අම්මාගේ ප්‍රසූතියට උදව් කළ පස් හැවිරිදි පුතෙක්

නියමිත කාලයට පෙර දරු ප්‍රසූතිය සිදුවන බව වැටහීමෙන් ජැලෙසා යන්ග් පුදුමයට පත් වුණා, විශේෂයෙන් එය සිදු වෙද්දී ඇය තම පස් හැවිරිදි පුත් කිං සමඟ නිවසේ තනිවම සිටි බැවින් ඇය කලබලයටත් පත් වුණා. නමුත් ඇගේ පුතා ඔහුගේ වයසේ ළමයින්ට වඩා අසාමාන්‍ය දෙයක් කළ අතර, ඔහුගේ උත්සාහය ගැන මිනිසුන් ඔහුට ප්‍රසංසා කළා.

වයස අවුරුදු පහේදී, දරුවන් සංවේදනය අපේක්ෂා කරනවා. නමුත් බොහෝ විට, එවැනි අභියෝගාත්මක අවස්ථාවකට මුහුණ දෙන විට, ඔවුන් ආතතියෙන් හා අපහසුතාවයෙන් කලබල වීමට හෝ සැඟවීමට පවා පටන් ගන්නවා.

කෙසේ වෙතත්, 5 හැවිරිදි කින්ග් හටමෙය එසේ නොවුණා. ඔහුගේ මව ජලෙසා ප්‍රසූත වේදනාව අත්විඳීමෙන් පසු දැඩි වේදනාවකින් සිටිය ඇයට දැනුණු වේදනාව නිසා ඇය දිගින් දිගටම කෑගැසුවා, එය ඇය වෙතට වේගයෙන් යන ලෙස කින්ග්ට කළ අනතුරු ඇඟවීමක් වුණා.ඇගේ වතුර බෑගය දැනටමත් කැඩී ගොස් ඇයට ප්‍රසූතිය ආසන්න වූවා.කලබල වෙනවා වෙනුවට ඇගේ පුතා සන්සුන්ව ඇගෙන් ඇසුවේ වේදනාව පහව යන්නේ කවදාද කියායි. ජැලෙසා තම පුතාට පැහැදිලි කළේ එය පහව යන්නේ ඔහුගේ ළදරු සහෝදරයා බිහි කළ පසු පමණක් බවයි.මෙය ඇසූ කනස්සල්ලට පත් පිරිමි ළමයා තම මවගේ පිට අතුල්ලමින් ඇයව සනසන්නට උත්සාහ කළේ අම්මා වේදනාවෙන් නිසා. ජලෙසා තවත් කෑගැසීම් කිහිපයක් පිට කළ විට, ඇය පවසන පරිදි, “මම ගිලන් රථයට කතා කරන්නම්” යනුවෙන් කින්ග් යෝජනා කළා.

තම මවගේ අනුමැතිය ඇතිව කිං දුරකථනය වෙත දිව ගොස් 911 ට කතා කළා ඔහු හැකි තරම් සන්සුන්ව තත්වය පැහැදිලි කළේ තම මවගේ උදව් අවශ්‍ය බව  පවසමින්. ඔවුන්ගේ නිවසට යන ආකාරය ඔවුන්ට දැනුම් දීමට ද ඔහු වග බලා ගත් අතර ප්‍රතිචාර දැක්වූවන්ට බාධාවකින් තොරව තම මව වෙත යාමට හැකි වන පරිදි දොරවල් විවෘත කළා

වෛද්‍යවරු හැකි ඉක්මනින් එම ස්ථානයට පැමිණියා. කෙසේ වෙතත්, ඔවුන් පැමිණි විට, රෝහලට යාමට ප්‍රමාද වැඩි බව ඔවුන්ට වැටහුණු නිසා, ඔවුන් දරුවා නිවසේදී ප්‍රසූත කිරීමට තීරණය කළා. ඇගේ වතුර බෑගය කැඩී මිනිත්තු 15 කට පසු, ජලෙස්සා ප්‍රින්ස්ව  ප්‍රසූත කළා.ඇය දරුවා ප්‍රසූත කළ බව අසල්වැසියන් ජලෙසාගේ සැමියා වන ජාරෙඩ්ට දන්වා ඇතත් සියල්ල ඉතා ඉක්මනින් සිදු වූ අතර ඔහු පැමිණෙන විට ඔහුගේ දෙවන පුතා ඉපදී තිබුණා.

තම පුතාට කළ දේ ගැන  පුදුමයට පත් වූ ජැරඩ් තමා එහි සිටිය යුතු අවස්ථාවක, තම පුතා කළ යුතු දේ දැන සිටීම සහ මුළු ප්‍රසූත ක්‍රියාවලිය පුරාම තම මවට උපකාර කිරීම ගැන ඔහුට ස්තුතිවන්ත වුණා.

සාමාන්‍යයෙන් අනතුරක් බව හැඟෙන වෙලාවක පවා නිර්භීත වීම බොහෝ අවාසනාවන්ත සිදුවීම් වලක්වන බව මේ පුංචි වීරයාගේ කතාවෙන් පැහැදිලි වෙනවා.

Related Articles

Don't Miss


Latest Articles