සරං කීවම අපිට එකඑකපාරටම මතක් වෙන්නෙ අපේ තාත්ත, සීයා, සහෝදරයා එහෙමත් නැත්තන් අපේ ස්වාමිපුරුෂයා නිතරම සැරසෙන ඇඳුමක් කියන කාරණාවනේ.
ගෙදරදි අඳින්න පුළුවන් සැහැල්ලු ඇඳුමකින් එහා ගිහිල්ල අද වෙද්දි සරම ඕනෑම අවස්ථාවකට ගැළපෙන විලාසිතාවක් ලෙස පිරිමි අය අතර ජනප්‍රිය වෙලා තියනව.
නමුත්, සරම අඳින්න පුළුවන් පිරිමි අයට විතරද ?
නෑ.
අද අපි ඔබත් එක්ක බෙදාගන්න සූදානම් වෙන්නෙ කාන්තා ඔබට වුනත් සැරසෙන්න පුළුවන් සරං විලාසිතා කීපයක් ගැනයි.
Side tie skirt

මුලින්ම සරම පළල අතට දෙකට නමා ගන්න.
ඔබ කැමති දිග සාය විලාසිතාවකට නම් මේ පියවර මඟ හරින්න ඔබට පුළුවන්.
ඊලඟට, සරම ඔබේ ඉණ වටා බැඳගන්න.
පටියක් හෝ බෙල්ට් එකක් දමා හැඩ කරගන්නත් ඔබට පුළුවන්.
Halter dress

ඔබේ පිටවටා සරම ඔතා ගන්න.
කෙළවර දෙකක් ඔබේ අත් යටින් ඉදිරියට ගෙන එන්න.
ඒවා ඔබේ පපුව ඉදිරියෙන් එකමත එක යවා ඔබේ බෙල්ල පිටුපස කෙළවර ගැට ගසන්න.
Twisted halter dress

සරම ඔබේ පිට වටා ඔතා ගන්න.
කෙළවර දෙකක් ඔබේ අත් යටින් ඉදිරියට ගෙන එන්න.
පපුව ඉදිරියෙන් කෙස් කළඹක් මෙන් එක් එක් කෙළවර තදින් කරකවන්න/ අඹරවා ගන්න. (ඇඹරීම සඳහා අත් දෙකම නිදහස් කිරීමට ඔබේ මුඛයේ එක් කෙළවරක් අල්ලා ගන්න.)
ඔබේ බෙල්ලේ පිටුපසට කෙළවර දෙකම ගෙන ගැටගසා ගන්න.
Strapless dress

සරම ඔබේ පිට වටා ඔතා ගන්න.
කෙළවර දෙකක් ඔබේ අත් යටින් ඉදිරියට ගෙන එන්න.
පපුව ඉදිරියෙන් සරමේ කෙළවරවල් දෙක එකිනෙක ගැටගසා ගන්න.
Open front cardigan

සරම දිග අතට ඔබේ උරහිස වටා ඔතා ගන්න.
උඩ කෙළවරවල් දෙක පිට පිටුපසට කර ගැට ගසාගන්න.
One shoulder dress

ඔබේ පිට වටා දිග අතට සරම ඔතා ගන්න.
උඩ කෙළවරවල් දෙක එක් උරහිසක ගැට ගසාගන්න.
හැකිනම් ඉණ තිබෙන ප්‍රදේශයෙනුත් ගැටයක් ගසා ගන්න පුළුවන්.
Sweetheart strapless dress

සරම ඔබේ පිට වටා ඔතා ගන්න.
කෙළවර දෙකක් ඔබේ අත් යටින් ඉදිරියට ගෙන එන්න.
පපුව ඉදිරියෙන් සරමේ කෙළවරවල් දෙක එකිනෙක ගැටගසා ගන්න.
ගැටගසා ගෙන ඉතිරි වූ කෙලවරවල් පිටුපසට ගෙන පිට ප්‍රදේශයෙන් ගැටයක් ගසා ගන්න.
ඉතිං මේ සරම් විලාසිතා ඔබත් උත්සහ කරල බලන්නකෝ.