(අ)හිමි සිහින -147

සුධාරකට ප්‍රතිකාර කිරීම වෛද්‍යවරුන් ඔවුන්ට හැකි අයුරින් කරන වග දැන සිටියත් මම දිගින් දිගටම ඔහු වෙනුවෙන් ආශිර්වාදාත්මක පූජා පැවැත්වූවා.ඒවගේම මම කිසිම මොහොතක ඔහු තනි කරන්නට හිතුවේ නැහැ.හැම උදෑසනක ම මා ඔහු දකින්නට ගොස් පැයක් පමණ වේලාවක් ඔහු අසල සිටියා.ඔහුගේ හිස අතගාමින් කතා කරමින් මා ඔහු සමඟ සමග සිටින බව ඔහුට දැනෙන්නට සලස්වන්නට මම වගබලාගත්තා.

ඔහුට මේ මොහොතේ කතා කරන්නට බැරි බව ඇත්ත.ඇතැම් විට ඔහුට කිසිම සංවේදනයක් නොදැනුණා වෙන්නටත් පුළුවන්.නමුත් ඔහුට මගේ ආදරය දැනිය යුතු බව මම තදින් ඇදහූ කාරණාවක්.

ශ්‍රී මහා බෝධියට සහ රුවන්වැලි සෑයට කිරි ආහාර පූජා කිරීමට මම ඒ දවස් කිහිපයේ ම පුරුදු වී සිටියා.මා නැවතී සිටි තැන එවැනි දේවල් කරන්නට ඉඩකඩ සීමිත බව මට හැඟුනු නිසා මම මුදල් ඉතා විශ්වාසවන්ත තැනකින් කිරි ආහාර ලබා ගන්නට පුරුදු වී සිටියා.ශ්‍රී මහා බෝධි තේවාව යෙදී තිබුණේ උදෑසන හයහමාරට.එයට අනිවාර්යයෙන් සහභාගි වෙමින් සුදාරකට ඉක්මන් සුව සහ දීර්ඝායුෂ පැතීම මා පුරුද්දක් කර ගෙන සිටියා.ඉන්පසු රන්වැලිසෑය වඳින්නට ගොස් නැවත ඔහු ගැන සිහි කිරීම මගේ සිරිතයි.

ඉන්පසු දිවා කාලයේ රෝගීන් බලන වේලාව පැමිණෙනවා.මම නැවතත් රෝහලට දිව යනවා.එතන කාලය ගතකර ආපසු අපි නවාතැනට පැමිණෙනවා.මා සමඟ ඒ කාර්යයන් සඳහා එහෙ මෙහෙ යන සුදාරකගේ කාර්ය මණ්ඩලයේ තරුණ දරුවන්ට ආහාර ගැනීමට පවා ඉස්පාසුවක් ලැබෙන්නේ අන්න ඒ මොහොතේදී.නමුත් මට ආහාර ගැනීමටවත් සිතක් නැහැ.බොහෝ වෙලාවට තේ කෝප්පයක් හෝ පානයක් කුසට දමාගන්නා මම නින්දට වැටෙනවා.ඒ නින්දෙන් අවදි වන මම නැවතත් සවස් යාමයේ විවිධ පූජා කටයුතුවල නිරතවීමට හුරු වී සිටියා.මිරිසවැටිය ට, ථූපාරාමයට, කටු සෑයට  විවිධ තැන්වලට ගොස් සුධාරක නමින් පුණ්‍ය කටයුතු කිරීමේ දිනවල මට පුරුදු වී තිබුණා.

සුදාරක ජනප්‍රිය පුද්ගලයෙක්.ඒ නිසා මට විවිධ පුද්ගලයන්ගෙන් ඇමතුම් ගලාගෙන ආවා.ජොතිශ්‍යවේදීන් ඇමතුමි දෙමින් කරන්නටයැයි පැවසූ බොහෝ පූජා සිදුකිරීම මගේ සිරිතක් වී තිබුණා.විවිධ මල් වර්ග පූජා කිරීම,පහන් පූජා පැවැත්වීම වැනි කටයුතු ගැන කිසිවෙක් පැවසූ කිසිම දෙයක් මම ඉවත දැමුවේ නෑ. ඒ සියල්ලම මම මහත් විශ්වාසයකින් ඉටු කළා.

එවැනි මොහොතක මේ කාරයන්ගෙ සත්‍ය අසත්‍ය භාවය ගැන විද්‍යාත්මකව වද වීම කිසිම ගැහැණියක සිදු කරනවා ඇතැයි මම සිතන්නේ නැහැ.දැඩි මානසික පීඩාව සහ අනාගත අස්ථාවරභාවය මා වෙලාගෙන තිබියදී මට ඒ සියල්ලම ඉටුකිරීම මනසට මහත් සහනයක් වුණා.සැබෑවටම මා විඳිමින් සිටියේ ජීවිතය තුළ මා ගත කරන ඉතාම කටුක කාල පරිච්ඡේදය බව මට නොදැනුණා නෙවෙයි.මීට පෙර මා මුහුණ දුන් සියලුම අභියෝගයන් වලදී මීළඟට කරන්නට කුමක් හෝ මාර්ගයක් මට දිස් වුණා.

නමුත් මේ මාර්ගයේ අවසානය කොතැනද?

ඇත්තටම ඒ ඔබ ප්‍රාර්ථනා කරන තරම් සුන්දර එකක් වූවාදැයි මම හෙට සිට ඔබට කියන්නම්.පුරුදු පරිදි ටිෂූ කඩදාසියක් අතට ගෙන මගේ දුක බෙදා ගන්නට දින ගණනාවක් මා සමඟ රැඳී සිටි නුදුටු මිතුරියන් ක්‍රියා කරන බව මම දන්නවා 

අපි හෙට හමු වෙමු.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles