තිර රෙදිවලින් නිවසට වෙනසක් එකතු කරමු

තිර රෙදි නිවසට පිළිවෙළක්, සුන්දර බවක් ගෙන දීමට ඉතා වැදගත්. විශේෂයෙන්ම තිර රෙදි වලින් නිවසට වෙනස්ම එළියක් ගෙන දෙන්න පුළුවන්. අලුත් අවුරුදුදට තිර රෙදිවලින් නිවසට වෙනසක් එකතු කරනවා නම් මෙන්න මේ කරුණු ගැන අවධානය යොමුකරන්න..

නිවසකට දොර හා ජනෙල් රෙදි නැතිනම් තිර යෙදීමේදී නිවසේ බිත්තිවල ආලේප කර ඇති වර්ණය, නිවසේ විශාලත්වය, බිත්තිවල උස, නිවස පිහිටා ඇති ස්ථානයට අයත් දේශගුණික ස්වාභාවය සහ නිවසේ කුමන ස්ථානයට  තිර රෙදි යෙදිය යුතුද යන කාරණු පිළිබඳව මූලිකවම සැලකිලිමත් විය යුතුයි. එමෙන්ම තිර රෙදි සඳහා වැය කල හැකි මුදල, පිරිසිදු කල යුතු අයුරු, කල්පැවැත්ම යන කාරණා පිළිබඳවත් අවධානය යොමුකල යුතුයි.

එසේම කිසිවිටකත් අන් අය අනුකරණය කරමින් තිර රෙදි තෝරා ගැනීම නොකල යුතුයි.  නිවසට ගැලපෙන දේ පමණක් යෙදිමට වග බලා ගත යුතුයි. සුදු, salmon pink, ලා කොළ, cream, යනාදී පැහැයන්ගෙන් ඔබ්බට ගොස් විවිධ වර්ණ සංකලන උපයෝගී කර ගනිමින් තිර රෙදි නිර්මාණය කරන්න උත්සහා කරන්න. විශේෂයෙන්ම තිරරෙදි සඳහා යොදාගනු ලබන අනෙකුත් උපාංග වන රේන්ද ආදිය තෝරා ගැනීමේදී සැළකිලිමත් විය යුතුයි. ඒවා රෙදිවල වර්ණයට උචිත සහ ගැලපෙන ඒවා විය යුතුයි. මෙහිදී සුදු පැහැයට හුරු තිර රෙදි නිර්මාණය කිරීමේදී pleats ඉතා ඝනකම්ව ළඟින් ළඟ තබා මැසීම මඟින් එහි අලංකාරබව වැඩිකර ගැනීමට පුළුවන්. Printed රෙදි වලින් තිර රෙදි නිර්මාණය කිරීමේදී එම රෙද්දේ මෝස්තරය කැපී පෙනෙන පරිදි නිර්මාණය කර ගැනීම වැදගත් වේ.

මෙම කරුණු ගැන අවධානය යොමුකරමින් ඔබටත්  අලංකාර තිර රෙදිවලින් නිවසට වෙනස්ම සුන්දරත්වයක් එකතු කරන්නට හැකිවේවි.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles