ඔබට ඔබේ සම ඉතා හොඳින් පවත්වා ගන්නට නම්, ඒ සඳහා සුදුසු සත්කාර කරන්නට නම් ඔබේ සමෙහි වර්ගය කුමක් දැයි අනිවාර්යයෙන්ම දැන ගත යුතු වෙනවා.ඒ විතරක් නෙමෙයි , ඔබේ සමට භාවිතා කළ යුතු පිරිසිදුකාරක ඇතුළු නිෂ්පාදන වර්ග තීරණය කිරීමට පෙරත් ඔබ ඔබේ සම කුමන ආකාරයේ එකක් දැයි හරියාකාරයෙන් සොයා ගත යුතුයි. වියළි , තෙල් සහිත සහ සංයෝජන ලෙස සම වර්ග කරන්නට හැකියාව තිබෙන අතර කුරුලෑ සහිත , සාමාන්‍ය , සංවේදී ආදී විවිධ ආකාර වලටත් සම වර්ගීකරණය කරන්නට පුළුවන්. ඉතින් ඔබේ සමේ වර්ගය තීරණය කරන්නට පුළුවන් කොහොමද කියලා තමයි මේ ලිපියෙන් ඔබව දැනුවත් කරන්නේ .
ඔබේ සම පරික්ෂා කරන්න

ඔබ මුහුණ හොඳින් පිරිසිදු කිරීමෙන් පසුව කිසිඳු නිශ්පාදනයක් නොගල්වා පැයක් පමණ සිටින්න.ඉන්පසුව ටිෂු එකක් ගෙන ඔබේ මුහුණේ T කලාපය සෙමෙන් පිස දමන්න. එය අධික තෙල් ගතියකින් යුතු නම් ඔබට ඇත්තේ තෙල් සහිත සමක් බව ඔබට තීරණය කළ හැකියි.
ඔබේ මුහුණ පිරිසිදු කිරීමෙන් පසුව කිසිදු තෙතමනයකින් තොර නම් , සම ඉතා වියළි බවට පත්වනවා නම් ඔබට ඇත්තේ වියළි සමක් බව කියන්නට පුළුවන්.
ඔබේ මුහුණ පිරිසිදු කිරීමෙන් පසුව සාමාන්‍ය තෙතමනයක් සහිතව පවතිනවා නම් , අධික වියළි භාවයක් දක්නට නැත්නම් ඔබට ඇත්තේ සංයෝජන සමක් බව ඔබට තීරණය කළ හැකියි
මීට අමතරව ඉතා සාමාන්‍ය සහ මෘදු රූපලාවන්‍ය නිෂ්පාදන භාවිතා කිරීමෙන් අනතුරුව කැසීමක් , රතු වීමක් හෝ වෙනත් අපහසුතාවයන් ඇති වනවා නම් ඔබට ඇත්තේ සංවේදී සමක් බව කිව හැකියි.
ඉහත කාණ්ඩ තුනේම තත්ත්වයන් වලට අයත් නොවන , ඉතා සැලකිලිමත් ලෙස නඩත්තු කිරීමක් අවශ්‍ය නොවන සමක් ඔබට තිබෙනවා නම් එය සාමාන්‍ය සමක් ලෙස වර්ග කළ හැකියි.
Dermatologist කෙනෙක් හමු වෙන්න

ඔබේ සමේ වර්ගය කුමක්දැයි ඔබට තවමත් තීරණය කර ගත නොහැකි නම් dermatologist කෙනෙක් මුණ ගැසීම නුවණට හුරු වෙනවා. ඒ අනුව ඔබේ සමට භාවිත කළ යුතු නිෂ්පාදන , කළ යුතු සත්කාර ආදිය තීරණය කරන්න ඔබට පුළුවන්. මෙහිදී සුදුසුකම්ලත් , හොඳ පලපුරුද්දක් සහිත dermatologist කෙනෙක් තෝරා ගන්නටත් අමතක කරන්න එපා.
ඔබට ඇත්තේ වියළි සමක් නම් ,

දවස පුරා ඉතා හොඳින් ජලය පානය කරන්න
- හොඳ Moisturizer එකක් භාවිතා කරන්න
- ඔබ ස්නානය කරන විට වැඩිපුර සබන් භාවිත නොකරන්න
- වියළි සම සඳහා නිෂ්පාදනය කරන ලද සේදුම්කාරක භාවිතා කරන්න
ඔබට ඇත්තේ තෙල් සහිත සමක් නම් ,

- අනිවාර්යයෙන්ම උදේ සහ රාත්‍රී කාලයේ දී ඔබේ සම හොඳින් පිරිසිදු කරන්න
- තෙල් සහිත සම සඳහා නිෂ්පාදනය කර ඇති ක්ලෙන්සර් එකක් භාවිතා කරන්න
- සමෙහි තෙල් ගතිය පාලනය කරන ටෝනර් එකක් භාවිතා කරන්න
- දවල් කාලයේදි සම රැකවරණය සඳහා තෙල් රහිත මොයිස්චරයිසර් එකක් ආලේප කරන්න
ඔබට ඇත්තේ සංයෝජන ( මිශ්‍ර ) සමක් නම් ,

- මුහුණ පිරිසිදු කිරීම සඳහා මෘදු සේදුම් කාරකයක් භාවිතා කරන්න
- සමේ තෙල් ගතිය ඇතිවීම වැළැක්වීම සඳහා හොඳ ටෝනර් එකක් භාවිතා කරන්න
- ඔබට ඇත්තේ සංවේදී සමක් නම් ,
- රලු සහ සැර රසායනික ද්‍රව්‍ය වලින් තොර නිෂ්පාදන තෝරා ගන්න
- ඉතා හොඳින් ජලය පානය කරන්න
ඔබේ සම ඔබ නිසි ආකාරයෙන් රැක බලා නොගත්තොත් එමගින් විවිධ ප්‍රතිඵල ලැබෙන්නට පුළුවන්. ඒ නිසා ඔබේ සම රැක බලා ගැනීම වෙනුවෙන් ඔබ ගත යුතු පළමු පියවර ලෙස ඔබේ සමේ වර්ගය හඳුනා ගැනීම ගැනයි මේ ලිපියෙන් අපි ඔබව දැනුවත් කලේ.