fbpx

හේමන්ත සන්ධ්‍යා -33

ඇට්ටේරියා මල් සුවඳක් පා ව ආවේ ය. ඒ කැටිව ආ සුළඟ සුවදායක විණි. නිකිනි සිය දෑස් විවර කොට බැලුවා ය. ඒ මොහොතේත් ඈ ඉදිරියේ මහා පෞරුෂයක් ව සිට ගෙන සිටියේ විදත් ය. ඔහු ගේ ඇස් සිහින් වී එක එල්ලේ ඈ මත ම පතිත වී තිබිණි. ඔය බැල්මට වසඟ වී සිටි දශක දෙකකටත් ඈත අතීතය, කාලය හරහා ගමන් කොට ඇවිත් නිකිනි ඉදිරියේ බිම වැතිර හොත්තේ ය. ඔහු ව ඇහැටවත් දකින්නට නැති ව ගත ව ගිය විසි වසරක කාලය තුළ ප්‍රේමයේ නාමයෙන් උහුලා ගත් සියල්ල ඇය ට මැවි මැවී පෙනෙන්නට විය. ඒ උහුලා දරා ගැනීම වූ කලී පහසු දෙයක් නොවේ. ඇය ට ඒ ගැන වචනයක් හෝ කතා කරන්නට කෙනෙක් හිටියේ නැත. අහිමි වී යමින් පැවති සිය ප්‍රේමය හෝ අතීතය හෝ අනාගතය ගැන කියා හිත සනහා ගන්නට කෙනෙක් හිටියේ නැත. ඒ විසි වසර වූ කලී අපා දුකකි. මැරි මැරී ජීවත් වූ යුගයකි. බලාපොරොත්තු ඇති කර ගනිමින් ද, ඒවා නැති වී යනු දකිමින් ද වේදනා විඳි සමයකි. අවසානයේ සිය හදවත ටික ටික මිය යනු දකිමින් ඊට හිත හදා ගන්නට තීරණය කොට බිම බලා ගත් ජීවිතයකි.

නිකිනි හොඳින් හුස්ම ගෙන බැලුවා ය. ඇගේ ම අතක් කොනිති ගසා ගෙන ද බැලුවා ය. මේ සියල්ල සත්‍යයක් දැයි නිරවුල් කර ගන්නට ඇය ට උවමනා වූ සෙයකි. ඇය තවමත් හුස්ම ගනිමින් හිඳී! ඇය තවමත් ජීවත් වෙයි!!

පපුව පලා ගෙන වේදනාවක් නැගී ආවේ ය. ඈ ඉදිරියේ මේ සිට ගෙන ඉන්නේ ඈ පෙම් කළ මිනිසා ය. ලොකු ළමයෙකු වෙන්නටත් පෙර ළමා වියේ සිට ම ඈ සිත් හි වීර වරයෙකු වූ මිනිසා ය. දශක දෙකක් තිස්සේ ඇයට අහිමි වී සිටි මිනිසා ය. 

දැන් ඔහු ඈ ඉදිරියේ පහළ වී සිටී. ඒ දෛවයේ සරදමක් ද නැත්නම් දෛවයේ අනුහසක් ද කියා තවමත් ඇයට සිතා ගත නො හැකි ය. ඒ මොනවා වුණත් තව දුරටත් සිය සිත නමැති ඉබි කටුව ඇතුළේ නො සැඟවෙමියි නිකිනි සිතුවා ය. 

මින් මනතට ඕනෑ ම දෙයක් වන්නට පුළුවන. වෙන්නට පුළුවන් ලොකු ම දෙය මිය යන එකයි. නමුත් ඊට පෙර එක ම එක වතාවකට හෝ ඔහු ගේ උණුහුමට තුරුළු වීමේ දැඩි අවශ්‍යතාවය ඇය යට කොට ගෙන නැගී සිටින්නට විය. කන්දක් යට දශක දෙකක් තිස්සේ හැංගී උන් මහා ගින්නක් පුපුරා යන්නා සේ එක මොහොතකින් එය සිදු විය. නිකිනි දැඩි ව විදත් ව වැළඳ ඔහු ගේ පපුතුර මුහුණ හොවා ගත්තා ය. ඒ නිමේශයේ ඔහු ද ඇය තව තවත් සිය ළයෙහි දැඩි කොට වැළඳ ගනිමින් සිටියේ ය.

