Chat With Smart Lady -මයුමි ශ්‍රීමාලි

Chat With Smart Lady මේ සතියේ අපේ කතාබහට එකතු වෙන්නෙ 2016 වසරේ Mrs Universe තරඟාවලියේ තෙවන ස්ථානය ජයග්‍රහණය කල සහ Global Youth Ambassador තරඟාවලියේ ජාතික අධ්‍යක්ශ ලෙස කටයුතු කල නිරූපණ ක්ශේත්‍රයේ මේ වනවිට බොහෝ දුර ගමනක් පැමිණ සිටින මයුමි ශ්‍රීමාලි මහත්මියයි

කොහොමද මේ දවස් වල ඔබේ වැඩ කටයුතු ?

මේ දවස් වල කොවිඩ් තත්වය එක්ක වැඩක් කරන්න අමාරු උනා.නමුත් පවුල ඇතුලේ කාර්‍යබහුලයි බබාගේ ඉස්කෝලේ වැඩත් එක්ක.මේ අවුරුද්දේ අලුත් වැඩක් කරන්න බලාපොරොත්තුවෙන් ඒ කටයුතු සංවිධානය කරමින් පවතිනවා.ඒවත් එක්ක යම්තාක් දුරට කාර්‍යබහුලයි

ඔබ 2016 විවාහක රූ රැජිණ තරඟයේ තුන්වන ස්ථානය ලබා ගත්තා.ඒ මතකය අවදි කලොත් ?

මම 2016 Mrs Universe තරඟයට ඉදිරිපත් වෙනවා.ඒකෙන් 2nd runner up නැත්තම් , තෙවන ස්ථානය ජයග්‍රහණය කරනවා.ඒක ඇත්තටම හරි සොඳුරු මතකයක්.මම ඒ තරඟයට ඉදිරිපත් වෙනකොට මගෙ බබාට වයස අවුරුද්දයි.එතකොට තරඟය ඇතුලේ ක්ශේත්‍රයේ ප්‍රසිද්ධ අයත් හිටපු නිසා ලොකු තරඟයක් තිබුනා.ඉතින් මට ඒ අතරින් තෙවන ස්ථානයට එන්න හැකියාව ලැබුනා.ඒ ගැන එදත් තිබ්බේ, අදටත් තියෙන්නෙ නිහතමානී සතුටක් සහ ආඩම්බරයක්.ඒක අදටත් මම භුක්ති විඳිනවා.2017 පිලීපනයේ තිබ්බ Mrs eco tourism queen කියන තරඟයට මට සහභාගි වෙන්න පුලුවන් උනා.ඊට පස්සෙ රටවල් ගණනාවක් එක්ක national directorship එකට අවතීර්ණ උනා.ඒකට අවතීර්ණ වෙන්න කලින් ජපානයේ peoples choice award එක , golden peacock award එකත් අරගෙන, ක්ශේත්‍රයට ඇතුලත් වෙන්න ඕන සුදුසුකම් සපුරාගෙන තමයි national director කෙනෙක් විදියට මේ ක්ශේත්‍රයට ඇතුලත් උනේ.ඒකෙනුත් global youth ambassador national director විදියට තමයි ලංකාවෙන් එලියට එන්නෙ.

ඔබ රූ රැජිණ තරගාවලියේ ජාතික අධ්‍යක්ශ වශයෙනුත් කටයුතු කලා.කාන්තාවක් හැටියට කොහොමද ඒ වගකීම සම්බන්ධ අත්දැකීම ?

ඒක ලොකු වගකීමක්.මම හිතනවා මම ඒක හරියටම ඉශ්ට කලා කියලා.මම national director හැටියට කටයුතු කරපු පලවෙනි තරඟයෙන් මම එළියට දුන්නේ යුගානි ගුණතිලක සහ රුක්මල් සේනානායක යන දෙන්නව.මම national director කියලා විශේශයක් තිබුනේ නෑ මම එයාලා එක්ක බොහොම ළඟින් වැඩ කලා.මම හිතන්නේ ඒක හේතුවක් උනා එයාලා ඒ තරඟයෙන් ජයග්‍රහණයක් අපේ ලංකාවට අරන් එන්න.මගේ තෝරාගැනීම හරි කියලා මම හිතනවා හරියටම.තරඟය පැවත්වුනේ පිලිපීනයේ.ඉතින් ලංකාවෙන් පිටට ගියාම අපි තුන් දෙනා විතරයි .අනිත් රටවල් එක්ක බලද්දිත් යුගානි සහ රුක්මල් යන දෙන්නා ඉතාම දක්ශයින්.ඒ දෙන්න අද සමාජයේ හොඳම තැන්වල ඉන්න එක ගැනත් මම නිහතමානීව ආඩම්බර වෙනවා.

මෙවැනි තරඟාවලි වලට සහභාගි වෙනකොට ගොඩක් වෙලාවට තරුණියන්ට විවිධ පුද්ගලයෙන්ගේ බලපෑම් එල්ල වෙනවා.එහෙම නොවී Smart විදියට කොහොමද මේ තරග වලට සහභාගි වෙන්නෙ ?

ලංකාවෙ සමාජය ගත්තොත් අපි ඉන්නෙ modeling කියන ක්ශේත්‍රයේ .ඉතින් ඒක ගොඩක් පහල තත්වයට දාලා තියනවා ලංකාව ඇතුලේ.රටවල් ගණනාවක තරඟ වලට සහභාගි වෙලා ඒවයේ මාධ්‍ය සාකච්ඡා වලට සහභාගි වෙලා මම දැකලා තියනවා අපේ රටේ මේ ක්ශේත්‍රයට දෙන්නෙ නැති ලොකු තැනක් ඒ රටවල් වල මේ ක්ශේත්‍රයට දෙනවා.ඒ රටවල් වල බොහොම ගරු කරන වෘත්තියක් හැටියට පිළිගෙන තියනවා මේක.ලංකාවේ ඒ තත්වය අඩුයි.ඉදිරියෙදි එහෙම වෙනවා නම් හොඳයි .මේ ක්ශේත්‍රයට එනකොට මිනිස්සු අපි දිහා බලන කෝණය වෙනස්.මේ ක්ශේත්‍රයේ ඉන්න ඕන කාන්තාවක්ව තමන්ට නම්ම ගන්න පුලුවන් කියලා හරිම නරක විදියට හිතන අවස්ථා තියනවා.අපි smart විදියට මෙ ක්ශේත්‍රයට එනවා කියන්නේ ,තරඟ වලට සහභාගි වෙනවා කියන්නෙ අපි එතන ඇවිදිනවා කියන එක විතරක්ම නෙමෙයි.ඒ pagent එකේදි අපේ discipline , අපි කතා කරන විදිය ,අපේ personality එක ලස්සනට එළියට එනවා නම් අපි ඇවිදින එක ලස්සනට පේනව කියලා මම හිතනවා.අවිවාහක රූ රැජිණ හෝ විවාහක රූ රැජිණ වේවා ඒකෙදි මම නම් පෞද්ගලිකව හිතන දෙයක් තමයි අර මම කියපු හැම සාධකයකම එකතුවක් රූ රැජිණක් තුල තිබිය යුතුයි කියන එක.අන්න එතකොට බොහොම smart විදියට මේ ක්ශේත්‍රයට එන්න පුලුවන් . බාහිරින් ප්‍රශ්න එනවා, නමුත් ඒවට අපි හිස නැමුවොත් පමණයි අපිට ඒවයින් තර්ජනය තියෙන්නේ.අපි ඒවා ගණන් නොගෙන smart විදියට මුහුණ දෙනවා නම් අපිට ලොකු ගමනක් යන්න පුලුවන් .

රූ රැජිණ තරගවාලි වලට සහභාගි වෙනකොට සාමාන්‍යයෙන් තරුණියක් එන්න ඕන මාර්ගය මොන වගේද ? මොනවද හදාගන්න ඕන සුදුසුකම් සහ හැකියාවන් ?

Pagent එකකට ඇතුලත් වෙන්න කලින් අපි ප්‍රධාන වශයෙන් කියන්නේ අපේ figure එක හොඳට maintain වෙන්න ඕනේ.ඒ වගේම හිසේ ඉඳන් හැමදේම නීට් වෙන්න ඕනේ.විශේෂම දේ ඔබ කලුද සුදුද කියන එක අදාල වෙන්නෙ නෑ මෙතනදි.මොකද සම කලු මිනිස්සුත් ලෝකේම දිනලා තියනවා.අනික අපි ඉස්කෝලේ ගිහින් එක වසරේ ඉඳන් ඉගෙන ගන්නවා වගේ මේ ක්ශේත්‍රයට එනකොටත් ඉගෙන ගන්න දේවල් ටිකක් තියනවා.ඉතින් ඒ qualities maintain කරන්න ඕනේ.ඒ වගේම ඒ ළමයට මුහුණ දීමේ හැකියාව තියෙන්න ඔනේ , සබකෝලය තියනවා නම් එයාට ස්ටේජ් එකක ඇවිදින්න අමාරුයි.එයා මිනිස්සු දැක්කම බය වෙනවා නම් එයාගේ features එලියට එන්නෑ.මම කලින් කිව්ව වගේ ඇවිදින එක විතරක්ම නෙමෙයි මේ හැමදේම පරිපූර්ණ කරගෙන එන්න පුලුවන් නම් මේ ක්ශේත්‍රයේ ගමන ගෙනියන්න පුලුවන් එයාට

විවාහක සහ අවිවාහක රූ රැජිණ තරඟවාලි සම්බන්ධයෙන් සමාජයේ විවිධ වැරදි මත තිබෙනවා.ඒ ගැන ඔබ තියන අදහස මොකද්ද ?

මේ වෙද්දි pagent කියන එක ගත්තොත් ගොඩක් තියනවා.ඒක කාගෙද ,මොකද්ද ,කවුද මේක කරන්නේ කියලා තෝරා බේරාගන්න හරි අපහසු තත්වයක් තියනවා.මම 2016 pagent එකකට මුහුණ දෙනකොට දැන් වගේ පැජන්ට් ගොඩක් තිබ්බෙ නෑ.ඒකෙන් ජයග්‍රහණය කලේ උදාරි පෙරේරා. තව එක්කෙනෙක් හිටියා 1 st runner up වෙච්ච.ඉතින් අපි ඇරුනම මම හිතන්නෑ ඒ අවුරුද්දට වෙන කවුරුත් හිටියා කියලා .මේ අවුරුදු ගානට වෙලා තියන ලොකු වෙනසත් එක්ක ගොඩක් සමාජයේ අය ,ගෙවල් වල අය ,දෙමව්පියන් හිතන් ඉන්නේ පැජන්ට් කියන්නේ කඩේ ගිහින් අරන් එන්න පුලුවන් වගේ දෙයක් කියලා හිතන තැනට පත් වෙලා තියනවා.මම ගැහැණු කෙනෙක් විදියට , national director කෙනෙක් විදියට වගේම අම්මා කෙනෙක් විදියට මම පැජන්ට් එක කරද්දි මාත් එක්ක හිටපු ළමයි දන්නවා මම කවදාවත් එයාලට වචනෙකින් වත් හානියක් වෙන්න සිද්ධ කරලා නෑ කියලා .මොකද කලින් පැජන්ට් එකකට සහභාගි උන කෙනෙක් හැටියට වෙලා තියන ප්‍රශ්න මම දැකලා අහලා තියනවා.ඉතින් අපි මේකට ඇතුලත් වෙද්දිම අපිට ප්‍රශ්න එනවා.මොකද අපේ සමාජය විවිධාකාරයිනෙ.ඒ ප්‍රශ්න වලට අපි reaction එකක් දීලා ඉදිරියට ගියොත් තමා අපි අපේ ජිවීතේට තව ප්‍රශ්න ඇතුල් කරගත්තා වගෙ වෙන්නෙ.අතලොස්සක් දෙනා තමයි මේ ක්ශේත්‍රය දිහා නරක විදියට බලන්නෙ සහ පැජන්ට් වලට එන හැම ගැහැණු ළමයම හොඳ නෑ කියන තරමින් බලන්නෙ.ඉතින් මිස් ශ්‍රී ලංකා සහ මිසිස් ශ්‍රී ලංකා කෙනෙක් දිහා අපි බලන්නේ සහ එයාලට සලකන්නෙ බොහොම ගෞරවයෙන්.ඉතින් ඒ වගේ තැනකට එන්න අපි හදාගෙන එන දේවල් එක්ක අපි හරියට නැගී ඉන්නවා නම් අපිට එන බලපෑම් අඩුයි.සමාජයේ වරදක් වෙනකොට ගැහැනු අපි නිහඬව ඉන්න හොඳ නෑ.මම ක්ශේත්‍රයේ ඉන්න කෙනෙක් හැටියට මගේ කන් වලට ඇහිලා තියනවා ඔය වගෙ වැරදි දේවල් ඔන තරම්.නමුත් අපි ඒ දේවල් වලට නොයා අපේ quality එක maintain කරගෙන් ඉන්න ඕනෙ.

