සැමියාගෙන් ඔබ බලාපොරොත්තු වන ආදරයම ඔහුත් අපේක්ෂා කරන බව තේරුම් ගන්න.

ගණුදෙනුව සහ කැපකිරීම කියන වචන දෙක විවාහය තුළ සම්පූර්ණයෙන් ම වෙනස් වචනයක්.මේ වචන දෙකේ තේරුම හරිහැටි වටහා ගන්න නොහැකි වුණොත් ඔබට ගැටළු රාශියකට මුහුණ දෙන්න සිදු වෙනවා.දෙදෙනා උදෙසා කැපවෙනවා කියලා හිතුවට ඔබ කරලා තියෙන්නේ ගනුදෙනුවක් විතරක් නම්?

උපදේශන වෘත්තියේ ලද අත්දැකීම් ඇසුරෙන් මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥ රත්නා පුෂ්පකුමාරි මහත්මිය අද ඔබට ගනුදෙනු සහ කැපකිරීම් අතර පවතින වෙනස ගැන කියන්න තමයි මේ කතාවෙන් උත්සාහ කරන්නේ.

නයෝමි සහ විරාජ් ප්‍රේම සම්බන්ධයකින් විවාහ වෙලා දැන් අවුරුදු පහක්.ඔවුන්ට අවුරුදු දෙකක පුංචි පුතෙක්ද ඉන්නවා. ඔවුන් උපදේශනයට එන්නේ එකිනෙකා තදබල ලෙස නුරුස්නා තත්වයක ඉන්න නිසා.

“ඇයි මෙහෙම වුණේ?”

ඒ ප්‍රශ්නයට කියන්න දීර්ඝ කතාවක් තිබුණේ විරාජ්ට.

“මෙයා මගෙ කිසිම වැඩකට උදව් කරන්නේ නෑ.මං රස්සාවට යනකොට නයෝමි නිදි.මං ආවමත් තේ එකක්වත් හදලා දෙන් නෑ.පුතා එක්ක සෙල්ලම් කර කර ඉන්නවා.ඊටපස්සෙ නිදා ගන්නවා.සෙක්ස්‍ රිලේෂන්ශිප් එකක් තිබ්බට වෙන කිසිම දෙයක් මෙයා මං වෙනුවෙන් කරන්නෑ.මට හිතෙන්නෙ නයෝමිව එක්කන් ආපු එකෙන් මට ලැබුණු අලුත් දේ ලිංගික ජීවිතේ විතරයි..”

ඔහු එහෙම කියද්දී නයෝමි හඬන්නට පටන් ගන්නවා.ඇගේ කතාව වෙනස්.අපි ඔබට කියන ගැටළු බොහොමයක බොහොම ගැටළුකාරී නැන්දම්මලා හිටියත් ඇයට ලැබිලා ඉන්නෙ තවත් මවක්.හැබැයි ප්‍රශ්නෙ තියෙන්නෙත් එතනමයි.

“විරාජ්ගෙ අම්මා ගෙදර හැම වැඩක්ම කරනවා.මං උදේට උයන්න හයට විතර නැගිටින්න පුරුදු වෙලා හිටියට අම්මා පාන්දරම නැගිටලා උයනවා.මට නිදා ගන්න කියනව.විරාජ්ගෙ හැම වැඩක්ම අම්මා මට කලින් කරනවා.ඇත්තටම ඒ එයාව අයිති කරගන්නවත් මගෙ වැරදි පෙන්නන්නවත් නෙවෙයි.එයාට පුරුදු වැඩ කරලා.අම්මා මට කරන්න කිසිම වැඩක් ඉතුරු කරන් නෑ.අම්මා හරිම කඩිසර කෙනෙක්.ඒ නිසා මං දෙයක් කරන්න හදනකොට අම්මා වැඩ කරල ඉවරයි..විරාජ් හිතන්නෙ ඒ මගේ කම්මැලිකම කියලයි..”

