වැඩි මහත අඩුකරගන්න බොමු කරපිංචා කැඳ

තරබාරුව අඩුකරන්න කරපිංචා වලට ඇති මහඟු හැකියාව කාටත් නොරහසකි. උදේට කරපිංචා කැඳ එකක් බිව්වොත් වැඩි කරදරයක් නැතිව වැඩි මහත අඩුකරගන්න හැකිවේවි. එනිසා ගෙදරදී පිරිසිදුවට හදල බලන්න රසම රස කරපිංචා කැඳ…

අවශ්‍ය ද්‍රව්‍ය:

  • කරපිංචා ග්‍රෑම් 400
  • කැකුළු හාල් ග්‍රෑම් 100
  • සුදු ළූනු බික් කිහිපයක්
  • ඉඟුරු පෙත්තක්
  • වතුර කෝප්ප 3
  • පොල් කිරි කෝප්ප 2
  • රතු ළුණු ගෙඩි හතරක්
  • ලුණු අවශ්‍ය පමණ

සාදන අයුරු:

හල් සෝදා, ගරා එයට ඉඟුරු පෙත්තක්, සුදු ළුණු, රතු ළුණු, එක්කර වතුර ලිප තබන්න. සාමාන්‍යයෙන් බත් පිසින ආකාරයට වඩා තරමක් වැඩිපුර වතුර දමා බත් බෙරි වෙනතුරු තම්බා ගන්න. කරපිංචා වලට වතුර දමා කොටා මිරිකා ගන්න. හාල් තැම්බෙන විට සුදු ළූණු එකතු කර හැන්දෙන් පොඩි කරගන්න. හොඳින් තැම්බුණු බතට පොල්කිරි එක්කර හොඳින් හොඳින් නටවා කලින් සාදාගත් කරපිංචා යුෂ මිශ‍්‍රණය එක්කර විනාඩි 2ක් පමණ හොදින් හැඳි ගා ලුණු එක්කර ලිපෙන් බා පිළිගන්වන්න.

අධික රුධිර පීඩනය හා කොලෙස්ටරෝල් නැති අයට පොල් නොදමා කැඳ සාදා ගත හැකියි. රසයෙන් වගේම ගුණයෙනුත් ඉහළ කරපිංචා කැඳ සතියට දෙතුන් වතාවක් පානය කිරීමෙන් බොහෝ රෝග වැළඳීමේ ප‍්‍රවණතාවය අඩු කරවා ගන්නටත් හැකියි.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles