ඉතිහාසයේ පළමු වරට මේකප් කිසිවක් නැතිව ලෝක රූ රැජින අවසන් තරඟයට ඉදිරිපත් වෙන තරඟකාරිය

Miss England තරගයේ අවසන් තරගයට සුදුසුකම් ලැබූ Melisa Raouf අවුරුදු විස්සක තරුණියක්.ඇය සම්පූර්ණයෙන් Make up කිසිවක් නැතිව තරගයට සහභාගි වීම විශේෂත්වයක් වුණා.මෙය මේ තරගාවලි ඉතිහාසයේ වසර 94ක් පුරා කිසිම තරගකාරියක් නොකළ ක්‍රියාවක් ද වෙනවා.

තමන්ගේ ස්වභාවික පෙනුම ගැන විශ්වාසය තැබූ ඇය තමන් අවසන් තරගයට සුදුසුකම් ලැබීම ගැන පුදුමයට පත්වී තිබෙනවා.කාන්තාවන්ගේ මුහුණ වෙනස් කරන වේශ නිරූපණය සහ Social media filters වල පවතින විෂ සහිත බව ගැන කතා කිරීම ඇගේ අරමුණ වී තිබෙනවා.

“මම කුඩා කාලේ ඉඳලම මේකප් දාන්න පටන් ගත්තම මගේ සම දැන් මට කිසිම පහසුවක් දැනුණේ නැහැ.මට රූපලාවණ්‍ය ප්‍රමිතීන් මුණ ගැසුණු බව ද මට හිතුණේ නෑ”

ඇය මේකප් සම්බන්ධයෙන් පවසන්නේ එවැනි අදහසක්.

අවසාන තරගයට ද මේකප් රහිතව සහභාගි වීමට මෙලීසා තීරණය කර තිබෙනවා.

“කෙනෙක් තමන්ගේ සම ගැන සතුටු වෙනවා නම් එය මේකප් වලින් වසා ගත යුතු නැහැ.”කෙනෙකු තමන් තුළ අඩුපාඩු ඇති බව දන්නා නිසා ඒවාට සහ කැලැල්වලට ආදරය කළ යුතු බව මම හිතනවා.”සැබෑ සුන්දරත්වය සරල බව තුළින් ඇති වන බවයි මෙලීසා පවසන්නේ.

“මගේ සම ලස්සන බව මා පිළිගත්තේ මෑතකදී.එනිසා මම මේකප් නැතුව තරග කරන්න තීරණය කළා.මට මම ගැන විශ්වාසයක් දැනෙනවා.එකක් නිසා මම සැඟවී සිටින බවත් මම කවුද කියන දේ බෙදා ගන්න බය විය යුතු නැති බවත් මම හිතනවා.අවශ්‍ය වුණේ සැබෑ මෙලීසා ව පෙන්වීමටයි”

රූ රැජින තරගාවලිය ගැන ඇය පළ කරන්නේ එවැනි අදහසක්.

මේ තරඟාවලියට මේකප් රහිතව තරග කිරීම ගැන බොහෝ යුවතියන් ගේ අවධානය යොමු වී තිබෙනවා.මේ තමන්ට ද විශ්වාසය වැඩි කරන පුවතක් බවයි ඔවුන් පවසන්නේ.මෙලීසාව අගය කරමින් සමාජ ජාල හරහා ඇයට බොහෝ ප්‍රතිචාර ලැබී තිබෙනවා.

නමුත් මෙය වේශ නිරූපණය කරන කිසිවෙකුත් ලැජ්ජාවට පත් කිරීමක් නොවන බව මෙලීසා පවසනවා.මේ තෝරා ගැනීම සම්බන්ධ කතාවක්.”වඩා වැදගත් වන්නේ මානසික සෞඛ්‍ය නිසා හැම ගැහැණු ළමයෙකුට ම තමන් ගැන  විශ්වාසය ඇතිකිරීම මේ අරමුණයි” මෙලීසා පවසනවා.රූපලාවන්‍ය ප්‍රමිතීන් තිබීම ඇගේ ලස්සන මනින මිම්මක් නොවෙන බව ඇයට වටහා දීමට අවශ්‍ය ව තිබෙනවා.

“හැම යුවතියක්ම තමන්ගේ ක්‍රමයට ලස්සනයි” මෙලීසා සෑම යුවතියකට ම ඒ පණිවිඩය පවසා තිබෙනවා.තමන්ගේ සිරුරේ ඇති විවිධ අඩුපාඩු ගැන තැවෙන තරුණියකට ම ඇය ලබා දෙන්නේ විශාල ආදර්ශයක්.ස්වභාවිකත්වය තරම් සුන්දර දෙයක් ලෝකයේ තවත් ඇත්තේ නැහැ.

Related Articles

Don't Miss


Latest Articles