ගිනි කන්ද පුපුරා යන ලදී!

මතක ඇති කාලයක් තිස්සේ පතමින් සිටියේ මෙහෙව් වැළඳ ගැනීමක් බව නිකිනි ප්‍රත්‍යක්ෂ කර ගත්තා ය. ඈ තුළ එතෙක් ඇවිළෙමින් තිබි ප්‍රේමයේ හෝ ඊර්ෂ්‍යාවේ හෝ හුදෙකලාවේ හෝ ගින්න නිවී ගිහින් ඈ ශාන්ති දායක තත්වයකට එළඹියා ය. ඒ මොහොතේ නිකිනි විදත් වෙතින් මෑත් වූයේ මඳ ලැජ්ජාවකුත් සමග ය. නමුත් නිවී පහන් වූ සැනසිලිදායක බව ඇගේ මුහුණේ හැම රේඛාවක ම මැනවින් ඇඳී තිබිණි. 

විදත් ඒ කොපුලක් මත සිය සුරත තබා මලක් සේ නිකිනි ගේ වත වෙත ට එබුණේ ය. ඇගේ දෑස් මත ප්‍රේමය මිස වෙනකක් වූයේ නැත.

“මං ආවෙ ඔයා නිසා”

ඔහු කෙඳිරුවේ ය. ඒ වචන හතර ඇතුළේ කී දේ වලට වඩා නොකී කතා බොහොමයක් ලියැවී තිබුණේ ය. කියැවෙමින් තිබුණේ ය. නිකිනි ගේ රතදර අතරේ තෘප්තිමත් සිනහ රේඛාවක් ඇඳී ගියේ ය. ඇය ආශාවෙන්, ජීවිතය ගැන ප්‍රේමයෙන් හුස්ම ගන්නට වූවා ය.

සහස් යළි ටෙරස් එකට එත්දී හිටියේ මුලින් ඔහු දුටු නිකිනි නොවේ. ඇගේ ඇස් වල නලියන ප්‍රේමයේ මන්දස්මිතය ඔහු හැඳින්නේ ය.

“දැං ඉතිං බුක් ශොප් එකේ වැඩ වලටත් විදත් අයියව උදව් කර ගන්න පුළුවන් අක්ක”

සහස් ආවේ එහෙම කියා ගෙන ය. නිකිනි මුණිවතින් බිම බලා සිටියා ය. විදත් ගේ ඇස් මුළුමනින් ඈ මත පායා තිබිණි.

“යනවද එහෙනං පහළට…ඩිනර් රෙඩි ඇති දැං”

විදත් එකඟ වූයේ ය. නමුත් පහළ මහලට පිවිසෙන පිය ගැට පෙළ ළඟ දී නිකිනි සිය කාමරය දෙසට හැරුණා ය. විදත් ගේ ඇස් වල ප්‍රශ්නාර්ථය විය. ඔහු ට තවමත් අසා ගන්නට බැරි ඒ ප්‍රශ්නය සහස් ඇසුවේ ය.

“ඇයි ඔයා පහළට එන්නැද්ද…”

“මං එන්නං. ඕගොල්ලො යන්න”

ඒ පිළිතුර සහස් ට ද විදත් ට ද කියා ඇයට ම වුව වෙන් කොට හැඳින ගත නො හැකි වූ තරමි.

