මාතෲ නිවාඩු වෙනුවෙන් හඬ නඟන මේගන් කුමරිය.

හැරී සහ මේගන් යුවල මීට මාස හතරකට පෙර ලිල්බට් ඩයනා නම් සිඟිති දියණියකට උපත ලබා දුන්නා.ඒ සම්බන්ධ කතා බහක් සඟරාවක් සමඟ කරද්දී මේගන් පවසා තිබුණේ ලිල්බට්ගේ උපත නිසා තමන් යම් කලබලකාරී තත්වයකට පත් වූ බවක්.

වැටුප් සහිත පීතෘ නිවාඩු සඳහා ප්‍රසිද්ධ ඉල්ලීමක් කරමින් ඇය එය ජාතික අයිතිවාසිකමක් බවට පත් කරන ලෙස එක්සත් ජනපදයේ දේශපාලනඥයන්ගෙන් ඉල්ලා සිටින්නටත් අමතක කර තිබුණේ නෑ.ඇය එහිදී “අම්මා කෙනෙකු ලෙස” කතා කරමින්, බෙදා හදා ගත්තේ සෑම මවකට සහ පියෙකුට ප්‍රසූතියෙන් පසු විවේක ගැනීමටත්, තත්ත්වට අනුගත වෙන්නත් තම දරුවා සමඟ කාලය ගත කිරීමටත් අවශ්‍ය බවයි.එක්සත් ජනපදය මාතෘ හෝ පිතෘ නිවාඩුවලට වැටුප් ලබා නොදෙන ලොව එකම රට වෙනවා.මේගන් විසින් මාතෘ සහ පිතෲ නිවාඩු වැටුප් සහිත නිවාඩු බවට පත් කරන්නට හඬ නඟන්නියක් බවට පත් වෙමින් සිටිනවා.ඇය පවසන්නේ ඇයටත් හැරීටත් ලිලිබට්ගේ උපතට පසු දැඩි වෙහෙසක් සහ කලබලකාරී හැඟීමක් දැනුණු බවයි.නමුත් ඔවුන් දෙදෙනාට ඔවුන්ගේ පුණ්‍යායතනය වන Archewell හි මාතෲ ප්‍රතිපත්තින්ට අනුව සති විස්සක නිවාඩුවක් ලැබුණා.ඉන්පසු ඒ නිවාඩුව මුළු ඇමරිකාවේම දෙමාපියන්ට ලබා දෙන මෙන් මේගන් හඬ නඟන්නට පටන් ගත්තා.

නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායක නැන්සි පෙලෝසි සහ සෙනෙට් බහුතර නායක චාල්ස් ෂුමර් වෙත විවෘත ලිපියක් ලියන මේගන් “මිලියන සංඛ්‍යාත ඇමරිකානුවන් වෙනුවෙන්” හඬ නගනවා.මෙය ඇමරිකානු කම්කරුවන්ගේ නිවාඩු සම්බන්ධයෙන් විශේෂිත නීති සැකසෙන කාලයේම ආරම්භ වීමත් විශේෂත්වයක්.

ඒ ලිපිය ලියැවෙන්නේ හැරී සහ මේගන්ගේ නිල ශීර්ෂ සහිතව.මේගන්ගේ ළමා කාලය ගැන සඳහන් කරමින් ඒ ලිපිය ලියන මේගන් පියා හොලිවුඩ් අධ්‍යක්ෂවරයෙකු ලෙසත් මව වේශනිරූපණ ශිල්පිනියක ලෙසත් කටයුතු කළ ආකාරයත් ඒ කාලයේ ඔවුන්ගේ අඟහිඟකම් ගැනත් ආවර්ජනය කර තිබෙනවා.සුළු මුදලක පවා තමන්ගේ පවුලට මොනතරම් වටිනාකමක් තිබුණාදැයි ඇය සඳහන් කර තිබුණා.

“මම ජීවිතේ පුරාම වැඩ කළා.මට හැකි සෑම විටකම ඉතිරි කලා.ඒත් ඒ මුදල් සුඛෝපභෝගී ජීවිතයකට වැය කරන්න ලැබුණෙ නෑ.ජීවිතය ගැට ගසා ගන්නට පමණයි.ගෙදර කුලියට සහ මෝටර් රථයේ නඩත්තු වලට මගේ මුදල් වැය වුණා.”

මේගන් තමන්ගේ ලිපියේ එසේ ලියා තිබුණා.එය ලියන්නට හේතුව වැටුප් රහිත නිවාඩු ලැබුණානම් එය ඇයට පවා බලපාන ආකාරය හෙළිදරව් කිරීමයි.

තමන්ගේ නිවාඩුව ලැබී තිබියදී පවා ඇයටත් හැරීටත් දෙමාපියභාවය වෙහෙස ගෙන ආ බවයි මේගන් පවසන්නේ.විවේකය සහ නිවාඩුව ඇයට සුවදායක වූ බව ඇය පවසනවා.කිසිම මවකට හෝ පියෙකුට දරුවා රැකබලා ගැනීම සහ කෑම සඳහා මුදල් ඉපයීම යන කාරණා දෙකෙන් එකක් තෝරා ගන්නට සිදු නොවිය යුතු බව මේගන් පවසනවා

ජූනි මාසයේදී ලිලිබට් කුමරියට උපත ලබා දුන් පසු ඕනෑම දෙමාපියෙකු මෙන් ඔවුන් ද ප්‍රීතිමත් වූ බව මේගන් පවසනවා.සමහර දෙමාපියන්ට මෙන් දරුවා ඉක්මනින් හැර දමා රැකියාවට යාම නම් කටුක යථාර්ථයට මුහුණ නොදීම ගැන ඇයට තිබෙන්නේ සතුටක්.ඔවුන්ට දරුවා බලා ගැනීම සහ වැඩ කිරීම යන මාර්ග දෙකෙන් එකක් තෝරා ගැනිමට සිදු නොවූ බව ඇය පවසනවා.

මේගන්ට උවමනා මුළුමහත් ඇමරිකාවේ වෙසෙන සෑම දෙමාපිය යුවලකටම මේ අවස්ථාව ලබා දෙන්නටයි.ඇය සාර්ථක වේදැයි තවම කියන්නට බැහැ.නමුත් ඇය අනුන් වෙනුවෙන් හඬ නැගීම අගය කළ යුතු කාර්යයක්.එය ඈ ඇගේ නැන්දණිය වූ ඩයනා යන මඟම යන බවට අපූරු නිදසුනක්.

අපේ රටේ මාතෲ නිවාඩු සාර්ථක මට්ටමක තිබුණත් බොහෝ පෞද්ගලික ආයතනවල පිතෲ නිවාඩු ඇත්තේ නැහැ.ඒ වගේම වැටුප් සහිත මාතෲ නිවාඩු සමහර ආයතන වල ඇත්තේ ද නැහැ.මේවා සංවර්ධනයක් දැකිය යුතු ගැටලුයි.
දරුවෙකු සමඟ මව රැඳී යුතු කාලයේ අයිතිය ඇයට දෙන්නටත් මවට පියා උවමනාම දින කිහිපය ඔහුට කරදරයකින් තොරව නිවාඩු ගන්නත් රජයේ සහ පෞද්ගලික ආයතන සිදු කළ යුතුමයි.

ඒ වෙනුවෙන් හඬ නගන්නට මේගන් වැනි රජ කුමරියන් අපට නැහැ.එනිසා ඒ අයිතිය ගැන නොබියව පෙනී සිටීම අප සතු කාර්යයක්.

Related Articles

Don't Miss


Latest Articles