කුඩා කාලයේ මිතුරිය සොයා ආ අත්භූත ආත්මයක කතාව රැගත් චිත්‍රපටියක්.

2016 වර්ෂයේ නිකුත් කෙරුණු ඇමරිකානු අද්භූත ත්‍රාසජනක චිත්‍රපටයක් ගැනයි අද අපි ඔබට කියන්නේ. ඩේවිඩ් එෆ් සැන්ඩ්බර්ග් විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටය නම් කරලා තියෙන්නේ Lights Out නමින්.

රෙදිපිළි කම්හලක සේවය කරන පෝල් තමන්ගේ පුතාට වීඩියෝ ඇමතුමක් ගත් අවස්ථාවේදී ඔහු දිගින් දිගටම කියන්නේ තමන්ගේ අම්මාගේ අමුතු හැසිරීමක් ගැනයි.තමන්ගේ අම්මා දිගින් දිගටම කවුරුන් හෝ සමග කතාබහ කරන බවත් , ඒත් කිසිවෙක් ම ඇය අසල දකින්නට නැති බවත් පුතා පවසනවා. මේ අතරතුර එම රෙදිපිළි කම්හලේ සේවය කරන එස්තර් නැමැති කාන්තාව කම්හලේ විදුලි පහන් නිවා දමා යන විට ඇයට අද්භූත ගැහැණු රුවක් පෙනෙනවා. ඇය විදුලි පහන් දැල්වූ විට එම රුව නොපෙනී යනවා. ඇය නැවතත් විදුලි පහන් නිවා දැමූ විට අද්භූත කාන්තාව දර්ශනය වෙනවා. බියට පත්වෙන එස්තර් කලබලයෙන් වගේ මේ ගැන පෝල්ට දැනුම් දී රෙදිපිළි කම්හලෙන් පිටව යනවා . ඒ ගැන එතරම් තැකීමක් නොකළත් මද වේලාවකට පස්සේ කම්හලේ විදුලි පහන් නිවා දමන පෝල්ටත් ඒ අත්භූත කාන්තා රුව දැකගන්න ලැබෙනවා. පෝල් ඉක්මනින්ම තමන්ගේ කාර්යාල කාමරයට ඇතුල්වෙලා දොර වසාගෙන සියලුම විදුලි පහන් දැල්වූ වත් මද වේලාවකට පසුව සියලුම විදුලි පහන් නිවී ගොස් ඒ අද්භූත කාන්තාවගේ ප්‍රහාරයට ලක් වෙලා මියයන්න පෝල් ට සිද්ද වෙනවා.

පෝල්ගේ කුඩා පුතු මාටින්, පෝල්ගේ බිරිඳ වන සොෆී සමඟ ජීවත් වන අතර ඇගේ පළමුවන විවාහයෙ දියණිය වන රෙබෙකා තනිවම ජීවත් වනවා.තමන්ගේ මව දිගින් දිගටම අඳුරේ සිටින කවුරුන් හෝ සමග කතාබහ කරන බව මාර්ටින් දිනපතාම දකිනවා.ඒ නිසාම ඔහු නිවසේ කාලය ගත කරන්නේ ඉතාමත් බියෙන්.

දිනක් මාටින්ගෙ පාසලෙන් රෙබෙකාට දුරකථන ඇමතුමක් ලැබෙන අතර ඒ අනුව රෙබෙකා වහාම මාටින්ගෙ පාසල වෙත යනවා.මාටින් රාත්‍රිය පුරාම නිදි වර්ජිතව සිටින නිසා ඔහු පාසලේ දී නිදා ගන්නා බවට රෙබෙකාට දැනගන්නට ලැබෙන්නේ ඒ අවස්ථාවේදියි. තමන්ගේ මව වන සොෆී , ඩයනා නමැති කාන්තාවක් සමඟ කතාබහ කරන නමුත් කිසිම අවස්ථාවක ඇයව දක්නට නොලැබෙන බවත් මාටින් රෙබෙකාට පවසනවා. ඩයනා යනු සැබෑවක් නොවන බව රෙබෙකා විසින් මාටින්ට පහදා දීමට උත්සාහ කරන්නේ කුඩා කාලයේ දී ඇය ලැබූ යම් අත්දැකීම් කිහිපයක් සිහිපත් කරමිනුයි.