නාන කාමරයට වැදී නිකිනි උණු වතුරෙන් දිය නෑවා ය. නැවුම් ප්‍රබෝධයකින් ඈ කුල්මත් වූවා ය. වරලස තෙත බේරමින් ද සුවඳ ඉහිරමින් ද පිය ගැට පෙළ දෙස පහළට එන ඇදෙස දල්වා ගත් දෙනෙත් ඉවතට ගන්නට විදත් අපොහොසත් වූ තරමි.

“අම්ම කිව්ව නේද මෙයා හරි අසනීපෙං කියල. මේ රෑ ජාමෙ දෝවනය වෙලා තියෙන්නෙ ඒක වෙන්නැති”

පාලිකා සිය ඊර්ෂ්‍යාව සඟවා ගන්නට දැන සිටියේ නැත. සිය දියණිය සදිසා ට වඩා හැම විට ම නිකිනි කැපී පෙනෙන එක ඇගේ හිතට කවදත් වදයකි. විදත් ගේ පිරිමි ඇස් වලට, දික්කසාද වීමට සිටින ඈ රසඳුනක් වීම පාලිකා ගේ සැලසුම් අවුල් කරන්නකි.

“වට්ස් රෝං විත් යූ නිකී…ඇයි මේ වෙලාවෙ නෑවෙ…”

සුමනා ඔබේසේකර කම්පා වූවා ය. නිකිනි ගේ සිත් හි සැබවින් ම ඈ කෙරේ ස්නේහය පිටාර ගැලුවේ ය.

“දැං අමාරුවක් නෑ ග්‍රැනී”

ඇය සුමනා ගේ උරහිස වටා දෑත යවා ඇය ව වැළඳ ගත්තා ය.

“කසාදත් කඩාගෙන මේගොල්ලො තවත් හුරතල් වෙන්න හදන එකනෙ වැඩේ. අම්මයි ඩැඩියි තමයි ඔය ළමයව නාස්ති කළේ”

පාලිකා විදත් ටත් ඇසෙන සේ කීවා ය. නමුත් නිකිනි ට කිසිදු තරහක් හෝ රිදුමක් දැනුණේ නැත. දඟකාර සුරඟනක ගේ සතුට ඇගෙන් විද්‍යමාන විය. 

අප ට අවැසි දේවල් අපේ දෝතෙහි තිබියදී වෙන කිසිදු දෙයක් ගැන කිසිදු හැඟීමක් අප ට දැනෙන්නේ නැත!

රාත්‍රී ආහාර ගෙන තවත් ටික වෙලාවක් සාමීචියේ යෙදී සිටීමෙන් පසු විදත් නික්ම ගියේ ය. සැබවින් ගෙදර හැම කෙනෙක් ම ඔහු සමගින් කතා කළහ. නමුත් නිකිනි එක වදනක් හෝ කතා කළා දැයි සැක සහිත ය. ඔහු ත් එක්ක දොඩමළු වූයේ ඇගේ ඇස් දෙක පමණ ය.

කුළී රියෙහි නැගී ගෙදර යන ගමන් විදත් නිකිනි ගේ දුරකතනයෙහි පණිවිඩයක් තැබුවේ ය.

“ආදරෙයි!”

ඇය දුරකතනය දැඩි ව සිය ළමැදෙහි තුරුලු කර ගෙන සුව නින්දක් ලැබුවා ය.

පසු දා උදේ පොත් හල් ගොඩනැගිල්ලේ දී හමු වූ ගුවනි, නිකිනි දෙස බලා උන්නේ දෑස් දල්වා ගෙන විශ්මයෙනි.

“ඇයි ගුවනි…”

නිකිනි ට වුව ඒ බැල්ම වැටහුණේ නැත.

