගත් පසු පොල් කුඩු ටික අව්වේ වේලන්න.හොඳින් වේළුණු පසු තෙල් මෝලට දී තෙල් හිඳ ගන්න.

- සමහර පලතුරු වර්ග,මස් වර්ග ආදිය මී පැණිවල දමා කල්තබා ගන්නට පුළුවන් .
- සීනි දැමීම වගේම අච්චාරු දැමීමත් අපේ අත්තම්මලා නිතරම භාවිතා කරපු උපක්‍රමයක්.මේ නිසා නිකරුනේ කෑම බීම අපතේ ගියේ නැහැ.
- කොස් කල්තබා ගැනීම සඳහා ක්‍රම කිහිපයක්ම භාවිතා කරනවා.වියලීම හැරුණුකොට අටු කොස් සාදා ගැනීම එහි එක් උපක්‍රමයක්.අටු කොස් දෙවිදියකට සාදාගන්නට පුළුවන්.ඇට ඉවත් කර සිහින්ව කපාගත් මදුලු නටන උණු වතුර උණු වතුරේ බාගෙට තම්බා තද අව් රශ්මියේ වියළා ගැනීම.
- ලුණු දමා තම්බාගත් කොස් තද අව් රශ්මියේ වියළා ගැනීමෙන් ද රසවත් ආහාරයක් සකසා ගන්නට පුළුවන්.සුළං නොවදින ලෙස අසුරා තැබීමෙන් සෑහෙන කාලයක් ඒවා භාවිතා කරන්නට පුළුවන්.
- ඒ වගේම ගෘහණියට අමතර ආදායමක් ලෙස ආර්ථිකව වර්ධනය කර ගැනීමටත් මෙය ඉතාමත් සුදුසු දෙයක්.
- පලා වර්ග හොඳින් පිරිසිදු කර ලූණු වතුරින් සෝදා වියළා ගන්නට පුළුවන්.වියළාගත් පළා හොඳින් කුඩුකර බෝතල්වල අසුරා ගන්න.කැඳ සෑදීමේදී ත්,වෙනත් විවිධ ආහාර වර්ග සාදා ගැනීමේදී ත් මිශ්‍ර කරන්නට පුළුවන්.

- බෙලි ගෙඩියේ මදය භාවිතා කිරීමෙන් පසු බෙලිකටු හොඳින් සෝදා කුඩා කොටස් වලට කඩා තද අව්වේ හොඳින් වියලන්න.තේ ලෙසට පානය කිරීමට හැකියි.