අලුත් විනෝදාංශයක් අරඹමුද?

බොහෝදෙනා විනෝදාංශයක් ලෙස මල්වවති. නමුත් ලස්සන මල්වත්තක් බලාකියාගන්න ඔබට ඉඩහසර නැතිනම් Bonsai කළාව යනු ඔබේ විවේකී වේලාව ගතකරන්නට ඉතාමත් උචිත විනෝදාංශයකි. Bonsai යන ජපන් වදනෙහි තේරුම වනුයේ”තැටියේ සිටුවූ ගස” (tray planting) යන්නයි. ජපානයේ පාරම්පරික සාම්ප‍්‍රදායික කලා අතරට එක්වූණ සෞන්දර්යාත්මක වූ මේ ශිල්පය කලාවක් වශයෙන් අරඹා ඇත්තේ දොළොස්වන සියවසෙහිදී ය.

අප අවට ඇති බොහෝ විසිතුරු ගහකොළ දැකීමෙන් අප සතුටු වුවත් එම ගල් වල විසිතුරු බවට හේතුපාදක වන කරුණු ගැන අපි සැලකිලිමත් නොවෙමු. Bonsai නිර්මාණකරණයට උනන්දුවන කෙනෙකුට තම නිර්මාණ සඳහා පසුබිම සකසන්නේ මෙම විසිතුරු ගහකොළයි. එහෙත්, විසිතුරු ශාකයන් දෙස බැලීම පමණක්‌ මේ සඳහා නොසෑහේ. ගස්‌වල ව්‍යුහය හොඳින් සමීක්‍ෂණය කොට, එම ගස්‌වල කුඩා ප්‍රතිරූප, කුඩා ශාක යොදා ගනිමින් ප්‍රතිනිර්මාණය කිරීම Bonsai නිර්මාණකරුවකු විසින් කරණුලැබේ. Bonsai ගසක්‌ සාර්ථකව නිර්මාණය කිරීම හා රැකබලා ගැනීම, වඩා ඉවසීමකින් හා දක්‍ෂතාවකින් කළ යුතු දෙයකි. මූලික සැකිල්ල නිර්මාණය කළ පසු අවශ්‍ය පරිදි කප්පාදු කරමින්, මනාව රැකබලා ගනිමින්, මූලික හැඩතල පවත්වා ගනිමින්, කාලයත් සමඟ එහි මුහුකුරා ගිය පෙනුම වර්ධනය කර ගැනීම බොන්සායි නිර්මාණකරුවකු සතු අභියෝගයයි.

පරිසරයේ අනේක වෙනස්වීම් සමඟ පොර බදිමින් කරන අරගලය තුලින් ගසක් ඉතා පියකරු, අසාමාන්‍ය හැඩරුවක්‌ උරුම කර ගනී. එවන් ගසක රුව බොන්සායි නිර්මාණයක්‌ තුළින් මූර්තිමත් කිරීම, මෙන්ම එම වෘක්ෂයෙහි විකාශනය සහ මුහුකුරායාම අත්විඳීමට ලැබීම ඉතා සුන්දර අත්දැකීමකි.

Bonsai නිර්මාණයක ඇති වඩාත්ම වැදගත්කරුණ වන්නේ, එය කවදාවත් “සාදා” නිම කරන කලා භාණ්‌ඩයක්‌ නොවන බැවිනි. එසේම මෙම කළාව ඔබේ ආතතිය, මානසික පීඩනය ආදිය මැඩපවත්වා දිගු කාලීනව මානසික සැනසීම, සුවයද ළඟාකරදෙනු ඇත.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles