ඩයට් කරන ඔබට උදෑසන ආහාරයට සුදුසු high protein fruit smoothies

සිරුරේ බර අඩු කර ගන්න උත්සහ කරන smart ladiesලට වගේම නීරෝගීමත් ජීවන රටාවක් හෙවත් helthy living style එකට කැමති හැමෝටමත් උදෑසන ආහාරයට සුදුසු high protein පළතුරු ස්මූති ගැනයි අද අපි කතා කරන්නේ.
high protein පළතුරු ස්මූති කියන්නෙ ඉතා පහසුවෙන් ඔබට සාදා ගත හැකි සරල පානයක්. කෘතීම රසකාරක සහ වර්ණ යොදා ගන්නෙ නැති නිසා මෙම පළතුරු high protein ස්මූති ඉතා ගුණදායකයි වගේම රසවත්.

ඩයට් කරන බොහෝ දෙනෙක් උදෑසන කාර්‍යබහුලත්වය නිසා diet plan එකට අදාලව ආහාර සකසා ගැනීම ගැටලුවක් , ඉතින් ඒ නිසාම සමහර විට නිරාහාරව ඉන්න ඔවුන් පෙලඹෙනව. එවැනි කාර්‍යබහුල ඔබට ඉතාම කෙටි කාලයකින් සකසා ගන්න පුලුවන් මෙවැනි පානයක් හොද විසදුමක් වේවි..

නිකන්ම උදෑසනට බොන පලතුරු පානයකට වඩා මේ highland protein පළතුරු ස්මූති වල විශේශත්වය තමයි එහි ඉහල ප්‍රොටීන් ප්‍රමාණයක් අඩංගු වීම. ඉහල ප්‍රෝටීන් සහිත ආහාර වේලකින් සිරුරේ බර අඩුවීමට ලැබෙන දායකත්වය අපි මුලින්ම බලමු .

ප්‍රෝටීන් බර අඩු කර ගැනීමට උපකාරී වන්නේ කොහොමද?

බර අඩු කර ගැනීම සඳහා ප්‍රෝටීන් ප්‍රධාන පෝෂකයක්.ඇත්ත වශයෙන්ම, ඔබේ ආහාරවේලට ප්‍රෝටීන් වැඩිපුර එකතු කිරීම බර අඩු කර ගැනීමට ඇති පහසුම සහ වඩාත්ම ඵලදායී ක්‍රමය ද වනවා.

ඒ වගේමයි ප්‍රෝටීන් මඟින් ඔබේ ආහාර රුචිය පාලනය කිරීම නිසා අධික ලෙස ආහාර ගැනීමෙන් වැළකීමට හැකිවනවා.

එම නිසා ප්‍රෝටීන් බහුල උදෑසන ආහාරයක් සමඟ ඔබේ දවස ආරම්භ කිරීම බර අඩු කර ගැනීම සඳහා ඵලදායි පියවරක්.

ඒ අනුව high protein පළතුරු ස්මූති තුළින් ද ඉහත ප්‍රතිලාභ අපට ලැබෙනවා.ඒ වගේමයි පළතුරු කියන්නෙ ඉතාම ගුණදායක ආහාරයක් නිසා කිසිම අහිතකර තත්ත්වයක් ඇති වෙන්නෙ නැහැ.විශාල මුදලක් වියදම් නොකර පහසුවෙන් බර අඩු කර ගන්නෙ මේ high protein පළතුරු ස්මූති යොදා ගන්න පුළුවන්.

high protein පළතුරු ස්මූති සඳහා හොඳම පළතුරු :

කෙසෙල්
අඹ
ස්ට්‍රෝබෙරි
බ්ලූබෙරීස්
රාස්ප්බෙරී
අන්නාසි
කොමඩු
අලිගැටපේර

High protein පළතුරු ස්මූති රෙසිපි

1.කෙසෙල් ඕට්මීල් ස්මූතිය

මෙම කෙසෙල් ඕට්මීල් ස්මූති යනු රසවත් සෞඛ්‍ය සම්පන්න පානයක්. කිරි වලින් ලැබෙන ප්‍රෝටීන් ඔබට ශක්තිය සපයන අතර ඕට්ස් සහ කෙසෙල් වල ද්‍රාව්‍ය තන්තු ඔබේ හෘද සෞඛ්‍යය නංවාලීමට ද උපකාරී වනවා. මෙම ඉහළ ප්‍රෝටීන් සහිත ස්මූතිය බර අඩු කර ගැනීම සඳහා පරිපූර්ණ උදෑසන ආහාර වට්ටෝරුවක්

අවශ්‍ය ද්‍රව්‍ය:

ඕට්ස් පීරිසියක්

කෙසෙල්

කුරුඳු (කුඩු)

 ඉඟුරු කැබැල්ලක්

කිරි කෝප්පයක් (තෝරා ගන්නා ලද කිරි)

පැණි රස 2 තේ හැදි (අවශ්‍ය නම්)

සියලුම අමුද්‍රව්‍ය බ්ලෙන්ඩරයකට දමා සිනිඳු වන තෙක් මිශ්‍ර කරගෙන ආහාරයට ගත හැකියි .

