New Release – “මගේ ප්‍රේමය ඉසියුම්”

කිත්මා වාසනා දහනායක මහත්මිය කොළඹ ජාතික රෝහලේ භෞත චිකිත්සක සහ වෘත්තීය චිකිත්සක විද්‍යාලයේ , වෘත්තීය චිකිත්සක ආචාර්‍යවරියක්.
අපේ වෙබ් අඩවිය සඳහා ද ඇගේ සම්පත් දායකත්වය කිහිප වතාවක් ලැබී තිබෙනවා.පවුල, රැකියාව සහ තමන්ගේ විනෝදාංශ සමබරව පවත්වාගෙන යන ඇය සැබෑ ස්මාර්ට්ලේඩි කෙනෙක්.

කිත්මා,සමාජ ජාලාවල ජනප්‍රිය ලේඛිකාවක්.ඇගේ සුන්දර ලිවීම් නොකියවූ කෙනෙක් ෆේස්බුක් අඩවියේ නැති තරම්.සමාජ ජාලා ලිවීම් වලින් ඔබ්බට අඩියක් තබා ඇය තමන්ගේ පළමු ග්‍රන්ථය සඳමාධවී ප්‍රකාශනයක් ලෙස නිකුත් කර තිබෙනවා.

“ඒ මගේ ප්‍රේමය ඉසියුම්” කෘතියයි.

ප්‍රේමය ,ආදරය, සෙනෙහස ආදී මානව දයාවෙන් පිරි ජීවිතයක් හැමකෙනෙක්ම බලාපොරොත්තු වෙනවා. සමහර කුටුම්භයන්හි ඒ බලාපොරොත්තු බිඳීයනකොට ජීවිත අභියෝගයන් මත ඉදිරියට යන්න සිදු වෙනවා.

ගැහැණියක් තමන්ගේ කුටුම්භය රැකගන්න කෙතෙක් වෙර දැරුවත් සමහරක් වෙලාවට දෛවය ඇයට ඒකට ඉඩ නොදෙන අවස්ථාත් තියනවා.එහෙත් දරු ස්නේහය මත්තේ ජීවිතය ඇය ඉදිරියට ගොඩනගාගන්න තැත්දරන්නේ දිරිය නොනසාගෙන.

සමහරක් විට අහම්බකාරකයක්ව ඇයට නැවතත් ප්‍රේමයක් ලැබෙන්නට නොහැකිද? පමාවී හෝ ජීවිතය ප්‍රේමයෙන් පිරෙන්නට බැරිද ?
“මගේ ප්‍රේමය ඉසියුම්” කතාකරන්නේ අන්න ඒ දේ ගැන.

සාහිත්‍ය මාසයේ පොත් ගැන වැඩියෙන් උනන්දු වන ඔබ මේ ආදරණීය නවකතාවත් ඔබේ පොත් එකතුවට එක් කර ගන්න.ප්‍රේමය සැබෑවටම ඉසියුම් ද කියලා දැන ගන්න ඔබට පුලුවන් වෙයි.

කිත්මා වාසනා දහනායක මහත්මිය අරඹන සාහිත්‍ය ජීවිතයට Smartlady.lk අපෙන් ආදරණීය සුබ පැතුම්!

Related Articles

Don't Miss


Latest Articles