(අ)හිමි සිහින -40

මම hotel school එක තෝරාගැනීම ගැන අම්මලාට කිව්වේ මෙන්න මෙහෙම කතාවක්.

“අසංක හරි පව් එයා බත් කන්නෙ නෑ නේ.හැමදාම පානුයි අරකයි මේකයි කන්න දෙන්නත් දුක හිතෙනවා.මට එයාට උයලා දෙන්න කෑම ජාති ඉගෙන ගන්න ඕනි..”

එහෙම කියල ආව නිසා මගේ අලුත් පියවරට විරුද්ධ වෙන්නේ කිසිම හැකියාවක් මගේ අම්මටයි තාත්තටයි අතර තිබුණේ නැහැ.නමුත් මං මොකක්ම හෝ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන බව ඔවුන්ට ඉව වැටෙමින් තිබුණා.

බනින්න දත්කූරු කන්න පටන් ගත්ත අපේ අම්මා නොනවත්වාම මට බනින්න පටන් ගත්තා.

“පලයන් නුවර.මොනවා කරනවද මෙහෙ.ඔය එක මඟුලක්වත් වැඩක් නෑ..”

එහෙම කියපු අපේ අම්මා තාත්තත් හවුල් කරගෙන ආපහු නුවරට පටවලා අරින්න ලොකු උත්සාහයක් ගත්තා.මට ගෙදරින් බත් ඇටයක් ලැබුණේ නැහැ.මට පුදුමාකාර වෙනස්කම් කරන්න අම්මයි තාත්තයි පටන් ගත්තා.මම වැඩ කර කර ඉන්නකොට කාමරේ ලයිට් එක නිවලා යනවා.මට නිදාගන්න ෆෑන් එක අත්‍යවශ්‍යයි.අර කතාවටත් කියන්නේ හුළඟ නාවත් ෆෑන් එකේ සද්දේ ඇහෙන්න ඕන කියලා.මමත් අන්න එහෙම ෆෑන් එකේ ෆෑන් කෙනෙක්.ඒක මට පුංචි කාලේ ඉඳන් තියන පුරුද්දක්.මට නින්ද ගිහින් කියලා පේන්න තියෙද්දි ෆෑන් එක off කරල යන්න අම්මලා වගබලාගත්තා

Bored Teenage Girl Being Told Off By Mother

“මට සල්ලි නෑ ලයිට් බිල් ගෙවන්න උඹට සැපට ඉන්න ඕන්නම් මනුස්සයෙක් ගෙදර පලයං..”

ඒව ඉතින් මහ පුදුමාකාර කතා.මං වෙනුවෙන් කෝටි ගානක් වියදම් කරපු අම්මාටයි තාත්තාටයි ලයිට් බිල ගෙවාගන්න සල්ලි නෑ කියන්නේ බොරුවට කියලා මම දන්නවා.

ඒ හැසිරීම්වලට මං මගේ අම්මත් තාත්තත් එක්ක පොඩ්ඩක්වත් තරහ නැහැ.එයාලට තේරුම් ගියා මම ඉන්නේ සංක්‍රාන්ති සමයක කියලා.මටආදරය කරන්නේ එයාලා නෙමෙයි අසංක කියන එක මගේ හිතට දැනෙන්න දීලා මාව ආපහු යවාගන්න මගේ අම්මයි තාත්තයි හිතන්නැති.ඒක හරි සාමාන්‍ය දෙයක්.මම හිතන්නේ නෑ අපේ රට වගේ රටක කිසිම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් තමන්ගේ එකම දුව කසාද කඩා ගන්නවට කැමති වෙයි කියලා.බොහොම නිදහසේ සම්බන්ධතා ගැන තේරුම් ගන්නත් තීරණ ගන්නත් මේ රට පුංචි වැඩියි කියලා මම හරියට විශ්වාස කරන දෙයක්.ඒ උනාට ඔබ කවදාවත් වේදනාවක් ඇතුලෙ හිර වෙන්න එපා.අනිත් අය මොනවා කියයිද කියලා හිතෙනකොට තමයි අපි අපි ඇතුලේ හිර වෙන්නේ.ඒ නිසා නිදහසේ අත් දිග ඇරලා තමන් ගැන තීරණ ගන්නමේක බොහොම පුංචි ජීවිතයක්.අවුරුදු හාරසියයක් පන්සීයයක් අපට ඉතුරු නෑ.මේ කාලේ හැටියට නං අවුරුදු විස්ස තිහ ද කියන එකවත් කියන්න බෑ.ඉතින් ලෝකයට බයේ වේදනා ගොඩක හැංගිලා හිටියොත් පරාද වෙන්නේ අපිමයි.

මං මේ තව කියවෙන තරුණ නැගණියන්ට ආදරයෙන් මතක් කරන්නේ එකම එක දෙයයි.කසාදය කියන මාතෘකාව ඇතුලේ අපි කොතන හරි රැවටෙන්න පුළුවන්.අපිට වැරදෙන්න පුළුවන්.ඒ උනාට වැරැද්ද නිවැරදි කරගන්න පුලුවන් අපට විතරමයි නේද?

ඉතින් මගේ අම්මයි තාත්තයි නොකඩවාම නුවර යන්න කියන මන්තර මං ඉස්සරහට වෙලා මැතිරුවා.මට ආපහු හැරෙන්න මගේ බිංදුවක්වත් අදහසක් තිබුණෙ නෑ.

“දැන් අක්කට ඩිවෝස් වෙන්න සල්ලි තිබුණද?”

smart lady කණ්ඩායමේ ලියන්නිය මගෙන් අහනවා.ඊළඟට මම දුන්න උත්තරේට ඇයට මහා හිනාවකුත් ගියා.

“නෑ සත පහක් වත් නෑ.ඉතුරු කරගන්න අවස්ථාවක් තිබුනෙත් නෑ. ඒ නිසා මගේ ළඟ අතේ සල්ලි තිබුණේ නෑ.”

ඉතිං එතකොට කොහොමද බය නැතුව නඩු කියන්නේ ලෑස්ති උනේ කියලා ඔබට හිතෙනවා ඇති නේද? එතන දෙවල් ඒවා සිද්ධ වෙන්න පටන් ගත්තේ මගේ වාසියට අනුවම තමයි.

ජීවිතේ දෙවෙනි දික්කසාදයට පළවෙනි දික්කසාදයට වඩා ආත්ම විශ්වාසයෙන් මුහුණ දෙන්න මට හැකියාව ලැබුණා.”අනේ මේ මොකක්ද මට මේ උනේ” කියලා ආතබූත වෙලා ගල්කිස්ස උසාවියෙන් මගේ සුදාරකගෙන් වෙන් වුණු මම මහනුවර උසාවියට ගියේ ඇත්තටම පරිණත ගැහැනියක් විදියට.

දික්කසාද නඩුවේ රසමුසු කතා කතා එක්ක අපි හෙට හමු වෙමු.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles