fbpx

හදවතේ ජීවමාන මගේ තාත්තා

ඕනෑම දියණියකගෙ ප්‍රථම ප්‍රේමය වන්නේ තාත්තාය.මා ද එවැනි දියණියකි.තාත්තා පස්සේම වැටි ජීවිතය ගෙවන්න කුඩා කල සිටම මට ඕනෑ විය. මගේ අනාගතය කෙසේ වුවත් තාත්තාව ඇස් මානයේ තබා ගැනීම මගේ අරමුණ විය. හෘදයාබාධයක් නිසා හදිස්සියෙ මියගිය අම්මාව සිහිපත් කරමින් තාත්තා මහ රෑට කඳුළු සලන බව මට ඕනෑ තරම් දැනී ඇත.

” අම්මා ඉන්නේ අපි ළඟමයි “

තාත්තා නිතරම කියන්නේ එහෙමය.අම්මා මිය යන විට මට අවුරුදු නමයකි. තරුණ වයසින්ම තනිවූ තාත්තා මා වෙනුවෙන් නොකල දෙයක් නැත.

නෑදෑ ගෙවල් වලට මා බාර කර රැකියාවට යන්නට අකමැතිවූ තාත්තා නිවසේ සිට කරන්නට රැකියාවක් හදාගත්තේය.දවස තිස්සේම පරිඝණකයට ඇස් ඔබාගෙන සිටින ඔහු මා පාසල් ගොස් එන වෙලාව වන විට සියලු වැඩ නතර කරයි.

අම්මාගෙන් හුරුවූ පිළිවෙල කුඩා කල සිටම මට ඒ විදියටම අවැසි වූ නිසා අම්මාගෙ මරණයෙන් පසු ගෙවුනු මුල් දිනවල තාත්තාට මා එක්ක වසන්නට ලෙහෙසි වූයේ නැත.පිළිවෙලට කොණ්ඩ කරල් ගොතන්නට , පාසල් නිල ඇඳුමේ රැළි එලෙසින්ම තබා මදින්නට, සපත්තු සුදෝ සුදු වනතෙක් පිරිසිදු කරන්නට තාත්තා අපහසුවෙන් වුවද හුරු වූයේ මා නිසාය.

” තාත්තා. හෙට දෙමව්පිය රැස්වීම “

මා එසේ කියන විට තාත්තාගේ මුහුණ අඳුරු වන්නේ වෙන කිසිවක් නිසා නොව, දෙමව්පිය රැස්වීමට අනෙක් බොහො ළමයින් පැමිණෙන්නේ අම්මා සහ තාත්තා සමඟ වුවත් මට යන්නට සිදුවී ඇත්තේ තාත්තා පමණක් සමඟින්ම වීම නිසාය.තාත්තා හිතන්නේ මගේ හිත රිදෙයි කියාය.නමුත් මගේ තාත්තා මට මහමෙරකි.

පාසල් යන දිනවලට වඩා මා වඩාත් ප්‍රිය කරන්නේ නිවාඩු කාලයටය. තාත්තා වැඩ කලත් මට ඔහු ළඟ දැවටි ඉන්නට බොහො ඉඩකඩ ලැබෙන්නේ මේ දිනවලය.

පතොක් ප්‍රේමය

පතොක් මලක ප්‍රේමය -15

පාට සේදුනු වත්සුනු

පාට සේදුණු වත්සුණු -7

මන්දාරම් හැන්දෑවක

මන්දාරම් හැන්දෑවක – 42

සඳක් කළ සක්මන්

සඳක් කළ සක්මන් -03

ඔබට ඇහෙනව නම්

ඔබට ඇහෙනවනම් -28

පළිඟු මන්දිර

පළිඟු මන්දිර – 32

පළිඟු මන්දිර

පළිඟු මන්දිර – 9

හේමන්ත සන්ධ්‍යා

හේමන්ත සන්ධ්‍යා -07

අහංකාර නගරේ

අහංකාර නගරේ -අවසන් කොටස

ඉඳුදුන්න

ඉඳුදුන්න -35

සුළං සීනු

සුළං සීනු – 4

මන්දාරම් හැන්දෑවක

මන්දාරම් හැන්දෑවක – 21

ඈත දුර ආකාසේ

ඈත දුර ආකාසේ -37

ඈත දුර ආකාසේ

ඈත දුර ආකාසේ -44

පළිඟු මන්දිර

පළිඟු මන්දිර – 18

Mini Stories

ආදරය කියන්නේ රැවටීම නෙවෙයි.

