හදවත රැකගන්නට ඇවිදිමු

ඇවිදීම අප සිරුරේ නිරෝගී බවට අත්‍යවශ්‍ය කරුණක්‌ බවට පත්වී තිබේ. ඇවිද්ද පය දහස්‌ වටී යැයි අතීතයේ අපගේ මුතුන්මිත්තන් පැවැසුවේ එබැවිනි. නිරෝගී පුද්ගලයකුට අවම තරමින් එක දිගට කිලෝමීටර් 3ක්‌ පයින් ඇවිදීමට හැකියාව තිබිය යුතු බව වෛද්‍ය නිගමනයයි. එසේ කළ නොහැකි වීම යනු අපගේ සිරුර නිරෝගී නැති බවයි.

අමෙරිකානු හදවත් සංගමය මඟින්, හදවත් රෝග මුළුමනින්ම නැතිකර ගැනීම සඳහා දිවීමට වඩා ඇවිදීම සුදුසු බවට සොයා ගෙන ඇත. දිනපතා දිවීමේ කාර්යයෙහි නිරත වන පුද්ගලයන් 33,060 සහ ඇවිදින පුද්ගලයන් 15,045 ක් එම පරීක්ෂණය සඳහා යොදා ගැණිනි.

අපට වියදමකින්  තොරව ඉතාම පහසුවෙන් කලහැකි වීම නිසා ව්‍යායාමයක් වශයෙන් “දිවීම” අද බොහෝ දෙනෙකු අතර ජනප්‍රිය වී ඇත. අපගේ ශරීරයේ ඇති ප්‍රධාන ඉන්ද්‍රියන් සියල්ලම නිසි ලෙස ක්‍රියා නොකිරීම නිසා රෝගී වන්නට පටන්ගෙන ඇත. දියවැඩියාව, අධි රුධිර පීඩනය, කොලෙස්‌ටරෝල් අධික බව, හතිය, ආතරයිටිස්‌, ගැස්‌ට්‍රයිටීස්‌ ඇතුළු රෝග ඇතිවීමට ප්‍රධානම හේතුව වී ඇත්තේ නිසි ලෙස ඇවිදිමින් සිරුරට අවශ්‍ය ව්‍යායාම ලබා නොදීමය.

දිනපතාම දිවීම පුරුද්දක් වශයෙන් කරන පුදගලයන් අතුරින්  අධික රුධිර පීඩනය, අධික කොලෙස්ට්‍රෝල් මට්ටම් සහ දියවැඩියා තත්ත්ව ඇති පුද්ගලයන්ගේ අවම අගයක් එහිදී හඳුනාගෙන ඇත‍. කොළෙම්බියාවේ දකුණු කැළිෆෝනියා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රුසෙල් පේට් ද තම පරීක්ෂණ මඟින් ඒ බව සනාථ කර තිබේ. දිනකට අවම වශයෙන් විනාඩි 30ක කාලයක් ඇවීදීම මඟින්, මිනිසකුට දිගුකාලීන, යහපත් ජීවිතයක් ගත කිරීමට පුළුවන්.

සිරුරට අනවශ්‍ය අධික වෙහෙසකර ව්‍යායාම වෙනුවට ව්‍යායාමයක් ලෙස ඇවිදීම ඉතාමත් පහසුවෙන් සිදුකර ඔබේ හදවක නිරෝගීව තබාගත හැක.

– කල්හාරී –

 

Related Articles

Don't Miss


Latest Articles