fbpx

සඳක් කළ සක්මන් – 33

මා ගෙදර යත්දී නංගී පුපුරු ගසන මුහුණෙන් යුතු ව පරණ ඇඳ මත හිඳ ගෙන සිටියා ය. අම්මා ගේ මුහුණේ ත් හොඳක් නො වුණෙන් මම ඔවුන් දෙදෙනා ගේ මුහුණු දෙස මාරුවෙන් මාරුවට බලන්නට වූයෙමි.

“මෙයා අජිත් එක්ක රණ්ඩු වෙලා ඇවිත් තියෙන්නෙ”

මගේ කුහුල් සිත සන්සිඳවනු වස් අම්මා කීවා ය. මම සුසුමකින් ගොස් නංගී ට යාබද ව හිඳ ගතිමි.

“ඌ මට ගැහුව අක්කෙ”

ඇය කීවේ කේන්තියෙන් වෙව්ලමිනි. නංගිගේ සුදු මූණ වඩාත් රතු වී, ඇස් වල වෛරය දලු ලමින් ද තිබිණි. මේ වාගේ පවුල් ප්‍රශ්නයකදී අවවාද අනුශාසනාවක් කරන්නට තරම් අත්දැකීමක් හෝ අවබෝධයක් මට නැත. අනිත් අතට මේ වෙලාවේ කවරාකාර අනුශාසනාවක් කළත් නංගීට එය ගෝචර නො වන බව ද මම දැන සිටියෙමි. 

“ගැහුවයි කියල ඔහොම රණ්ඩු කරල දුවං ඇවිත් හරියනවද…මං කියන්නෙ…මෝඩි වගේ ඌත් එක්ක පැනල ගියානං කසාද බැඳ ගන්නකං කොහොම හරි චාටුවෙන් ඉන්න ඕනනෙ. මොකද දැං තමුංව අපි වෙන මිනිහෙක්ට දෙන්න කියලද…”

අම්මා කියවන්නට පටන් ගත්තා ය. නංගී ඒ කියවිල්ලෙන් නො රිස්සුම් ව ඇඳෙන් නැගිට කාමරයේ ඇඳ වෙත ගියා ය.

“මන්නං ආයි ඒ මිනිහගෙ ගෙදරට යන්නෑ”

“එහෙනං උඹ කියන්නෙ ඒ මිනිහත් එක්කම මෙහෙ තියාගෙන අපි උඹලට කන්න බොන්න දෙන්න ඕනයි කියලද…යකෝ මේක මාර වැඩක්නෙ…හරියට මේව අපේ උවමනාවට කර ගත්ත දේවල් වගේනෙ”

එවර අම්මා පරල වූවා ය. අම්මා ගෙන් මා එවැනි පැත්තක් දුටු මුල් ම වතාව ඒ කියා සිතමි. තාත්තා සමග වචන හරඹයක් සිදු වුවත් ඇය දිගින් දිගට ඒ පස්සේ නොයා සිය සුපුරුදු සිහින් සිනහවෙන් නිහඬ වූවා ය. මේ වෙලාවේ මේ වෙනසට හේතුව සිය දියණිය ගේ මුළු ජීවිතය ම අඳුරු වී විනාශ වී යනු ඇතැයි ඇගේ සිතේ වන අපමණ බිය නො විය හැකි ද? නෙරංජලා ගුරුගේ මා වෙනුවෙන් ලබා දුන් කාමරය සහ යහන පවා ඔවුන් වෙනුවෙන් පරිත්‍යාග කිරීමෙන් අම්මා බලාපොරොත්තු වූයේ නංගිලා ගේ පවුල් ජීවිතය නො නැසී පවත්වා ගැනීමයි.

