New Release – රොබරෝසියා

අප රටේ කලාව සම්බන්ධයෙන් අවධානයට ලක් කළ විට බොහෝ දෙනෙකු පසුවන්නේ ඍණාත්මක ආකල්පයක් පෙරදැරි කරගනිමින් ය. නමුත් නවමු මුහුණුවරකින් ලාංකේය කලාකෙත අස්වැද්දීමෙහිලා තරුණ කලා ශිල්පීන් ගන්නා උත්සහය අගයකළ යුතු මනාය. මෙකී කතාවට බඳුන් වන්නේ ලාංකේය නූතන සංගීත හා ගීත රචක පරම්පරාවන්ට ඇත්තා වූ සුභ ලකුණු දෙකක සුසංයෝගයක් සම්බන්ධවයි. මෙම සුභ ලකුණු දෙකින් ” මම නොරිකො සං” කෘතිය හරහා තම පරිකල්පන හැකියාව කලාත්මකවත් කාලෝචිත ලෙසත් හසුරුවමින් කාව්‍යකරණෙහිලා අත්පොත් තබන්නා වූ දේශෝදාර ලියනගේ නම් වූ තම ජීවන අත්දැකීම් හැකියාව සමඟ ගලපන මේ නවක කවියා සඳැස්, නිසැඳැස්කරණයෙන් ලද හැකියාව මත ගීත රචනය වෙත පිවිසෙන්නේ “රොබරෝසියා” ගීතයෙනි. මෙම ගීතයට හඬ සහ සංගීතය මුසු කරන්නා වූ දක්ෂ ගායන ශිල්පියා ලංකාවේ ප්‍රසිද්ධ රියැලිටි තරඟයක සිටි අති දක්ෂ ළමා ගායන ශිල්පියකු ලෙස කරළියට පැමිණ ඇත.සිය ගණනක් වූ එවැනි ගායකයින් වන ශ්‍රී ලාංකේය සංගීත ක්ෂෙත්‍රය තුළ විශාරද රොවේන් අර්ල් තම සන්නාමය දැනටමත් සනිටුහන් කර හමාර ය. දේශෝදාර ලියනගේ හා විශාරද රොවේන් යන දෙදෙනාගේ අවියෝජනීය සම්බන්ධ තුළ කුළුඳුළේ දොරට වඩිනු ලබන “රොබරෝසියා” ගීතය සුවහසක් රොබරෝසියා පෙම්වතුන් අතර අතිශය ආදරයට පාත්‍රවෙනු නොඅනුමාන ය.

පෙර කී පරිද්දෙන් දේශෝදාර සහෝදරයාගේ නිර්මාණ තුළ ඇති අනන්‍යතාවය නම් අත්දැකීම් පාදක කොටගත් නිර්මාණකරණයයි. රොබරෝසියා ගීතය ද ඔහු අතින් ලියැවෙන්නේ පෙම්වතුන්ගේ නගරයේදී හමුවන කන්ද උඩරට හා දකුණු රට යා කරන ආදරණීය අත්වැලක බිඳීමක් සනිටුහන් කරමිනි. මහනුවර නම් පෙම්වතුන්ගේ නගරය යැයි සාහිත්‍යය තුළත් සාමාන්‍ය සමාජය තුළත් නිරායාසයෙන් ම සපථ කරන්නකි. මිල්ටන් පෙරේරා ගායන ශිල්පියාගේ ” මේ නගරය ” ගීතයේ පටන් තරිඳු දම්සර නවක ගායන ශිල්පියාගේ “රොබරෝසියන්” ගීතය දක්වා අතීතය හා වර්තමාය යා කරමින් ගැයෙන ගීත අතර “නුවර” ප්‍රේමණීය නගර බවට මොනවට පසක් කරයි.මෙම ගීතය නම් කරනුයේ “රොබරෝසියා ” යන නමිනි. රොබරෝසියා තුරු මලින් බර වන්නේ කන්ද උඩරට පමණක් නොවේ. ලංකාවේ බොහෝමයක් ප්‍රදේශයවල නුවර සිරි ගෙනෙමින් රොබරෝසියා මලින් බරවනු අප කොතෙකුත් නම් දැක ඇත. නමුත් රොබරෝසියා මල්වල අයිතිය ඇත්තේ නුවරට ය. කොතැනක රොබරෝසියා පිපුණ ද අපට ක්ෂණයෙන් මතකයට නැගෙන්නේ මහනුවර ය. අපට දැනෙන්නේ මහනුවර ය. හීන් පිනි වැටුණු රොබරෝසියා මලුත් නුවරත් අතර බිඳලිය නොහැකි අන්දමේ බැඳීමක් ඇති බව කීම ඒ අනුව නිවැරදි ය. එමෙන්ම නුවරට නොමැති රොබරෝසියා මලුත්, රොබරෝසියා මල්වලට අයිතියක් නොමැති නුවරකුත් මෙකී සුන්දරත්වයන් කෙදිනකවත් ජනිත නොකරනු ඇත.

Related Articles

Don't Miss


Latest Articles