පිළිකා නසන පෝෂණීය වට්ටක්කා ඇට

0
629

වට්ටක්කා බොහෝ අය කැමති එළවළුවක් .නමුත් වට්ටක්කා ඇට ආහාරයට ගැනීම අප අතර එතරම් ප්‍රචලිත නැහැ.ඒත් වට්ටක්කා ඇට වල බොහෝ ගුණ අඩංගු වෙනවා.ඒ මොනවාදැයි මේ ලිපියෙන් ඔබට දැනගන්නට පුළුවන්.

සියලුම පෝෂක ගුණ අඩංගු වීම   

වට්ටක්කා ඇට පෝෂණ ගුණයෙන් අනූනයි. වට්ටක්කා ඇට අවුන්සයක  තුළ කැලරි 151 ක් තිබෙනවා, ප්‍රධාන වශයෙන් මේදය සහ ප්‍රෝටීන වලින් වට්ටක්කා ඇට සමන්විතයි. තන්තු,කාබෝහයිඩ්‍රේට්,විටමින් K,පොස්පරස්,මැංගනීස්,යකඩ ආදිය ද වට්ටක්කා ඇට වල තිබෙනවා.ප්‍රතිඔක්සිකාරක විශාල ප්‍රමාණයක්ද වට්ටක්කා ඇටවල පවතිනවා.
වයසට යාම වැලැක්වීමේ හැකියාව වට්ටක්කා ඇටවලට හිමිවන්නේ එසේයි. 

පිළිකා ඇතිවීම අවම කිරීම 

වට්ටක්කා ඇටවලින් ආමාශය, පියයුරු, පෙනහළු, පුරස්ථි ග්‍රන්ථි සහ මහා බඩවැලේ පිළිකා ඇතිවීමේ අවදානම අඩු කිරීම සිදු කරන බව පර්යේෂණ වලින් ඔප්පු කර තිබෙනවා. නිතිපතා වට්ටක්කා ඇට පරිභෝජනය මගින් පිළිකාවලින් ඈත්වීමේ හැකියාව තිබෙනවා. 

මුත්‍රාශය ආශ්‍රිත රෝග වලට ගුණදායකයි

වට්ටක්කා ඇට මුත්‍රා රෝග වලට එරෙහිව විශාල කාර්යභාරයක් කරන බවට වෛද්‍ය පර්යේෂණ වාර්තා වල සඳහන් වෙනවා.BPH සහිත පිරිමින් 1,400 කට අධික සංඛ්‍යාවකට කරන ලද පර්යේෂණයකින් මෙය තහවුරු වූ බව Healthline වෙබ් අඩවිය පවසනවා. මුත්‍රාශය ආශ්‍රිත රෝග ඇති අය වට්ටක්කා ඇට ආහාරයට ගැනීමෙන් එම රෝග අවම කරගත හැකියි. 

වැඩිහිටියන් අතර බහුල රෝග වලට ගුණදායකයි.

රුධිර පීඩනය පාලනය කිරීම ,හෘද රෝග අවදානම අඩු කිරීම, නිරෝගී අස්ථි සෑදීම සහ නඩත්තු කිරීම ,රුධිර සීනි මට්ටම නියාමනය කිරීමට වට්ටක්කා ඇට වල අඩංගු මැග්නීසියම් දායක වන නිසා ඒවා වැඩිහිටියන්ට බොහෝ ගුණදායකයි.

තන්තු බහුල වීම 

තන්තු බහුල ආහාරයකට හොඳ ආහාර ජීර්ණ සෞඛ්‍යයක් ප්‍රවර්ධනය කළ හැකියි.මීට අමතරව,හෘද රෝග, දෙවන වර්ගයේ දියවැඩියාව සහ තරබාරුකම අඩු කිරීම නිසා වට්ටක්කා ඇට ගුණදායක ආහාරයක් වෙනවා.

ශුක්‍රාණු වල ගුණාත්මක බව ඉහළ දැමීම

වට්ටක්කා ඇටවල ප්‍රතිඔක්සිකාරක සහ අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ ද ඉහළ මට්ටමක පවතින අතර එමඟින් සෞඛ්‍ය සම්පන්න ටෙස්ටොස්ටෙරෝන් මට්ටමක් ඇති කිරීමට දායක වනවා.ඒ වගේම වට්ටක්කා ඇටවල සින්ක් බහුල වීම ශ්‍රකාණු වල ගුණාත්මක බව ඉහළ දැමීමට හේතුවක්. ඔබේ සාඵල්‍යතාව පහළ අගයක් ගන්නේ නම් අනිවාර්යයෙන් ආහාර වේලට වට්ටක්කා ඇට එකතු කරගන්න.

හොඳ නින්දකට හේතු වීම

හොඳ නින්දක් සුවබර දිවියකට අත්‍යාවශ්‍යයි. ඔබට නිදාගැනීමේ ගැටලුවක් තිබේ නම්, නින්දට පෙර වට්ටක්කා ඇට කිහිපයක් අනුභව කරන්න. ඒවා ට්‍රිප්ටෝෆාන් වල ස්වාභාවික ප්‍රභවයක්, ට්‍රිප්ටෝෆාන් යනු නින්ද ප්‍රවර්ධනය කිරීමට උපකාරී වන ඇමයිනෝ අම්ලයක් නිසා ඔබට හොඳ නින්දක් ලබා ගන්නට හැකි වෙනවා.

වට්ටක්කා ඇට ආහාරයට ගත හැකි ආකාර

ස්නැක් එකක් ලෙස

වට්ටක්කා ඇට පිරිසිදු කර තෙල් මේස හැන්දක්, ලුණු ටිකක් සහ මිරිස් ටිකක් දමා මිශ්‍ර කරගන්න. දැන් 175c° ට විනාඩි 10ක් බේක් කරගන්න. ඉතාම රසවත් මෙන්ම ගුණදායක ස්නැක් එකක් මේ. කුඩා දරුවන්ටත් බිස්කට් වැනි එතරම් සෞඛ්‍යමත් නොවන ආහාර වෙනුවට ලබා දිය හැකියි.

සීරියල්වලට එක් කිරීමෙන්

වට්ටක්කා ඇට කබලක බැදගන්න. හොඳින් බැදුණු පසු ඔබ සාමාන්‍යයෙන් භාවිතා කරන සීරියල් පවුඩර් එකකට මිශ්‍ර කර ආහාරයට ගත හැකියි.

ස්මූදි රසවත් කිරීමට

ඔබ උදෑසන පෝෂණීය ආහාරයක් ලෙස නැවුම් පලතුරු හෝ එලවළු ස්මූදි පානය කරන්නේ නම් ඊට වට්ටක්කා ඇට කිහිපයක් එකතු කරන්න. වැඩි පෝෂණයක් සහ රසයක් ඔබට ලැබේවි.

අප සිතනවාටත් වඩා ගුණ ඇති වට්ටක්කා ඇට ඔබේ ආහාරයටත් එකතු කර මේ ප්‍රතිලාභ ලබා ගන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here