“දැං අමමට තියෙන ප්‍රශ්නෙ මං මෙහෙ ආපු එකද…හරි එහෙනං මං යන්නංකො කොයි ලෝකෙ හරි”

මොනවා සිදු වුණත් නංගි ගේ කට මැත දෙඩීම නම් අඩු වන්නේ ම නැත. ඇය ගේ අනුවණ කමත් එක්ක මේ වෙලාවේ මොනවා කීවත් ඈ එය ගන්නේ නුහුරට ය. එහෙයින් මේ වූ කලී මේ ගැන කතා නො කළ යුතු මොහොතකැයි මම සිතුවෙමි.

“අම්ම දැං සද්ද නැතුව ඉන්නකො”

මම මුමුණා කීවෙමි.

“අපි සද්ද නැතුව හිටපු නිසානෙ ලොක්කි මේකි ඕන ඕන තාලෙට නැටුං නැටුවෙ. දැං මෙතන ඇවිත් මිනිහව එපා කියල හරියනවද…”

අම්මා හයියෙන් ම කීවා ය.

“දැං කාට කාටත් ලොක්කිනෙ ලොකු වෙලා තියෙන්නෙ. අපි ඉතිං විශ්ව විද්‍යාලෙ ගියෙ නෑනෙ”

නංගී ඒ ඇනුම් පදය එල්ල කළේ ත් මට ය. හරියට ඇයට සියලු වැරදි සිදු වූයේ මා නිසා මෙනි. 

“විශ්ව විද්‍යාලෙ තියා උඹට සාමාන්‍ය පෙළ කරනකල් ඉස්කෝලෙ යන්න බැරි තරං හදිස්සි වුණානෙ මිනිහෙක් එක්ක යන්න”

“අම්ම දැං ඉතිං ඕක නවත්තන්නකො”

මා තරමක් තදින් කීවේ අම්මා ද නතර නොවන බවක් දැනුණ නිසා ය. දැන් ඕවා ගැන කොපමණ කතා කළ ද පළක් නැත. දෙපසකට වී කොපමණ තර්ක කළ ද පළ නැත. සිදු වූ දේ සිදු වී හමාර ය. එය ආපස්සට හැරවිය හැකි නොවේ. වෙනසක් කරනවා නම් එය කළ යුත්තේ මෙතැන් පටන් ය. ජීවිතය වනාහි එහෙම දෙයකි. කිසිවකට මේ මොහොත පමා වැඩි නො වන්නේ ය.

නංගි ගේ ගෙදර පැමිණීම ගැන දැනගත් තාත්තා ද උදහස් වූයේ ය. නංගී ඔහු සමගින් ද කට ගසා ගෙන ගියෙන් තාත්තා ඇයට පහර දෙන්නටත් ගියේ ය.

“මොනාද තාත්තෙ කරන්නෙ…නවත්තන්න ඕක”

කියා තදින් කියා මම තාත්තා ව පසෙකට ඇද්දෙමි.

“කරන්න පුළුවන් සේරෝම දහදුරා කං කරල මේකි දැං කටත් ගහගෙන එන හැටි බලහංකො”

“කාගෙන්ද ඉතිං අපි දහදුරා කං ඉගෙන ගත්තෙ…දෙමවුපියංගෙංම තමයි”

නංගී ගේ ඒ ප්‍රකාශය නිසා අම්මා ගේ සේ ම තාත්තා ගේ ද මුහුණු විකෘති වී ගියේ තත්පරයෙන් සියයෙන් පංගුවක් තරම් ඉක්මනෙනි. ඒ තරමට ම වේගයෙන් ඔවුන් කෙරේ මගේ ශෝකය ද නංගී කෙරේ කෝපය ද ජනිත විය.

“වහ ගන්නව තමුසෙගෙ කට. තව කියවන්නත් ආව මෙතන”

යනුවෙන් කියමින් ම මම නංගිගේ කම්මුලක් හරහා අතුල් පහරක් එල්ල කළෙමි. ‘ඌයි’ කියමින් නංගී කම්මුල අල්ලා ගත්තා ය. ඇගේ කම්මුල ට වඩා සිය දහස් ගුණයකින් මගේ හිත පුපුරු ගසන්නට ඇත. ඒ මතක ඇති කාලයක මා නංගී ට පහරක් ගැසුවා ම ය.