“මිස් මොකක් හරි අලුත් ක්‍රීම් එකක් යූස් කළා ද…”

මන්දාරම් හැන්දෑවක

මන්දාරම් හැන්දෑවක -35

පිනි සේල

පිනි සේල – 35

ඔබට ඇහෙනව නම්

ඔබට ඇහෙනවනම් – 5

පාට සේදුනු වත්සුනු

පාට සේදුනු වත්සුණු -30

පිනි සේල

පිනි සේල – 21

ඈත දුර ආකාසේ

ඈත දුර ආකාසේ -12

Mini Stories

කටු ඔටුනු හැර යමි…

සඳක් කළ සක්මන්

සඳක් කළ සක්මන්-11

අහංකාර නගරේ

අහංකාර නගරේ -27

Mini Stories

අඟහරු ලෝකයේ පළමු වැසියා වීමට කුඩා කාලයේ සිටම සිහින දකින දැරිය Alyssa Carson

හේමන්ත සන්ධ්‍යා

හේමන්ත සන්ධ්‍යා -28

පාට සේදුනු වත්සුනු

පාට සේදුනු වත්සුණු – 33

ඔබට ඇහෙනව නම්

ඔබට ඇහෙනවනම් – 10

පළිඟු මන්දිර

පළිඟු මන්දිර – 10

පතොක් ප්‍රේමය

පතොක් මලක ප්‍රේමය – 34

පාට සේදුනු වත්සුනු

පාට සේදුණු වත්සුණු -7

ඔබට ඇහෙනව නම්

ඔබට ඇහෙනවනම් – 7

හේමන්ත සන්ධ්‍යා

හේමන්ත සන්ධ්‍යා -39

පාට සේදුනු වත්සුනු

පාට සේදුණු වත්සුණු – 11

මන්දාරම් හැන්දෑවක

මන්දාරම් හැන්දෑවක -32

“නෑ…ඇයි…”

“මන්දා. අමුතු ග්ලෝ එකක්. ඇත්තටම ඒක නිකං බාවනා කරල ඇතුළාන්තෙංම ආපු ශාන්තියක් වගේ දෙයක්. මට කියන්න තේරෙන්නෙ නැති සන්සුන් ලස්සනක්”

ප්‍රේමය සියල්ල උහුලා ගන්නා බව නිකිනි අත්දැකීමෙන් දැන සිටියා ය. ප්‍රේමය සියල්ල ශාන්තිදායක කොට සැනසීමට පත් කරන බව ඇය මේ මොහොතේ ඉගෙන ගනිමින් සිටින්නී ය. 

විදත් ලංකාවට පැමිණි බවක් නිකිනි ගුවනි ට කියන්නට ගියේ නැත. නමුත් දවාලේ සහස් සමගින් ඔහු පොත් සාප්පුවට පැමිණියේ ය.

“මිස්…”

ගුවනි නිකිනි ව පසෙකට කොට ගත්තා ය.

“එයාද මිස් ගෙ ආදරේ…”

“ඇයි එහෙම හිතුවෙ…”

නිකිනි විමසුවේ මඳ සිනහවකිනි.

“ආදරේ ලියවෙන්නෙ ඇස් වලනෙ මිස්. ආදරේ කරන දෙන්නට විතරක් නෙවෙයි. එයාල දිහා බලන අයට වුණත් ඒ ඇස් වල තියන ආදරේ පේනව. මිස් ගෙ සතුටට හේතුව එහෙනං ඒකයි. පැය කීපයක් ඇතුළෙදි මුළු ජීවිතයක්ම කොච්චර වෙනස් වෙන්න පුළුවන් ද කියල හිතනකොටත් පුදුමයි…”

ගුවනි කතා කළේ අවංක සතුටකිනි. ගැහැනියක වෙනුවෙන් තවත් ගැහැනියකට එසේ සතුටු විය හැකි වීම වූ කලී සොබා දහමේ අසිරිමත් ම මොහොතකි. 

“මං දැං මොනාත්ම බලාපොරොත්තු වෙන්නෑ ගුවනි. ජීවිතේ මට හම්බ වෙලා මග ඇරිල ගියා. ආයෙ හම්බ වුණා. දැන් ඉතිං මැරෙනකල් මං වෙන මුකුත් ඉරණමෙන් බලාපොරොත්තු වෙන්නෑ. මට මේ ඇති. ඒ ඊයෙ රෑ පැය කීපය විතරක් ඇති”

ආදරයෙන් මහා ලොකු දේවල් ඉල්ලා සිටින්නට ගැහැනියක පෙළඹෙන්නේ නැත. ඔවුන් අපේක්ෂා කරන්නේ ආදරය කියන හැඟීම පමණකි. විදත් ගේ උණුහුම් වැළඳ ගැනීම තුළ නිකිනි ඒ උත්තුංග හැඟීම ජීවිත කාලයට ව ප්‍රමාණවත් තරමට විඳ ගෙන තිබුණා ය.

“මොකද කියන්නෙ…කෑම මොනා හරි ගේන්න යන්න එනවද…”

සහස් ගුවනි වෙත පැමිණ ප්‍රශ්න කළේ ය. 

“යං”

ඈ එක හෙළා එකඟ වූයේ සහස් සමග නිදහස් ව පිටතට යාමට ඇති උවමනාවට වඩා විදත් සමග නිකිනි ට තනි වන අවස්ථාවක් උදා කර දෙනු වස් ය.

“ඔයාට ඉතිං තනියම යන්න පුළුවන්නෙ”

නිකිනි සොයුරා ට අභියෝග කළා ය.

“ඇයි ඉතිං ඔයාට ජෙලස්ද මං එයා එක්ක ගියාම…”

“අනේ මේ….”

ගුවනි ගියේ සිනහ වෙවී ය. 

නිකිනි හිඳ උන් මේසයෙහි ඈ ඉදිරියේ විදත් හිඳ උන්නේ ය. ඔහු ගේ ඇස් දීප්තිමත් හිරු මඬලක් සරි ය. එහිරු මඬල යට ම පිබිදිය යුතු වුවත් කෝල කුමුදුනියක සේ ඇය බිම බලා ගෙන උන්නා ය.

“ලෝබ හිතෙනව”

විදත් ගේ ගැඹුරු පිරිමි හඬෙහි වූයේ ඇය ට නෙතු ඔසවා නො බලා බැරි පෙම්වත් බවකි. නිකිනි සිය මල් පෙති නෙතු පියන් ඔසවා ඔහු ගේ දෑස් මත්තෙහි විවර කළා ය. 

“මොනව ගැනද” යන ප්‍රශ්නය ඇය මුවින් බිනුවේ නැත. නමුත් ඇස් වල තිබී ඔහු එය කියවා ගත්තේ ය.

“ජීවිතෙං ගෙවිල ගිය කාලෙ ගැන”

නිකිනි මඳහසක් පෑවා ය.

“කමක් නෑ. වෙච්ච දේවල් ගැන දුක් වෙලා වැඩක් නෑ. අන්තිමට ඉරණම කරකවල අතඇරියනෙ යන්න ඕන තැනට”

ඔහු සිය සුරත මේසය දිග ගෙන විත්, පොතක් මත වූ නිකිනි ගේ අතක් අල්ලා ගත්තේ ය. කිසි දා ක පිරිමි පහසක් නො ලද නව යෞවනියක සේ ඕ බිම බලා ගත්තා ය.

“ඔයා ඔසී එනවද…”

ඔහු ඇසුවේ තීරණාත්මකව ය. ඇය සිය සිහිනමය පොත් හල දිගේ දෙනෙතු දිවවූවා ය. ජීවිතය පයට පෑගී චප්ප වී ගිය යුගයක ඈ නැගී සිටියේ මේ බලාපොරොත්තුව ඔස්සේ ය. ඇගේ ආත්ම ගත ප්‍රේම ප්‍රාර්ථනාව නෙතු ඉදිරියේ සාක්ෂාත් වී තිබේ. දැන් මේ මොහොතේ කුමක් අත් හළ යුතු ද කුමක් තදින් ග්‍රහණය කර ගත යුතු ද කියා ඇය ට සිතා ගත හැකි වූයේ නැත.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content

error:
0
Would love your thoughts, please comment.x
()
x