ආදරය ප්‍රකාශ කරන්නට මැලි වෙන්න එපා

ප්‍රේමය මරණයෙන් එපිට ද කෙළවර වන්නේ නැහැ.ඒ කතාවට සාක්ෂි සපයන ඕනෑතරම් කතා ලෝකයේ සෑම තැනකින්ම අසන්නට ලැබෙනවා.මරණය අප සොයා ඕනෑම මොහොතක පැමිණිය හැකි අතර ඔබේ ආදරණීයන්ට ඔබේ ආදරය කියන්නට කිසිම මොහොතක ප්‍රමාද වන්නට එපා.

එක්තරා ස්වාමිපුරුෂයෙක් තම බිරිඳට කොතරම් ආදරය කරනවාද යන්න සංවේදී හඬ සටහනකින් (voice clip) පැවසුවා. ඇය ඔහුගේ පණිවිඩයට පිළිතුරු දුන් අතර ඔහුට එය විවෘත කිරීමට අවස්ථාවක් නොලැබුණා. පැය කිහිපයකට පසු තරුණ කාන්තාවට ඇමතුමක් ලැබුණේ ඇගේ හදවත බිඳ දමමින් සහ ඇය තම ආදරණීය සැමියා සමඟ කළ සැලසුම් සියල්ල විනාශ කර දමමින්.

ආදරය යනු ජීවිතය වටිනා ජීවිතයක් බවට පත් කරන ගැඹුරු හැඟීමක්. ජීවිත කාලය පුරාම එකට සිටීමට සහ එකිනෙකාට සහයෝගය දැක්වීමට දිවුරුම් දෙන ප්‍රේමවන්තයින් දෙදෙනෙකුගේ සොඳුරු එකතුව තරම් සුන්දර දෙයක් තවත් නැහැ. සෑම කෙනෙකුම තම ආදරණීයයා සමඟ සතුටින් ජීවත් වීමට සිහින දකිනවා.

ජීවිතය යනු හෙට දවස ගැන පුරෝකථනය කරන්නට නොහැකි සුන්දර ගමනක්. එක සිදුවීමක් පවා අපගේ ජීවිත ගමන වෙනස් කිරීමට තරම් ප්‍රබල විය හැකියි එය අපව ව්‍යාකූල කරන්නට පුලුවන්, වචන නැති කර දමන්නට පුලුවන්. ආදරය, වියෝව, වේදනාව සහ ආත්මය දවන ශෝකය පිළිබඳ එක් කතාවක් මේ අයුරින් වාර්තා වෙනවා.

Amanda Isobel සහ Sebastian Wicker යනු 2012 වසරේ දකුණු අප්‍රිකාවේදී ප්‍රථම වතාවට මුණ ගැසුණු සොඳුරු යුවළක්. ඒ වන විට ඔවුන් එක්ව වැඩ කරමින් සිටි අතර දෙදෙනා රැකියාවෙන් සම්බන්ධයෙන් පමණක් නොව බොහෝ අදහස් අතින් සමාන බව දෙදෙනාම තේරුම් ගත්තා.ආදරය ව්වාහයෙන් අවසන් වුණා.2020 නොවැම්බරයේදී ඔස්කාර් නම් දියණියකට මාපියන් වන්නට ඔවුන්ට හැකි වුණා. විකර් බොහෝ විට මාස හයකට වැඩි කාලයක් රැකියාව සඳහා පිටත්ව ගිය අතර ඔහුට දියණියගේ වැඩීම පව මග හැරී තිබුණා.

විකර් නැගෙනහිර අප්‍රිකාවේ මොසැම්බික්හි ඉඩම් කළමනාකරුවෙකු ලෙස සේවය කළා. මොසැම්බික්හි විශාල සැම්බේසි ඩෙල්ටාවේ රයිනෝස්, සිංහයන්, දිවියන් සහ මී ගවයන් ඇතුළත් හෙක්ටයාර 650,000ක කලාපයක් බලාගැනීමේ වගකීම ඔහු භාරව සිටියා. ඔහු කළමනාකරණය කළ ප්‍රදේශය Coutada 14 ලෙස හැඳින්වෙනවා.

“සෙබස්තියන් තම මුළු ජීවිතයම වනජීවී සංරක්ෂණය වෙනුවෙන් කැප කළා.මම මෙය තේරුම් ගෙන ඔහුගේ රැකියාව සම්බන්ධ ආශාවේ ස්වභාවය දැන සිටි නිසා ඔහුගේ රැකියාව පිළිගත්තා.”

ඇමැන්ඩා පවසනවා.