දීර්ඝ කාලයක් තිස්සේ ම විශාද නාශක ඖෂධ ලබාගන්නා තමන්ගේ මවට ඇගේ නිවසේම ඉන්නට ඉඩ හැර රෙබෙකා විසින් මාටින්ව ඇගේ මහල් නිවාසය වෙත රැගෙන යනවා. එදින රාත්‍රියේ දී හදිසියේම නින්දෙන් අවදි වන රෙබෙකාට අද්භූත කාන්තාවගේ රුව දක්නට ලැබෙනවා. විදුලි පහන් දැල් වූ පසුව අතුරුදහන් වන එම කාන්තාව විදුලි පහන් දැල්වූ පසු අතුරුදහන් වන ආකාරය රෙබෙකාට දැකගන්නට ලැබෙන අතර පසුදින උදෑසන අහම්බෙන් මෙන් රෙබෙකා දකින්නේ ඇගේ නිවසේ පොළොව මත ඩයනා නැමැති නම කොටා තිබෙන ආකාරයයි. තමන් කුඩා කාලයේ දී පවුලේ චිත්‍රයක් අඳිමින් සිටින විට අදෘශ්‍යමාන බලවේගයක් විසින් එම චිත්‍රයේ තාත්තාගේ රූපය කුරුටු ගා ඒ වෙනුවට ගැහැණු රුවක් ඇඳ ඩයනා නමින් නම් කර තිබීම රෙබෙකාට සිහිපත් වෙනවා. ඒ අනුව ඩයනා යනු සැබෑවටම ඔවුන් අතර සැරිසරන්නියක් බවට රෙබෙකා වටහා ගන්නවා

රෙබෙකා තම පෙම්වතා සමඟ වහාම තම මව ජීවත් වන නිවස වෙත යනවා. එහිදී ඇගේ පැරණි වෛද්‍ය වාර්තා රැසක් සොයා ගැනීමට රෙබෙකාට හැකි වනවා. තම මව කුඩා කාලයේ දී මානසික රෝහලකට ඇතුළත් කර ඇති බවත්, එහිදී හිරු එළියට නිරාවරණය වීමට නොහැකි බරපතළ සමේ රෝගයක් සහිත ඩයනා නැමැත්තිය මව සමඟ මිතුරු වී ඇති බවත් රෙබෙකා සොයා ගන්නවා.

ඩයනාගේ ආත්මය කෙසේ හෝ තම මව ගෙන් ඈත් කළ යුතු බව රෙබෙකා සිතා ගන්නේ ඉන් අනතුරුව සොයා ගන්නා විස්තර මතයි.

ඩයනා මිය ගියේ කොහොමද ?

සැබෑවටම සොෆී සහ ඩයනා අතර ඇති සම්බන්ධය කුමක්ද ?

වසර ගණනාවක් පුරාවට ඩයනා සොෆී හඹා එන්නේ ඇයි ?

ඩයනාගේ සැබෑ අරමුණ කුමක්ද ?

අවසානයේ දී ඩයනාගේ ආත්මයට සිදුවන්නේ කුමක්ද ?

ත්‍රාසය භීතිය කුතුහලය පිරි චිත්‍රපට නැරඹීමට කැමැත්තක් දක්වන ඔබ මෙය නැරඹිය යුතුම චිත්‍රපටයක්.2016 ජූලි විසි දෙවැනි දා තිරගත වීම ආරම්භ කළ මෙම චිත්‍රපටය ආදායම් වාර්ථා බිඳ දමන්නට සමත් වූ චිත්‍රපටයක්.

Related Articles

Don't Miss


Latest Articles