ළමා වියේ සෙල්ලම් ගෙවල් තනත්දීත් ඇය මට අපමණ හිරිහැර කළා ය. මා ගන්නා ඕනෑ ම කෙළි බඩුවක් ඇය ට ඕනෑ විය. මා නොදී සිටියොත් ඇය මට පහර ගැසුවා ය. නැතහොත් අම්මා ට හෝ තාත්තා ට කේළාම් කීවා ය.

“නංගිට දෙන්න එයා පොඩියිනෙ. ඔයා අක්ක. ඔයා ලොකුයි”

එහැම විටෙක ම ඔවුන් ගේ ප්‍රතිචාරය එසේ විණි. ගහන්නට තරම් නංගී ගැන කේන්ති ගිය අවස්ථා වල පවා ඇය පොඩියි හා මා ලොකුයි යන සිතිවිල්ල මත මම කර බා ගතිමි. නැතහොත් මවු පියන්ගේ දෝෂ දර්ශනය ට ලක් වන්නට වෙන්නේ ද මට බැවිනි.

නංගිගේ කම්මුල මත මේ මොහොතේ පතිත වූ පහර වූ කලී අතීතයේ පටන් ඈ කෙරේ එල්ල කර ගත නො හැකි වූ කේන්තියක ශේෂයක් නම් නොවේ. මට මගේ නංගී ව යහ මගට යොමු කර ගත නො හැකි විණි යයි, ඈ අජිත් එක්ක පැන ගිය දවසේ පටන් හදවත ඇතුළේ පැසව පැසවා තිබූ වේදනාවක පිට මං වීමකි. ඒ පහරත් එක්ක ම ඇඳට වැටී ඉකි බිඳ බිඳ හඬන්නට මට උවමනා වූයේ ය. නමුත් මම හිත හයිය කර ගතිමි. පුදුමය නම් නංගී අම්මා හා තාත්තා සමගින් වාගේ එකට එක කියා ගෙන නෑවිත් එහෙම ම ඇඳෙහි පෙරලීම ය. ඇගේ උරහිස් ගැස්සෙන තාලයට අනුව නංගී හඬන බව සිතා ගත හැකි විය.

එදා අපේ ගෙදර කිසිවෙකු ගේ කුස් පිරුණේ නැත. තාත්තා වරින් වර පාරටත් ගෙදරටත් සක්මන් කරමින් සිටියේ ය. ටික දිනක සිට තාත්තා ගේ සහ පිරිවර අපේ මිදුලෙහි රොක් නො වන නිසා රාත්‍රියට වුව සැනසීමෙන් මිදුලට බට හැකි වූයේ ය. මම ඉස්සරහා උළුවස්ස උඩ හිඳ කළුවර අඳුරේ ම පාර දෙස බලා සිටියෙමි.

යම් තැනකදී අපේ ජීවිත වැරදුණ බව ඇත්ත ය. නංගී කීවා සේ ඊට වග උත්තර කරුවන් වන්නේ අපේ ම දෙමාපියන් වන්නටත් පුළුවන. නමුත් එසේ කියා අපට සියල්ලෙන් නිදහස් විය හැකි ද? 

