ලේසියට හදන්න Bell pepper egg muffins

උපන් දින සාදයකට හෝ වෙනත් උත්සවයකට අතුරු කෑම හෝ කෙටි කෑම සැකසීම වැඩි කාලයක් වැයවන කටයුත්තක්. එවැනි අවස්තාවකට ලේසියෙන්ම සැකසිය හැකි  රසවත් Bell pepper egg muffins  ඔබට සැබෑ සහනයක් වේවි.

අවශ්‍ය ද්‍රව්‍ය-

  • බිත්තර 6
  • කුඩාවට කපාගත් බෙල් පෙපර් කෝප්ප 1/2
  • කුඩා කැබලි ලෙස කපාගත් සොසේජ් කෝප්ප 1
  • ගාගත් චීස් කෝප්ප 1/2
  • බටර්/මාගරින්
  • සැරසීමට පාස්ලි ස්වල්පයක්
  • රස අනුව

සාදාගන්නා අයුරු-

ලොකු භාජනයක් ගෙන එයට බිත්තර ටික දමා හොඳින් ගසාගන්න. ඉන්පසු එම බිත්තර මිශ්‍රණයට බෙල් පෙපර්, සොසේජ්, චීස්, ලුණු සහ ගම්මිරිස් එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න. Muffin cups හෝ muffin tray එකට බටර් ස්වල්පයක් තවරාගන්න. දැන් මිශ්‍රණය muffin tray එකට සමසේ වත්කරගන්න. උඩට ගාගත් චීස් ටිකක් ඉසින්න. අවන් එක අංශක 375ට රත් කරගෙන විනාඩි 15-18ක් පමණ බේක් කරගන්න. සකසාගත් Bell pepper egg muffins මත පාස්ලි තබා සරසාගන්න.

උත්සව අවස්ථාවකට පමණක් නොව හවස තේ බොන වෙලාවට වූවත් මෙය ඉතාමත් රසවත් කෙටි කෑමකි. කන්න හොර ලොකු පොඩ්ඩන්ටත් කදිමයි.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles