fbpx

සඳක් කළ සක්මන් -15

මා සිටියේ මුළුමනින් මිදී ගිය තත්වයක ය. ආකාශ් වෙතට මා හෙලන එක බැල්මකින් වුව අප අතර වන වෙනස හැඳින ගන්නට තරම් නෙරංජලා ගුරුගේ සමත් වනු ඇති බව හිත මට කීවේ ය. ඇය වූ කලී බෙහෙවින් පොත් පත් කියවන කාන්තාවකි. එහෙම තැනැත්තියක ට බොරු කිරීම පහසු නැත.

“මං ඔයාට බොරුවක් කරනව නෙවෙයි පූජා. කොහොමද දෙයියනේ මං ඒක ඔයාට ඔප්පු කරල පෙන්නන්න ඕනෙ…මේ බලන්න නංගි…මගෙ මූණ දිහා බලල..මගෙ ඇස් දෙක දිහා බලල ඔයාට තේරුං ගන්න බැරිද ඒක බොරුවක් නෙවෙයි කියන එක…”

“අනේ එහෙම දෙයක් නෙවෙයි අයියෙ…මට බයයි දෙයියනේ…කොහොමද එහෙම වරදක්…”

“පූජා ගෙ අම්ම කිව්ව කිසි ප්‍රශ්නයක් නෑ පූජාව එක්කං යන්න කියල. යං යං…ලෑස්ති වෙලා එන්න”

මට කියන්නට ගිය දෙය සම්පූර්ණ කිරීමට ඉඩක් ලැබුණේ නැත. අම්මා ගේ අවසරය ලැබීමේ සතුටත් එක්ක නෙරංජලා ගුරුගේ පැමිණියා ය. ඉතින් තව දුරටත් ප්‍රතික්ෂේප කිරීමේ හැකියාව මට අහිමි වී ගියේ ය. මම වදනකුදු නො දොඩා ගෙදර පැමිණියෙමි.

“නෙරංජලා ට උගන්නල බොරුවට එවල…හරියට එයා යන්න අකමැතියි වගේ”

මා දුටු මතින් නංගී අප්‍රසාදය හැඟවූවා ය. එම අභූත චෝදනාවෙන් නිදහස් වෙන්නට මම උත්සාහ කළෙමි.

“මං උගන්නල එව්වෙ නෑ. යන්න කතා කළාම මං බෑ කිව්ව. ඒ ගමන තමයි එයා ආවෙ ගෙදරිං අහන්න කියල”

“අනේ මේ….මොකටද ඉතිං ඔය බොරු”

නංගී පිළිගන්නට සූදානම් වූයේ නැත.

“බොරු කියන්නෙ මොකටද මං…”

“අපි බලමුකො මෙයාව ලොකු කරං ඉන්නෙ මොකටද කියල”

“හරි හරි නවත්තගන්නව පොඩ්ඩි. මොකද ඉතිං අක්ක ගියාම වෙන්නෙ…”

“නෑ ඉතිං එයා ට යුතුකමක් තියෙනවනෙ එහෙනං අපිවත් එක්කං එනව කියන්න”

බඩ පපුව පෙදෙසෙහි දැවීමක් මට දැනිණ. නංගී වෙනුවෙන් එහෙව් යුත්කමක් මා මත පැවරී තිබෙනවා වන්නට පුළුවන. නමුත් එවැන්නක් කරන්න ට තරම් අයිතිවාසිකමක් මට කොයින් ද? නංගීගේ හිතේ වන්නේ ආකාශ් ගැන බලාපොරොත්තුවකි. නමුත් ඔහු ගේ තුන් හිතකවත් එවැනි අදහසක් නැත්තේ ය. අනිත් අතට නෙරංජලා ගුරුගේ තුළ නංගී ගැන පැහැදීමක් නැති පැහැදීමක් නොමැති බව මම හොඳාකාරව ම දන්නෙමි. ඇගේ ඇරයුමකින් තොර ව නංගී ව එහි කැටිව යන්නට ඒ නිසා මට හැකියාවක් නැත.

අම්මා ද මදෙස බැලුවේ නංගී ද සමගින් ඒ ගමන යන්නට නො හැකි ද යනාකාරයේ බැල්මකිනි. මට ඒ බැල්ම නො තේරුණා සේ ඉන්නට සිදු විය.

නංගී ව ද කැටිව යන්නට හැකි නම් මා සතුටු ය. එහෙනම් මේ හිත් බර ද මට නැත. නමුත් නෙරංජලා ඊට සතුටු නො වන බව දැන දැන ඈ ඉදිරියේ මගේ අය වෙනුවෙන් බැගෑපත් වී ඔවුන් ව හෑල්ලුවට පත් කරන්නට ද මට සිතෙන්නේ නැත.

ගමන යන්නට නිවසෙහි තිදෙන ට අමතර ව සහභාගී වූයේ මා පමණකි. ආකාශ් රිය පැදවූයේ ය. ආනන්ද ගුරුගේ රියදුරු අසුනට යාබද අසුනේ හිඳ ගත්තේ ය. මා හා නෙරංජලා පිටුපස අසුනේ ය. මා සිටියේ කතා බහකින් තොර ව කවුළුවෙන් පිටත බලා ගෙන ය. කොහොමටත් ආනන්ද ගුරුගේ තවමත් මා තුළ ඇති කරන්නේ ආගන්තුක හැඟීමකි. ඔහු ආඩම්බරයක් නැති මහත්මයෙකු වී ද නෙරංජලා වාගේ වැඩි කතා බහක් ඇත්තෙකු ද නොවුණේ ය. ඔහු ව මුහුණට හමු වුණොත් සිකා සී බිම බලා ගත්තා විනා, මා ද ලොකු කතා බහකට ගොස් නැත.

Mini Stories

ආදරය යනු , හිමි කරගැනීමම නොවේ

සුළං සීනු

සුළං සීනු – 23

පිනි සේල

පිනි සේල – 18

ඉඳුදුන්න

ඉඳුදුන්න -22

පළිඟු මන්දිර

පළිඟු මන්දිර – 35

ඉඳුදුන්න

ඉඳුදුන්න -25

පාට සේදුනු වත්සුනු

පාට සේදුනු වත්සුණු – 33

පතොක් ප්‍රේමය

හේමන්ත සන්ධ්‍යා – 22

Mini Stories

අනෙකාව රැවටීම ආදරය නොවේ.

පළිඟු මන්දිර

පළිඟු මන්දිර – 43

හේමන්ත සන්ධ්‍යා

හේමන්ත සන්ධ්‍යා -5

Mini Stories

ලොව බලවත්ම කාන්තාවන් සියදෙනා අතරට එක්වූ ලාංකික සාගර විද්‍යාඥවරිය

Mini Stories

මඟ බලන අම්මලා.

ඔබට ඇහෙනව නම්

ඔබට ඇහෙනවනම් – 29

පිනි සේල

පිනි සේල – 29

අහංකාර නගරේ

අහංකාර නගරේ – 33

පාට සේදුනු වත්සුනු

පාට සේදුණු වත්සුණු – 6

පතොක් ප්‍රේමය

පතොක් මලක ප්‍රේමය -6

ඈත දුර ආකාසේ

ඈත දුර ආකාසේ -27

මන්දාරම් හැන්දෑවක

මන්දාරම් හැන්දෑවක -14

“මොකද පූජා කතා කරන්නෙවත් නැත්තෙ…අංකල් ඉන්න නිසාද…”

ඔවුන් අතරේ සිදු වූ කතාවකින් පස්සේ එක් වර ම නෙරංජලා ඇසුවා ය. කවරාකාර පිළිතුරක් ලබා දිය යුතු දැයි නො දත් මා කළේ ඉක්මන් කෙටි සිනහවක් පානා එක පමණකි.

“හරි වැඩක්නෙ…මොකෝ මං පූජාව ගිලිනවද…පූජා හිතන්නෙ මං ගෝනි බිල්ලෙක් කියලද ආ…”

ආනන්ද ගුරුගේ සිය මහත දෙහෙත සිරුරේ මස් ගොබ සොලවමින් සිනහ වූයේ ය. ආකාශ් ඉදිරි කැඩපතින් මදෙස බැලුවේ ය. ඔහු ගේ නෙතු ගැටෙත්දී ම මම බිම බලා ගතිමි.

“නෑ පූජා කොහොමත් ටිකක් ලැජ්ජයිනෙ. ඔයා එක්ක වැඩිය කතා කරන්න හම්බ වෙලත් නෑනෙ”

“පූජා මට ඇති බයක් නෑ. නේද පූජා”

ආනන්ද අංකල් පිටුපස හැරී මා ඇමතුවේ ය. මම ඔහු දෙස බලා දෙතොල් තෙරලා සිනහ වීමි.

නංගී ගැන කියන්නට මට පුළුවන් කමක් වූයේ නැත. ඇයත් මේ ගමන එන්නට ආශාවෙන් පසු වූවා යයි කෙසේ නම් මා ඔවුන් හා පවසන්න ද? 

“පූජා දන්නවද අපි ඇයි අද මේ දානෙ දෙන්නෙ කියල…”

නෙරංජලා ගේ පැනයට, නො දන්නා බව හඟවනු වස් මම හිස සැලීමි.

“අද අයියගෙ බර්ත් ඩේ එක”

“අනේ ඇත්තද…මෙනි හැපි රිටර්න්ස් ඔෆ් ද ඩේ අයියෙ…”

“තෑන්ක් යූ තෑන්ක් යූ…”

ඔහු නැවතත් කැඩපතින් මදෙස බැලුවේ ය. එවර තත්පර තුන හතරකට අපේ ඇස් පැටලී තිබිණි. ඔහු ගේ ඇස් වල වාං දමමින් තිබෙන ආදරය පෙනෙන්නේ මට විතරක් දැයි මම සිතුවෙමි. යම් ලෙසකින් නෙරංජලා එය දුටුවේ වී නම් කවර තත්වයක් ඇති වනු ඇත්ද? මා බිම බැලුවේ තැති ගෙන ය.

කුඩා කල සිට ම අපට උරුම වී තිබූ ජීවිතය ගැන මා සිතුවේ සංකාවෙනි. නමුත් අපටත් වඩා ජීවිතයෙහි අසරණ වූ ළමයින් කොතෙකුත් සිටිනවා දැයි ඇස් දෙකට ම දුටු මුල් වතාව ඒ ය. නංගීත් ඒ බව දුටුවා නම් හොඳ යයි එතනදී මට සිතිණි.

“කෝ මට ප්‍රසන්ට් එකක්…”

නෙරංජලා හා ආනන්ද ගුරුගේ යුවළ එහෙ මෙහෙ වූ වෙලාවක් බලා ආකාශ් මට ලං වූයේ ය.

“මං දන්නෙත් දැං”

මම සිනහවකට ඉඩ දුනිමි. ඔහු දෑත් පපුවේ බැඳ ගෙන මදෙස ම බලා උන්නේ ය. මම බිම බලා යළිත් නෙතු ඔසවා බැලීමි. එතකොටත් ඔහු ගේ බැල්ම නො වෙනස් ව එහෙම ම ය.

“දැන ගත්තත් ඉතිං ඔයාට තෑගි දෙන්න තරං…”

“ඔයාගෙ හිනාවට වැඩිය තෑග්ගක් මට වෙන කොහෙද පූජා…මන්නං ඔයාට තෑග්ගක් දෙනව”

“මොකද්ද…”

“යංකො ගෙදර”

“අනේ අයියෙ මට ඔයාගෙං මුකුත් ගන්න බෑ. ඔයාලගෙ අම්මා දැන ගත්තොත් එහෙම…අනික…මට එහෙම මුකුත් එපා”

“ෂ්…කට කට”

ඔහු දබරැඟිල්ල දෙතොල් මත තබා මට නිහඬ වන්නයි ඉඟි කළ විලාශයට මගේ මුවින් සිනහවක් පැන්නේ ඉබේට ම ය. මා සිනහ වෙත්දී ආකාශ් නෙතු පිය නො සලා බලා සිටියේ ය.

“ඔන්න ඔහොම ඉන්න. ඔයිට වැඩිය තෑග්ගක් මට ඕන නෑ”

අප යළි පැමිණෙත් දී මගේ හිත සැහැල්ලුවට පත් වී තිබිණි. ආකාශ් ගේ උපන් දිනය දවසේ ඔහුත් එක්ක එවැනි දානමය කටයුත්තකට සහභාගි වන්නට ලැබීම හිත අලුත් සතුටකින් පුරවා ලන හේතුවක් වී තිබුණේ ය.

රියෙන් බැස ගත් විගස මා ගෙදර යන්නට හැරුණත් නෙරංජලා ගුරුගේ ඊට ඉඩ දුන්නේ නැත.

“පිස්සුද පිස්සුද…අයියගෙ බර්ත් ඩේ එකනෙ. අපිත් එක්ක කෑම ටිකක් කාලම යමු”

“අනේ බෑ ආන්ටි…මං ගෙදර ගිහිං කන්නං”

“තියෙන ආඩම්බර කමනෙ”

ආකාශ් පැත්තක සිට අපේ කතාවට මැදිහත් වූයේ ය.

“පූජාගෙ ඒ ආඩම්බර කමට තමයි මන්නං කැමති. ඒ වුණාට අදනං එහෙම යන්න බෑ. මොකද අද අපි කෑම ඕඩර් කරල තියෙන්නෙ ඕගොල්ලංගෙ ගෙදර අයටත් එක්කමයි. ඔයා අපිත් එක්ක කෑම කාල ගෙදර අයගෙ ඒව අරං යන්න”

එය අවසාන තීන්දුව වූයේ ය.මේ වගේ දවසක මගහැර යාම ආකාශ් ගේ හිත රිදවන හේතුවක් විය හැකි නිසාවෙන් මා නතර විය යුතු විය. ආකාශ් ගේ මුහුණේ ජයග්‍රාහී සිනහවක් මම දුටිමි.

කෑම ගැනීමෙන් පස්සේ නෙරංජලා ගුරුගේ අපේ ගෙදරට යැවීමට නියමිත කෑම සූදානම් කර ගත්තා ය. ආකාශ් සිනහ වෙමින් මවෙත ආවේ කුඩා පාර්සලයක් ද කැටිව ය. 

“මෙන්න ගිෆ්ට් එක”

ඔහු එය මවෙත පෑවේ ය. මම ඊට අත නො තබා බලාගෙන සිටියෙමි.

“ගන්න අනේ. තෑග්ගක් දෙනකොට ඔහොම බලං ඉන්නෙ”

ආකාශ් ගේ මව් මවෙතට ද හෙළුවේ මව්වත් බැල්මකි.

“මමනෙ හරිනං අයියට තෑග්ගක් දෙන්න ඕනෙ”

මම මුමුණා ගතිමි.

“දෙන්නකො දෙන්නකො. අයියට විතරක් නෙවෙයි මේ අපිටත් දෙන්නකො. ලොකු නෝනා කෙනෙක් වෙච්ච දවසක”

ආකාශ් බලයෙන් ම මගේ අතක් ගෙන ඒ තිලිණය පිලිගැන්වූයේ ය. මම එය දෝතින් ම මගේ සිරැරට තුරුලු කර ගතිමි.. ඉකිළුමක බර පපුවේ විය. හඬන්නට මහත් ඕනා කමක් මට දැනුණේ ය. නමුත් මා කළේ කඳුළු අතරින් සිනහ වෙන එකයි.

“යං පූජා. පරක්කු වුණොත් ගෙදර අය කෑම කාල ඉවර වෙයි”

කියමින් නෙරංජලා ගුරුගේ ඉස්සර වූවා ය. මම ආකාශ් දෙසට තව එක් බැල්මක් හෙළා ගුරුගේ මැතිණිය පසු පස වැටී අපේ ගෙදරට ගියෙමි.

“ඒගොල්ලො කාල බීල ඉවර වෙලා ඉතුරු ටිකයි අපිට අරං ඇවිත් තියෙන්නෙ”

මා කෑම කා පැමිණි බව දැන ගත් නංගී ආඩපාලි කීවා ය. 

“පිස්සුද ඔයාට…අපේ ගෙදරට ගේන බොක්ස් ටික වෙනම පැත්තකට කරලයි තිබුණෙ. ඒගොල්ලො ඕඩර් කරල තියෙන්නෙම අපේ ගෙදරටත් එක්ක”

මම ඔවුන් වෙනුවෙන් නැගී සිටියෙමි.

“හරි හරි මොකද්ද ඔය පෙට්ටියෙ…”

ඊළඟට ඇය මා අත වූ තිලිණය උදුරන්නට ගියා ය. 

“ආකාශ් අයියගෙ බර්ත් ඩේ එක නිසා මට දීපු ප්‍රසන්ට් එක”

මම එය ඇය ට උදුරන්නට නොදී රැක ගතිමි.

“ඒක යකාගෙ වැඩක්නෙ. බර්ත් ඩේ එක තියන මිනිහද තෑගි දෙන්නෙ…කෝ එතකොට අපිට තෑගි…”

“හරි හරි පොඩ්ඩි කට වහ ගන්නකො. ලොක්කි බලන්න ඔය මොනාද කියල. ලොක්කිට රත්තරං මාලයක්වත් හදල දීලද දන්නෑ. මොනා වුණත් ඔය මැඩම් ලොක්කිට හරි ආදරෙයි. දුවල නෑනෙ…ඒකයි ඔය”

නංගී ගස්සා ගෙන ගොස් කෑම පැකට් එකක පෙට්ටි පියන ඉවත් කළා ය. අම්මා වෙත වූයේ ඒ කවරක් දැයි ඉක්මනින් ම දැන ගැනීමේ කුහුලකි. මම පරෙස්සමට පාර්සලය දිග හැරියෙමි. ඒ තුළ වූයේ අලුත් ම ජංගම දුරකතනයකි.

ඒ දුටු නංගී ගේ හුස්ම හිර වුණා සරි ය.

“අනේ මරු ලොක්කි. මේකනං සෑහෙන්න වටින ෆෝන් එකක් වගේ. ලොක්කිනං පිංකාරි”

“අපිත් ඔය ගේ අස්සෙ රිගුවනං අපිටත් දෙයි. අනේ…අපිනං යයි”

නංගී ගේ මූණේ හොඳක් වූයේ ම නැත. ඇය ගේ හිත සනසනු වස් කිව හැකි යමක් මා දැන සිටියේ නැත. දුරකතනය හැඬවෙන්නට ගත්තේ එය මා අත තිබියදී ම ය. මම ඉක්මන් කොට එය සවනට ගතිමි.

“හෙලෝ”

“නංගි”

මගේ සවනත පතිත වූයේ ආකාශ් ගේ ආදරණීය හඬ ය.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content

error:
0
Would love your thoughts, please comment.x
()
x