“මන්නං කොහොමටත් හිතුව නංගිගෙයි අජිත්ගෙයි ඔය සම්බන්දෙ වැඩි දවස් තියෙන එකක් නෙවෙයි කියල”

ආකාශ් ගේ අදහස වූයේ එයයි. මෙතෙක් අම්මා ට වුව නො කියා සිටිය ද ඒ සම්බන්ධය ඔයාකාරයෙන් හෝ නිමා වීම ගැන ඉසිහින් කැමැත්තක් මා තුළ ඊයේ පටන් ම විය. අම්මා නම් බයේ සිටින්නේ නංගීව අජිත් ට ම විවාපත් කොට දිය හැකි නො වේවි කියා ය. නමුත් ඇය ඔහු ගේ ම සරණ පතා සිටිය යුතු ද? ඈ නො දන්නා කමට වරදක් කර ගත් බව ඇත්ත ය. ඒ වරද යළි කිසි දා නිවැරදි කර ගැනීමේ අවස්ථාවක් නො තිබිය යුතු ද?  නො තිබිය හැකි ද?

“මං කැමතියි ඔහොම වුණාට”

මම සිහින් ව කීවෙමි. ආකාශ් හිස හරවා  මදෙස බැලුවේ ය.

“මං කියන්නෙ…නංගි ජීවිතේ දකින්න ඕන අයියෙ. මේ චූටි වයසෙදි ළමයි බමයි එල්ලගෙන…ජීවිතේ කියන්නෙ ඒකට නෙවෙයිනෙ”

“ඔයා හිතනවද නංගි ආයෙ අජිත් ළඟට යන එකක් නෑ කියල…”

“මං යන්න දෙන්නෙ නෑ”

“පූජා”

“දැංවත් මං නංගිව පරිස්සං කර ගන්න ඕනෙ. මේක අන්තිම අවස්ථාව අයියෙ. පිරිමියෙක් එක්ක හොරෙං පැනල ගියා ගියා කියල කෙල්ලෙක්ගෙ අනතේ එතනිං කෙළවර වෙන්න ඕනද…ඇයි නංගිට යන්න දැං වෙන පාරක් ඇත්තෙම නැද්ද…”

“ඔයාගෙ කැමැත්තක්”

ඔහු සුසුමකින් අරඹා කීවේ ය. ආකාශ් ගේ එකඟතාවය මට අමුතු ශක්තියක් දැනවී ය. එදා හවස මා ගෙදර ආවේ නංගී එක්ක සමාදානයෙන් කතා කරනා අදහසිනි. මම මගදී ඇය වෙනුවෙන් කෙටි කෑම ටිකක් ද මිල දී ගතිමි. කඩ චෝරු වලට නංගී පෙරේත ය.

මා එත්දීත් ඇය සිටියේ ඇඳේ මුනින් අතට පෙරලී ගෙන ය. මම නංගී කියා කතා කළෙමි. ඇය දෙවැලමිට මතට බර වී ගෙන හිස නගා බැලුවා ය.

“ආ…”

මම කෙටි කෑම බහාලුම ඈ වෙත පෑවෙමි.

“මොනාද…”

“ශෝට් ඊට්ස් වගයක්”

ඈ එය දිග හරිමින් ම ඇඳ මත හිඳ ගත්තා ය. ඇගේ මුහුණ සුදුමැළි ය. නංගී දැනටමත් ගැබ් ගෙන ඇත්දැයි ක්ෂණික බියක් මා වෙළා ගත්තේ ය. නමුත් ඇගෙන් එවැන්නක් විමසා සිටින්නට තරම් දිරියක් මට වූයේ නැත.

“කාල බීල ඉස්සර වගේ ඉන්න. දැං ඔය පහුගිය දේවල් ගැන හිතන්න ඕන නෑ”

දිය නා ගෙන ඇවිත් සැහැල්ලු වී මම ඇය සමීපයේ යහනේ හිඳ ගතිමි. ඉස්සර සේ නංගී ගෙන් දුරස් වනු වෙනුවට මා ඇය ට සමීප විය යුතු යයි දැන් මම සිතා ගෙන සිටිමි. අක්කා කෙනෙකු වශයෙන් මම ද යුතුකම් පැහැර හැර ඇත්තෙමි. මා සිතුවේ මා ගැන විතරක් ම ද? නංගී ගමන් කළේ මගේ මාර්ගයේ නො වන බව මම දැන සිටියෙමි. එතැන දී ඇගෙන් තවත් ඉවතට වනු මිසෙක සමීප වී ඇය ට යමක් අවබෝධ කරවීමට මා තැත් කළේ නැතිවා නොවේද? 