ඇය කිසිම දවසක විරාජ් වෙනුවෙන් තේ කෝප්පයක තරමට සාදා දී නෑ.ඔහු ආහාරයක් ලෙස බිත්තර ඔම්ලට් එකක තරමේ දෙයක් සාදන්න ඇය ක්‍රියා කරලා නෑ.විරාජ්ගේ ඇඳුමක් මැද දී නෑ.ඔහු ඒවා ඇය අතින් ඉටු වෙන තුරු ආසවෙන් බලා සිටිනවා.විරාජ්ගේ අම්මාට වරදක් කියන්නට නොහැකි ඇය නයෝමිට ගෙදර පාලනය නොදී ඉන්නවා නොවේ.නයෝමි කිසිවක් බැරි කෙනෙක් බව ඔප්පු කරන්න කටයුතු කරනවත් නෙවෙයි.නයෝමි ඒ තරම් ගෙදර වැඩට ප්‍රිය නොකරන නිසා අම්මා සියල්ල කරන්නේ අහිතකින් තොරව. නයෝමි ඉන් ප්‍රයෝජන ගෙන හැම දෙයක්ම අම්මාට කරන්නට ඉඩ හැරලා අවසන්.

විරාජ්ගේ අම්මා එතැන වැරදි නැහැ.නයෝමි ඇත්තටම අලුත් ගෙදර අලුත් අම්මාටත් හුරතල් වෙන්නට යාම නිසා ඒ අම්මා ඇයව දරා ගන්නවා.ඒත් විරාජ් එයට කැමති නෑ.ඔහු කැමති ඇය ඔහු වෙනුවෙන් තේ කෝප්පයක් හෝ සාදා දෙනවාට.

අපි මේ කතාවෙන් කියන්නේ ඔබ කිසිම කෙනෙකු වහලියක් ලෙස කටයුතු කළ යුතු බව නම් නෙවෙයි.නමුත් ඔබ ඔහුට යම් යම් අත් උදව් දෙනු ඇතැයි සැමියෙකු බලාපොරොත්තු වෙනවා.රැකියාවට ගොස් ඔහු එන්නේ වෙහෙසින් පීඩිතව.එවැනි විටෙක ඔහු වෙනුවෙන් තේ කෝප්පයක් සැකසීම අම්මා කළ යුතු නෑ.ගෙදර දෛනික ආහාර සැකසීම අම්මා,නැන්දම්මා හෝ නිවසේ අත් උදව් දෙන්නිය කිරීම ගැටළුවක් නෙවෙයි.නමුත් ඉඳහිටක ඔහු කැමතිම ව්‍යාංජනය පිසින්න.ඔහුට කේක් එකක් පුඩිමක් සාදා දෙන්න.ඔහුගේ ඇඳුමක් මැද දෙන්න.
ඔබ ඔහු වෙනුවෙන් යම් යම් උදව් කිරීම ඔහුට සතුටක්.ඔහු එනතුරු මඟ බලාසිටීම පවා ඔහුට සතුටක්.ඔහුට බෙහෙත් බොන වෙලාව මතක් කිරීම, දවල් ආහාර ගත්තද කියලා මැසේජ් එකක් යැවීම පවා ඔහුට සතුටක්.Caring and sharing කියන්නේ පවුල් ජීවිතයට අත්‍යවශ්‍ය දෙයක්.

මිතුරියනි,

අපි බොහෝ කතාවල ලියා තිබෙන්නේ සැමියන් නිසා පීඩා විඳින කාන්තාවන් ගැන.ඒ නිසා බිඳී ගිය පවුල් ගැන.නමුත් ඔබ නොදන්නවාට ඔබේ වගකීම් විරහිත භාවය ද පවුලට හානියක් කරන්න ඉඩ වැඩියි.

වගකීමෙන් ජීවත් වීමත් ඔහු වෙනුවෙන් කැපවීමත් ගනුදෙනුවක් නෙවෙයි.වහලියක වීමත් ආදරණීය බිරිඳක් වීමත් සහමුලින්ම වෙනස් දේවල්.

ඒ ගැන හොඳින් අවබෝධ කර ගන්න.

මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥ හා ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා රත්නා පුෂ්ප කුමාරි මහත්මියගේ උපදේශන සේවය ඔබට අවශ්‍ය නම් 0714113457 / 0740650012 යන Whatsapp අංක ඔස්සේ පනිවිඩයක් යවා ඇගේ වෘත්තීයමය සේවය ලබාගන්නා ආකාරය දැනගත හැකියි.

Related Articles

Don't Miss


Latest Articles