මන්දාරම් හැන්දෑවක

මන්දාරම් හැන්දෑවක – 3

ඔබට ඇහෙනව නම්

ඔබට ඇහෙනවනම් -23

ඈත දුර ආකාසේ

ඈත දුර ආකාසේ – 43

පතොක් ප්‍රේමය

පතොක් මලක ප්‍රේමය – 19

අම්මාගේ කෑම මෙන් තාත්තා උයන කෑම රස නැත.ඒත් මා ඒ කෑම ඉතා ඕනෑකමින් ගිල දමමි.

තාත්තාගේ උණුසුම තරම් අන් කිසිවක් මට සුවදායක නැත.ඔහුට ගුලිවී නිදන්නට මා වැඩියෙන්ම ප්‍රිය කරන්නේ ඒ නිසාය. විටෙක මහා රෑට ඇහැරෙන තාත්තා නිදි යහන පසෙක තබා ඇති අම්මාගේ සේයාරුව දෙස කඳුළු පිරි දෑසින් බලා සිටිනු මා හොරෙන් දැක ඇත්තෙමි.

ගැහැණු ළමයෙකුගේ ජීවිතයේ පසු කරන්නට විවිධ කඩඉම් ඇත. මට නුහුරු වූ එවැනි කඩඉමක් ගැන මා මුලින්ම කීවේ තාත්තාටය. එවිට මා යන්තම් අට වසරට පාස් වූවා පමණි.

කාමරයක් තුළට වී හිඳින්නට සිදුවූ ඒ දින අටක කාලය මගේ ජිවිතයේ දිගම කාලය විය.කාමරයෙන් එපිට ඇසෙන තාත්තාගේ හඬ, නැන්දලා පුංචිලාගේ සතුටු හිනා හඬ අස්සෙන් තෝරා බේරාගෙන අසන්නට මම ප්‍රිය කලෙමි.

” මගේ දුව දැන් ලොකුයි.අම්මා හිටියා නම් අද ගොඩක් සතුටු වෙයි “

තාත්තාගෙ කඳුලු පිරි දෑස් අද ඔහු මගෙන් සඟවන්නේ නැත. අලුත්ම අලුත් රත්තරන් කරාබු , වළලු ආදිය නෑදෑයන් තිළිණ කරද්දි තාත්තා මගේ ගෙල පැලඳුවේ අම්මාගේ කර මාලය ය.ඒ ඔහුට අලුත් මාලයක් ගන්නට ඇති නොහැකියාව නිසා නොව , මා තුලින් ඔහු අම්මාගේ හැඩ රුවම දකින්නට කැමති නිසාය .

මා සාමාන්‍ය පෙළ ඉහලින්ම සමත් වූදා තාත්තා මා තුරුලු කර බොහෝ වෙලා ඉකි ගසමින් හැඬුවේය.ඒ ඔහු බොහෝ කාලයක් තිස්සේ සිර කරගෙන හුන් කඳුළු බව මට සිතුණි.ඔහුට රිසිසේ හඬන්නට දී මම ඔහුගේ හද ගැස්මට කන් දීගෙන බොහෝ වේලා ඔහුට තුරුලුව සිටියෙමි.

මා පාඩම් කරමින් නිදි වර්ජිතව සිටින බොහෝ දිනවල තාත්තා නිදි වරමින් නිවසේ එහා මෙහා යමින්ද , පොත් කියවමින්ද කල් මැරුවේය. ඒ, තාත්තා කිසිම මොහොතක මා තනි කරන්නට අකමැති වූ නිසාය.

උසස් පෙළ විභාගය අවසන් වූ දින මා නිවසට කැටුව ආ තාත්තා බරැති හුස්මක් මුදා හැරියේය

” මෙච්චර ඉක්මනට කාලේ ගෙවිලා ඔයා ඉස්කෝලේ ගිහිල්ලත් ඉවරයි කියලා මට හිතාගන්නත් බෑ දෝණි “

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වී පාසලෙන් මා විශිෂ්ටම ප්‍රතිඵල ලබා ඇති බව දැනගත් දින මටත් වඩා සතුටු වූයේ තාත්තාය.