“මට ආයෙ ඒ මිනිහ එක්ක යන්න බෑ අක්කෙ. ඌ මහ තිරිසනෙක්”

“ඉතිං යන්න එපා”

මම ක්ෂණික ව ඇගේ පැත්තට වැටී කීවෙමි. නංගි ගේ ඇස් දිළිසෙන්නට වූයේ ය.

Mini Stories

වෙනස

ළපෙති මල්

ළපෙති මල් -33

Mini Stories

පසුතැවීම

සුළි සුළඟක සුසුමක්

සුළි සුළඟක සුසුමක් – 31 වන කොටස

Mini Stories

මතක අහුරු

ළපෙති මල්

ළපෙති මල් – 32

Mini Stories

හිසරදය.

සුළි සුළඟක සුසුමක්

සුළි සුළඟක සුසුමක් – 30 වන කොටස

Mini Stories

නිදහස

“ඇත්තමද අක්ක ඔය කියන්නෙ…”

“ඇත්ත තමයි”

“ඒත් අම්ම මාව යවන්නමනෙ හදන්නෙ”

“මං ඒ ගැන බලා ගන්නං. හැබැයි එක කොන්දේසියක් උඩ”

“මොකද්ද අක්කෙ…”

“ඔයා ගිය පාර වැරදියි කියන එක දැං තේරෙනවනෙ…දැංවත් ඔයා හරි පාරෙ යන්න ඕනෙ. තාම ඔයා පොඩි ළමයෙක් නංගි. තව සෑහෙන කාලයක් තියෙනව ඔයාට කසාදයක් ගැන හිතන්න. දැං ඉතිං වෙච්ච දේ වුණා. කොහොමත් ආයෙ ඉස්කෝලෙටනං ඔයාව බාර ගන්නෙ නෑනෙ. ඒ වුණත් ඔයා ප්‍රයිවට් හරි ඕ ලෙවල් කරන්න ඕනෙ. මේ රටේ දැං ඒ ලෙවල් තිබිලවත් කරන්න පුළුවන් දෙයක් නෑ නංගි. ඒත් අඩු ගානෙ ඕලෙවල් කරන්න. එහෙම නැත්තං තැනකට ගියත් ගණං ගන්නෙ නෑ. ඊට පස්සෙ අඩු ගානෙ ඔයා කැමති දේකට යොමු වෙන්න පුළුවන්. මං කියන්නෙ බියුටි කල්චර් වගේ කෝස් එකක් කරගෙන ඒ පැත්තෙන් යන්න හරි…නැත්තං කේක් හරි ඩ්‍රෙස් මේකිං හරි…එහෙමත් නැත්තං ඔයා කැමති  වෙන මොකක් හරි දෙයක් වුණත් ඉගෙන ගන්න පුළුවන්නෙ. ඒක ඔයා ජීවත් වෙන මාර්ගය කරගන්න පුළුවන් දෙයක් වෙන්න ඕනෙ. ගෑනු ළමයෙක්ට එහෙම කරන්න කොච්චර දේවල් තියෙනවද නංගි….ඉස්සෙල්ලම කරන්න ඕන දේ මිනිහෙක් එක්ක යන එක නෙවෙයි. අන්තිමට කරන්න ඕන දේයි ඔයා කලබල වෙලා කලිංම කර ගත්තෙ. දැං ඉතිං ඒ ගැන කතා කරල ඇති වැඩක් නෑ. දැංවත් මොළේ කල්පනා කරල වැඩ කරමු”

ඇය හා හ්ම් නැතිව මා කියන්නක් අසා ගෙන සිටියා ය. මම ඉන් වඩාත් අනුබල ලදිමි.

“දැං බලන්න අජිත් එක්ක ගියා කියල මොකද්ද වුණ සෙතේ…මොකද්ද එතන තියන අරුමෙ…කෙල්ලෙක් වුණාම කොල්ලෙක්ගෙ ආදරේ ඕන තමයි නංගි. හැබැයි ඔයා රැවටුණා. ඒ ආදරේ නෙවෙයි. ඒ ආදරේ දවසක හම්බ වෙයි. එතකල් ඔයාගෙ ගමන යන්න. යන්න ඕන තැනට යන්න. ගෑනු ළමයෙක් වුණත් දවසක මනුස්සය හම්බ කරල ගෙනත් දෙන දෙයක් කන්න බලං ඉඳල ඇති වැඩක් නෑ නංගි. ගෑනු ළමයෙක්ට වුණත් තමංගෙමයි කියල ආදායමක් තියෙන්න ඕනෙ. මං කියන්නෙ දවසක කසාද බඳින මනුස්සයට ලොකුකං පෙන්නන්න නෙවෙයි. ඒත් ඒක තමයි තමංගෙ අභිමානය. ගෑනියෙක් වෙලා ඉපදුනත් ඔළුව කෙලිං තියාගෙන ජීවත් වෙන්න පුළුවන් කම තියෙන්න ඕනෙ නංගි. ඔයත් එතනට යන්න ඕනෙ”

“ඒත් මං කොල්ලෙක් එක්ක පැනල ගිය කෙල්ලෙක්නෙ අක්කෙ”

නංගී ගැන ඒ තරම් දුකක් ඊට පෙර කවදාවත් මට දැනී නැත. පපුව පැලී යන්නට එනවා බඳු වේදනාවකින් මම ඇය ව ළයට තුරුලු කොට ගතිමි. ඇගේ ගැහැනු පපුව ඇතුළේ පැසවෙමින් කැකෑරෙන වේදනාව මට හොඳින් දැනේ. මා ඇගේ අක්කා ය. ඈ මගේ නංගී ය.

“කසාද බැඳලත් ගෑනු දික්කසාද වෙනව නංගි. එතනිං එයාලගෙ ජීවිතේ නතර වෙනවද…නෑ. හැබැයි එක සැරයක් වෙච්ච වැරැද්ද ආයෙත් වෙන්න දෙනවනං ඒ කියන්නෙ ඒ කෙනාට කවදාවත් හැදෙන්න ඕන කමක් නෑ කියන එකයි. ඔයාට හැදෙන්න ඕන කමක් තියෙනවනං මං ඔයා වෙනුවෙන් ඕන ම දෙයක් කරනව නංගි. හැබැයි ඒ හැදෙන්න ඕන කමක් තියෙනව කියල පේනවනං විතරයි”

“මට හැදෙන්න ඕන අක්කෙ”

නංගී මිමිණුවා ය.

“ඒත් ආයෙ මං විභාගෙට ලෑස්ති වෙනකොට මිනිස්සු හිනා වෙයිනෙ”

මගේ මුවට සිනහවක් ආවේ ය. මම නංගී ගේ හිස පිරිමදිමින් කතා කළෙමි.

“මිනිස්සු අපි ගැන හිතන විදිහ ගැන හිතන්න ගියොත් කවදාවත් අපිට ජීවත් වෙන්න බෑ නංගි. එයාල හිතන විදිහකට හිතපුදෙං. අපි අපිට ඕන දේ කරමු”

නංගී ගේ ඇස් වල අලුත් දීප්තිය දකිමින් මම එතැනින් නැගිට කුස්සිය දෙසට ගියෙමි. හිත අලුත් සතුටකින් පිම්බී යමින් තිබිණ.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

error:
0
Would love your thoughts, please comment.x
()
x