New release – චලෝ

රෑ 9ට අපි එනවා 2008 දවසක වුන අපේ කතාව කියන්න..
මේ සිද්දිය වෙන්නේ බිබිල යකුන්නෑව පුංචි ඉස්කෝලේ..
සිද්දිය වෙලා අවුරුදු 12කුත් ගෙවිලා ගිහින්..
හැබැයි තාමත් ඒ මතකය සුවදයි..

මම …,
“චලෝ” ⚽️

සතියේ දිනවල රාත්‍රී නමයට ස්වර්ණවාහිනි නාලිකාව ඔස්සේ විකාශය වෙන අලුත්ම ටෙලි නාට්‍ය තමයි ” චලෝ ” කියන්නේ , සත්‍ය සිදුවීමක් පාදක කරගනිමින් සුන්දර නමුත් දුශ්කර ගම්මානයක පාපන්දුවත් එක්ක ලියවෙන ටෙලි නාට්‍යයක්.

මෙහි පිටපත ගයනි අසින්සලාගේ වන අතර අධ්‍යක්ෂකවරයා වන්නේ සමීර හසුන්. මෙම ටෙලි නාට්‍යයේ නිශ්පාදන කටයුතු සිදු කරන්නේ Raj production ආයතනය විසින්.

මෙහි ගීත රචනය සමීර හසුන් විසිනුත් , සංගීතය අභිශේක් වීරසිංහ සහ ගායනය නදීශා දයාරත්න විසින් තමයි සිදු කරලා තියෙන්නේ.

සුන්දර වූ පාසල් කාලයේ සොඳුරු මතක ඔබේ දෑස් ඉදිරියේ දිගහරින ” චලෝ ” අනිවාර්යයෙන්ම නරඹන්න

Related Articles

Don't Miss


Latest Articles