මෙම යුවළ ජීවිතයේ උස් පහත්වීම් දරා ගනිමින් එකිනෙකාට සහයෝගය දැක්වූ අතර ඔවුන්ගේ සුන්දර කුඩා ලෝකයේ සතුටින් සිටියා.කනගාටුවට කරුණක් වූයේ, ඔවුන් වෙනුවෙන් දෛවයේ නියමිත ඉරණම කුමක්දැයි ඔවුන් නොදැන සිටීම.. 2022 සැප්තැම්බර් 14 වන දින, විකර් සෆාරියට ගොස් සිටියදී නාඳුනන විශේෂයක සර්පයෙකු විසින් දෂ්ට කර තිබෙනවා.මෙම සර්පයා වනාන්තර නාගයෙකු හෝ කළු මාම්බාවෙකු වන අතර, ඒ වර්ග දෙකම අප්‍රිකාවේ බහුලව සිටින අතර මොළයට බලපෑම් කළ හැකි විෂ වාහකයන් වනවා.

සර්ප දෂ්ටනයෙන් ටික වේලාවකට පසු විකර් ඇමැන්ඩා කෙරෙහි ඇති නොමැකෙන ආදරය සඳහන් කරමින්  හඬ සටහනක් ඇයට තැබූ බව ඇමැන්ඩා මෙසේ සිහිපත් කළා.

“සර්පයා දෂ්ඨ කළාට පස්සේ එන මැසේජ් එකේ ඇහෙනවා එයාට සිහිය නැතිවෙනවා කියලා.මම ආපහු මැසේජ් එකක් යැව්වා. ඒත් එයා ඒක බැලුවේ නෑ.”

ඇමැන්ඩා පැවසුවේ සෆාරි සේවාදායකයා සතුව එක් විෂ නාශක මාත්‍රාවක් තිබූ බවත් එය ඔහු තම සැමියාට ලබා දුන් බවත්. වැඩි වෙලාවක් යන්නට මත්තෙන්, 40 හැවිරිදි විකර් අසල පිහිටි රෝහලකට ගෙන ගිය නමුත් තවත් විෂ නාශක  තිබී නෑ. කලබලයට පත් බිරිඳ පැවසුවේ තම ස්වාමිපුරුෂයා බේරේ පෞද්ගලික රෝහල වෙත යැවූ බවත් එහෙත් එය ප්‍රමාද වැඩි වූ බවත්.

විකර්ගේ රැකියා සගයා කඳුළු සලමින් ඇයව අමතා විනාශකාරී පුවත කියා දැමූ බව හද කම්පා වූ ඇමැන්ඩා පවසනවා. ඇය කම්පනයට පත් වූ අතර කැබලිවලට කැඩී ගිය බවත් තම සැමියා තවදුරටත් නැති බව විශ්වාස කළ නොහැකි බවත් ඇය පවසන්නේ හඬමින්.

ඇමැන්ඩා තවදුරටත් සඳහන් කළේ විකර් මීට පෙර මී හරක් ප්‍රහාරයකින් දිවි ගලවා ගත් බවක්.නමුත් මීටපෙර සර්ප දෂ්ට කිරීමක් අසා නොමැති බවක්. විෂඝෝර සර්ප දෂ්ට කිරීමෙන් පැය හයකට පසු තම සැමියා මිය ගිය බව ඇමැන්ඩා පවසනවා.ඔවුන් දියණියට හොඳ ජීවිතයක් ලබා දීම වෙනුවෙන් ස්කොට්ලන්තයට සංක්‍රමණය වීමට සිටියදී.සියළු බලාපොරොත්තු විනාශ වී අවසන්.

 ඔහුට මමත් අපගේ කුඩා දැරිය ඔස්කාර්ත් බොහෝ සෙයින් ආදරය කළා. අපි මුළු කාලයක්ම අපි වෙනුවෙන් බලා සිටියේය.ඔහු තවදුරටත් අප වෙත නොඑන බව වටහා ගැනීම ආත්මය විනාශ කිරීමක්.

ඇමැන්ඩා ඇගේ ෆේස්බුක් ගිණුමේ එසේ ලියා තිබුණා.

ප්‍රේමය කුමන මොහොතක අවසන් වේදැයි කියන්නට බෑ.ඔබේ ආදරණීයයන් මොන මොහොතක ඔබ අතැර දමා යාවිදැයි කියන්නට බෑ.ඒ නිසා ආදරය ප්‍රකාශ කරන්නට මැලි වන්නට එපා.

Related Articles

Don't Miss


Latest Articles