විවාහක කාන්තාවක් මෙවැනි තරඟාවලියකට සහභාගී වීමේ වැදගත්කම ඔබ දකින්නෙ කොහොමද ?

සමාජයේ ඉස්සර ඉඳලම මතයක් තියනවා ගැහැණු කෙනෙක් විවාහයෙන් පස්සේ ගෙදරට වෙලා ගෙදර වැඩ බලාගෙන ,දරුවන්ගේ කටයුතු කරගෙන ගෙදර ඉන්න ඕනෙ කියලා.නමුත් පිරිමියා විතරක් නෙමෙයි ගැහැණිය කියන කෙනාත් ජීවිතය විඳින්න ඕනේ.එයාගෙ පවුලෙන් පිටට තියන දේවල් දකින්න ඕනේ.මම ගත්තොත් මම පොඩි කාලේ මගෙ අම්මා අප්පචි සහ නංගි මල්ලිගෙන් එහාට ලෝකයක් දැකලා නෑ.මට හැමදේම , ගුරුහරුකම් ලැබුනේ පවුල ඇතුලෙන්.ඒවත් අරගෙන සමාජයට ආවට පස්සෙ මම දැක්කා මේ ලෝකේ ගොඩක් වෙනස් කියන එක.ඉතින් මේ වගේ තරඟයකට සහභාගි වෙන එකෙන් තමන්ට තමන් ගැන මාර අභිමානයක් එනවා.මම ස්ටේජ් එකක් උඩ ඉන්නකොට මේක දිනන්නෙ මෙයා කියනකොට ඇතිවුන අභිමානය ගැන කියන්න තේරෙන්නෙ නෑ.ඉතින් ඒක හරි ආසයි වගේම මතක් වෙද්දි සතුටුයි.ගොඩක් ගැහැණු අය තමන් ආස දේවල් හිතේ හිරකරගෙන ඉන්නවා ගෙදරින් අකමැතියි සැමියා අකමැතියි කියලා .ඉතින් අර වගේ පැජන්ට් එකකට ගියාම අපි ඇතුලේ ඉන්න කෙනා, අපේ හැකියාවන් ගොඩක් ඉස්මතු කරගන්න පුලුවන් .

මවක් හැටියට ඔබ ඔබේ දියණිය යා යුතු මාර්ගය ඇයට පෙන්වලා දෙන්නේ කොහොමද ? දරුවාට නිසි මග පෙන්වීමට මවකගේ වගකීම කොහොමද ?

මගේ දුව හැමදේකටම ඉදිරිපත් වෙන ගොඩක් දක්ශ කෙනෙක්.ඒ වගේම ගොඩක් ආදරේ හොයන කෙනෙක්.මම එයාට හැමවෙලේම තරවටු කරලා මේවා කරන්නෙපා කියලා කියන්නෙ නෑ.මම එයාට ගහපු අවස්ථාත් තියනවා.ගොඩක් වෙලාවට මම කරන්නෙ ,එයා වැරදි දෙයක් කලොත් ඒක එයාට උනා නම් කියන තැන ඉඳන් එයාට ඒක තේරුම් කරන එක.එයාගේ හැම දෙයක් දිහාම මම බලාගෙන ඉන්නේ.මට එයා එක්ක ගොඩක් වෙලා රැඳෙන්න බැරි වෙලා තියන නිසා එයා එක්ක තැනකට ආවම එහෙම එයා නිදහසේ ඉන්න බලනවා.ඒකට මම නීති දාලා ඒ මොහොතෙ එයාට ගහන්න බනින්න ගියොත් එයාට තරහක් , ලැජ්ජාවක් එන්න පුලුවන් .ඉතින් මම ගෙදර ගියාට පස්සෙ එයාට ඒ දේවල් කියනවා එයාගේ මානසිකත්වය ගැන හිතලා.මොකද අපි ඒ දේවල් ගැනත් අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන දරුවෙක්ව යහමගට ගන්න උත්සහ කරනවා නම් සහ හරි මාර්ගය පෙන්වලා දෙනවා නම්

නිරූපණ ක්ශේත්‍රයට පිවිසෙන්න බලාපොරොත්තු වෙන නවකයින්ට Smart විදියට ,කාගෙවත් බලපෑම් වලට ලක් නොවී ක්ශේත්‍රයේ ගමනක් යන්න නම් මොකද්ද ඔබ දෙන උපදෙස ?

මේ ක්ශේත්‍රය ඇත්තටම හොඳ කලාවක් සහ වෘත්තියක් .ඒ වගේම ගරු කල යුතු තැනක් මේක.ඒකට ඇතුලත් වෙන්න කවුරුත් අනිසි බියක් ඇති කරාගන්න ඕනේ නෑ. එහෙම නම් අද මයුමි ශ්‍රීමාලි කියලා කෙනෙක් බිහි වෙලා ඉන්නෙත් නෑ.ඉතින් තමන් හැදුන පරිසරය විවිධාකාර වෙන්න පුලුවන් නමුත් හොඳ කෙනෙක් විදියට මේ ක්ශේත්‍රයට එන්න.මම ක්ශේත්‍රයට එනකොට මා එක්ක වැඩ කලා නම් දහ දෙනෙක්, ඒ දහ දෙන දහ විදියක්.ඉතින් කවුරු හරි වැරදි දෙයක් කරනවා අපිට පේනවා නම් අපි ඒක ඒ කෙනාට කියන්න ඕනෙ.මම උනත් එහෙම කියලා තියනවා.ඒ වගේම අපිට විවිධ ප්‍රශ්න සහ බලපෑම් එනවා,පිරිමි අයගෙන් ප්‍රශ්න එනවා, යෝජනා ,චෝදනා සහ මඩ ප්‍රහාර ඇතුලු හැමදේම එනවා.ගැහැණියකට දරුවෙක් වදන්න ශක්තිය තියනවා නම් ඒ හැමදේටම මුහුණ දෙන්න ශක්තිය තියනවා.ඒ නිසා මේ ක්ශේත්‍රයට එන්නෙ හොඳ කෙනෙක් විදියට නම් ඒ හොඳ තියාගෙන ක්ශේත්‍රයේ දේවල් ඉගෙන ගෙන ඉදිරියට යනවා නම් ඔබට වත් කිසිම කෙනෙක්ටවත් හානියක් වෙන්නෙ නෑ.

අද Chat With Smart Lady අපේ කතා බහට එකතු මයුමි ශ්‍රීමාලි මහත්මියගේ කතාබහ ඔස්සේ ඔබ ජිවීතයට හරවත් යමක් එකතු කරගන්නට ඇතැයි අපි විශ්වාස කරනවා.ඒ වගේම ඇගේ ඉදිරි වැඩකටයුතු සහ සැලැසුම් සියල්ල සාර්ථක වෙන්න ස්මාට්ලේඩි අපි ඇයට සුබ ප්‍රාර්ථනා කරනවා !

තවත් මෙවැනිම කතා

More Stories

Don't Miss


Latest Articles