” මගේ කෙල්ලට වැඩි වැඩියෙන් හරි යන්න ඕනේ ” ඔහු එසේ මතුරමින් සිටියේය

එදින රාත්‍රියේ ඔහු වරින් වර පපුව පිරිමදිමින් එහා මෙහා ගියේ හොඳකට නොවන බව මට ඉවෙන් මෙන් වැටහුණි. තවමත් තාත්තාගේ කාමරයට නිදන්නට යන මා එදින හිතේ ඇතිවූ බිය නිසා රාත්‍රියේ සිතා මතාම නිදි වර්ජිතව තාත්තා ගැන විමසිල්ලෙන් උන්නෙමි

අම්මා මෙන්ම හෘදයාබාධයකින් පෙලුනු තාත්තා සති එකහමාරක් රෝහල් ගතව සිට නිවසට ආවේය. දැන් මා විසින් ඔහුව රැකගත යුතු කාලය පැමිණ ඇති බව මට වැටහුණි.

විශ්ව විද්‍යාලයට පිවිසීම එකහෙලාම ප්‍රතික්ෂේප කල මා ඉක්මනින් රැකියා සඳහා අයදුම් කලෙමි. මගේ වාසනාවකට වඩා තාත්තාගේ වාසනාවකට මෙන් ඉතා හොඳ වැටුපක් සහ තවත් පහසුකම් රැසක්ද සහිතව නිවසට මදක් නුදුරින් වූ පෞද්ගලික ආයතනයක රැකියාවක් මට හිමි විය.

බිත්තියේ එල්ලා ඇති තාත්තාගේ සේයාරුව දිහා මා ඇසිපිය නොහෙලා බලා සිටියෙමි. අද පියවරුන්ගේ දිනය ය. එහෙත් මගේ පණ වැනි තාත්තා සිය දිවිය අත හැර ගොස් දැනට මාස හයක් ඉක්මවා ගොස් ඇත. මා විවාහ කරදී , මගේ දියණියද උපත ලබා මාස තුනකින්, යුතුකම් බොහෝ ඉටුකළ මගේ තාත්තා නිදහසේ දෑස් පියා ගත්තේය.

දෙවන වර වැළඳුණු හෘදයාබාධයෙන් ගැලවීමට මගේ තාත්තාට නොහැකි විය. අවසන් මොහොත වනතුරුම දෑත් වලින්ද , හදවතින්ද මා තදින් අල්ලා සිටි තාත්තා සදහටම දෑස් පියා ගනිද්දි මම කෑගසා හැඬුවෙමි.මගේ හිත කෑලි දහසකට කැඩි යන තරමේ වේදනාවක් දැනෙද්දි අකමැත්තෙන් වුවත් ලෝක දහමට අවනත වී ඔහුට සමුදෙන්නට මට සිදුවිය

තාත්තාගේ අවසාන කාලය වනතුරුම මගේ කැමැත්ත පරිදි ඔහුව මා සමීපයේම තබාගන්නට මගේ සැමියා ඉඩ දුන්නේය.ඔහුද තාත්තාට මා මෙන්ම නොවෙනස්ව ඉතාම ආදරය කලේය.

තාත්තා යනු කියවා අවසන් කල නොහැකි පොතකි.ඔහු මා උපන් දා සිට මා හදවතේ දරා සිටියේය.අම්මාගේ මරණින් පසුව මගේ සියලු වගකීම් කරට ගත් තාත්තා දිවා රෑ කැප කලේ මා වෙනුවෙන් ය.මා සතුටින් තබන්නටත් , මගේ දිවිය සැපවත් කරන්නටත් ඔහු නොකල දෙයක් නැති තරම් ය. මගේ ප්‍රථම ප්‍රේමය වූ ඔහුව මට සිහි නොවන මොහොතක් නැති තරම් ය. අද මා එක් දෙයක් දනිමි , එනම් ,

” පිය සෙනෙහසට කවි ගී ලියවුනා මදී “

ආදරණීය පියවරුන්ගේ දිනය වෙනුවෙන් ස්මාර්ට්ලේඩි අපෙන් !

More Stories

Popular

Don't Miss




Latest Articles

Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content

error:
0
Would love your thoughts, please comment.x
()
x