2. අන්නාසි නිවිති කොළ ස්මූති

මෙම ස්මූති එක හරහාද බර අඩු කරන අතර නිවිති එනම් කොළ පැහැති කොවල හෘද රෝග වැළැක්වීමට, කොලෙස්ටරෝල් අඩු කිරීමට, අස්ථි සෞඛ්‍යය ප්‍රවර්ධනය කිරීමට සහ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නැංවීමට උපකාරී වන පෝෂ්‍ය පදාර්ථ හා ප්‍රතිඔක්සිකාරක අඩංගු වනවා. අනෙක් අතට, අන්නාසි යනු ඔබේ ආහාර වේලට ඇතුළත් කර ගැනීමට ඉතාම හොඳ පළතුරක්.

අවශ්‍ය ද්‍රව්‍ය:

අමු නිවිති කොළ, කඳන් ඉවත් කරන ලද කෝප්පයක්

ආමන්ඩ් කෝප්පයක්

නැවුම් කෙසෙල්

යෝගට් කෝප්පයක්

අන්නාසි කෑලි කෝප්පයක්

බටර් පීනට් ස්වල්පයක්

මී පැණි (අවශ්‍ය නම්)

කිරි කෝප්පයක් (තෝරා ගැන්නා ලද)

සියලුම අමුද්‍රව්‍ය බ්ලෙන්ඩරයකට හොදින් බ්ලෙන්ඩ් කර ගෙන පානය කරන්න

3.අලිගැට පේර අඹ ස්මූති

මෙම ස්මූති වට්ටෝරුවහි ද බර අඩු කර ගැනීමට සහ සෞඛ්‍ය සම්පන්න ශරීරයක් ප්‍රවර්ධනය කිරීමට උපකාරී වන පුදුමාකාර පෝෂණ අන්තර්ගතයක් තිබෙනවා.

අවශ්‍ය ද්‍රව්‍ය

නැවුම් අඹ කෝප්පයක්

අලිගැට පේර

චියා බීජ තේ හැන්දක් 

  රටකජු බටර් තේ හැන්දක්

පොල් වතුර කෝප්පයක්

පැණි රස 1 තේ හැන්දක් (අවශ්‍ය නම්)

මින්චි කොළ ස්වල්පයක් .

සියලු අමුද්‍රව්‍ය බ්ලෙන්ඩරයට දමා හොදින් බ්ලෙන්ඩ් කර ගැනීම

සැලකිලිමත් විය යුතු කරුණු :

මෙයට භාවිතා කරන කිරි වර්ගයෙ සීනි අඩංගු නොවිය යුතුයි

මෙම අනුපිළිවෙලට බ්ලෙන්ඩරයට ඔබ යොදා ගන්නා ද්‍රව්‍ය එකතු කළ යුතුයි.
1 දියර
2.පළතුරු
3.අනෙක් අමුද්‍රව්‍ය
4.ලෙමන් යුෂ

හොදින් ඉදුණු පළතුරු යොදා ගත යුතුයි .

ඔබට රසකාරකයක් අවශ්‍ය යැයි සිතන්නේ නම්, කුරුඳු හෝ පිරිසිදු මේපල් සිරප් ස්වල්පයක් එක් කරන්න.

කෘතිම රසකාරක එකතු නොකරන්න.

ඉතින් උදෑසනට සුදුසු මෙවැනි ආහාරයකින් දවස ආරම්භ කිරීමෙන් ඔබට සිරුරේ බර අඩු කර ගැනීමට අමතරව සමේ පැහැපත් බව වැඩි කර ගැනීම, හෘද රෝග, කලොස්ට්‍රෝල් වැනි බෝ නොවන රෝග ගණනාවකින් ආරක්ෂා වීම වැනි අමතර වාසි ගණනාවක්ද ලබා ගන්න පුළුවන්.

Related Articles

Don't Miss


Latest Articles