පිළිකා රෝගී දියණියට ලැබුණු අපූරු තෑග්ග

මියාට වයස අවුරුදු හතරක් වන විට, වෛද්‍යවරු ඇය alopecia areata,  රෝගයෙන් පෙළෙන බව හඳුනා ගත් අතර, එය ඇගේ හිසකෙස් සියල්ලම ගැලවී ගියේය. මෙතරම් ළමා වයසේදී තට්ටය පෑදීම ඇයට පහසු දෙයක් නොවූවත්, ඇගේ මව වන මෙරිඩිත් බේලි, ඇයගේ වයසේ අනෙක් ගැහැණු ළමයින් ගැන ඇයට විශ්වාසයක් ඇති නොවන බවට වග බලා ගත්තාය.

 මව සිතුවේ තම දියණියට තට්ට බෝනික්කෙකු තෑග්ගක් දීමෙන් ඇයට ශක්තියක් දැනෙනු ඇති බවයි, නමුත් එය මියාගේ සිතේ බේලිට පිළිතුරු දිය නොහැකි ප්‍රශ්නයක් මතු කරනු ඇතැයි ඇය දැන සිටියේ නැත.

තම දියණියට බෝනික්කෙකු අවශ්‍ය බව බේලි දැන සිටි නිසා ඇය 2015 වසරේ මියාගේ උපන්දිනය දවසේ ඇමරිකානු ගැහැණු ළමයින්ගේ සෙල්ලම්බඩු අලෙවිසැලකට ගියාය. ගබඩාව තුළ බේලි මියාට තට්ට බෝනික්කෙකු සෙවූ නමුත් ඇයට කිසිවක් සොයාගත නොහැකි විය.

කුතුහලයෙන්, ඇය තට්ට බෝනික්කන් ගැන කාර්ය මණ්ඩලයෙන් විමසූ අතර ගැනුම්කරුවන්ට ඔවුන් සඳහා ඇණවුමක් කළ හැකි බව දැන ගත්තාය. එදා අලෙවි සැලේ හිස මුඩු බෝනික්කන්ව ප්‍රදර්ශනය කළේ නැත.

තම දියණිය තට්ටය සහිත බෝනික්කෙකු සමඟ සෙල්ලම් කිරීමට කැමති බව බේලි සිතූ අතර, ඇය වහාම ඇණවුමක් කර එම වසරේ නත්තලට එය මියාට තෑගි කළාය.

“එය ඇගේ අංක එකේ නත්තල් තෑග්ගයි, වාසනාවකට මෙන්, හොඳ නත්තල් සීයා එය රැගෙන ගොස් ඇයට ලබා දුන්නා.ඇයට මේ වර්ගයේ බෝනික්කෙක් අවශ්‍ය බව මම දැන සිටියා, නමුත් එයින් ලැබුණු සතුට  වචන වලින් කිව නොහැකියි. ඇයට ඇය හා සමාන බෝනික්කෙක් ලැබුණා.එය ඇගේ කෑල්ලක් වුණා”

මේ අතර දිනක් මියාට සෙල්ලම්බඩු සාප්පුවේ සංචාරයට ඉඩක් ලැබිණ.වෙනදා ඇණවුම් කර ලබා ගත යුතු තට්ට හිස ඇති බෝනික්කන් දැන් ප්‍රදර්ශනයට තබා ඇති බව මියා දුටුවාය.වඩා ප්‍රීතිමත් කාරණාව වූයේ ඒ බෝනික්කන් දරුවන් මිලට ගැනීමය.

“තට්ට හිසක් තියන අයටත් යාලුවෝ ඇති කරගන්න පුලුවන් කියලා දුව තේරුම් ගැනීම මහා සැනසීමක්.”

බේලි පවසයි.රෝගී දරුවෙකුගේ මානසික මට්ටම යහපත්ව පවත්වා ගැනීම සැබෑවටම අසීරු ක්‍රියාවක්.නමුත්  අම්මා කෙනෙකුට කළ නොහැක්කක් නැහැ.

Related Articles

Don't Miss


Latest Articles